ලෝකයේ රටවල් 178 අතරින් මාතෘත්වය සඳහා සුදුසුම රටවල් සේව් ද චිල්ඩ්රන් නම් රාජ්‍ය නොවන ආයතනය විසින් වර්ගීකරණය කරනු ලැබ ඇත.
එම ආයතනයේ ලන්ඩන් මුලස්ථානය කියනුයේ ෆින්ලන්තය මව් පදවිය ලැබීමට සුදුසුම බවයි. සෝමාලියාව නුසුදුසුම රට බවයි.මවක්විමට සුදුසුම රටවල් දහය වන්නේ,
1.ෆින්ලන්තය, 2.නෝර්වේ, 3 ස්විඩනය, 4.අයිස්ලන්තය, 4 නෙදර්ලන්තය, 5.ඩෙන්මාර්කය, 6. නෙදර්ලන්තය ,7.ස්පාඤ්ඤය, 8.ජර්මනිය, 9.ඕස්ට්‍රේලියාව,බෙල්ජියම(රටවල් දෙකම එකම ස්ථානයේ),11.ඉතාලිය, 26.එක්සත් රාජධානිය, 31.ඇමෙරිකාව
මවක්විමට නුසුදුසුම රටවල් දහය වන්නේ
178.සෝමාලියාව,177.කොංගෝ රාජ්‍යය,175.නයිජර්,මාලි(රටවල් දෙකම එකම ස්ථානයේ)174.ගිනිබිසවි, 173.මධ්‍යම අප්‍රිකා රාජ්‍යය,172.සියරා ලියෝන්.171,නයිජිරියාව,170.චැඩ්
ආසියාවෙන් මුල්තැන
15.සිංගප්පූරුව, 32.ජපාන
දකුණු ආසියාවෙන්
89.ශ්‍රිලංකාව,90.මාලදිවයින ,137. ඉන්දියාව.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිවංක මහත්මය උපුටා දක්වා තිබෙන කරුණ සම්බන්ධයෙන් මගේ ප්‍රසාදය පළ කරනවා. ලෝකය දෙස හොඳ ඇහැකින් දැකලා මේ වගේ දේවලට කරුණු ඉදිරිපත් කරනවා නම් ගොඩක් හොඳයි. මවක් කියන්නේ ලෝකයේ ජීවයයි. මවක් වීම යනු මිනිසුන්ට පමණක් උරුම දෙයක් නොව සතා සිවුපාවුන්ටද එය එක සේ බලපාන කරුණක්. (නි)
මම නම් කියන්නේ ලංකාව තරම් තව රටක් ලෝකේ කොහේ වත් නැහැ. (මොන පදවිය ලබන්නත්) පොඩි පොඩි අඩු පාඩු තියෙනවා ඒවා හදාගෙන අපි ඉදිරියට යං.(නදී)
අපේ අම්මා තමයි ලෝකේ හොදම අම්මා.එතුමිය කවදාවත් දරුවන් ඉදිරිපිට අනුන්ගේ දේවල්,ඕපාදුප කතා කළේ නැහැ.අපි ඉදිරියේ පියා සමඟ රණ්ඩු කළේ නැහැ.තමන්ගේ සෑම දරුවාටම එක සේ සැළකුවා.කිසි කෙනෙකුට මුදල් වංචා කරන්න ඉඩ දුන්නේ නැහැ. (නි)
මේ යුරෝපයේ රටවල් සමහරක් ළමයි හදන්න අම්මලාට රජයෙන් මුදල් දෙනවා. එයට විවාහක අවිවාහක බව බලපාන්නේ නැහැ.ලෝකයේ උතුම්ම මව් පදවිය ඇත්තේ ලංකාවේ මිසක් වෙන කොහෙද? (නි)
මේ එන් ජි ඕ සමීක්ෂණ නැති වුණාට අපි දකුණු ආසියාකරයේ සෞඛ්‍ය අතින් ඉහළින් ඉන්න බව අනෙකුත් රටවල් හා තිබෙන වාර්තා සංසන්දනය කිරීමේදී හොඳින්ම පැහැදිලි වෙනවා.සෞඛ්‍ය ක්ෂේත්‍රයට අරක්ගත් වෘත්තිය සමිති පිසාචයින්ගේ බලපෑම නොවන්න,අපේ රට ආසියාකරයෙන්ම හොඳ ස්ථානයක් අත්කරගන්නවා නිසැකවම. (නි)
මේක හතරබීරි කතාවක්නේ. (නි)
මෙතන ගොඩක් දෙනා 'මාතෘත්වය' හා 'මවක් වීමට සුදුසු පරිසරය හා පසුබිම' කියන දෙක පටලවාගෙන කතා කරන බවයි හැඟෙන්නේ. එක්සත් රාජධානිය මෙතන 26 වෙනි ස්ථානයේ තිබෙන්නේ මවක් වීමට සුදුසු පරිසරයක් තිබෙන නිසා මිසක් මව කියන වචනයට වටිනාකමක් දීල නෙවෙයි. මොකද හරි පියා කවුද නොදන්න, පාසල් ළමුන්ට පවා අපේ වචන වලින්ම කියනවානම් 'අයාලේ ගොස්' දරුවන් හැදීමට ලයිසන් දෙන රටක් මේක. මේ රටේ බොහෝ දෙනාගේ ක්‍රමය තමයි මොන ක්‍රමයකින් හරි දරුවෙක් හදාගෙන ආණ්ඩුවෙන් ගන්න පුළුවන් සියලුම වාසි ගන්න එක. මොකද මෙහේ ලංකාවේ වගේ ඒ දරුවන් 'අවජාතක' තත්ත්වයෙන් නොසලකන නිසා හා මවට ලැබිය යුතු සියලු දේවල් ආණ්ඩුවෙන් ලබාදෙන නිසාත්. ඒ අතින් බලනකොට මාතෘත්වය අතින් ඉහලින්ම ඉන්නේ මගේ දැනීමේ හැටියට නම් ලංකාවයි. නමුත් සදාචාරාත්මක හා සංස්කෘතිමය අගයන් නිසාත්, සමහර අවම පහසුකම් නිසාත් 'මාතෘත්වයට සුදුසු' කියන කරුණ අතරින් ලංකාවට තැනක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ගැන හිත් අමාරු කරගන්න ඕනේ නැහැ.(ස)
ලංකාවේ මාතෘ පදවිය ලබපු ගමන් කිරි දරුවා වැසිකිලි වලට දමා යන්නෙත් . කුණු ගොඩට විසි කර යන්නෙත් නැතිනම් රුපියල් 5000 කට විකුනලා යන්නෙත් ඔය කියන උතුම් මාතෘ පදවි ලබන මව් වරුන් හේතු ඇතුව . ඔය ගොඩක් අය කියනා සැප පහසු කම දෙනවා නම් එහෙම වෙනවද ? සමහර ළමයින් මිය යන්නේ දොස්තර හෝ හෙදියන් වැරදී බෙහෙත් දීමෙන් හෝ කටු ගැසිමෙන් . ගැහැනියක් ගැබ් ගත් පසු ලංකාවේ මුදල් නොමැති නම් එම අම්මට දෙය්යන්ගේ පිහිට තමා . මොකද මමත් ජිවත් වන්නේ ලංකාවේ . දිනපතා දකින අසන දේවල් මේවා. (ස)
සමහරු වලිගය පාගාගෙන ප්‍රතිචාර දමන බව මගේ හැඟීමයි . ඒ නිසාම ඇත්ත තිත්තය . ලෝක ස්වබාවය එයයි . (ස) .
ලංකාව ලෝකයේ හොඳ රටක්. ඒක තේරෙන්නෙ රටින් පිට වුණාම තමයි. (නි)
විකුම් උන්නැහේ ලංකාවේ ජිවත් වෙන්න හොදයි කිවුවේ පන්ති භේදය,නිලධාරිවාදය, සාධාරන නීතිය, දේශපාලන බලපෑම් සහ මෙකි නොකී කුණු ගොඩවල් වලින් පිරිපුන් නිසාද? (නි)
මට නම් කොහෙත් එකයි (නි)
බොහෝ දෙනෙක් මාතෘත්වය සහ මවක් වීමට සුදුසු පරිසරය සහ පහසුකම් පටලවාගෙන. මේ වාර්තාවෙන් පරීක්ෂණයට ලක් වෙලා තියෙන්නේ, ගර්භනී කාන්තාවන්ට ලැබෙන පහසුකම් පෝෂණය, දරුවන් ලැබීම සඳහා ඇති වෛද්‍ය පහසුකම්, රැකවරණය යනාදියයි. දරුවා ලැබීමෙන් පසු ලබා දෙන පහසුකම් එපමණක් නෙවෙයි. ගර්භනී මවට ලැබෙන ආරක්ෂාදායි සමාජ වටපිටාව. කොටින්ම මේ කියන්නේ ගර්භනී මවකට අදාළ නොයෙකුත් සමාජ දර්ශක. එහෙම නැතුව මේ රට රටවල කාන්තාවන්ගේ මව් ගුණය සන්සන්දනය කරනවා නෙමෙයි. (නි)
මේ කවුරුන්ද අපේ රටටත් අපේ මෑණි වරුන්ටත් අවමාන කරන්නේ.? අපේ රටේ එදා සිට මේ දක්වාම දරුවෙකු බිහි කිරීමෙන් ලබන මාතෘත්වය හෙවත් කිරි අම්මා කෙනෙකු වීම අති උතුම් තත්වයක් ලෙසින් සුවහසක් මවුවරුන් විසින් පැතු දෙයකි. ආවාට ගියාට දරුවන් බිහි නො කළ අපේ අම්මාවරුන්හට පවුල පිලිබඳ ප්‍රසංසනිය සැලැස්මක් තිබුණ බව අද පවා ගැමි පරිසරයකට යන කාටත් වැටහෙන්නකි. උයන බත් හැළිය පළමුව පියාටත් ඉන්පසුව වයසේ හැටියට දරුවන්ටත් බෙදා දී අවසානයේ ඉතිරිවන ඩින්ගිත්ත තම ආහාරයට නිහඬව ගෙන සතුටින් කල් ගෙවුයේ අපේ අම්මලාය. දුක වේදනාව තනියම වින්ද දරාගෙන සැමියාට සහ දරුවන්ට සතුටු මුහුණ පෙන්වුවේ අපේ අම්මලාය. සෙනෙහස දයාව කරුණාව පවුල තුල රෝපණය කලේ අපේ අම්මලාය. නිරෝගී බව රකිමින්, ඉගෙනුම ලබාදෙමින්, රැකවරණයද ලබා දෙමින් අපේ අම්මල අපේ සමාජයට තම දරුවන් යොමු කර කරන නිහඬ සේවය ලෝකයේ මුල් තැනට පත් වන්නේය. රාජ්‍ය නොවන ඇමෙරිකානු සංවිධානයක ප්‍රලාප අපේ අම්මලට සිනා ගෙන දෙන්නකි.(නදී)
මම කියන්න හිතපු දේ භානු ඉතාම අගේට පැහැදිලි කරලා. තිවංක අවංකව අදහස් පලකලත් සමහර රටවල විවාහ නොවී ළමයින් හදාගැනීම අයාලේ යාමක් නොවේ. උපදින ළමයට කිසිදු වෙනසක් නීතිමය පැත්තෙන් හෝ සමාජමය පැත්තෙන් නොවන්නේ අහිංසක ළදරුවා තම මවගේ හෝ පියාගේ ක්‍රියාවකට කිසිසේත්ම වගකිව යුතු නැතිනිසා. එක ඉතා දියුණු, උසස් මානව සමාජයක ලක්ෂණයක්.(නදී)
කවුරු වර්ගීකරණය කළත් නොකලත් මගේ හිතේ කාලයක් තිස්සේ හිතවතුන්ට පමණක් කියපු දෙයක් සියල්ලන්ටම කියන්න හිතුනා. අපේ රටේ මවකට එදා ලබා දුන් සමාජයේ ඉඩකඩ අද දකින්නට නැහැ. පාරේ තොටේදිත්, රෝහල් වලදිත් අපිට නිතර දකින්නට ලැබෙන දෙයක් තමයි ගර්භනී මාතාවකට අඩු සැළකිල්ලක් දැක්වීම. විලි වේදනාව දරාගන්නට නො හැකි වූ තැන කෙදිරියක් හෝ ශබ්ද නගා හඬ පිටකිරීමක් පිටකිරීම ගැබිණියකට ඉබේ සිදුවන්නකි. විලි වේදනාවෙන් මිරිකෙන එක්තරා මවක් රෝහලේ වාට්ටුවේ ඇවිදිමින් හඬද්දී එවේලේ රාජකාරියේ දී සිටි මැදිවියේ හෙදියක විසින් එකී ගැබිණි මවට බැන වැදුනේ මෙහි ලිවිය නොහැකි දෙපැත්ත කැපෙන වචන භාවිත කරමිනි. එවිට එහි සිටි තරුණ නාරි වෛද්‍යවරිය එය අසා සිනාසුනාය. මෙය මගේ බිරිඳ එම වාට්ටුවට ඇතුල් කිරීමට යද්දී මගේ කණටම ඇහුණු දෙයක් හෙයින් දැඩි කලකිරීමක් ඇතිවිය. අපේ රටේ රජයන්ද අද වනතුරු කිසිම විදිහකින් ගැබිණි මව් වරුන්ට සහ ඉපදෙන දරුවන්ට විශේෂ සැළකිල්ලක් දක්වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැති වීම ගැන කණගාටුය. මෙහි 32 වැනි තැනට ජපානය පත්කර තිබුණත් ඇත්ත වශයෙන්ම ජපානයට ඉහල තැනක් ලැබිය යුතුය. ඒ වගේම අපේ රටේ වනිතා කටයුතු අමාත්‍යාංශය මගින් මේ ගැන අවධානය යොමු කර මානුෂිකත්වය සහ කාරුණික බව අඩුම තරමේ රෝහල්වල සේවිකාවන්ටවත් පුරුදු කරවිය යුතුය. (නදී)
ඔක්කොම හරිත පලවෙනි තැන එන්න තිබුණේ අපේ රටට. මේක කොහොම තේරුවද කියල කව්ද දන්නේ. (ස)
අවුරුදු දෙකෙන් අපේ රට පලවෙනි විස්ස අතරට එනවා සෞඛ්‍ය සේවය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම අත්‍යවශ්‍ය සේවාවක් කරලා සියලු වෘත්තිය සමිති තහනම් කරලා දැම්මනම්.මේක ගරු කටයුතු සේවයක් වගකීමක් යුතුකමක් කියල වටහා ගන්නකම් දවසින් දවස අපිට සිදු වෙන්නේ හැම ලිස්ට් එකකින්ම පහළට යන්න තමයි. (ස)
රන්ජිත් ඔබ භානුගේ අදහස කිවුවා නම් මේ තේරීම කොහොම කළාද කියලා ඉතා හොඳින් පැහැදිලි වේවි. එවිට ඔබට තේරේවි, අපිට තාම පලවෙනි තැනට යාමට සුදුසු කම් නැති බව. (ස)
මේ දර්ශකයේ පළමු රටවල් 05 ම ස්කැන්ඩිනේවියානු රටවල් වීම විශේෂත්වයක් දරනවා. පූර්ව ප්‍රසුතියේ සිටම මවට, පියාට විශේෂ පහසුකම් සහ ප්‍රසුතියෙන් පසුද ලැබෙන පහසුකම් විශිෂ්ටයි. දෙවෙනි තැන ලබා ඇති නොර්වේ රටේ දරු ප්‍රසුතියකින් පසු ඩොලර් 5000 ක් මවට ලැබෙනවා. මවට මාස 06 ක් හෝ වසරක් , පියාට මාස 03 ක් ද නිවාඩු ලැබෙනවා. දරු ප්‍රසුතියේදී පියාට රෝහලේ නැවතී සිටීමට කාමරයක් සහිත තවත් පහසුකම් ලැබෙනවා. කැමති නම් ප්‍රසුති අවස්ථාවේදී පියාට ලේබර් රූම් එක තුළ සිටීමට යුරෝපයේ රටවල මෙන් ඉඩ දෙනු ලබයි. අපේ රට සාර්ක් රටවල් අතරින් ඉදිරියෙන් සිටීම හොඳ ප්‍රවණතාවක්. ඉන්දියාවේ පළමු දින මරණ අනුපාතය 29% ලෙස සඳහන් වේ. පෞද්ගලික රෝහල් සේවයද ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වීමට සැඟවුණු හේතුවක් සේ දක්නට පිළිවන. http://www.savethechildren.org.uk/sites/default/files/images/State_of_World_Mothers_2013.pdf - මෙම වෙබ් අඩවියේද බෙහෙවින් වැදගත් වන්නාවූ තොරතුරුද ඇතුලත්ව ඇත. (ස)
මේ වාර්තාව සකස් කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක් වූ පමණින් මෙය අවතක්සේරු කල නොහැකියි. ලෝකයේ ආර්ථික සහ සමාජ දත්ත ගැන සාමාන්‍ය අවබෝධයක් ඇති නම් මේ ඇති කරුණ හොඳින් තේරුම් ගත හැකියි. ෆින්ලන්තය වැනි ස්කන්දිනේවියානු රටවල් ඉතා විශ්ෂ්ඨ ආර්ථික සහ සමාජයීය ජීවන තත්ත්ව හිමි කරගෙන සිටිනවා. ඒ නිසා ඒ රටවල මාතෘ සහ ළමා මරණ සංක්‍යාව සාපේක්ෂව ඉතා අඩුයි එවැනි රටවල් මුල්තැන් ගෙන ඇත්තේ ඒ නිසා. ඔස්ට්‍රේලියාවත් මවුවරුන් ට ඉතා හිතකර සමාජ පරිසරයක් සපයනවා. වාර්තාව සකස් කරද්දී අපේ රටට කෙනෙහිලිකන් කළා කියලා කවුරුවත් හිතන්න එපා. භානු පැහැදිලි කල අයුරින් මේවා විවිධ සමාජ සහ ආර්ථික දත්ත පදනම් කල වාර්තාවක් තමා . (නදී)
සන්තෝසයි.(නදී)
ඊළඟ අවුරුද්ද වෙද්දී 99 නොවුණොත් ඒකත් මදෑ (නි)
මට නම් කොහෙත් වෙනසක් පෙනෙන්නෙ නැහැ (නි)
කුරු කොහොම කැගැහුවට් අපේ රට තමා 1.එත් එක කවදාවත් වෙන්නේ න බරහිර රටක් වර්ගීකරණය කරන තාක් කල්.අපි උන්ගේ ඕව ගණන් ගන්න ඕනේ නැ.කරන්න ඕනේ මුවරුන්ට සුදුසු පරිසරයක් ඇති කරන එක ,,...(ස)
කොයිතරම් රටවල් ප්‍රමාණයක් මේ සංගණනයට ඇතුලත් උනාද (දී)
89 කියන්නේ හොඳද? මම නම් හිතන්නේ සියයට 50ක් හොදයි හා නරකයි. (දී)
ලංකාව කියන්නේ ජිවත් වෙන්න හොදම රටක් ඒ බව තේරුම් යන්න වෙන රටකට යන්න (දී)
මේවා රාජ්‍ය නොවන සංවිධාන වලින් කරන බොරු සමීක්ෂණ. රාජ්‍ය නොවන සංවිධාන වලට වැඩියෙන්ම අදර කරන්නේ යුරෝපයේ රටවල්. ඉතින් ඒගොල්ලන්ට ඕන විදියට තමයි ප්‍රතිපල එන්නේ. ඇත්තටම ඒගොල්ලොන්ගේ ලකුණු වැඩිතමයි. එත් අනිත් රටවල් ඒගොල්ලොන්ට ඕන ස්ථානවල තමයි ඉන්නේ. (දී)
නාලක, මවක් වීමට සුදුසුයි කියන්නේ, විවාහ වෙලා දරුවෝ හදන්න සුදුසුයි කියන එකම නෙමෙයි මගේ අදහසනම්. මේ කියනවා ඇත්තේ මවකට සුදුසු පරිසරයක්, පෝෂණයක් තියනවා කියන එක වෙන්න ඕනේ. මට තියන ගැටලුව මවකට කෙසේ වෙතන් මිනිස් වාසයකට සුදුසු වාතාවරණයක් දැන් අපේ මාතෘ භූමියේ තියෙනවද කියන එක ? (ස)
විකුම් මොනවාද දෙක්ක රටවල් ? ලංකාව නරකම රටක් නෙමේ. එහෙත් යුරෝපයේ බොහෝ රටවල සෞඛ්‍ය තත්වය කුඩා ළමයින්ට මව්වරුනට තිබෙන පහසුකම ලංකාවේ නැහැ. සමහර රටවල ගැබ් ගත් කාන්තාවන් දරු ප්‍රසුතිය ලබන තුරු වෛද්‍ය පහසුකම නොමිලේ. ඔවුන් සංක්‍රමණිකයන් වුවත්. (ස)
ඉන්දිකගේ අදහස නිවරදියි , යුරෝපයේ රටවල්වලට ඕන විදියට තමයි ප්‍රතිපල එන්නේ.(දී)
89 තමයි හොඳටම තිබුණෙ පරිසරය. (ස)
ඔය කියන සංවිධන වලට වැඩිපුර සල්ලි දෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල්. ඉතින් හැම දර්ශකයක ම එයාලා මුලින් ඉන්නවා. කොහොම උනත් එයාලගෙන් අපේ දරුවෝ බේරගන්න එක නම් හොඳයි. (දී)
ට්‍රයිකෝ රන්ජිත්, මෙහෙත් නොමිලේ තමා වෛද්‍ය පහසුකම් දෙන්නේ. (ස)
මුළු ලොවටම මනුස්සකම මව්පිය ගුණ කියා දුන් අපේ රටට ලැබුණේ එවන් පහළ මට්ටමේ අංකයක්ද? (ස)
මේ සඳහා යොදා ගත් ක්‍රමවේදය කුමක්ද? එවිට පැහැදිලි වේ එය ගැලපෙනද කියල. (ස)
මවක් වීමට සිංගපුරුව හොඳ තැනක් කීම පිළිගන්න අමාරු දෙයක්. මෙහෙ බොහොමයක් කාන්තාවන් අවිවාහක අය. විවාහ වුවත් දරුවන් හැදීමට අකමැති. (ස)
ලංකාවයි මාලදිවයිනයි කවදාවත් එක ළඟට එන්න විදියක් නැහැ. මාලදිවයිනේ අයත් ලංකාවට බුරුතු පිටින් එන්නේ.අනික මාලදිවයිනේ මවක් වුණාට වැඩක් නැහැ. දික්කසාදෙත් ඒ එක්කම එනවා. (නි)
ඔබ මේක විවාහය, දික්කසාදය ලෙස එක එක විදියට අර්ථකථනය කරනවා. මේවා ගණනය කරන්නේ ළදරු මරණ අනුපාතය, මාතෘ මරණ අනුපාතය, පෝෂණය, ප්‍රසූතිය දක්වා වෛද්‍ය පහසුකම්, වැනි නිර්ණායක මත. දැන් අවුරුදු 25ට කලිනුත් දකුණු ආසියාව 1ට තමයි තිබුණේ. අනෙක් දකුණු ආසියානු රටවල තත්ත්වය දන්නා නිසා මේ ගැන සතුටු වෙන්න බැහැ(නි)
අපේ රට හොඳයි,එහෙත් මිනි මැරුම් අපරාද වැඩියි. දෙමව්පියන්ට සැලකීමත් අඩුවෙලා. මේ මගේ අදහසයි. මේ තත්වය හොඳට කලමනාකරණය කලොත් වැඩි දියුණු කළ හැකියි. රටේ නීතිය හරියට තිබිය යුතුයි. සෞකය රක්ෂණ ක්‍රමයක් ඇති කළ යුතුමයි.(නදී)
මේ සඳහා යොදා ගත් ක්‍රමවේදය කුමක්ද? (නදී)
මොන නිර්නායකයක් උඩද මෙහෙම තීරණයක් ගත්තේ? (නි)
බටහිර රටවල් මාතෘත්වය ලැබීමට සුදුසු රටවල් දහයට ඇතුළත් වීම ගැන විවාදයක් නැහැ.එහෙත් බලන්න ඇමෙරිකාවට ලැබුණු තැන,අප සහ ඉන්දියාව අතර ඇති විශාල පරතරය.මට නම් සැහීමකට පත්විය හැකියි. අපට 89 තැන ලැබුනේ නොදී බැරිකමට කියලත් හිතෙනවා.සමහර විට ඔයාලා පිටරට ජීවත් වෙමින්, අපේ හැමදෙයක්ම අඩුවෙන් තක්සේරු කරනවා වෙන්නත් පුළුවන්.මට අහිංසක ආඩම්බරයක් තියෙනවා මේ ගැන. (නි)
ආ ට්‍රිකෝ රන්ජිත්, මම විදේශයක ඉන්න එකට ඉරිසියාද? දැන් යුරෝපයේ යුනියන් එකේ ලොක්ක වගේ යුරෝපේ ගැන කියවනවා නේද? (නදී)
මට අසන්නට ඇත්තේ මොකද මිනිසුන් නිකන් දෙන බෙහෙත් නොගෙන සල්ලි ගෙවා ගන්නේ? කොහෙන්ද ඔය නිකන් දෙන බෙහෙත් ගන්නේ? පාට කළ වතුර ටිකක් නම් ගෙදරින් ගෙන ගිය බෝතලකට දෙනවා. අනික් සියල්ලම දොස්තර කියන ෆාමසි එකෙන්ම ගන්නට ඕනෑ. චැනල් ක්‍රමයත් නිකන්ද? (නි)
ට්‍රයිකෝ රන්ජිත්, ඔයා සිංගපුරුවට ඇවිල්ලා බලන්න. මෙහෙ ළමයෙක් හදන්න ලක්ෂ 14 ඕනෑ. ලංකාවේ සල්ලි නැතුව පුළුවන්. (නි)
මොකටද චමිල එච්චර සල්ලි ළමයෙක් හදන්න? (නි)
ට්‍රයිකෝ රන්ජිත් ඇඟට නොදැනී එක්තරා සමාගමක නාමයට ප්‍රචාරයක් ලබා දෙන ගමන් විවාදාත්මක අදහස්ද ඉදිරිපත් කරනවා.ඔයාලා කිසිවෙකුටවත් මෙය තේරෙන්නේ නැහැනේ. (නි)