උඩවලවේ ජාතික වනෝද්‍යාන බටහිර මායිමේ ගල්පායේ අගලකැපු ආරේ දී පසු ගිය දෙවැනිදා පැහැරගන්නට තැත් කළ කෙනෙර පැටියා සොයා ගත් බව වනජීවී නිලධරයෝ කියති.
අවුරුදු තුනහමාරක් හතරක් පමණ වන මේ කෙනර පැටියා අඩි හතරක් උස බවත් මෙවැනි පැටියකුට අලි රංඩුවේ උපරිම ආරක්ෂාව ලැබෙන බැවින් මව නොමරා පැහැර ගැනීම ඉතා අමාරු බව අලි ඇතුන්ගේ හැසීරීම් දන්නෝ කියති.
අලි පැටවා මත් කිරීමට බෙහෙත් දී ඇති බවත් පැටවා උඩවලව ඇත් අතුරු සෙවණේ සිටින බවත් මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී මහින්ද තේරසිංහ මහතාගේ වීඩියෝ කැමරාව කඩා වීඩීයෝ පටය පහැරගත් මැරයන් මෙතෙක් අත්අඩංගුට ගෙන නැති බවත් ඔහුගේ නිවස පිහිටි ප්‍රදේශට පොලිස් ජංගම සේවයක් පමණක් ද යොදා ඇති බවත් දැනගත්තට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අලි පැටියා (නි)
නිසි දඩුවම් දෙන්න ඕනේ. (ස)
කෝ අපේ පණ්ඩිත බන්දුල මහත්මයා. (ස)
දේශපාලන බලයෙන් හැම විනාශයක්ම කරලා බේරුනාට ස්වභාව ධර්මයේ නීතියෙන් කිසිවෙකුටත් ගැළවීමක් නැහැ. දේශපාලන බලය තිබුනට කාටවත් ලෙඩවීමෙන්, ජරාවට පත්වීමෙන් බේරෙන්න බැහැ. තමන්ට බැරිවූ දාට කළ හොඳ නරක සිහිවී වැළපෙන්න වෙනවා සහතිකයි. (නි)
මේක ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න, එල්.ටී.ටී.ඊ.එක කළ එකක් වෙන්න ඇති.කෙළින්ම කියනවා නම් බටහිර කුමන්ත්‍රණයක් (නි)
කැලේ ඉන්න ඇතින්නියන් මරල පැටවූ හොරකන් කරන යනකොට කැලේ ඉන්න අලි ගම් වැදී මිනිසුන් මරණ එක පුදුමයට කරුණක් නොවේ , කැලේ අලින්ට දකුණේ නිතිය අදාල නැත.(නදී)
එයාල හිතන් ඉන්න විදියට එයාලගේ කැලේ ඉන්න අලි එයාලගෙම ට්‍රක්ටර්වල පටවාගෙන එයාලගේ ගෙදර අරගෙන යනකොට පොලිසිය දකුණේ නිතිය පිළිපදිමින් ( අහක බලාගෙන , නැත්නම් අත්දෙක බැඳගෙන හිනාවෙවී ඉන්න විට ) මාධ්‍ය වෙදිනුත් දකුණේ නිතිය පිළිපදිමින් ඉන්න ඕනේ කියල නමුත් මෙතන පරහකට තිබෙන්නේ ලංකාදීප මාධ්‍ය වේදීන් සාක්ෂි සහ පින්තුර සහිතව මෙය ලෝකයට ඉදිරිපත් කිරීම ය (නදී)
ඡන්ද කාලෙට පෝස්ටර් ඇලවූ පුද්ගලයාගේ සිට මන්ත්‍රීලට බිත්තර ගැසූ බිත්තර මාමලා දක්වා ආරක්ෂා කිරීමට සමහර දේශපාලකයන් පෙරමුණ ගෙන තිබෙනවා.එතකොට හිතන්නේ කැළේ ඉන්න අලිත් එයාලගෙයි කියලා (නි)
ආණ්ඩුව පත් කරන්න අපිත් දර දිය ඇද්ද. දැන් ඉතින් පන්නා ගන්නත් එ්කම කරන්න අපි සුදානම්.(ස)
මේවට කියන් නේ රජ වැඩ . (ස)
ඔය කට්ටිය කරන වැඩ වලින් ආණ්ඩුවේ අන්ත පරාජය හුවක් ඇහෙන දුර තියෙන්නේ (ස)
අලි අම්මා මැරුණත් නිකන් හිතලා බලන්න මේ පැටියා රජ කුමර කුමරියන් එක්ක කෙළි දෙලෙන් ඉන්න හැටි. (ස)
තව ටික දිනකින් වාහන සහ අනිකුත් භාණ්ඩ ටිකත් අරගෙන යයි. (ස)
අද අසරණයෙක්ට, මිනිස් හෝ තිරිසන්, ඉන්න දෙන්නේ නැහැ. හැම දේම විනාස කරන් යන යුගයකයි රටම ඉන්නේ. (ස)
දකුණේ නීතියට ඉඩ දෙන්න , ( පොලිසිය අත්දෙක බැඳගෙන හිනාවෙවී ඉන්න , එහෙම නැත්නම් අහකබලාගෙන ඉන්න එහෙමත් නැත්නම් හෙමින්ම මාරුවෙලා යන්න ) (ස)
කලින් අලි පැටව් හොරෙන් ගෙනගිය පන්නිපිටියේ අයට දුන් දඬුවම කුමක්ද ? (ස)
නිතිය වල් වැදුන රටේ, කඳ සුරිදුනේ නොපෙනේද නොපනත් කම් මුන්ගේ , දඬුවම් කල මැනවි නොපමාව මුන්ට ! (ස)
මේ මිනිස්සු කරන වැඩ නිසා තමයි අපේ රටට පාත්වෙන තරමක් හෙන පාත් වෙන්නේ. (ස)
පොලීසියට නීතිමය පියවර ගැනීමට නොහැක්කේ මේ පිටුපස යම් බලවෙිගයක් ඇති නිසා නේද? (ස)
මේ වැඩ කරන අයට රජ කාලේ දඬුවම් දෙන්න ඕන. නැත්නම් මේ වටිනා අලි සම්පත අපිට නැති වීම ඒකාන්තයි. (ස)
තව චන්දය දීල පත් කරලා ගලේ පහරපු බලල වගේ බලා ඉන්න. (ස)
"මේ සිද්ධිය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, මෙතනදී රාජකාරී පැහැර හැරීමක් සිදුවී ඇති බව නියත වශයෙන්ම පෙනීයන බැවින් එයට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට උපරිම දඬුවම් ලබාදීමටත්, නීතිය අතින් කිසියම් වරදක් සිදුවී ඇත්නම් ඒ පිලිබඳව අවශ්‍ය පියවර ගැනීමටත් මෙම සිද්ධියට සම්බන්ධයි සැකකරන අය වහාම අත් අඩංගුවට ගෙන පොලිස් ඇප පිට මුදා හැරීමටත් දැනට පියවර ගෙන ඇති බව" කීවේ නැද්ද? (ස)
ලංකාව අවනීතිය රජකරන රටක් කියල හංවඩු ගැහෙන්නෙ නිකංම නෙමෙයි. (ස)
මැර බලය දැන් සතුන්ටත් බලපාල.දේශ පාලන බලවතුන් නිදිද? (ස)
මේ පළාත හම්බන්තොටට කිට්ටු බව අමතකද? නැත්නම් හම්බන්තොට නීතිය ගැන අමතකද? (ස)