(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ විදේශ මුදල් රටෙන් පිටවීම සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් අද (2) නිකුත් කරනු ලැබීය.
එම නිවේදනයේ දැක්වෙන අන්දමට මෙම තීරණය අදාළ ගැසට් නිවේදනය නිකුත් කර මාස 6 ක කාලයක් සඳහා බල පැවැත්වෙනු ඇත.
රටේ මූල්‍ය ස්ථාවරතාව තහවුරු කිරීම සඳහා රජය මෙම තීරණය ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ අංක 22 වැනි වගන්තිය යටතේ වන නියමය අනුවය.
මේ අනුව සංක්‍රමණික දීමනාව යටතේ මෙරට සිටින විදේශිකයන්ට ඔවුන්ගේ රටවල්වලට අරමුදල් යැවීම සීමා කෙරෙනු ඇත.
මෙරට සිටින විදේශිකයකු පවුලේ සාමාජිකයෙකුගෙන් මුදල් ත්‍යාග ලෙස ලබන අරමුදල්වලින් සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් ආපසු පිටරට යැවීමද මෙම ගැසට් නිවේදනය මගින් අත්හිටුවනු ලැබ ඇත.
එසේම මෙරට සිටින විදේශිකයකු රුපියල් ගිණුම් හරහා සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් ආපසු සිය රටට යැවීමද ඇමරිකානු ඩොලර් 10,000ක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප්‍රමාණයක උපරිමයක් දක්වා සීමා කර ඇත.
මෙයට අමතරව මෙරට හැර යෑමට අදහස් කරන මෙරට නේවාසිකව සිටින ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් විදේශ මුදල් නිකුත් කිරීම එක් පුද්ගලයෙකු සඳහා ඇමෙරිකානු ඩොලර් දහදාහක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් ඉහත සමාන ප්‍රමාණයක උපරිමයක් දක්වා සීමා කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මූල්‍ය ස්ථාවරය තහවුරු කරන්න විශේෂ ගැසට්ටුවක්
rathnayaka - uae Friday, 02 July 2021 03:47 PM
දැන් හොඳටම ඇනගෙන ඉන්නේ. විදේශ වල සිටින ශ්‍රී ලන්කිකයිනේ ඔබේ මුදල් නිත්‍යානුකුලව ශ්‍රී ලංකාවට එවන්න එපා.හැකි හැම විටම හොරපාරෙන් ,උන්ඩියල් විදිහට ඔබේ ඥාතීන්ට එවන්න. එවිට බැංකුවෙන් ලැබෙනවාට වඩා වැඩි මුදලක් ඔබට ලබා ගත හැක.රට ගැන හිතන්න තරම් ඔබ මෝඩ වෙන්න එපා.රට හොරාකාලා චිනාට විකුනලා ඉවරයි.
Dharmatileke Friday, 02 July 2021 04:19 PM
විශේෂ ආයෝජකයෝ දැන් පෝලිමට ලංකාවට එයි