IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මාලබේ වෙද විදුහලට ඒකාබද්ධ ප්‍රහාරයක්

පසුගිය   ආණ්ඩුව මෙන්ම මේ  ආණ්ඩුවත් අධ්‍යාපනය විකිණීම ප්‍රතිපත්තිය කරගන ඉන්නවා යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු  ලහිරු වීරසේකර අද (09) ජාතික පුස්තකාලයේ දී කීවේය. මාලබේ පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලය අහෝසි කිරීමට පාලකයින්ට බලකරමින් දිනේශ් ගුණවර්ධන, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක , ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී ලාල් කාන්ත , පෙරටුගාමී පක්ෂය හා ජාතික හෙළ උරුමය ද ඇතුළු පක්ෂ රැසක නියෝජිතයෝ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළහ.

 “මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ ආරම්භ කරලා පවත්වා ගන ගියේ  ඔවුන්ට අවශ්‍ය වුනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත තවම අපේ රටේ ගේන්න බැරි වෙලා තියනවා හැබැයි ඒක නීතිගත කරන්න මාලබේ වෛද්‍ය  විද්‍යාලය නීතිගත කරලා පෞද්ගලිගකරණයට අදාල සුජාත භාවය හදාගන්න කටයුතු කරා  වර්තමාන ආණ්ඩුව ඇමතිවරු ප්‍රසිද්ධියේ මේ වෙනුවෙන් පෙනී සිටිනවා“ යැයිද ළහිරු වීරසේකර පැවසුවේය.

DSC_6738 DSC_6686 DSC_6698



අදහස් (0)

මාලබේ වෙද විදුහලට ඒකාබද්ධ ප්‍රහාරයක්

අබේරත්න Tuesday, 09 August 2016 10:25 AM

ඔය විරෝධය පාන අය, සරසවි වලට ඇතුලත්වීමේ සුදුසුකම් තිබියදී ඇතුලත් විමිට බැරි වූ 80% ක ගේ ඉගෙන ගැනීමේ අයතිය ගැන මොකද කියන්නේ? (හේ)

:       0       0

ඒ.ඩබ්. විජේරත්න Wednesday, 10 August 2016 06:18 AM

රටේ සමස්ථ අධ්‍යාපනයම කඩා වැටිලා. මේ විහිලුකාරයින්ට ඒ ගැන වගේ වගක් නෑ. සයිටමයක් අල්ලාගෙන ඉන්නවා. පොඩ්ඩක් රජයේ විශ්වවිද්‍යාල වලට ඇවිත් බැලුවොත් පෙනෙයි මේ බොරු වීරයෝ දැනට කරගෙන යන හානිය. (ම)

:       0       0

නුවන් Tuesday, 09 August 2016 11:57 AM

අබේරත්න, ඒ අය කියන්නේ උසස්පෙළ සමත් වන සියළුම දෙනාට නිදහස් අධ්‍යාපනය යටතේ නොමිලයේ උසස් අධ්‍යාපනය ලබන්න හැකි වෙන්න සරසවි බඳවා ගැනීම් ඉහළ දමන්න, අධ්‍යාපනය සඳහා වෙන් කරණ මුදල් ප්‍රමාණය වැඩි කරන්න කියලයි කියන්නේ.(අ)

:       0       0

රවින්ද්‍ර Tuesday, 09 August 2016 12:48 PM

සයිටම් ජනසතු කරන්නත් පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් නිසි නියාමන ක්‍රමවේදයක් ඇති කරන්න කියන එකයි ඉල්ලීම. නැතුව පෞද්ගලික අධ්‍යාපනය සම්පූර්ණයෙන් නතර කරන්න කියන එක නෙමෙයි. (බ)

:       0       0

භද්‍රානි Tuesday, 09 August 2016 01:50 PM

එතකොට රටපුරා බිහිවෙලා තියන කිසිදු ප්‍රමිතියකින් තොර පෞද්ගලික බෙහෙත් කඩ හා චැනල් සෙන්ටර් කළුකඩ ඔය කියන සෞඛ්‍ය සේවයට අයිති නැද්ද? සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය ගැන කතා කරන රජයේ වෛද්‍ය සංගමයේ මාෆියා දොස්තරලා, රෝහලට ඇතුළු වීමේදී හා පිට වීමේදී අනුගමනය කළයුතු විද්‍යුත් කාඩ් පත් ක්‍රමවේදයට අකමැති හා උද්ඝෝෂණය කර එය වැලක්වුයේ ඇයි? රජයේ රෝහලෙන් වැටුප් ලබන දොස්තරලා පෞද්ගලික රෝහල් වල හා චැනල් කඩවල වැඩ කරන දොස්තරලා ගැන මෙතන අත්සන් කරන උත්තමයෝ දන්නෙම නැද්ද? (බ)

:       0       0

චන්දිමාල් Tuesday, 09 August 2016 02:35 PM

අබේරත්න මහත්තයෝ අපි කියන්නේ ඒ අය වෙනුවෙන් රජය ඉගෙනීමේ පහසුකම් සැලසිය යුතු බවයි. ඒ සඳහා වූ උද්ඝෝෂණයට ඔයත් එකතු වෙන්න. එතකොට කොටිකට වැඩිය වියදම් කරන්න ශක්තිය ඇති ඔයාගේ දරුවට විතරක් නෙවෙයි වත්තේ රුපියල් 225 ට දළු කඩන කරුනවතීගේ, පියදාසගේ' සෙල්ලසාමිගේ දරුවන්ටත් දොස්තරලා වෙන්න ලැබෙයි. (බ)

:       0       0

පාලිත Tuesday, 09 August 2016 02:37 PM

ඔහොම යමු ඔහොම යමු ඔය සුදු ඇදල ඉන්න ඇමතිලා මන්ත්‍රීලා දන්නේ ඔය පෞද්ගලික කඩේ විතරද? ඔය ජෙවිපි යේ කතාව ඇර රටේ අධ්‍යාපනයට මොනවද දුන්නේ . (බ)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 09 August 2016 02:51 PM

චන්දිමාල් පුතා වෙත. දැන් දළු කඩන්නේ 225 ට නෙමේ. ඔබගේ පැරණිකම දැන් වලංගු නැහැ. ගණන කීයද කියල අලුතින් දැනගන්න. නුතන ආර්ථිකය අනුව පුද්ගලික ව්‍යාපාර සහ රජයේ ව්‍යාපාර අතර වෙනසක් නැති තරම්. බොහෝ රටවල් පුද්ගලික අධ්‍යාපනයට දිරි දෙනවා. නැත්තේ දිළිඳු රටවල් කීපයක් පමණි. අප ඉදිරියට යා යුතුය.(බ)

:       0       0

ඩිලාන් Tuesday, 09 August 2016 03:20 PM

රන්ජිත් මහත්තයෝ , ඇයි බොහෝ රටවල පුද්ගලික අධ්‍යාපනයට තැන දෙන්නේ. හේතුව අධ්‍යාපනය දැන් මුදලට විකිණෙනවා. බුද්ධියට නොවේ, කැම්පස් වලට මුදල් උපයා ගන්න. වෙන රටවල් මොකක් කළත් මොකෝ අපි එ්කට කරන්නේ. (බ)

:       0       0

චන්දිමාල් Tuesday, 09 August 2016 04:21 PM

අපේ රට තාම දුප්පත්. ඒ නිසා දුප්පත් අපිට ඉගෙනගන්න නොමිලේ අධ්‍යාපනය අවශ්‍යමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 549 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 491 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2705 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1015 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 871 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 369 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39168 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site