දින දහයක් පමණ වයසැති අත දරුවකු කාඩ්බෝඩි ඇසුරුමක දමා දෙවාලයක් ඉදිරිපිට අතහැර යාමේ සිද්ධියක් සමිබන්ධයෙන් යාපනය ඉලවාලි පොලීසිය විසින් පරීකෂණ ආරමිභ කර ඇත.
යාපනය ඉලවාලි වඩලියඩප්පු කොවිලක් ඉදිරිපිට මෙම දරුවා දමා ගොස් සිටියදී අද (07) සොයා ගන්නාවිට දරුවාට පණ තිබූ බවත්, ප්‍රදේශවාසීන් විසින් පොලීසිය වෙත භාර දීමෙන් අනතුරුව තෙල්ලිපලෙයි රෝහල වෙත ඇතුළත් කළ බවත් එතැනින් යාපනය ශික්ෂණ රෝහලට යැවූ බවත් පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ්, එහෙමම කියන්න එපා. අපේ එක උපාසක මහත්තයෙක් තමන්ගේ භාර්යාවගේ පළමු කසාදේ මන්දබුද්ධික දරුවා පොළවේ ගහලා මරලා, එ්ක ගෙදර වැඩකරන අසරණ ගැහැණිය පිටින් යවලාත් ඔය ඉන්නේ අගේට. (නි)
අපොයි මේ ළමයාගේ අම්මට තවත් ළමයි ලැබේවි. ළමයි නැතිවෙන්නේ අවංකව දරුවන් ඕන කියලා හිතන අපි වගේ උදවියට තමයි (බ)
අපිට ළමයි නැතුව දුක් වෙනවා මුන් ළමයි විසික්කනරනවා (බ)
දරුවට කරදරයක් නොවී ආරක්ෂා වේවා. සියලු දෙවියෝ දරුවා රකිත්වා. අහිංසක දරුවන්ට කව්රුත් කරදර කරන්න එපා.කිසිම වරදකට දරුවන්ගෙන් පලි ගන්න හොද නෑ.මේ දරුවා දකිද්දී පපුව පිච්චෙනවා.(ම)
ඒ අම්මා දරුවා මරන්නේ නැතුව මෙහෙම හරි දාලා ගිය එක හොඳයි. දැන් ඒ මනුස්සයා හොයලා දඬුවම් කරන්න කලින් බලන්න ඕනෑ හේතුව සහ ඒවාට පිළියම්. දරු සෙනෙහසට වඩා බලවත්වුණ හේතුව (නි)
වීසිකරන්නට දරුවන් තනනා ලෝකයක යළි නූපදින් පුතුනේ! (නි)
කමක් නැහැ. ජීවිතයට හානියක් නොකර මෙහෙම කළ එක හොඳයි (නි)
මේ කිරිසප්පයාට තෙරුවන් සරණයි! (නි)
අපේ ලංකාවේ මේ වගේ දේවල් නැතිවෙන්න නම් කරන්න තියෙන්නේ එකම දෙයයි. විදේශවල මෙන් දරුවන්ට දීමනාවක් ගෙවීමත්, සෑම පවුලකම පියාට කුමක් හෝ රැකියාවක් ලබාදී දරුවන්ට මාසිකව දීමනාවක් ගෙවීමත්ය. ලංකාවේ කාන්තා සහ ළමා කාර්යංශ, සෞඛ්‍ය ඇමතිලාගෙන් ඇති වැඩක් තියෙනවද? මේ සිදුවීම් වලට විසඳුම් නැද්ද? (නි)
කොහොමද මෙම දරුවා නීතියෙන් දරුකමට ගන්නේ .(හේ)
මේ බාබාව පුළුවන් නම් මට දෙන්න මම හදා ගන්නම්.(හේ)
මිනිස් ලෝකයට එන්න ලැබෙන එක බොහොම දුර්ලභ දෙයක්. ඉතින් ඒ දුර්ලභ වාසනාව ලැබුණ ඔබට කරදරයක් නැතිව ජීවත් වීමේ වාසනාවත් ලැබේවා තෙරුවන් සරණ ලැබේවා! (හේ)
මොන හිතකින් මේ වගේ දේවල් කරනවද කියලා හිතාගන්නවත් බැහැ.(හේ)
මොන හිතකින් මේ වගේ දේවල් කරනවද මේ මිනිස්සු.(හේ)
මේ වගේ අපරාධ කරන දෙමව්පියන් මමනම් හිටන්නේ නැහැ සංසාරේ කවදාවත් දරු සම්පත් නම් ලබෙයි කියලා....එ්ක තමයි ධර්මය (හේ)
මේ දරුවාට බුදු සරණයි.(හේ)
මේ දරුවාගේ වගකීම කවුරු හරි ගන්න.(හේ)
මේ වගේ වැඩ කරන්නේ දෙමාපියන්ද?(හේ)