IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මලයාසියා රැකියා වංචාකරු අල්ලයි

මලයාසියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචාවන් රැසක් සිදු කළ බව කියන පුද්ගලයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපාළේදී ආගමන විගමන නිලධාරීහු අද උදෑසන සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.

සැකකරු කුරුණෑගල   පදිංචි තිස් හැවිරිදි තරුණයකු වන අතර ඔහු පසුගිය ජනවාරි මාසයේ මලයාසියාවට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.  තවත් රැකියා ඒජන්තවරයෙකු සමග එක්ව සැකකරු මේ වංචාවන් සිදුකර ඇතැයි වාර්ථා වේ.

විදේශ ගමන් අත්හිටුවා ඔහු අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ විමර්ශන ඒකකය  කළ ඉල්ලීමක් අනුව නුගේගොඩ අධිකරණයෙන් ආගමන විගමන අංශයට ලබා දුන් ලබා දුන් නියෝගයක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා කීය.

සැකකරු අද උදෑසන ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 319 දරණ ගුවන්යානයෙන් මලයාසියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී පැමිණීමේ පර්යන්තය බාරව රාජකාරී කළ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීවරුන් වන ජයන්ත රත්නායක සහ ශ‍්‍රී ස්කන්ධ රාජා යන නිලධාරීන් වසින් අත් අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලිසියට භාර දී ඇත.



අදහස් (0)

මලයාසියා රැකියා වංචාකරු අල්ලයි

ඩිල්ෂාන් Sunday, 12 May 2013 01:36 PM

මිනිස්සු කොතරම් දැනුවත් කළත් රටේ තිබෙන ආර්ථික තත්වය අනුව කොහොම හරි වෙන රටකට ගිහින් යමක් හොයාගන්නයි අද අපේ මිනිස්සු වෙර දරන්නේ. ලෝකේ තිබෙන වැඩිම කැබිනට් මන්ඩලය නඩත්තු නඩත්තු කරන්නෙත් අපේ බදු වලින් නේද?(නදී)

:       0       0

චලන Monday, 13 May 2013 02:10 AM

අපේ අයියටත් ඔයටිකම වුණා. හැබැයි හිරේ යන්න වුණේ නැහැ, වෙලාවට. එකම සෙට් එකක් තමයි ඕක කරන්නේ. (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 May 2013 02:27 PM

දුප්පත් අහිංසක මිනිසුන් රවටා සල්ලි ගසා කන මේ වගේ තක්කඩි උන්ට උපරිම දඬුවම් දෙන්න.(නදී)

:       0       0

අජිත් Sunday, 12 May 2013 02:36 PM

මගේ මල්ලිවත් මැලේසියාවේ රක්ෂාවකට යවන්න හලාවත ප්‍රදේශයේ කෙනෙක් ලක්ෂ දෙකක් අරගෙන එහෙ යැව්වා. මාස තුනකට පස්සේ වීසා ඉවරයි කියල එහෙ පොලිසියෙන් අත්අඩංගුවට අරන් මාස 6 ක් හිර ගත කළා. හිරෙන් නිදහස් උනාට පස්සේ යහළුවෙකුගෙන් නයට මුදල් අරන් ටිකට් එකක් හදාගෙන පසුගිය මාසේ ලංකාවට ආවා.(නදී)

:       0       0

කැටවල Sunday, 12 May 2013 09:05 PM

1988 ලක්ෂ 8 නැතිවෙලා කන්නත් නැතුව මම ලංකාවට ආවා. අනිත් අය හිරේට ගියා. හොර තක්කදියන්ට අහු වෙන්න එපා. ඔවුන්ට උපරිම දඩුවන් දෙන්න.මම දැන් ඉතාලි වල අවුරුදු 23ක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 69 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1943 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 296 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 372 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1561 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1548 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site