බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේදී 08 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කළ අවසන් 15 දෙනාට ඇතුළත්ව නැති බව දැනගත් අවස්ථාවේදී දැඩි කණගාටුවක් ඇති වූ බවත් මාස 10 ක් ලබා සිටීමට නොහැකි නිසා සමුගැනීමට තීරණය කළ බවත් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ජ්‍යෙෂ්ඨ පිතිකරු තිලාන් සමරවීර පැවසීය.
අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (06) පස්වරුවේ කොළඹදී පැවැති මධ්‍ය හමුවේදී තිලාන් මෙසේ ද පැවසීය.
‘‘බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට මම ලොකු බලාපොරොත්තුවකින් සිටියේ, ඇත්තම කියනව නම් මම සංචිතයේ නෑ කියලා දැනගත්තම පුදුමයට පත්වුණා. පසුදින ගාල්ලෙ යන්න සූදානමින් හිටියේ’’
තිලාන් සමරවීර සහ ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නිලධාරීන් අතර අද (06) පෙරවරුවේ පැවැති සාකච්ඡුාව පිළිබඳව ද තිලාන් මෙසේ පැවසීය.
‘‘මෙම බංග්ලාදේශ සංචාරයට සහ ඉදිරි සිම්බාබ්වේ සංචාරයට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙදෙනකු පමණක් කණ්ඩායමට ඇතුළත් කරන බව ඔවුන් මට කිව්වා. මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත පාකිස්තානු සංචාරයට අවස්ථාව දෙනවා කිව්වා. මාස 10 ක් කියන්නේ ලොකු කාලයක් බලන් ඉන්න අමාරුයි’’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්..!(නු)
කොහොම වුණත් ඔබගේ තීරණයට අප ගරු කරන්නෙමු . අප කණ්ඩායමේ කිසිම සද්ද බද්ද නැති ක්‍රීඩකයා ඔබ පමණි . ඔබ තුල තිබූ නිහතමානීත්වය ඇතළු අනෙක් සෑම ගුණාංගයක්ම අප පිටියේදී මෙන්ම සාමාන්‍ය ජීවිතයේදීත් අත්දැක ඇත්තෙමු . ඔබට වගේම අපටත් පුදුමයක් වගේම දුකකුත් ඇති වුණා. කෙසේ වෙතෙත් ඔබ කළ සේවාව සෑද රටවැසියෙකුගේම මතකයේ රැදෙනු නොඅනුමානය. (නි)
ඔබ රට වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්...! නවකයින්ටත් අවස්ථාව දී මේ නියම වේලාවයි ක්‍රිකට්වලට සමු දෙන්න..(ස)
ඔබට සුභ අනාගතයක් (දී)
ලංකාවෙ ක්‍රිකට් හරි පුදුමයි. ටෙස්ට් ටීම් එකේ නායකත්වයට සුදුසුම කෙනා සංචිතයෙවත් නෑ.(ස)
අසංක අරන්ද ඔයා කියන්නේ ඔස්ට්‍රේලියාවේදී කවුද හොඳට සෙල්ලම් කළේ කියලා ටෙස්ට් පිටියේ (ස)
අනේ දැන්නම් අපිටත් ක්‍රිකට් එපා වෙලා... ලක්ෂ 40ක් මාසයකට කියන්නේ පොඩි ගණනක්ද අප්පේ...........................(ස)
ඔබ විශිෂ්ටයි ... ඔබ ක්‍රිකට් වෙනුවෙන් කළ දේ සැමදා අපේ මතකයේ රැඳේ... ඔබට ජයශ්‍රී... ! (ස)
මම දන්න විදියටනම් තිලාන් ඕස්ට්‍රේලියාවෙ ස්ථිර පදිංචිය ලැබිලා ඉන්නෙ.. අදාළ කාල සීමාවෙදි ඕස්ට්‍රේලියාවෙ ස්ථිරව පදිංචියට ගියේ නැතිනම් එම වීසා එක අවලංගුවෙනවා.. ඒක නිසා තමයි මෙයා අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවට යන්නේ.. හොද ක්‍රීඩකයෙක්.. ඔබට සුභ පැතුම්..!(නු)
මාස දහය මොකද්ද ඉන්නයි තිබුණෙ..!(නු)
ගොවිපොලේ පෙරළිය (ද ඇනිමල්ස් ෆාම්) පොත කියවන්න තිලාන්.. ඒකෙ අශ්වයට උන දේ තමයි වෙලා තියෙන්නේ. සුභ පැතුම්.!(නු)
ඒකද ඇත්ත කතාව..!(නු)
මට නම් මොහු අති විශිෂ්ට ක්‍රීඩකයෙක්. කරුණාකර නැවත මොහුට අවස්ථාව දෙන්න. (නි)
වින්සෙන්ට් ඔබේ අදහස ගැන පුදුමයි.. මෙය දකුණු අප්‍රිකාව සමග තරගයක් දෙකක් ගහලා වැඩිකාලයක් නැහැ. මෙයාගේ දක්ෂකම් ගැන බුද්ධිමත් අය දැනගත්තේ ඒකෙන්.. දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියක ශතක දෙකක් ගහපු ක්‍රීඩකයෝ ඉන්නේ දෙන්නයි.. මුළු ලෝකෙන්ම..!(නු)
හොදට සෙල්ලම් කළේ නැත්නම් කවුරුඋනත් ඉවත් කරනවා තමයි..!(නු)
මාස දහයක් බලාඉන්න බැරිව අයින් වෙනවා..?(නු)
ඔබේ තීරණය හරි, මොකද මාස දහයක් කියන්නේ අවුරුද්දක් හා සමානයි (දී)
තිලාන්, ඔබ කළ සේවය අපි සැම දනිමු. කණගාටු නොවන්න. ඔබට සුභ අනාගතයක්! (නි)
තිලාන්, ඔබට සුභ පැතුම්! (නි)
පරක්කු වෙලා හරි ගත්ත හොද තීරනයක්. අගය කළ යුතුයි ඔබගේ තීරනය. ජය වේවා ලංකා ක්‍රිකට්! (නි)
ඔහුගේ ළකුණු රැස්කිරීම ගැන මට නම් සතුටුවෙන්න බැහැ. (නි)
ඔබ තව ටිකක් ඉන්නයි තිබුණේ. තේරීම් කමිටුව කරන සමහර දේවල් තේරුම්ගන්න බැරි දේවල්. ඕවට කණගාටු වෙන්න එපා තිලාන්. (නි)
ක්‍රීඩාවට වූණු පාඩුවක් (දී)
අපි හිතුවේ ජයසූරිය ආවහම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ කාලයක් එයි කියලා... ලොකු පුටුවලට ආවහම හැම කෙනාම එකයි.. (ස)
මෙයාට හැමදාම කැපිල්ලක් තිබුණා (අ)
ඔබෙන් ලංකාවේ ක්‍රිකට් වලට වෙන්න තියෙන සේවය ඉමහත් (දී)
ඔබගේ තීරණය හරි දී)
සුභ පැතුම් ඔබට! (නි)
ඔබ විශිෂ්ටයි තිලාන්. (නි)
සමරවීර හරි (දී)
අවස්තාව නොදී ඉන්න එපා, දැක්කනේ (දී)
සුභ පැතුම් තිලාන්. (නි)
ඔබ උගත් ශිල්පයෙන් ඔබ කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්න. නිහතමානී වන්න. ඔබට ජය ලැබේවි! (නි)
අපේ කණ්ඩායමට මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)
මෙතුවක් කල් ඔබට දුන් අවස්තාවන් ගැන සතුටු වන්න. ඔබගේ දස්කම් ගැන ගෙවුණු ඔස්ට්‍රලියානු සංචාරයේදී අපි දැනගත්තෙමු. තමුන්ට කරන්නට බැරි නම් පුළුවන් කෙනෙකුට අවස්තාවදී ගෙදර යාම නම්බුකාර ක්‍රියාවකි. පුදුමවන්නට දෙයක් නැත. "ගැහුවේ නැත්නම් කව්රු උනත් එළියේ" කියල යමෙක් කිව්වා වගේ මතක්යි... (ස)
සුබ අනාගතයක් (අ)
ඔබ ගත්ත හොද තීරණයක් (දී)
සනත් ජයසූරිය නමැති ක්‍රීඩකයාට තමයි අපි ආදරේ, සනත් ජයසූරිය කියන දේශපාලනය කරන කෙනාට අපි කැමති නෑ.. (ස)
තිලාන් , ඔබ නිහතමානි තරුණ ක්‍රීඩකයෙක්. ඔබේ තීරණය අගය කරනවා.. ඔබේ අනාගතය යහපත් වේවි...!! (ස)
දක්ෂ මිනිස්සුන්ට අවස්තාවක් දෙන්න (දී)
මෙම ක්‍රීඩකයා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පවා සුදුසු අයෙක්. (නි)
තවම මුකුත් උනේ නෑ. ඉස්සරහට බලාගන්න පුලුවන්. මෙයාලා ක්‍රිකට් කනවා. තිලාන් ඔබට මල් මිටක් මගෙන්. (ස)
ඔබ ගැන හරිම කණගාටුයි..., මින් පසු ඔබේ අනාගතය සුභ වේ... (ස)
ඉතාමත් නිහතමානී, විශිෂ්ට ගතිපැවතුම් ඇති නිහතමානී ක්‍රීඩකයෙකි ඔබ. (නි)
මහානාමගේ ක්‍රිකට් දිවියට තිත වැටුණෙත් මෙහෙම සිදුවීමක් නිසා තමයි. (නි)
නියම අවස්ථාවේදී ඔබ විසින්ම සමුගැනීමට තිරණය කිරීම, වර්ථමාන ක්‍රීඩකයින්ට උසස් ආදර්ශයක්ම මෙන්ම, තරුණ ක්‍රීඩකයින් වෙනුවෙන් කල කැප කීරීමක්. තිලාන්, ඔබට සුභ ගමනක්!!!!! (ස)