IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මෑෂප් ගී ගයන දිලිප

2016-11-02-ent-33

වර්තමානයේ ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දිනෙන් දින එක්වෙන නවක ගායක, ගායිකාවන් ප්‍රමාණය අතිවිශාලය. එකිනෙකට විවිධ වෙනස්කම් කරමින් නව ආරේ නිර්මාණ බිහි කරන්නෝද ඒ අතර සිටිති. දිලිප සාරංගද එවැනි අලුත් තාලේ ගීත නිර්මාණය කරන්නෙකි. දැනට ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආකාර්ෂණයක් හිමිකරගත් මෑෂප් ගායකායද වන දිලිප වර්තමානයේ ඉතාලියේ රැකියාවක නිරතව සිටියි.

 

මෑෂප් ගීත ගායනයට ඔබ යොමු වුණේ කොහොමද?

2016-11-02-ent-32ගොඩක්ම කළේ ආසාවට. පුංචි කාලේ ඉඳලා ගීත ගායනයට මම ගොඩක් කැමතියි. ඉතින් විවිධ එකිනෙකට වෙනස් නිර්මාණ මම අත්හදා බලනවා. ඔය විදිහට තමයි මෑෂප් ගීත ගායනා කරන්න හිතුණේ. දැනට අවුරුදු 2 ½ක් තිස්සේ මම මෑෂප් ගීත ගායනා කරනවා.

 

මෑෂප් කියන්නේ අපිට අලුත් දෙයක්?

ඔව්, මම මුලින්ම මෑෂප් කරපු ඉංග්‍රීසි ගීත ඇහුවා. ඒකට හිත ගිය නිසා මම සිංහල ගීත ඒ විදිහට මෑෂප් කරන්න උත්සාහ කළා. පස්සේ ගීත කිහිපයක් එකතු කරලා ගායනා කරන ඒක සාර්ථක වුණා. ඔය විදිහට තමයි මම මෑෂප් ගීත ගායනයට යොමු වුණේ.

 

ඔබ ඇයි මෑෂප් ගීත ගායනයට යොමු වුණේ. තමන්ගේම ගී නිර්මාණ කරන්නේ නැතිව?

නැහැ මෑෂප් ගීත ගායනයට කලින් මම මගේම ගීත නිර්මාණය කළා. නමුත්, ඒවා මිනිස්සු අතරට ගියේ නැහැ. ඊට පස්සේ තමයි මට හිතු‍ණේ මෑෂප් ගීත නිර්මාණය කරන්න. ඒ වගේම මගේම කියලා ගී නිර්මාණ 5ක් විතර කරලා තියෙනවා.

 

මොනවද ඔබ දැනට කරලා තියෙන ගීත?

සිංහල මෑෂප් ගීත 6ක් කරලා තියෙනවා. ඊට අමතරව හින්දි හා සිංහල මික්ස් මෑෂප් ගීත 8ක් කරලා තියෙනවා. තව ඔර්ජිනල් 5ක් විතර කරලා තියෙනවා. මගේම කියලා කරපු ගීතවලින් මෑතකදී මම එළිදක්වපු ‘සංසාරය පුරා’ කියන ගීතය මේ දිනවල අහනවා. ‘වෙන්වෙලා ඇයි ඔයා කියලා’ තව මගේම නිර්මාණයක් මිනිස්සු අතරට ගියා. ‘කඳුළක තරමක්’ කියලා මම තව නිර්මාණයක් කළා. ඒ ගීතයත් යම් පිරිසක් රසවින්ඳා.

 

විදෙස් රටක ඉන්න කොට ගීත නිර්මාණය කරන්න අපහසුතාවක් තියෙනවා නේද?

ඔව්. මම කරපු හැම නිර්මාණයක්ම මම ‘යූ ටියුබ්’ හරහා තමයි මගේ රසික, රසිකාවියන්ට අහන්න සැලැස්සුවේ. ලංකාවේ හිටියා නම් චැනල්වලට මේවා ගිහින් දීලා ප්‍රචාරය කරන්න තිබුණා. ඒ නිසා විදෙස් රටක ඉඳලා ගී නිර්මාණ කරන එකේ අවාසියක් තියෙනවා.

 

මෑෂප් කියන්නේ වෙනස් සංගීත කලාවක්. ඉදිරියේදී ඔබ තවත් වෙනස්කම් කරන්න අදහස් කරලා නැද්ද?

ඉදිරියට එන්න තියෙන මගේ මෑෂප් ගීතවල ලොකු වෙනසක් තියෙනවා. මම හැම වෙලාවේදීම උත්සාහ කරන්නෙ අලුත් විදිහේ යමක් මිනිස්සුන්ට දෙන්න. ඒ නිසා මගේ නිර්මාණ හැම වෙලාවෙම එකිනෙකට වෙනස් විවිධ ඒවා. මේ වෙනස්කම් කරන අතරේ මේ සීමාවේ ඉඳලා අලුත් වැඩක් කරන්නත් හිතාගෙන ඉන්නවා.

 

උදවු කළ අයත් ඇති?

මගේ පවුලේ අයව මේ වෙලාවේදී මතක් කරන්න ඕනා. ඊට අමතරව මගේ යාළුවෝ ෂශිමා අක්කා සහ අයියා තමයි මට ගොඩක්ම මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට එන්න උදවු කළේ.



අදහස් (0)

මෑෂප් ගී ගයන දිලිප

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 989 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2027 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1067 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1584 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site