මලබේ අරංගල ඉඩමේ ඉදි කළ අක්‍රමික තාප්පයක් කඩාවැටීමෙන් දෙදෙනකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් දොස්තර නාලක සුදර්ශන සිකුරාදා (06) වන තුරු යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.
මිය ගිය දෙදෙනාගේ අවමඟුල් කටයුතු අද සිදුවන බැවින් මහජන කැළඹීමක් ඇති විය හැකි යැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටවල තාප්පයක් පමණක් නොවෙයි, සුළු සේවාවක් උනත් පිටත කෙනෙකුගෙන් හෝ සමාගමකින් ලබාගන්නවා නම් මුලින්ම කරන්නේ ඒ සඳහා ඇස්තමේන්තුවක් ලබා ගැනීමය. ඒ ඇස්තමේන්තුවේදී කරන කාර්යයේ ප්‍රමිතිය ආදී කරුණු ඇතුලත් කරනවා. අයිතිකරුගේ අනුමැතිය ලද පසු කාර්යය කරනවා. ඉන්පසු මුදල් ගෙවනවා. කිසියම් කාල සීමාවක් තුළදී එම කාර්යයේ දෝෂයක් හෝ කඩාවැටීමක් හෝ ඇතිවුවහොත් කොන්තරාත් සමාගම විසින් නැවත නොමිළේ පිළිසකර කරනවා. කඩාවැටීමෙන් මරණයක් වැනි දෙයක් වුවහොත් සමාගම සම්පුර්ණ වගකීම ගන්නවා. ලංකාවේ එවැනි ගිවිසුම් තියෙන්නේ ලොකු කොන්තරාත් වලදී පමණයි. ගමේ ගෙවල් හැදිලි වගේ දේවලදී බාස් සමග කරන සාකච්ඡාවෙන් වැඩ අරඹනවා. දෙගොල්ලම බලන්නේ ලාභය පමණයි. අන්තිමේදී මෙවන් කරදරයක් උනාම බාස්ව අල්ලාගන්නට අමාරුයි. (නදී)
මේ ගැන මට නම් කිසිම දෙයක් හිතාගන්න බැහැ (නි)
අපේ ගමේ දරුවෙක් පාලමක් කඩාවැටිලා මියගියා.එතකොට ඒකට කවුද වගකියන්න ඕනෑ? (නි)
මේ කන්ද කැපූ අයට දඩුවම් නැත්ද (දී)
අපේ සමහර අයට පිටරට ගිහිල්ල අවරුදු දෙක තුනක් ගියාම ඒ රටවල නිතිය,සංස්කෘතිය,සම්ප්‍රදාය වගේ විෂයන් ගැන පුදුම අවබෝදයක්නේ තියෙන්නේ. හැබැයි ඉපදුන රට ගැන නම් එහෙමෙ අවබෝදයක් නැති බව තමයි පේන්නේ. (නදී)
රණසිංහ දහනායක. ඔබ කියන දෙය සිදු උනේ ලංකාවේ කුමන පාසලේදීද? මේ සිදුවීම පුද්ගලික දේපොලක් ගැනයි. ඉහතින් රනිල් නමැති කෙනෙකු විසින් යෙදු සටහන ඔබ කියවා නැත්නම් කියවා බලන්න. රජයේ පාසලකට ගොඩනැගිල්ලක් හදන්නේ විදුහල්පති නොවෙයි. ඒ බව ඔබ නොදන්නා ලෙස කතා කරනවා.(නදී)
ඔය පාසැල් වල තාප්ප පෙරලිලා අවාසනාවන්ත සිදුවීම වෙලා මිය ගිය අයට වගකියන්න විදුහල්පතිවරු රිමන්ඩ් කළේ නැත්තේ ඇයි? (නදී)
තුන්වන පාර්ශවයන්ට වන අනතුරු ආවරණය වන විදිහට නිවාස රක්ෂණයක් තිබුනා නම් මෙතන දී ප්‍රයෝජනවත් වෙන්න තිබුනා. (නදී)
පවු අහිංසක මිනිස්සු! අන්තිමට එය මරණයකින් නිමා වුණා... දුකයි වුණ දේට (නි)
මිලානෝ සම්පත්, ඔබ රනිල්, ලලිත් කියා ඇති දේ තේරුම් ගන්න බලන්න. (නි)
ඔහොම වෙනවා අඩු මුදලට මේසන් බාස්ලගෙන් වැඩගන්න කොට (නදී)
ඉතින් තාප්පය බැන්ඳේ දොස්තර නෙමෙයිනේ... ඇයි ඔහුට දඩුවම් දෙන්නේ? එතකොට තාප්පය බැන්ඳ පෙදරේරුවා වැරදි නැද්ද? (නි)
මිලානෝ-සම්පත් කියලා කියාගන්නා ඔබටයි. ඔබ ඉතාලියේ නීතිපති වගේනේ කතා කරන්නේ. හොඳට මතක තියාගන්න තමන් ඉන්න තැන ගැන නොකියා ඉතාලියේ සිටින බොහෝ ශ්‍රී ලාංකිකයෝ ඔබගේ ප්‍රකාශය ගැන දෙකොණින් සිනාවෙනවා. කටට ආවට, යමක් කියන්න ඕනවට බොරු ලියන්න එපා. ඔබගේ අසත්‍ය ප්‍රකාශයට පහළින් තියෙන සටහන් බලලා ලංකාව කියන්නේ මොකක්ද ලංකාවේ මිනිස්සු හිතන්නේ කොයිතරම් දියුණුද කියල හිතන්න. (නදී)
සම්පත්, කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලේ ක්‍රියාත්මක වුන නීතියට වඩා ගොඩක් එහා ගිය නීතියක් අප රටේ තියෙනවා. ඔයා ඔය පලකරලා තියෙන අදහස විහුලුවටද ඇත්තටමද දැම්මේ. තමන්ගේ ජීවිතය පමණක් සුරක්ෂිත කරගත් දොස්තර මහත්මයාට අනුන්ගේ ජීවිතයක වටිනාකම ගැන හිතන්න හොඳම කාලය වගේම තවත් ඒ වගේ තාප්ප තියෙනවා නම් නිසියාකාරව පිලිසකර කරන්න මෙතුමාගේ තීන්දුව හුගක් වැදගත් වෙන්න පුළුවන්...(නදී)
මේ පත්තරේම තියෙනවා ඇමති පුතෙකු සම්බන්ධයෙන් නඩු තීන්දුවක්. එහි දී සිදුවී ඇත්තේද මෙවන් මරණයකි. එය සාවද්‍ය නොවන අනතුරකින් සිදුවූ මරණයකි. උසාවියෙන් පිටත කෙරුණු සම්මුති වලින් සහ නඩු තින්දුවෙන් එම ප්‍රශ්නය අවසන් වීයැයි මම සිතමි. මා හිතන්නේ මෙයද ඒ ආකාරයෙන් විසඳේ නම් හොඳ බවයි. සැකපිට රඳවා සිටින්නේ වෛද්‍යවරයෙකු වන අතර ඔහු තුළ මිනිස් ඝාතන චේතනාවක් නො වී යයි සිතමි. එහෙයින් එතුමාටද සාකච්ඡාවෙන් මේ ප්‍රශ්නය විසඳුමකට එළඹ නීතියට හිස නමමින් නැවතත් මහජන සේවයට යාමට ඉඩ කඩ ලැබේවායි පතමි. (නදී)
මිලානෝ ජයන්ත, ඔබ උපන්නේත් ඉතාලියේද? කතාවේ හැටියට නම් ලෝක සිතියමේ වත් ලංකාව දැකල නැහැයි කියලයි හිතෙන්නේ. ඉතාලියේ ඉංජිනේරුවෝ තාප්ප බැන්ඳට, ලංකාවේ මහා මාර්ග වලට කාපට් දමන්නේත් තාප්ප හදන්නෙත් මේසන් බාස්ල තමයි. ඉදිකිරීම් කරන අය වගකියන්නේ සල්ලි වලට විතරයි. ඉදිකිරීම් ගැන වගකියන එකක් මෙහෙ නැහැ. හිරේ යන්න හරි දඬුවම් විඳින්න හරි වෙන්නේ ඕව ගැන ප්‍රශ්න කරන අයට තමයි. අවාසනාවට දොස්තර මහත්මයත් දේශපාලකයෙකුගේ උපදෙස් අරගෙනදෝ මන්දා. අඩු මුදලට තාප්පේ හදාගෙන තිබෙනවා. මහා මාර්ග හදන අය පාර කැඩුනම ජනතාවට වගකියන්න ඕනා නැති උනාට, දොස්තර මහත්මයා විපතට පත් මිය ගිය අසල්වැසියන්ට වගකියන්න හා වන්දි ගෙවන්න සිදු වෙනවා. ඒක තමයි ලංකාවේ නිතිය. (නදී)
දැන් වැරදිලාවත් හිරකාරයන් දොස්තරට යම් සැළකිල්ලක් එහෙම කළොත් අර කට්ටිය හෙට සිටම වැඩ වර්ජනයක් පටන් ගනීවි.එතකොට රෝගීන් කී දෙනෙකුගේ ජිවිත අනතුරේද?ඒ නිසා රෝගීන්ගේ ජිවිත ගැන සළකළාවත් ඔහුට නිදහස ලැබෙන විදියක් ගැන හිතුවොත් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ (නි)
ජයන්ත, කට වහගෙන ඉන්නවද පණ්ඩිත කතා නොකියා?තාප්පය කඩා වැටුණේ ලංකාවේ.ඔයා ඉතාලියේ හිටියට හොඳට දන්නවා නේද ලංකාවේ විස්තර?අනිත් එක ඉතාලියේ අපේ ලංකාවේ අය කරන දේවල් අහලම අපිට දැන් එපාවෙලා (නි)
ඕන්න බලන්ඩකෝ ඉතාලියෝ ඇත්තන් අපේ රටේ නීතියක් තියනවා කියලා දැන් දන්නවා. (නදී)
සම්පත්, ඔබ සිතන්නේ සාමාන්‍ය ඇහැට පේන දෙය අනුවයි. නමුත් නිතිය අප දකින දෙයට වඩා ගැඹුරින් බලනවා. සාමාන්‍ය අලාභ හානි සහ ආබාධ සහ මරණ වැනි දේවල් පුද්ගලික දේපළ නිසියාකාරව පවත්වාගෙන නො යාමෙන් සිදුවෙන්නට පුළුවන්. මේ සිද්ඩිය එවැන්නක්. මෙය සිවිල් නඩුවක් වෙන්නට තිබු ඉඩකඩ තිබුන ද පුද්ගල ජිවිත හානියක් ඇති වූ නිසා එය අපරාධ ගණයට ගැනෙනවා. අන් අයට අවහිරතා මෙන්ම හිරිහැරදායි දේ අත්වන අවදානම් තත්වයන් නිසා දේපළ හිමියා වගකිව යුතු වෙනවා. නිවෙස්වලට යාබදව ඇති විශාල ගස් කඩා වැටීමෙන් යාබද අන් නිවසකට සිදුවන අලාභ හානි වැනි දේවල් ද එලෙස ගැනෙනවා. ඒ වගේම එවැනි ගස් වලින් අනාගතයේදී සිදුවිය හැකි අවදානමක් සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඒවා ඉවත් කර ගැනීමේ අයිතිය කෙනෙකුට තිබෙනවා. එය අන්‍යොන්‍ය අවබෝධයෙන් සහ සුහදතාවය මත සිදුකර ගැනීමට නො හැකිනම්, නීතියේ පිහිට ලබා ගෙන එම බාධා ඉවත් කර ගැනීමට ද ඉඩකඩ ඇත. අදාළ අනතුරේ දී වෛද්‍යවරයා සැකපිට අත් අඩංගුවට ගැනීම සිදුවෙනවා. එහෙයින් කියවන ඔබ දේපළ හිමියෙක් නම් අනුන්ගේ නිදහසට සහ සාමයට බාධා නො වන අයුරින් තම දේපළ පවත්වාගෙන යන ලෙස නිතර මතක් කර ගන්න. (නදී)
ලංකාවෙ නීති තරමක් වෙනස්. ඉතාලියෙ නම් තාප්පය අයිතිකාරයා ලොකු වන්දි මුදලකුත් අරගෙන. ඒ විතරක් නෙමෙයි. ඉංජිනේරුවා සහ පෙදරේරුවා හිරගෙදර පමණක් නොව ඔවුන්ගේ බලපත්‍ර පවා අහෝසියි (නි)