IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මිල්ල සොයා ගිය ත්‍රාස ජනක කතා

 

 

 

ශීත ඍතුව ගෙවී යුරෝපයට වසන්තය උදා වන්නට විය.තුරු ලතාවෝ මලින් පිරි ලස්සන වී සිටිති.      සමනළයෝද මී මැස්සෝද ඒ මල්වලට පොරකති.

මිනිස්සුද ප‍්‍රබෝධමත් වී සිටිති. ගොවීහු තම සුපුරුදු ගොවිතැනෙහි නියැලෙති.

මේ අතර මලින් බරවූ ඇපල් ගස් යායක අසිරිය දොර කවුළුවෙන් ගෙට පෙනේ. ඒ අසිරිය විඳ ගැනීමට ඔහු ජීවතුන් අතර සිටී.
නාදුනන රටක රුදුරු මාෆියාකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයන් දොළොස් දෙනකු අතර ඔහු එක් අයෙකි.

ඒ අතීතය සිහිවන විට ඔහුගේ ඇෙඟ් හිරිගඩු පිපේ. හන්ගේරියා දෙබිබ‍්‍රසීන් නුවරට නුදුරු විශාල ගොවි බිමක් මැද පිහිටී පාළු නිවසක ඔහු ඇතුළු දොළොස් දෙනා සිරකරුවෝය. ඒ 2001 වර්ෂයේ මාර්තු අවසානයයි, ඉතාලිය නම් සුරපුරයේ මිල්ල සොයා ආ ගමනේ ජීවිතයත් මරණයත් අතර සටන එසේ සිදු විය. දේශසීමා තරණය කරමින් රටකින් රටකට හොරෙන් ඇතුංවීම නීති විරෝධී වූවත් තැරැව්කරුවකුගේ මුසාවකට රැවටුණු මොවුන් සියලූ දෙනා රුසියාව යුක්කේ‍්‍රනය හරහා හන්ගේරියාවට ඇතුළු වී සිටිති. ඒ සඳහා ගතවූ කාලය මාස අටකට ආසන්නය. සෑම දේශසීමාවක්ම හොර රහසේ තරණය කිරීමට ඒ රටවල මාෆියාව කල්ලිවල සහය ලබා ගත යුතුය.
පන්නිපිටිය ප‍්‍රදේශයේ ජීවත්වන ”තිස්ස” නැමැති පුද්ගලයා අපගේ ප‍්‍රධාන තැරැව්කරු වන අතර රුසියාවේ පිටර් යුක්කේ‍්‍රනයේ බෝලින් යන අන්වර්ථ නම්වලින් හඳුන්වන ලාංකිකයෝ දෙදෙනා ඔහුගේ ගෝලයෝය.
ඔවුහු නැගෙනහිර යුරෝපයේ බොහෝ රටවල මිනිස් ජාවාරමේ යෙදෙන මාෆියා කරුවන් සමග ඍජු සම්බන්ධතාවක් පවත්වති. මාෆියාකරුවකුගේ මගපෙන්වීම මත රාත‍්‍රී කාලයේ පමණක් දේශ සීමා පැනගත යුතුය. ඒ සඳහා කිලෝමීටර් 20 කට වඩා වැඩි දුරක් පයින් ඇවිද යා යුතුය. දේශසීමාව තරණය කිරීමෙන් පසු දැනුම් දෙන වේලාවට නියමිත ස්ථානයක් කරා මෝටර් රථවලින් ළඟාවන තවත් පිරිසක් සංක‍්‍රමණිකයින් පිරිස නංවාගෙන ඔවුන්ගේ කෙම් බිමක් කරා ගමන් කරති.
එහිදී තැරැව්කරු පොරොන්දු වූ මුදල මාෆියා කරුවන්ට දීමෙන් පසු ඒ රටේ අදාල පුද්ගලයාට සංක‍්‍රමණිකයින් පිරිස බාරදෙනු ඇත. ඒ අනුව රුසියාව යුක්කේ‍්‍රනය දේශසීමාව කරණය කර දීමට එක් සංක‍්‍රමණිකයෙකු වෙනුවෙන් ඩොලර් 650 ක (රුපියල් 83200 මුදලක් මාෆියාකරුවෝ අය කරති. යුක්කේ‍්‍රන හංගේරියා දේහසීමාව සඳහා ඩොලර් 1200 කින් (රුපියල් 153600* 2001 වර්ෂය යනු යුරෝපා සංගමය පොදු මුදල් භාවිතයක් සඳහා යුරෝ හඳුන්වා දීමට සූදානම් වූ සමයයි.
නැගෙනහිර යුරෝපය හරහා දේශසීමා ඔස්සේ යුරෝපා රටවලට ඇතුළුවන විදේශිකයන් අවම කිරීමට යුරෝපා සංගමය හංගේරියාව වැනි රටවලට විශාල මුදල් ප‍්‍රතිපාදන ලබා දෙමින් දේශසීමා ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට ක‍්‍රියාකොට තිබිණි. ඒ අනුව රුසියාව යුක්කේ‍්‍රනය හංගේරියාව සොලෝවේකියාව  ඕස්ටි‍්‍රයාව හරහා වසරක් පුරා මේ අවස්තාවේදී ඔවුන් සියලූ දෙනා දේශසීමා ඔස්සේ හංගේරියාවට ඇතුළු වුවත් දේශසීමා ආරක්‍ෂකයන්ට හසුව නැවත යුක්ක්‍රේනයට පිටුවහල් කරනු ලැබූ ඔවුහු කබලෙන් ලිපට වැටුණාහ. ඔවුන් රැුගෙන ආ මාෆියාකරුවෝ ඔවුන් අතරමං කර ඉතා සූක්‍ෂම ලෙස අතුරුදහන් වූහ. දුන් සල්ලිත් නැත, දෙන්නට තවත් සල්ලිත් නැත, කන්නත් නැත, අදින්නත් නැත. කර කියා ගත කිසිත් ද නැත, ජීවත්වනවාද මැරෙනවාද යන්න සිතුණ වාර අපමණය.
කෙසේ වෙතත් මාස කිහිපයක ඇවෑමෙන් ඔවුහු මංගේරියාවට ගෙන එනු ලැබූහ. මිනිස් පුළුටක් ඇස නොගැටෙන තෙරක් නොපෙනෙන ගොවි බිමක හුදෙකලා නිවසක එවුහු සිරකරුවෝයි. දුක කියන්නට කෙනෙකු නැත. සිටියේ දෙවියන් බුදුන් පමණි. තප්පරයෙන් තත්පරය මිනිත්තුවෙන් මිනිත්තුව ඔවුහු මැරි මැරී උපදිති. යුන්කේ‍්‍රන හංගේරියා දේශසීමාව තරණය කිරීම සඳහා අප රුදුරු මාෆියාකරුවන්ට බාරදුන් ශ්‍රී ලාංකික තැරැුව්කරුවන් අතුරුදන් වෙලාය.
ඔවුන්ගේ දුරකථන පවා ක‍්‍රියා විරහිතය. දින සති බවට පෙරැුළි මාසයකට අධික කාලයක් ඔවුහු ඒ බිහිසුණු වධකාකාරයේ සිරකරුවෝය. ඇගට දියපොදක් නොමැතිව නොකා නොබී අධික කුසලින්නේ ගෙවන වේදනාකාරී ජිවිතය ඉවසා ගත හැකි වූවක් මාෆියාකරුවන්ගේ මරණීය තර්ජන කෙසේවත් ඉවසා දරා ගත නොහැකි විය.
”උඹලා වෙනුවෙන් පෙනී සිටී උන් පැන ගිහින් දැන් අපිට සල්ලි  ඕනෑ. උඹලගේ ගෙවල් වලින් සල්ලි ගෙනත් දීපන් නැත්නම් උඹල මරණවා. ”ඔවුහු එසේ තර්ජනය කරති. ඩොලර් 13400 මුදලක් අප නැවත ඔවුන්ට ගෙවිය යුතුය. ඉතාලිය කරා රැුගෙන යෑම සඳහා ලංකාවෙන් පිටත්වීමට මත්තෙන් එක් අයෙකු රුපියල් ලක්‍ෂ 10 ක් ප‍්‍රධාන තරැුව්කරුට ගෙවූ මේ දොළොස් දෙනා තව උගුලක පැටලී සිටිති.
මළ හිරු බැසයමින් තිබිණි. ඒ මුසල දිනය උදා විය නවීන ගිනි අවි වලින් සන්නද්ධ හැඩි දැඩි කිහිප දෙනෙක් සමග තවත් අයෙක් නිවසට ඇතුළු වෙති. අප සියලූ දෙනා එම නිවසේ තිබූ එකම කූඩා කාමරයකට දැමූ ඔවුන් අත රැුඳි ජංගම දුරකථන අපට දුන්හ. ‘ලංකාවට කතා කර පල්ලා. සල්ලි ගෙනත් දීපල්ලා’
පළමු වාරයේ මගේය අතුරුගිරියේ සිටින සොයුරාට මම ඇමැතුමක් ලබා ගතිමි. ‘මම චමින්ද එසේ කියද්දී. ‘ඩොලර් ඩොලර්’ යැයි මාෆියා කරුවෝ කෑ මොර දෙති.
ගත වූ නිමේෂයේදී උරහිස හරහා වැදුණු තුවක්කු බඳ පහරින් චමින්දට ‘අම්මෝ’ යැයි ඉබේට කියවිණි. ඒ සියලූ දේ ඔහුගේ සොයුරා දුරකථනයෙන් අසාගෙන සිටී, ඒ සමඟ අස හරහා වැදුණු බ්ටු සපත්තු පහරින් හිස බිත්තියේ වදිනවා පමණක් ඔහුට මතකය නැවත පියවි සිහියට එන විට ඉවසා දරාගත නොහැකි වේදනාවක් දැනිණි.  තවත් අපගේ කිහිප දෙනෙක් ලේ ගලන තුවාල සමඟ කෙදිරි ගාති. මාගේ වම් ඇසෙන් ගලා එන ලේ ධාරාවන්ගෙන් එකම ඇදිවත තෙත්වී තිබේ. ඇස් දෙකක් නොමැති තරමට මුහුණ ඉදිමී ඇත.
‘‘තව දවස් පහකින් අපේ කිහිප දෙනෙකුගේ අත් කපා ඉවත් කරනවා කිව්වා. ඊට ඉස්සෙල්ලා මුදල් ගෙනත් දෙන්න කිව්වා. උන් අනිවාර්යයෙන්ම ඒක කරනවා. ඒ කාමරේ හැම තැනම ලේ පැල්ලම්. මීට ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා’’
එක් අයෙකු එසේ කියනු මට ඇසිණි. මේ මොහොත වන විට මාෆියා කරුවන් අපට ලබා දී තිබූ ජංගම දුරකථනයට එක පිට එක ඇමතුම් ලැබෙමින් පවතී. ඒ ලංකාවෙනි. ‘අපි ඔයාලව කොහොම හරි බේරගන්නවා. බයවෙන්න එපා ‘ඔවුහු එසේ කියති’ එය සැනසීමකි. ඒත් රුදුරු මාෆියාකරුවන් දකින විට එය සිහිනයකි. එම ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබාගැනීමට නොහැකිය. ඒත්  ඕනෑම අයකුට අප හා සම්බන්ධ විය හැකිය. මාෆියාකරුවන්නට වැරදුණු තැනද එතැනය.
තුවාල වලට කිසිදු බෙහෙතක් නොමැතිව දැඩි වේදනාකාරී දින දෙකක් ගෙවී ගියේය. චමින්ද අසල ඇති ජංගම දුරකථනය නාද වෙයි.
‘‘මේ කතාකරන්නේ හංගේරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඔයාලා හිරවෙලා ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඔතනින් පැන යන්න විදියක් නැද්ද’’ එම නිලධාරියා චමින්දගෙන් ඇසීය.
‘‘නැහැ මෙතැන තුවක්කුවක් අතින් ගත් මිනිහෙක් ඉන්නවා. එයා ගොවිතැන් කරන විදියටයි ඉන්නේ. අනික ලොකු බල්ලන් හතරදෙනෙක් ඉන්නවා’’ චමින්ද එසේ කීය.
‘ඔයාලා නීති විරෝධිවයි රටට ඇතුළු වෙලා තියෙන්නේ ඉන්න තැනක් අපි දන්නෙත් නැහැ. අනික අපිට පුළුවන් හැමදේම කරලා ඔයාලා මාෆියාකරුවන්ගෙන් බේරගන්න උත්සහා කරනවා. එතෙක් පරිස්සමින් ඉන්න. අපි කතා කළ වගක් උන්ට කියන්න එපා’’ ඔහු එසේ පැවසීය. තවත් දිනක් ගෙවී යයි. එහි දිග වසරකටත් වැඩි යැයි සිතේ. තවත් දිනකට හිරු උදාවීමට ආසන්නය. ඒ අලූයම් යාමයයි. ඉහළ අහසේ සැරිසරන හෙලිකොප්ටර් යානයකි. ඒ සමඟ දුරකතනය නාදවෙමින්විටෙකින් විසන්දි වේ. හෙලිකොප්ටර් යානය විනාඩි විස්සකට වඩා වැඩි කාලයක් කැරකෙන විට දුරකථනය නාද වූ වාරද අනන්තය.
තවත් හෙලිකොප්ටර් යානයක් ඉතා පහතින් ගමන් කරයි. ඒ සමගම වහළ මත යමෙක් ගමන් කරන හඬ ඇසේ. හෙලිකොප්ටර් යානා හඬ පහව ගිය පසු ජිප් රථ කිහිපයක හඬ ඇසෙන්නට පටන් ගනී, ගුවන් විදුලි හුවමාරු යන්ත‍්‍රවලින් පිටවන හඬවලට පිළිතුරු දෙන හඬින් මේ දොළොස් දෙනාට  ඕනෑ දෙයක් වෙද්දෙන් ඔවුහු එසේ සිතූහ. දැන් මොනවා වූවත් ඊට මූණ දිය යුතුව ඇත. ඔවුනට විකල්පයක් නැත. පැයකට අධික කාලයක් සිදුවූ මෙම ක‍්‍රියාදාමය අවසන් අදියර කරා ළඟාවෙමින් පවතී. බල්ලන්ගේ බිරීමද අවසන්ය. තීරණාත්මක අවස්ථාව උදාවීය. ඉහළ වහලේ උළු කැට බිද දමමින් නිවසට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පිරිසකි. කළු ඇඳගත් පිරිසක් ඒ සමගම ඉදිරිපස දොරටුව කඩාගෙන නිවසට ඇතුළු වූහ. හංගේරියානු යුධ හමුදාවේ විශේෂ බළකාය ඇඳුමෙහි එසේ සටහන්ව තිබිණි. ඇස් පමණක් නිරාවරණය වන සේ කළු ඇඳුමින් හැද සිටි ඔවුන් චමින්ද ඇතුළු දොළොස් දෙනා එළියට රැුගෙන ආහ.
නිවස ඉදිරිපිට සිටි දැවැන්ත බල්ලෝ වෙඩි තබා සිටිති. විශේෂ බළකා නිලධාරීහු ප‍්‍රාණ ඇපකරුවන් බේරාගත් සුවිශේෂී ක‍්‍රියා දාමය අවසන් කොට විනාඩි කිහිපයකින් නික්ම ගියහ. මාෆියා කරුවෝද එතැන් සිට බාරවූයේ හංගේරියානු දේශසීමා ආරක්‍ෂකයින්ටය. ඔවුහු චමින්ද ඇතුළු පිරිස තම කඳවුර වෙත රැුගෙන ගිය විගස වෛද්‍ය සායනයක් වෙත යොමු කරනු ලැබූහ. හංගේරියා ආරක්‍ෂක අංශ ඔවුන් සිටි තැන දැනගත්තේ කෙසේද එය මෙසේ විදුවීය.
අප සමඟ සිටි මිතුරෙකුගේ සොහොයුරෙක් අපගේ දුරකථන අංකය හංගේරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබා දෙමින් කෙසේ හෝ ඔවුන් බේරා දෙන ලෙස ඉල්ලීමක් කළේය. ඒ අනුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් හංගේරියා ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් අනුව අප මෙසේ නිදහස් කර ගැනීමට හංගේරියා විශේෂ බළකාය උඩින් ආවේය.
එදා හංගේරියා වේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටි නිලධාරීන් කවුරුන්දැයි මේ වන තුරුම ඔවුහු නොදනිති. තම සේවය අකුරටම ඉටු කරමින් මිනිස් ජීවිත දොළහක් රුදුරු මාෆියාකරුවන්ගෙන් බේරාගත් එම නිලධාරින් කිසිවකු එදා එමගින් අනවශ්‍ය ප‍්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවූ බව පමණක් දනිති. ඔවුන් එසේ කියනුයේ ඇමරිකා ත‍්‍රාසජනක චිත‍්‍රපටයක මෙන් රුදුරු මාෆියාකරුවන්ගෙන් ඔවුන් බේරා ගත් එම සිදුවීම ලංකාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයට ලබාදෙමනි විශාල ප‍්‍රසිද්ධියක් එමගින් ලබා ගැනීමට හැකියාව තැබු නිසාය. රාජකාරිය දේවකාරියක් කරගනිමින් රාජ්‍යතාන්ත‍්‍රිකව කටයුතු කළ එම නිලධාරීන්ගේ අගනා ක‍්‍රියා දාමය මියයන තුරුම තම හදවත් වල ලියැවී තිබෙන බව ඔවුහු කියති.
ඉතාලියට ඒමට වසරක් යුරෝපයේ කරක් ගැසීමට සිදුවිය. ඔවුන් විදි දුක් නිමක් නැ. ත‍්‍රාසජනක සිද්ධි නිමක් නැත.

මතු සම්බන්ධයි....

 

 



අදහස් (0)

මිල්ල සොයා ගිය ත්‍රාස ජනක කතා

ලලිත් Thursday, 28 February 2013 02:30 PM

අනේ මන්දා! මෙහෙම දේවල් අහලා දැකලත් මිනිස්සු දෙපාරක් නොහිතන්නේ ඇයි කියන එකයි ප්‍ර‍ශ්නේ. (නි)

:       0       0

මදුරංග Thursday, 28 February 2013 08:53 AM

මාත් ඉතාලි එන්න හදන්නේ විසිට් වීසා එකකින් ඇවිත් පනින්න ඉන්නේ,දැන් කොහොමද ඉතාලි වල තත්වේ. ගොඩ එන්න පුල්වන්ද ආවොත්?(නදී)

:       0       0

චන්දන Thursday, 28 February 2013 02:48 PM

තමන්ගේ රට තරම් කොහෙවත් හරියන්නේ නැහැ (දී)

:       0       0

දනුක Wednesday, 27 February 2013 07:45 PM

මමත් යුරෝපයේ ජීවත් වෙන කෙනෙක්. මේ වගේ සිද්දි අනන්තවත් අපිට අහන්න ලැබෙනවා. මේ පනිවිඩය මුළු මහත් සමාජයටම ලැබෙන්න ඕනෑ. යුරෝපයේ ඉන්න ඕනා නම් හරි විදියට එන්න ඕනා. නැත්නම් මේ වගේ ඉරණමක් අත්වීම පුදුමයක් නෙමෙයි.(නදී)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 07:46 PM

මේ ත්‍රාසජනක දේවල් දැනගෙනත් තවමත් හොර මාර්ගවලින් මිල්ල සොයා යන්න ලෑස්ති වෙන එක පුදුමයි.(නදී)

:       0       0

දම්මි Wednesday, 27 February 2013 08:03 PM

සල්ලි නිසානේ (දී)

:       0       0

තුෂාර Wednesday, 27 February 2013 08:39 PM

මෙහේ ඉන්න තැරැව්කරුවන්ට නම් අහුවෙන්න එපා. තානාපති කාර්ය මණ්ඩලයට මගේ ආචාරය! (නි)

:       0       0

නීල් Thursday, 28 February 2013 10:48 AM

වැදගත් කතාවක් (දී)

:       0       0

පිටිගල Wednesday, 27 February 2013 08:53 PM

කොහොම ආවත් ආපහු යන්නේ ලංකාවට කෝටිපතියෝ වෙලානේ. (නි)

:       0       0

රත්නායක චිකාගෝ සිට Thursday, 28 February 2013 03:52 PM

මමත් පුංචි රස්සාවකට ඇමෙරිකාවට ඇවිල්ලා සෑහෙන්න මහාසි වෙලා අද ඉන්න තත්ත්වෙට ආවේ. තුෂාර කියනවා වගේ පැය 8 වැඩ කරද්දී විනාඩියක් තියා විනාඩි 1/2 වත් නිකන් ඉන්න බැහැ. ඒ නිසාම බටහිර රටවල් දියුණු වෙන්න හේතුවෙලා කියලා දැන් තේරෙනවා. කොහොම වුණත් රටකට ඇවිල්ලා දියුණු වෙන්න නිවැරදි ඉලක්කයක් මෙන්ම උට්ඨාන වීර්යය තිබිය යුතුයි. මෙම කතන්දරයට මුහුණ දුන් සියලු දෙනා අද සාර්ථකව ජීවත් වෙනවා යයි සිතනවා. (නි)

:       0       0

සදුනි Wednesday, 27 February 2013 09:39 PM

මේ මොනවා වුණත් අපේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නවා නම් බොරු. (නි)

:       0       0

සුනිල්-වෙරෝනා Wednesday, 27 February 2013 10:51 PM

අපි චමින්දව නම් දන්නවා. නමුත් මෙච්චර දෙයක් දන්නෙ නැහැනේ. (නි)

:       0       0

කමල් Thursday, 28 February 2013 11:49 AM

මමත් අහු වුණා. බහුතරය හොරු. අහුවෙන්න නම් එපා. (නි)

:       0       0

සනත් Wednesday, 27 February 2013 11:02 PM

සල්ලි ලැබෙනවානම් ඕන දෙයක් (දී)

:       0       0

මාලන් Thursday, 28 February 2013 12:15 AM

නමුත් මෙවැනි ක්‍රම වලට ඉතාලියට එන්න හදන සමහර ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙනත් රටවල අයගේ ජීවිත අහිමිවීම් එමටය. අපට රුසියාවේදී හා යුක්රේනයේදී හමුවූ ශ්‍රී ලංකික තැරැව්කරුවන් මනුස්සකම ගෑවිලාවත් නැති අයයි. අපි දැන් ඉතාලියට ඇවිත් අවුරුදු 12 කි. (නි)

:       0       0

තුෂාර Thursday, 28 February 2013 12:41 PM

මමත් දැන් අවුරුදු 10 විතර වෙනවා ඉතාලි වල . මෙහෙ ගෙවන ජීවිතය දැන් එපාවෙලා තියෙන්නේ. මෙහෙ ඇවිත්ම තමයි බලන්න ඕනෑ. ලංකාවේ හොද ජොබ් කරපු මිනිස්සු මෙහෙ ඇවිත් කරන්නේ ගෙවල්වල හෝ වතුපිටිවල වැඩ. අනික මෙහෙ පැය 8 වැඩ නම් එක විනාඩියක්වත් නිකන් ඉන්න ලැබෙන්නේ නැහැ. පුදුම දුකක් මෙහෙ යුරෝ හම්බු කරන්න මිනිස්සු විදින්නේ. (නි)

:       0       0

අවන්ක Thursday, 28 February 2013 02:46 AM

මාත් යුරොපයේ ඉන්න කෙනෙක්. අපිත් සල්ලි හම්බ කිරිමේ ආසාවට ආවා. මට නම් හිතෙන්නෙ මෙහෙ එන හැම කෙනාගෙම ජීවිතය වරදිනවා කියලයි. (නි)

:       0       0

සුපුන් Thursday, 28 February 2013 01:34 PM

මිනිස්සු මෙහේ එන්නේ මුදල් මතම නොවේ. නිදහස, පිරිසිදුකම, පන්ති‍ භේද නොමැතිකම, නිළධාරිවාදය නැතිවීම, ජීවන රටාව, කකුලෙන් ඇදිලි නොමැති වීම, මානව හිමිකම්, කාර්යක්ෂමතාවය... වගේ හුගක් හේතු නිසා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 0 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 19 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 907 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1355 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2027 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 501 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site