(රොමේෂ් මධූෂංක)
අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාරලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා යාපනය මාවිට්ටපුරම්හි පිහිටි ඒ මහතාගේ නිවසේදී තැන්පත් කර ඇත.
ඒ මහතා අවසන් මරණ පරික්ෂණ කටයුතු යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකිරීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙතට අද (30) උදෑසන භාර දීමෙන් පසුව මෙලෙස නිවස වෙතට රැගෙන යාම සිදු කෙරිණි.
මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහය නිවසට රැගෙන ඒමෙන් අනතුරුව දෙමළ ජතික සන්ධානයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් විසින් එම පක්ෂයේ කොඩිය ද දේහය ආවරණය කර අවසන් ගෞරව දැක්වීම සිදුකරන ලදි.
1942 වසරේ ඔක්තෝම්බර් මස 27 වනදා උපත ලැබූ මාවෙයි සේනාධිරාජා මහතා මිය යන විට 82 වියේ පසු වූ අතර නිවසේදී වැටීමෙන් ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ හදිසී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (29) රාත්‍රී 10.00 ට පමණ අභාවප්‍රාප්ත විය.
මේ අතර මාවෙයි සේනාධිරාජා මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම පිළිබඳව පවුලේ ඥාතීන් විසින් දැනුම් දී ඇත්තේ ඒලඹෙන 02 වනදා වන ඉරිදා දිනයේදී සිදුකිරීමට සූදානමින් සිටින බවටය.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්
පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව ස්ථාවරව ඉදිරියට යමින් සිටින බව ජනාධිපත
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබාදීම සඳහා උපදේශක කමිටුවක්
ආහාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රටපුරා ගබඩාවල ඇති ආහාර ද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 1,623 ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ
77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 285 ක් හෙට (4) නිදහස් ලබන බවත් එම රැඳවියන් අතරට පිරිමි රැඳවියන් 279ක් සහ කාන්තා රැඳවි
කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මාවෙයිගේ අවසන් කටයුතු 2 වැනිදා