(නිමල කොඩිතුවක්කු)
මාලිමා රජය ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදි පැවසීය.
අද වන විටත් උපරිමාධිකරණවල විනිසුරුවන් ගණනාවක් පත් කරන්නට තිබුණත් එම පත්කිරීම් නොකරමින් සිටින බවත් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සේම අධිකරණයට සිදු කරන අනිසි බලපෑමක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි නීතිඥ සම්මේලනය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සංවිධානය කරන ලද ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා වූ මහජන කථිකාවත අමතමිනි.
ජාත්‍යන්තර ප්‍රතිපත්ති න්‍යායයන් අප රට තුළත් සාක්ශාත් වී ඇති බවත් ඇතැම් අයට මෙම ජාත්‍යන්තර න්‍යායන් ප්‍රතිපත්ති හා සම්මුතීන් ගැන විපක්ෂයේ සිටින විට මතක් වුවත් බලය ලැබුණු පසු එම බල කේන්ද්‍රස්ථානයන් තහවුරු කිරීමේ දී අමතක කර ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රජාතන්ත්රවාදය විනාශ කෙරුවේ ජේ. ආර්., ප්‍රේමදාස, රනිල්ගේ UNP ආණ්ඩු. තමන්ගෙම මන්ත්‍රීවරුන්ගෙන් දින නැති ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන තමයි පටන්ගත්තේ. යාපනේ පුස්තකාලෙට ගිනිතියල යුද්ධෙකට පාර කැපුව. විනිශ්චයකාරවරුන්ගේ ගෙවල්වලට ගල්ගහල, හූ කියල අධිකරණය ශක්තිමත් කෙරුවා. ලියන්න ගියොත් පොත් සීයක් පිරෙන්න මේ අයගේ ප්රජාතන්ත්රවාදී වැඩ තියෙනවා.
අපේ උගත් විපක්ෂ නායකතුමා කියන දේවල්වල වැදගත්කමක් තියෙනව කියල හිතන අටෙන් ඉහල අධ්‍යාපනයක් තියෙන අය ඉන්නව කියල හිතන්න බැහැ.
ඔය මහත්තෙයගෙම වරදනේ 2024 ජනාධිපතිවරණය වෙලාවෙ තමන්නෙ හිටපු ලොක්කට උගන්නන්න ගිහිල්ල තමයි ඔහොම වුනේ උඩ බලාගෙන කෙල ගැහුවම මූණටම වැටෙනවානේ එදා ඔහේ හිටපු නායකයාට විරුද්ධව කටයුතු නොකලානම් අද ඔහොම අනාගතය ගැන බියෙන් සැකෙන් ඉන්න වෙන්නෙම නැහැනේද උද්දච්ඡකම හා මෝඩකමට බෙහෙත් නැහැලු
ඔන්න දැන් "දෙයියන්ගේ පිහිටයි" හරහා විපක්ෂ නායකයාටත් මඩ ගහනවා. බලාගෙන ඉන්නකෝ.
එහෙම වෙලා හරි මේ රට නීතිගරුක, විනයගරුක රටක් කරනවා නම් අපි කැමතියි.
ජනතාවට නම් එහෙම දෙයක් දැනෙන්නෙ නැ
රටේ යුක්තිය නීතීය සාදාරණය විනාසම කරලා අදිකරණය පවා දේසපාලණීයකරණය වෙලා තිබුනේ? දැන් එහෙම දෙයක් නැහැ.නීතීය කාටත් පොදුයි .තමුන් කොහොමටත් විහිලු සපයන කෙනෙක් කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
මේ මනුස්සයා කියන ඒවා නම් එච්චර ගණන් ගන්න එපා. මෙයා නොමඟ ගිය පුද්ගලයෙක්. බොරු නම් පාර්ලිමේන්තුවේ උදේට කියවන ඒවා ටිකක් අහලා බලන්නකෝ. පව්.
අවුරුදු 76ක් රට පාලනය කලෙ ඒකාධිපති පාලනයක්, 1971 ඉදලා බෞද්ධයන් ලක්ෂ ගණනක් අමු අමුවේ සමූලඝාතනය කලා,, තවත් ලැජ්ජා නැතිව එනව කතා කරන්න වෙන රටක නම් මුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා මැරෙන කම් හිරෙ