මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන මෙන් ඉල්ලමින් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියෝ අද (21) දහවල් ගම්පහ, බදුල්ල ඇතුළු නගර කිහිපයක විරෝධතා පැවැත්වූහ.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන මෙන් ඉල්ලමින් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියෝ අද (21) දහවල් ගම්පහ, බදුල්ල ඇතුළු නගර කිහිපයක විරෝධතා පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනරටවල් අධ්‍යාපනයෙන් ඉදිරියට යනවා, ලංකාව කෝපිකාලේ ක්‍රමයට පස්සට යනවා, (රේ)
තම ළමයා නිකම් ඉගෙන ගන්නවා කිය කිය අනිත් අයට සල්ලි ගෙවා ඉගෙන ගන්න එපා කියනවද ?(හේ)
ඔන්න වැරදුන තැන...උසස්ම රැකියාව විදියට වෙදකම තෝරන එක තමයි වරද .....හිතේ තෙතමනයක් ඇති.....අනුකම්පාවක් ඇති...සේවයක් කරන්න ඕන ...අයට සුදුසු රස්සාවක් තමයි මේක....(ම)
ඔය උද්ඝෝෂණය කරන අය මුදල් පරිත්‍යාග කරලා උසස් පෙළ සමත් වෙන හැමෝටම ඉගෙනන ගන්න පුළුවන් විදියට පහසුකම් හදල දෙන්න. එතකොට හැමෝටම නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. (ම)
මේකට කියන්නේ කුහකකම කියලා. ශිෂ්‍යයන්ට පොදු විභාගයක් තිබ්බා නම් මේ ප්‍රශ්න ඉවරයිනෙ. මෙහෙම අය ඉන්න රටක් දියුණු වෙන්නේ කොහොමද? (නි)
අශෝක කියා තියෙන දෙය තමයි මටත් කියන්න තිබෙන්නේ. ලංකාවේ මුදලට ඕනෑම දෙයක් කරනවා. ප්‍රමිතිය ගැන වගබලා ගන්නේ නැහැ. ප්‍රංශයේ නම් පුද්ගලික වෙද විදුහල් නැහැ. රජයේ ඒවා පමණයි. (නි)
ලංකාවේ පොදු ජනතාවගේ මුදල් වලින් ඉගෙනගෙන, වෛද්‍යවරයෙක් වූ පසු වැඩිදෙනෙක් නවතින්නේ බටහිර රටක. අන්තිමට දෙමුපින්ගෙන් උරුම වූ දේපළත් විකුණලා එහිම පදිංචි වෙනවා. තව අවුරදු පහ හයකින් මේ පුද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධ අය වැඩිදෙනෙකු රටට ණයකාරයෝ වෙනවා. (නි)
කවුද කියන්නේ දක්ෂම සිසුන් ඉන්නේ වෙද විදුහලේ කියලා සහ දොස්තරකම තමයි හොඳම රැකියාව කියලා. මම කළේ විද්‍යා උපාධියක්. මගේ වැටුපත් ලක්ෂ 5 කට වැඩියි වාහනයකුත් සමඟ. (නි)
හෙට අනිද්දා ලෝකයේ තියන පුද්ගලික වෛද්‍ය විද්‍යාල වහන්න කියලත් උද්ඝෝෂණය කරන්න පුලුවන්. මොකද පිටරට වලින් උපාධි අරගෙන ලංකාවේ සේවය කරන්න එනවා කියලා. අනේ කාලේ වනේ වාසේ! මෙහෙම අය ඉන්න රටක් දියුණු වෙන්නේ කොහොමද? (නි)
මම නම් කියන්නේ අපේ රටට වැඩිපුර අවශ්‍ය වෙන්නේ පශු වෛද්‍යවරු. මේ උද්ඝෝෂණ සිදුවෙන විදිහට පශු වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය අනාගතයේදී තදින්ම අපේ රටට දැනෙන්න පුළුවන්. (නි)
අධ්‍යාපනය හොඳ නැත්නම් ප්‍රමිතියට කරන්න කියනව හැර, වහන්න කියන්නෙ මොන එහෙකටද? අන්තිමට ඒ බරත් රජයට, මහජනතාවට. සියළු වෛද්‍ය ශිෂ්‍යයන්ට පොදු විභාගයක් තිබ්බනම් මේ ප්‍රශ්න ඉවරයිනෙ(රේ)
ඔබගේ ළමයින්ට පමණද දොස්තරලා වෙන්න හොඳ. එකත් පිනට. අනෙක් ළමයින්ට සල්ලි ගෙවලාවත් ඉගෙනගන්න බැරිද? ඕකට කියන්නේ කුහකකම නැතහොත් ඉරිසියාව. අනේ මෙහෙමත් දෙමව්පියෝ (රේ)
මේගොල්ලන්ගේ සල්ලිවලින්ද දන්නේ මාලඹේ ළමයි ඉගෙන ගන්නේ (රේ)
මේකට කියන්නේ කුහක කම කියල.(රේ)
මෙය තනිකරම කඩාකප්පල් කාරයින්ගේ වැඩක්. මෙතන වැරදි කිසිම දෙයක් වෙලා නැහැ. මහා කාලකන්නි මිනිස්සු ඉන්නේ අපේ රටේ. (රේ)
ඒ ගමන දෙමාපියනුත් පටන් අරගෙනද? (නි)
පුදුමයක් නැහැ. දරුවො වෙද්දු කරන්න ජීවිතයම දුක් විඳපු දෙමව්පියොනෙ. මගේ අම්මා තාත්තත් ඔතන හිටියනං ඕකම කරයි. වෛද්‍යවරුන් ඉංජිනේරුවන් විතරයි සැබෑ ජීවිත ගතකරන්නෙ කියන මානසිකත්වයෙන් රට මිදෙනකං මේව මෙහෙමම තමයි. (රේ)
ඔයාලට මේකේ අසදරණය තේරුම් කරලා දෙන එක මගේ යුතුකමයි. විද්‍යා උපාධියටවත් විශ්ව විද්‍යාලයට අැතුල් වෙන්න ලකුණු නොතිබුණු ය, ඒ අයට සල්ලි තිබුණු නිසාවෙන්ම, ලංකාවේ තියෙන උසස්ම රැකියාවටම යන්න පාර කැප ගනීමයි මේකේ තියෙන අසාධාරණය. එංගලන්තයේවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නෑ(රේ)
දැන් දෙමාපියනුත් පටන් අරන් වගේ! (ර)
මේ අරගල කරන සරසවි සිසුන්ගේ කුහක ගතිගුණ කොහෙන් ලැබුන ඒවාද කියලා අපිට දැන් හොඳට පැහැදිලියි. දෙමව්පියනි මේ රටේ සෑම දරුවෙකුට ම ඉගෙන ගැනීමේ අයිතිය තිබෙනවා. ඒක එහෙම නෙවෙයි කියන්න ඔබට කිසිම අයිතියක් නැහැ. ඔබේ දරුවාට ඉගෙනගන්න බදු ගෙවන අපි ඔක්කොම බදුගෙවන්න බැහැ කියලා පාරට බැස්සොත් හොඳයි මොකද ඔබලා කරන්නේ ? (ර)
මේ රටේ පුද්ගලික චැනලින් වලට අය කරන අසාධාරණ මුදල් වලට විරුද්ධවත් කවුරුහරි පාරට බැස්සනම් හරි. එතකොට මේ ගොල්ලෝ ස්ට්‍රයික් කරන්නේ පුද්ගලික රෝහල් වල නෙමෙයි ආණ්ඩුවේ රෝහල්වල. (ර)
ලංකාව උසස්පෙළ හරියට වීජ්ජාවක් වගේ හරියට දැනුම ලබාගෙන කරන්න ගියොත් කරගන්න බැහැ. කොහොමහරි අතගාල පාස්පෙපර් පිහිටන් ගොඩ යන්නේ ටීයුසන් පිහිටෙන්. හැලෙන සමහර ළමයින්ට කැම්පස් යන අයට වඩා දැනුමක් තියෙනවා වෙනස මේ විබාග ක්‍රමය හදුනනොගත්ත එක. (ර)
මේ ප්‍රශ්නය කොහොම විසදන්නද කියලා මටනම් තේරෙන්නේ නෑ. (ර)
අපේ දේශපාලනයේ තිබෙන බෙලහීනකම පෙනෙන්නේ මේ වගේ වෙලාවටයි. මුලදී හොඳින් සාමකාමිව විසඳන්න තිබුන ප්‍රශ්නය දැන් ඔඩුදුවලා. මට නම් හැම වෙලාවේම හිතෙන්නේ මාලඹේ ඉගෙනගන්නෙත් අපේ දරුවන් වගේම දරුවෝ කියලයි. (නි)
මට නම් මේක පෙනෙන්නේ හරිම අසාධාරණ විදිහට (නි)
සයිටම් වසා දැමීමට සාධාරණ හේතුවක් නැත. (නි)
දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු (නි)
ආණ්ඩුව හිතුවක්කාර, විදිහට වැඩ කරනවානම් තව තව අය පටන් ගනීවි. (ර)
මාලඹේ ඉගෙනගන්න ළමයි ඉගෙනගන්නේ ඒ ළමයින්ගේ දෙමව්පියන්ගේ සල්ලි වලින්. ඔබේ ළමයි ඉගෙනගන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින්. එහෙම ඉගෙනගන්න අය දොස්තරලා වුණායින් පසුව වෛද්‍ය සේවා සඳහා රෝගීන්ගෙන් මුදල් අයකර ගැනීම සදාචාරද? පුලුවන්නම්, ලංකාවේ තියන පෞද්ගලික රෝහල් හා චැනල් සෙන්ටර් කළු කඩත් රජයට පවරා ගැනීමට බලකරන්න. එතකොට රටේම ජනතාව ඔබ සමඟ එකඟවෙයි. (නි)