IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මලල ක‍්‍රීඩා නිලවරණය රහස් ඡන්දයෙන්

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය (2012-13) රහස් ඡන්දයෙන් පවත්වන බව ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය. ”ලංකාදීප”ය කළ විමසුමකදී ඇය පැවසුවේ ලබන මැයි 3 වැනිදා පැවැත්වෙන මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා විශේෂ අධීක්‍ෂණ කමිටුවක් මගින් විමර්ශනයට ලක් කළ බවයි. එහිදී නාමයෝජනා සම්බන්ධයෙන් විමර්ශනයේ දී අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පිළිබඳව මෙතෙක් ගැටලූවක් මතුවී නැතැයි ද ඇය පැවසුවාය. මේ අතර ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ”ලංකාදීප”ය කළ විමසුමක දී පැවසුවේ කිසිදු අපේක්‍ෂකයකුට ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් බලපෑමක් එල්ල වී නොමැති බවත් පත්වන නව නිලධාරි මණ්ඩලයට සිය සහයෝගය ලබාදෙන බවත්ය. ක‍්‍රීඩා පනතට අනුව ජාතික ක‍්‍රීඩා සංගමයක නිලවරණයක් පැවැත්වීමේ දී ඡන්ද විමසුම ප‍්‍රසිද්ධියේ (අත් ඔසවා) සිදු කළ යුතුය. එහෙත් මලල ක‍්‍රීඩා සංගමයේ ව්‍යවස්ථාවට අනුව නිලවරණය පැවැත්වෙන බැවින් රහස් ඡුන්දයකට එහිදී යා හැකි බැවින් මෙවර ක‍්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවන නිලවරණයත් රහස් ඡුන්දයෙන් පවත්වන බව ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවාය. නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්‍ෂකයන් පස් දෙනකු (සුදුසුකම් පිළිබඳව) ගැටලූ මතුවී තිබූ බවද පැවසේ. මලල ක‍්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් දයා රත්නායක මහතා දැනටමත් නිතරගයෙන් පත්ව සිටියි. උප සභාපති තනතුරු හයක් සඳහා නාමයෝජනා 14ක් ඉදිරිපත්වී තිබෙන බැවින් මෙවර මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.  



අදහස් (0)

මලල ක‍්‍රීඩා නිලවරණය රහස් ඡන්දයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site