සිවුරු ඇඳගත් සිව් දෙනකු අද (15) අලුයම 1.05ට පමණ කැබ්රියකින් දෙමටගොඩ බේස්ලයින් පාරේ මස්මඩුව ඉදිරිපිට දී ලොරියකට ප්‍රෙට්‍රල් දමා ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. ලොරිය එහි පැමිණියේ ගවමස් රැගෙන යෑම සඳහාය.
සිවුරු ඇඳගත් සිව් දෙනකු අද (15) අලුයම 1.05ට පමණ කැබ්රියකින් දෙමටගොඩ බේස්ලයින් පාරේ මස්මඩුව ඉදිරිපිට දී ලොරියකට ප්‍රෙට්‍රල් දමා ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. ලොරිය එහි පැමිණියේ ගවමස් රැගෙන යෑම සඳහාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ඔයවගේ දේවල් කරලා හරි කමක් නැහැ ගවමස් කන එක නවත්තනවා නම්. (දී)
අපේ කට්ටිය කරන්න පුළුවන් හොඳම දේ තමා ජනතාව දැනුවත් කරන එක. නැතුව පිස්සු නටලා මෙහෙ ප්‍රශ්නේ විසදන්න බැහැ (දී)
කව්රු කළත් හොද වැඩක් කරලා තියෙන්නේ.බෞද්ධ රටේ ගව ගාතනය සහමුලින්ම ඒවත් කළ යුතුයි.ඉදිරියටත් මෙවැනි දේ බෞද්ධ අපි අනුමත කරමු. ඒ ගැන කතා දෙකක් නැහැ. (දී)
ගව ගාතනය කරන සහ ගව මස් රැගෙන යන වාහන ටික ගිනි තියලා ඉවරයක්ම කරලා දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා! ගව ගාතනය ලංකාවෙන් සහමුලින්ම ඉවත් කළ යුතුයි (දී)
මස් නැත්නම් එළවලු කන්න. එළවලු කිලෝ එක රු.1000/=ට ගියාම මරේ මරු. නමුත් පෞද්ගලික දේපල විනාශ කරන්නන්ට තරාතිරම නොබලා දැඩි දඩුවම් දිය යුතුයි (දී)
ඌරෝ මැරුවට කමක් නැද්ද? මෝඩ මිනිස්සු (දී)
මම මේ බලන් උන්නේ මෙතරන් කලක් වැද නමස්කාර කළ මිනිසුන් මෙය දුටු ගමන් භික්ෂුන් චීවරධාරීන් හෝ සිවුරක් හැඳගත් අපරාධකාරයෙක් කියා කියනකල් (දී)
කවුරු කලත් ඕවා බොරු වැඩ කියලයි මට නම් හිතෙන්නේ (දී)
එහෙම කළහම සංසාරෙන් එතෙර වන්න පහසුයිද? (දී)
රට බෞද්ධ කියලා හරියන්නේ නැහැ. රටේ භාවිතා වන නීතියට කවුරුත් වැඩකළ යුතුයි (දී)
මුදල් පරිහරනේ, යුද පරිහරනේ, රාජ්‍යය පාලනේ භික්ෂුන්ට අකැපයි කියා බුදුන් වදාළහ.මේක කරන්න ආයුධ පාවිච්චි කරලා නැද්ද? ගිනිකුරු, පෙට්‍රල් වගේ දේවල් මෙතැනදී ආයුද තමා (දී)
ඔය බැබලෙන්නේ බුදුදහම.... (දී)
මරේ මරු.... ඔහොම යන් ඔහොම යන් (දී)
වෙන අපරාද ගැන බලන්නේ නැතුව හරක් ගැන දුක් වෙනවා. අනේ සාදු! (දී)
ලංකාව ලොව හින්දු අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුවී ඇති බවක් පෙනේ. අල්ලපු රටේ එන්ජිඕ වල ජරාව කාපු කට්ටියක් මේවා පස්සේ ඇති. (ස)
රටකට ආගමක් නැත. ආගම පුද්ගලයා සතුය. තමාගේ ආගම අනුව කටයුතු කරන්න. අනිත් අයට බලපෑම් කරන්නා බෞද්ධයෙක් නොවේ (දී)
දවසකට 5000ක් නම් මාසෙකට 150000 අවුරුද්දකට 1800000 හක් ඉතුරුවෙනවා අවුරැදු 10කට ලංකාවේ ජනගහනයට වඩා හරක් වැඩි (අ)
තිලක් වගේ අය හරක් සමගම හිටපුදෙන්. රටේ නීතිය අතට ගන්න කාටවත් දෙන්න එපා (දී)
ඇෆ්ඝනිස්ථානය, බංගලිදේශය, මාලදිවයින වැනි රටවල් ඉස්සර බෞද්ධ. ඒත් දැන් මට්ටයෝ ඔක්කොම අල්ලාගෙන නොවැ. තව අවුරුදු 20න් 30න් ලංකාවටත් වෙන්නේ ඔය ටිකමයි. (දී)
ගවමස් අනුභවයෙන් වලකින ලෙස අද වෙනතුරු මහජනයා දැනුවත් කිරීමට පියවර අරගෙන නැහැ.පෙලපාලි යාමෙන්,කඩ ගිනිතැබීමෙන්,යන වාහන ගිනි තැබීමෙන් පලක් නැහැ.ඒවා නීතියට පටහැනියි.ගවයින් සහ අනිකුත් සතුන් ආහාරය සදහා මරණ ආකාරය මහජනතාවට පෙන්වන්න ඕනෑ. (දී)
තේජා ,ලංකාවේ නීතියක් තියෙනවද අතට ගන්න? (දී)
රටේ පාලනයේ අසාර්ථක බාවෙට, විරැකියාවට, මන්දපෝෂණයට,ජිවන වියදමට,බෙහෙත් නැතිකමට දුෂණ වංචාවලට,පන්ති වෛරයට, එරෙහිව නැගෙන වෛරය වෙනතකට යොමු කිරීමට බටහිර විරොධය, හරක් මස් වැනි සංකල්ප බවිතා කරයි.ඊට අමතරව ක්‍රිකට් මැච්,සංගීත සංදර්ශන වැනි දේද යොදාගනී.මේ හරක් මස් සංකල්පේ යොදාගත් අවස්ථාවකි. (දී)
කමල්, ඇයි ඉන්දියාව,නේපාලේ එහෙමත් ඉස්සර බෞද්ධ.ඇෆ්ගනිස්තානේ මුස්ලිම් වුනහම දැනෙන හිතේ අමාරුව ඉන්දියාව හින්දු වුනහම ඔයාට නොදන්නේ ජාතිවාදෙන් ආගම්වාදෙන් ඔලුව ඔද්දල් වෙලා නිසා. (දී)
දැන් නීතිය හැමෝම ක්‍රියාත්මක කරනවා. පොලෝසියයි, උසාවියයි හැර. (දී)
මේ අදහස් වලින් කියන්න පුළුවන් ලංකාවේ කොච්චර හරක් ඉන්නවද කියා? (දී)
තමන්ගේ හිතට එන අදහස් වමාරන එක හරි පහසුයි.නමුත් ක්‍රියාව ඉතාම බරපතලයි.ආණ්ඩුවට එරෙහිව මිනිසුන්ගේ හිතේ තිබෙන ආකල්ප වලින් ඈත් කර එය වෙනතකට හැරවීමට මෙවන් දෙයක් ආණ්ඩුවට කරන්නත් පුළුවන්. ඒ වගේම සුළු ජාතීන්ට මහජාතියෙන් අසාදාරන වෙනහැටි ලොවට පෙන්වන්න විපක්ෂයේ සුළු පක්ස වලට මෙවන් දෙයක් කරන්නත් පුළුවන්. අනෙක් අතට ආගම් දෙකක් අතර මහා ගැටුමක් අවුලවන්න අන්ත මුලධර්මවාදීන් මේ වගේ දෙයක් කරන්නත් පුළුවන්. එනිසා ඔය අදහස් වමාරන අය කල්පනාවෙන්. ගිනි අවුලවන්න හරි පහසුයි නිවන්න පහසු නැහැ (දී)
නොර්වේ තරඟ කපටියෙක් තවත් ඉන්නවද... බලන්න නොර්වේ ක්‍රෝන් අපේ රටේ වැඩ කරන විදිහ.කාලයක් එල්ටිටි එක හරහා රට ගිනි තිබ්බ.දැන් හරක් මස් කැබැල්ලක් අල්ලගන ලැහැත්ති වෙනවා... (අ)
එක පැත්තකින් බැලුවම කරපු වැඩේ හොදයි. හැබැයි සිවුරු ඇදගත්ත අය මේ වගෙ දෙයක් කළා නම් අනුමත කරන්න (දී)
දැන් කාලේ සිවුර ඇන්දත් එයා නියම හාමුදුරුවන්ද කියලා බෞද්ධයන්ටත් හොයා ගන්න බැහැ. තව ටික කාලයකින් සිවුර අන්දලා මංකොල්ලකාරයෝ, හොරු කුඩුකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ එන්න පුළුවන්. (දී)
මේවා අපිට නම් පාතාලේ වැඩ. දැන් හාමුදුරුවරු ඒකත් පටන් අරන්. ඔහොම යමු. නියමයි (දී)
වර්නන් සහ ඉෂාර ගෙ අදහස් කදිමයි.. (දී)
බුදු හාමුදුරුවෝ කිව්වද හාමුදුරුවරුන්ට සත්ව හමෙන් නිපදවූ සෙරෙප්පු දාන්න පුළුවන් කියලා? සල්ලි අතින් අල්ලන්න පුළුවන් කියලා? හරක් මැරුවේ නැත්නම් පන්සලේ බෙර ගහන්න්නත් බැරි වෙනවා. පන්සලෙත් ගවයන්ගේ හම තියෙනවනේ (දී)
මේ උත්සාහ කරන්නේ නම් තවත් ප්‍රශ්නයක් ඇති කරන්නයි. (දී)
නියම වැඩක් (දී)
වැඩේ හාමුදුරුවෝ කෙරුවත් හොද වැඩක්. ගව ඝාතනය ශ්‍රී ලංකාවෙන් මුළුමනින්ම තුරන් කරන්න ඕනෑ. තෙරුවන් සරණ හාමුදුරුවනේ (දී)
ආගමට මුවාවී බලය අතට ගෙන කටයුතු කරන අය හදන්නේ ආයේ මේ රට ගිනි තියන්නයි (අ)
බත් කන හරක් තවම ඉන්නවා (අ)
මේක පොඩි දෙයක්නේ..පණපිටින් මිනිසුන්ටම ගිනිතියන ලංකාවේ (දී)
හරකුන්ගේ විතරද පන තියන්නේ අනික් සතු පන නෙවේද (අ)
ඇතැමුන් මේ වැඩේ හොදයි කියනවා එහෙනම්... 83 දී වෙච්ච දේ ජාතිවාදීන් පිරිසක් කළා කියලා වචනෙන් පමණක් ප්‍රකාශ කරලා අපි තාම අත පිහ දාගන්නවා.එයින් වෙච්ච හානිය නිසා තවමත් අපි විදවනවා.මෙයිනුත් එහෙම දෙයක් වුනොත් ඉදිරි දිනක "ජාතිවාදීන් ටිකක් මේක කලේ අපි නොවේ.අපි හොද අය" කියන්නට බලාන නොඉද ඔය කියන හොද අය දැන්ම පියවරක් ගන්න. (දී)
සම හරක් මේක අනුමත කරනවා. ඔහෙලාට හොදයි නම් අපිට මොකෝ? මගේ රට දැන් ඇමරිකාව. ඔහේ ඉදන් ගහ ගන්න බැරි නම් ගිනි තියන්න බැරිනම් මරා ගත්තත් අපට මොකෝ. ඔහෙලගෙ කැමැත්ත. (දී)
නිකරුනේ කඩවලට සහා වාහනවලට ගිනි තියා ප්‍රශ්න ඇති කරන්න එපා. හරක් මැරීම ආණ්ඩුව මැදිහත් වුනොත් කරන්න පුළුවන්. එහෙමනම් ඉතින් මස් කඩ කරන්න ටෙන්ඩර් ලබා දෙන ප්‍රාදේශීය සබා වලටනේ ඔය දේ කරන්න තිබුනේ. (දී)
බුද්දාගම විනාස කරනවා මේ චීවරධාරී ටික (ත)
පිට රට පුරවසිබාවේ තියන ලංකාවේ මිනිස්සු එහෙ රටවලට බලපෑම් කරන්න ඕනෑ මෙවැනි දේට අපේ රජයට බලපෑම් කරන ලෙස. මම දැක්කා වතු අධිකාරිගේ ගාතනේ ගැන හරියට පරීක්ෂණ නොකලොත් ඇමරිකාව ලංකාවේ යෝජනා අතහරිනවයි කියනවා.මේක ඇගිලි ගැසීමක් වුනත් වෙන විකල්ප නැහැ දැන්. (දී)
සිවුරු ඇඳගත් පිරිසක් කියන්නේ සංගයා වහන්සේලා?? (ත)
බුදු දහමේ හරකට කියලා වෙනම සූත්‍ර දේශනා කරලා නැහැ. හරියට කරනවා නම් ඔක්කොම සත්තු කන එක නවත්තන්න ඕනෑ. මේ හරකෙක් ගේ පිටේ එල්ලිලා සමහර කණ්ඩායම් කරන්න හදන්නේ සිංහල මුස්ලිම් මිනිස්සු අතර යුද්ද ඇතිකරන්න යන එක බව පොඩ්ඩක් හිතලා බලන ඕනෑ මනුස්සයෙකුට පේන දෙයක්. කිසිම හේතුවක් මත අවිහිංසාවාදී බුද්ධ ධර්මයේ නාමයෙන් වෙන කෙනෙකුට කයෙන් හෝ වචනයෙන් පහර දෙන පුද්ගලයා බෞද්ධයෙක් නොවේ. (දී)
සම්සුදීන් ඔය වගේ කතා කියන්නෙපා. සත්ව හමක් පාවිච්චි කරන්න සතා මරන්න ඕනද. ඇයි සත්තු ජීවත් වෙන කාලය අවසන් වෙලා මැරෙන්නේ නැද්ද. ඒ දවස් වල සාමාන්‍ය මිනිසුන් අතරේ මුදල් හුවමාරුවක් තිබුනේ නැහැ. නැති දෙයක් ගැන මොනවා කියන්නද (ත)
සම්සුදීන්,මෝඩ කතා කියන්න එපා. සත්ව හමක් පාවිච්චි කරන්න සතා මරන්න ඕනෑද. ඇයි සත්තු ජීවත් වෙන කාලය අවසන් වෙලා මැරෙන්නේ නැද්ද? ඒ දවස් වල සාමාන්‍ය මිනිසුන් අතරේ මුදල් හුවමාරුවක් තිබුනේ නැහැ නැති දෙයක් ගැන මොනවා කියන්නද (දී)
හොදික් හරි නරකින් හරි ගව මස් කෑම නවත්වන්න ඕන. (ත)
දැන් නිවනට මග යනවා ඇති... පොලිසියට කියන්න අල්ලගන්න ඕන නම් දැන්ම යන්න කියල. (ත)
මමත් හරක්මස් කන්නේ නැහැ බුද්ධාගමේ කෙනෙක් කිව්වා බුදුහාමුදුරුවෝ බෙර ගහන්න කියලා කොහෙවත් කියලා නැහැ , ඒක සංස්කෘතික අංගයක් විතරයි කියලා. ඉස්සර වුනත් බෙරවලට හම අරගෙන තිබෙන්නේ ස්වභාවිකව මැරුන සතුන්ගෙන් පමනලු (දී)
අනේ හරක් විතරක් නෙවේ ඔක්කොම නවත්වන්න ඕන , ඌරා, කුකුළා ,එළුවා .(ත)
මස් කන අයට කන්න දීලා නොකන අය නොකා හිටියානම් හරි නේ, මස් කන අය මස් කෑවා කියලා නොකන අයට පව් නැහැනේ? නිකන් මේ වගේ වැඩ කරලා, නිකන් ඉන්නවට වඩා පව් පුරෝ ගන්නවා. මස් කන මිනිස්සු මස් කාපු දෙන්. කුකුල් මස් ඕනෑ අය ඒවා කයි, ඌරු මස් කන අය ඒවා කයි, මාළු කන අය ඒවා කයි. මොකෝ හරක් මස් වලට විතරද පව්? ඇයි කුකුලෝ, එළුවෝ, මාළු කියන්නේ ජීවිත නෙමෙයි ද? (දී)
මේවා ඇතැම් "මාෆියාවේ' වැඩ... (ත)
තවත් හරක් වැඩක් (අ)
සරත් අතාවුද,ගංගා,තේජා, ඔයගොල්ලෝ දන්නවද රටේ නීතියක් නැහැ වගේම බුදු දහමත් විනාශ කරන්න ඔයගොල්ලන් ඇතුළු වැඩිදෙනෙක් උත්සහ කරනවා කියලා.රට අතීතයේදී සඟ සතු කළ රටක්. හාමුදුරුවන් හරියටම හරි. පාලකයින්ට කරන්න බැරිනම් බලෙන් හරි කලයුතුයි. (දී)
කවුරු කළත් නියම වැඩක්. (දී)
හැම සතෙක්ම ආසයි ජීවත් වෙන්න.කොහොමද හරකා මිනිහා වෙලා මිනිහා හරකා වුනා නම්? (දී)
චතුර ,ඔයාගේ කීමට මා 100% එකග වෙනවා. කුකුලෝ, එළුවෝ, මාළු විතරක් නෙමෙයි බිත්තර කෑමත් පව්. මම හිතන්නේ මෙතන හරකාට පමණක් මොකෝ විශේෂත්වයක් කියලා. මෙය හින්දු ආගමේ කුමන්ත්‍රණයක් ද ? (දී)
මම හිතන්නේ ලංකාවේ මුස්ලිම් අයගේ බුරුකා ඇඳුම තහනම් කරන්න ඉස්සෙල්ලා මේ සිවුරු තහනම් කරන්න වෙයි වගේ. සිවුරු වලට මුවාවෙලා තමයි ලංකාවේ ගොඩක් අකටයුතුකම් වෙන්නේ (දී)
මහා බියජනක අනාගතයක පෙරනිමිති පහලවී ඇත. ලොවම සැනසු උතුම් සිවුර ,මුළු රටේම දුක් වපුරයි. (දී)
මේවට කියන්නේ ආගම් ලැදියාව නොවේ.සිංහල කුහකකම.ආගමට ලැදියාවක් තිබුනා නම් තවත් දේවල් කරන්නට හැක.කවුද කුහකයො කියලා අදහස් වලින් දැන ගත හැක.ලැජ්ජා විය යුතුය (දී)
හරක්ට විතරද පන තියෙන්නේ? (දී)
හාමුදුරුවෝ කරන වැඩද? නැත්නම් රස්තියාදුකාරයන්ගෙ වැඩද? (දී)
කුකුල්මස්, එළුමස්, ඌරුමස් වලට කිසිම විරෝධතාවක් නම් නොමැති බවක් පෙනෙනවා. ඔවුනුත් සතුන්නේ. බුදු දහම අනුව කටයුතු කරන්න. හින්දුන් වෙන්න එපා (දී)
චතුර, ඔයාට ස්තූතියි. නියම කතාව (දී)
මම මෙම කියවා හරියට සතුටු වුනා. හැබැයි මාධ්‍යයට තව විශාල වැඩක් කරන්න පුලුවන්. මෙම සතුන්න් මරණ තැන සිට කෑම මේසයට යන තැන දක්වා නිතරම පෙන්නන්න. එවිට මිනිසුන් හිතන්න ගන්නවා. (දී)
මේ ගොල්ලෝ කවුරු කියලද හිතන් ඉන්නේ? මේවට ආණ්ඩුව කෙලින්ම වගකියන්න ඕනෑ. මේ කරන දේවල් වලින් අපේ බෞද්ධාගමට කරන නින්දාව සුලුපටු නැහැ. මේවා වලින් වෙන්නේ අපේ සිංහල ජාතිය තවත් කොන් වෙන එක තමා. (දී)
බුදු හමුදුරුවෝ හිටියා නම් අදත් පාරිලෙය්‍ය වනයට වඩිනවා.සාසණේ රකින හාමුදුරුවරු පොලිස් බලතල අරන් වැඩ කරනවා දැකලා බුදු හාමුදුරුවෝ මේ පිළිවෙත් කිව්වේ මොන සුත්‍ර පිටකයෙද දන්නෙ නැහැ. දේවදත්ත පරපුර ගැන අදත් කියන්න දේවල් ඉතිරි වෙලා.....සසර කෙටි කර ගන්නවට වඩා අපාගත වෙනවා .. (දී)
මේවා පිටුපස හින්දු බලවේග ක්‍රියාත්මක වෙනවා. (දී)
සිවුරු ඈදගෙන ආවෙ හාමුදුරුවරුමයි කියලා කියන්න බෙහෑනෙ. කොහොම හරි මස් කන එක නවත්වනවා නම්, ඒකයි වෙන්න ඕනෑ. ගව මස් විතරක් නෙවේ හැම මසක්ම කෑම නවත්වන්න ඕනෑ. (දී)
ඔබට බෞද්ධයෙක් වීමට අවශ්‍ය නම් පන්සිල් රකින්න. වෙසක් එකට දන්සල් දීලා, පහන් කූඩු පත්තු කරලා, පෝයට පන්සල් ගිහින්, දාන පින්කම් ගෙවල් වල ගිහින්, බස් එකේ යද්දී පන්සලක් ලඟින් යද්දී නැගිටලා, කරන දේවල් වලින් නමට පමනයි බෞද්ධයෝ වෙන්නේ.කවුරුවත් මරණ හින්දා අපි කනවා නෙමේ.අපි කන හින්දා සතුන්ව මරනවා කියලා හිතගත්තොත් හොඳයි නේද? ඔබේ බඩ සතුන්ගේ සුසාන භූමියක් කර නොගන්න. එතුලින් මෙවන් කලහකාරී තත්වයන් පාලනය වනු ඇත. (දී)
ගවයන් තවත් සත්ව පරානයක් පමණි (දී)
මේවා රට අවුල්වෙන වැඩ. බලාගෙන (දී)
මේ වැඩේ හාමුදුරුවරුන්ගේ පිටින් දාන්න වෙන කට්ටියක් කරන්න ඇති. අපි මස් කන එක නවත්වමු. අපේ රජය බෞද්ධ රජයක් හැටියට පළාත් සබා ඡන්දයට පෙර මධ්‍යම සහ වයඹ පළාත්වල මස් කඩ තාවකාලිකව අයින් කරන්න. ඊට පසු ටෙන්ඩර් ගාස්තු වැඩි කොට පාලනය කරන්න බලන්න. (දී)
මස් මාංශ ප්‍රතික්ෂේප කරනු මැනවි. (අ)
ගව ගාතනය නවත්වන්න කියලා රජයට කියන්න. අහිංසක මිනිසුන්ගේ වාහනවලට ගිනි තියන්නේ කුමටද? නියම බෞද්ධයන් මේවගේ වැඩ නොකරයි. (දී)
ලංකාවෙන් ගව ඝාතනය ඇතුළු සියලු සත්ව ඝාතන නවත්වන්න ඕනෑ. හොදින් නැත්නම් නරකින්. සියලු සත්වයන් නිදුක් වෙත්වා! (දී)
මේක විතරක් නෙමෙයි, මේ ඊයේ පෙරෙයිදා අර බලයේ කට්ටියක් අවසරලත් මස්කඩයකට ගිනි තිබ්බේ.... ගවමස් තහනම් කරන්න ඕනෑ නියම ආකරයට මිසක් මේ වගේ මෝඩ වැඩ වලින් නෙමෙයි. මේකෙන් වෙන්නේ භික්ෂුන්ට තියෙන ගෞරවය නැති වෙන එක විතරයි (දී)
නිකන් බණ කතා කරන්න එපා. මුස්ලිම් අය ගවමස් තකනව වඩා අපේ සිංහල අය තමයි වැඩිපුර කන්නේ (දී)
ඔය වගේ දේවල් කරලා රට අවුල් කරන්න එපා. මස් කන එක නවත්වනවා නම්, නියම ආකාරයට මිසක් මේ වගේ මෝඩ වැඩ වලින් නෙමෙයි. (දී)
ඇති යන්තම් දැන්වත් එයාලට තේරිලා. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා... මේ කාලෙට වලංගු නැහැ කියලා. (දී)
ලංකාවේ ඉතිහාසේ දන්නා අය දන්නවා අපේ ශිෂ්ටාචාරය ගොඩ නැගුනේ ගවයා මුල් කරගෙන කියලා. එනිසායි අපි ගව ඝාතනය නතර කරන්න කියන්නේ. අනික ඔය සතා උපතේ සිට මැරෙන මොහොත දක්වාම මිනිසාට කරන්නේ පුදුම මෙහෙවරක්! එනිසා ලංකාවේ අපිට අයිතියක් තියෙනවා ගව ඝාතනය නතර කරන්න කියන්න.පස්සේ අපේ රටට ආපු අයට ගව මස් ඕනෑම නම් පිට රටින් ගෙනත් කන්න කියන්න. එහෙම කන්න බැරිනම් වෙනරටකට යන්න. මොකද මමත් වෙනත් රටක ඉන්නේ. අපිට කැමති වුනත් අකමැති වුනත් මේ රට යන විදියට අපට යන්න වෙලා තියෙන්නේ.එහෙමනම් අපේ රට තියෙන්න ඕනෑ අපේ වටිනාකම් රැකෙන විදියට නේද. මට හිතෙනවා මේ වැඩේට පරක්කු වුණා වැඩියි කියලා.දැන් හරි ගව ගාතනය නතර කරන්න කටයුතු කරන ලාංකික ඔබ ලොකු දෙයක් කරන පින් අතේ පිරිසක් (දී)
අත්සන් දස ලක්ෂයක විරෝධතාය ජනපතිට දුන්නත් තවම ඇස ඇරුනේ නැත්තෙ ඇයි? හුඟක් දෙනා ගව මසට ප්‍රියයි. බෞද්ධ අයත් ගව මස් කනකොට කවර කතාද ? (දී)
සිවුරක් දාගත්ත පමණින් භික්ෂුවක් වෙන්නේ නැහැ. ඒක දැක දැක ගිනිතියන්න දීලා බලා ඉදලා මේ පැමිණිල්ල කල අයව මුලින්ම සෝදිසි කරලා බලන්න ඕනෑ. නැත්නම් පහන් කියන විදිහටම මේවා ජාති භේද අවුස්සන රට ගිනි තියන කුමන්ත්‍රණ. (දී)
තිලක්, එතකොට බෞද්ධ රටේ නීතිය ක්‍රියාත්මක නොවෙන එක කමක් නැද්ද? (දී)
මම හිතන්නේ මේ හැම දෙයටම මුදල බලයට කෑදර අය සිටීම. තමන්ට ඡන්ද අහිමි වන නිසා හොද තද තීරණ ගන්නේ නැහැ. සියලුම සත්ව ඝාතන නැවැත්විය යුත් වේ. විශේෂයෙන්ම පළමුව හරක් මරණ එක සම්පුර්ණයෙන් නැවැත්විය යුතු වේ. ලෝකේ හැම රටකම තමන්ට අවේනික නීති තියනවා. ඉතින් අපි පළමුව ගව ගාතනය නවත්වමු. ක්‍රමයෙන් මිනිසුන්ගේ ආකල්ප රටට, සතුන්ට ආදරේ ඇතිවෙන විදියට හදන්න ඕනේ. දැන් පවතින ක්‍රමය එක්ක මේක ''කළුනික'' හොයනවා වගේ වැඩක්. ඔක්කොම එකතුවෙලා යහපත් පාලනයක් රටට ගෙනෙමු. (අ)
මුන් ඔක්කොටම ඕනේ දෙන හරක් මස් කන අක නවත්තන, නොදකින් තොපි වගේ කලකන්නියෝ,ඇත්තටම ලොකු පවක් තමා මේ රටේ එපදුන අකත්,තැමිල් උන්ව මරාගෙන කෑව දෙන මුස්ලිම් වුණ්ව කන්න යනවා,හෙට අනිද්දම චිස්ටිඅන් අයත් මරාගෙන කි.මුන්ට වෙනවා අපායවල් හදන්න ඕනේ (අ)
කෝ මේ නිතිය මේක ප්‍රචණ්ඩ ක්‍රියාවක් නේද? (ත)
මේ යන විදියට අපේ ලංකාවේ නිර්මල බුදු දහමක් ඉතුරු වන්නේ නැහැ. වෛරයෙන් පිරුණු මනස්ගාත කරන බුද්ධාගමේ කියා කියාගන්න කොටසක් සිටිනු ඇත. ගවයා සමග බුදු දහමට කිසිම සම්බන්දයක් නැත. සතුන් මැරීම පව් කියන්නේ සියලුම සතුන්ටය. (දී)
හරක් මස් කන්න ආස නැත්තන් හරක් මස් නොකා ඉන්න. (ත)
ඔය කරන වැඩ නිසා ශ්‍රී ලංකාවේ හරක් මැරෙන එක නවතන්න පුළුවන් වුනා කියමුකෝ. එතකොට ඔය සිවුර එතුලේ ඉන්න ආත්මයට නිවන් දකින්න යන ආත්ම (උත්පත්ති ) ගණන තව ගොඩාක් දික්වේවි නේද? වඩා වැදගත් වන්නේ හරකාගේ ජීවිතේද? අර සිවුර තුල ඉන්න කෙනාගේ ආත්මයද? සැමට සිතීමට පුංචි අවස්තාවක්. ආවේගශීලි නොවී මදක් කල්පනා කර බලමුද මෙවැනි දේ කිරීමෙන් අප බලාපොරොත්තුවන බුදුදහම රැකේවිද කියා? (දී)
රටක ජනතාව පිළිපැදිය යුත්ත්ත්, රැකිය යුත්තේත් ආකල්ප නොව රටේ පවතින නීතියයි. මන්ද ආකල්ප යනු පුත්ගලයාගෙන් තවත් පුත්ගයෙකුට වෙනස්වූ අදහසක් බැවිනි. මේවන තෙක් ගව ඝාතනය රටේ පවතින නීතිය තුල තහනමක් නැත. ඉදිරියේදී තහනම් කලොත් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවක් අප රට තුල ඇත. එවිට සියලු ජනතාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම නීතියට ගරු කල යුතුව ඇත. නමුත් මේ වන තෙක් එවැනි නීතියක් අප රට තුල නැත. කිසියම් ආකල්පයක් සමාජ ගත කල යුතු වන්නේ ගණන්කාර කමින් හෝ තරවටු කිරීම් වලින් හෝ ගිනි තැබීමෙන් නොව ශිෂ්ඨ සම්පන්න ක්‍රම වේදයන් තුලිනි. රටේ දැනට පවතින නීතියට අනුව වැරදි කරුවන් කවුරුන්ද යන්න ඉතා පැහැදිලියි. තරාතිරම නොබලා නීතිය නසී ලෙස ක්‍රියාත්මක කිරීම පොලිසියට ඇති වගකීම වේ.මොනම හේතුවක් මත හෝ කිසිවෙක් නීතිය අතට ගැනීම කිසිම විටෙක අනුමත කල නොහැක. (අ)
අනේ ටෙනිසෝ, සත්තු මැරෙනකම් පන්සල්වල උඩ බලාගෙන ඉන්නවද බෙර හදන්න? පන්සල් ඇතුලේ කොච්චර සත්ව හිංසාව සිදුවෙනවද? උදා: අලින් හීලෑ කරන්නේ ඉන්ජු ඉන්ජු කියලද? අනේ පව් අර අලින්ට දෙන වදයක්. ඒ මදිවට මතකද අලියෙක් හීලෑ කරන්න ගිහිල්ල ඌ මැරුන හැටි? ඕකට තමයි අද ලෝකේ කව්රුත් කියන්නේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා (දී)
ඇමරිකාවේ ඉන්න සමහර කළු සුද්දෝ අපි ඉන්නේ ඇමරිකාවේ කිව්වට බලන්නේ සිංහල පත්තරේ. එක අතකින් ඒකත් හොදයි.නමුත් මොලේ නැති බව නම් පෙනෙනවා.අපේ හාමුදුරුවරු කවදත් වැරදි වැඩ වලට එදා සහ අද ඉඩ දෙන්නේ නැහැ .සමහරු දේශපාලන සරණාගතයෝ ලෙස පිටරට පැනගෙන දැන් සුදනෝ විදියට අදහස් දක්වනවා (දී)
සිවුරැ දරා ගෙන මෙහෙම ක්‍රියාවල යෙදුනාම අපි නම් ඒවට කියන්නේ සිවුරු ත්‍රස්තවාසය කියලා (දී)
අනේ ඔය මෝඩයෝ තමා කලිනුත් ලෙඩක් දා ගෙන අවුරැදු 30 ගෙනිච්චෙ මුන්ට ගන්න ඕන දුවන්න නිකම් ලැබෙන දෙය කාල ඉන්න දන්නෙය් නැති ගොන්නු (අ)
අමිල, ඔයා හරි (දී)
ඒක හොදයි. එතකොට මාළුන්ට තියෙන්නේ මොන පනද දන්නේ නැහැ නේද? හරක්ට විතරනේ මේ ලෝකේ පන තියෙන්නේ (දී)
හොදම දේ තමයි ලබන වසර සදහා ගව මස් අළෙවිසැල් වල බලපත්‍ර අළුත් නොකිරීම සහ ඒවා ක්‍රමානුකූලව අඩුකිරීමට ප්‍රාදේශීය සභාව විසින් පියවර ගැනීම (දී)
හරකට තම මස් ටික දන් දීලා පිනක් කරගන්නවත් මේ මිනිසුක් ඉඩ නොදෙන හැටි? ඒ ගිනිතියපු අය අපායේ. හරකා නිවන් දකිනවා. එච්චරයි (දී)
ඕනෑ කෙනෙකුට පුළුවන් සිවුරක් ඇදගෙන ඇවිත් ඕනෑ බලු වැඩක් කරන්න, ඒත් ඒ වැඩේ කළේ හාමුදුරුවෝ කියන්නේ කොහොමද? එනවා නම් සිවුර ගලෝලා එන්න තිබ්බනේ, මේ හදන්නේ මේක හාමුදුරුවෝ කරපු වැඩක් කියලා ලෝකෙට කියන්න (දී)
මෙතන අදහස් දාල තියෙන සමහහර අය වලිගෙ පාග ගෙන ඇති බව ඉතා පැහැදිලියි. මෙතන තියෙන්නෙ බුදු දහම ගැන ප්‍රශ්නයක් නෙමෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද ප්‍රශ්නයක්. මෙතන අදහස් දමන හුගක් පණ්ඩිතයො දන්නෙ නැහැ ඒ කියන්නෙ දෙකක් කියලා. සිංහල බෞද්ධ සන්ස්කෘතිය තුල හරක් මස් අනුභවය ඉතා නීච දෙයක් ලෙස සලකන්නෙ. බුදු දහම යනු තම තම නැණ පමනින් තනිව අවබෝධ කල යුතු දෙයක් මිසක් එය මුලු සමාජයටම පොදුවේ ආදේශ කල හැකි දෙයක් නෙවෙයි. එය බුදු දහමේ සහ වෙනත් ආගම් වල ඇති ප්‍රධාන වෙනසක්. බුදු දහම තුල කන්න ඕනෑ දේ, අදින්න ඕනෑ දේ උගන්වන්නෙ නැහැ. එය විය යුත්තේ සංස්කෘතිය තුල. මේක තමයි බුදු දහම සහ සිංහල බෞද්ධ සංස්කෘතිය අතර තියෙන වෙනස. එකක් හොදින් තේරුම් ගන්න,සිංහල බෞද්ධ සංස්කෘතිය රැකුනොත් විතරයි බුදු දහම රැකෙන්නෙ. අනිත් රටවලින් බුදු දහම අතුරුදන් වුනේ ඒ රටවල සංකෘතිය බුදු දහම රැකීමට තරම් ශක්තිමත් නොවූ නිසා. බුදු දහම රැකීමට අවශ්‍යය නම් අපි අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය පලමුව රැක ගත යුතුයි. (දී)
දරන් රට ආරක්ෂා කරන්න හමුදා පොලිසි ඕනෑ නැහැ. ඒ වෙනුවට වෙනත් සේනාවක් ඉන්නවා (දී)
"අපි " ලෙස අදහසක් දමා ඇත්තාට, අපේ භාෂාවෙන් කියන්නේ "ඇනෝ" ලා කියලා. තමන්ගේ නම නැත්නම් අනුන්ගේ නමකින්වත් පෙනී හිටින්න කොන්දක් නැද්ද? ඇමරිකා ගියාම සුද්දෝ වෙනවද? සිංහල පත්තර බලන්න තහනම් ද? නිකම් මෝඩකතා පත්තරේට ලියන්නේ නැතුව ඉන්න පින් සිද්ධ වෙයි. (දී)
මේ ගොල්ලන් හින්දා අනිත් සාදුලගේ නමත් කැත වෙනවා (දී)
කුරේ ගේ කියමනට මගෙන් හුරේ.. හුරේ.. (දී)
ළමා දුෂණ, අල්ලස් ගන්න එක, මිනිස්සු මරණ එක, ඒවාට කවුරුත් කතා නැහැනේ (දී)
බෞද්ධ රට කියමින්, සිවුරු ඇඳගෙන ජාතිවාදය අවුස්සා ,වෛරය වපුරා ,අනුන්ගේ දේපල හානි කිරීම නියම බෞද්ධකමද ? (දී)
අද රටේ මොනතරම් ජරා දේවල් සිද්දවෙනවද ?හරකා ද අද ප්‍රශ්නේ සිව්රු දාගෙන මොනවා කරත් සමහර උදවිය උඩ බලාගෙන ඉන්නවා.හාමුදුරුවරු දැන් මත්පැන් බීලත් අහු උනා මෑතකදී පන්සල් ඇතුලේ.භික්ෂුන්ගේ මෙවැනි ක්‍රියා දැන් වැඩියෙන් සිද්ද වෙනවා . (අ)
දැන් තමයි අපිට දැනගන්න ලැබී තිබෙන්නේ අප රටේ ශිෂ්ඨාචාරය ගොඩනැගී තිබෙන්නේ ගවයා මුල්කරගෙන කියලා. මම හිතාගෙන හිටියේ ගල්, රා සීල් අරක්කු මුල්කරගෙන කියලා. මොකද ලංකාවේ සංස්කෘතියට අනුව බහුතරයන් විසින් කෙනෙකුගේ උපත සිට මරණය දක්වා ඉහත මත්පැන් තොල නොගා ප්‍රියසාද පැවැත්වීමට නොහැකිව තිබෙන්නේ ඒ නිසාම නොවේද? අනෙක මොකක්ද මේ හරක්ව මූලික කරගෙන කරපු ශිෂ්ඨාචාරය කියන්නේ ! (දී)
සිඋරක් ඇදගෙන ඕනෑම මිනිහෙකුට ඕනෑම පහත් වැඩක් කරන්න පුළුවන්. අපේ හාමුදුරුවන් වහන්සේලාට නිග්‍රහ කරන්න කරපු වැඩක් වගේ පෙන්නේ (දී)
මම නම් මේ වැඩේ අනුමත කරනවා. හොදින්හරි නරකින්හරි හරක් මරණ එක නවත්වන්න ඕන. මෙතන ඉන්න මස්වැද්දන්ට ඕව තෙරන්නේනැ. විශේෂයෙන්ම සමන් වගේ මී හරක්ට(අ)
දැන් අපේ සහල් වල ආසනික්, මිනිස්සුන්ට පිලික සහ වකුගඩු රෝග හැදෙනවා. අපි සතුන් මැරීම විශේෂයෙන් ගවයන් සහ එළුවන් සහ කුකුලන් මැරීම නවත්වා එම පොහොර කුඹුරු වලට යොදවමු. පිටරටින් ගෙන එන බාල අසනික් අඩංගු පොහොර ගෙන්වීම වහාම නවතා දමමු. නිකරුනේ මහා සංඝයාට දෝෂාරෝපණය නොකළ යුතුයි. ඉදිරියට මහා සංඝයා ගව ගාතනය නැවැත්වීමට නායකත්ව දෙනු ඇති බව බලාපොරොත්තු වෙමු. (දී)
ලෝකේ තියන ලොකුම දුප්පත් ආගම තම බුද්ධාගම. ඕනෑ දෙයකට ආධාර පත්තරයක් ගහලා තමා ගාන හොයන්නේ. (දී)
මේ අනුවණයන්ගේ කාලයයි. (දී)
සිවුරු ඇදගෙන ආවේ හාමුදුරුවොම කියන්න බැහැ කියො කියන අයට මම කියන්නේ, හාමුදුරෝවෝ නොවෙයිම කියන්නත් බැහැ නේද? (දී)
පාලකයොත් ගව මස් කයි නම් මීට වඩා හොඳ ක්‍රියාමාර්ගයක් සිතිය නොහැකියි. (දී)
නියමයි හාමුදුරුවනේ, ඔහොම තමයි ඉන්න ඕනෑ (දී)
ප්‍රාදේශීය සබාවෙන් හෝ මධ්‍යම ආණ්ඩුවෙන් මස්කඩ බලපත්‍ර දීම තහනම් කරන්න. ගොවියට තැනකුත් ලැබේවි (දී)
මේ ප්‍රශ්නය ඉක්මනටම විසදන්න වෙයි නැතිනම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)
නියම සිංහල කොල්ල නොකියා කියා තියෙන්නේ ඔහු කන්නේ තණකොළ,ඔහුගේ කෙස් යටින් අං දෙකක් ඇත,කතා කිරීමට බැරි නිසා උම්බෑ කියනවා කියලයි (දී)
බුද්ධාගම ආරක්ෂා කරනවා කියල හිතාගෙන මෙයාලා කරන්නේ ලොකු වැරැද්දක්. සමහර විට බුද්ධාගම නැති කරන්න බටහිර කුමන්ත්‍රණයක්වද්ද ? (දී)
සත්ව හිංසයනයට අපි බෞද්ධයෝ විරුද්ධයි. මොන ක්‍රමයෙන් හෝ එම ව්‍යායාමය සාර්ථක වේවා!!!(අ)
රටේ නීතියක් තියෙන්නේ මේවාට තමයි (දී)
කාගේ බල කිරීමටද මෙවන් වැඩ කරන්නේ (දී)
මේවා බුදු දහම විනාශ කරන්න කරන කුමන්ත්‍රණ (දී)
අනේ කුරේ කවද ඉදලාද සිංහල භාෂාව ජාත්‍යන්තර භාෂාවක් උනේ කොයි පන්සලේද බෙර හදන්නේ කියලත් විස්තර ඇතිව කියනවද අද තමයි මුලින්ම ඇහුනේ මොරටුවේ කොල්ලෙක් මොලේ උඩ වාඩිවෙලා අදහස් ප්‍රකාශ කරනවා (දී)
අපේ අනාගත පරපුර වෙනුවෙන් ...බුදු දහම වෙනුවෙන් ...රට වෙනුවෙන් අපේ ජීවිතේ උනත් දෙන්න අපිට පුළුවන්.මේක හොද වැඩක් (දී)
සත්ව හිංසනය කෙසේ හෝ නැවත විය යුතුයි (දී)
දිට්ටධම්ම වේදනීය කියන්නේ මේකට තමයි (දී)
අනේ හාමුදුරුවනේ ...! ලංකාවේ දහම් පාසල් කීයක් තියෙනවද කියල ඔබ වහන්සේලා දන්නවද? දන්නවනම් එක සතියකට එක දහම් පාසලකට ගිහින් ගව මස් කෑමේ, සතුන් මැරීමේ, අනුන්ට ව්‍යර කිරීමේ ආදීනව හිතට දෙනෙන, කා වදින විදිහට කාරුණිකව දරුවන්ට පහදලා දෙන්න. ඔබ වහන්සේලා දක්ෂ නම් ඇත්තම බුද්ධ පුත්‍රයෝනම් එය ඉතා පහසුවෙන් කල හැකිවෙයි . ප්‍රිය වචන කතා කරන්න හා මෛත්‍රී කරන්න සමාජයට පුරුදු කරවන්න කාලය කෝප කරන්න, අවවාදයට වාඩ ආදර්ශය උතුම් නිසා මෛත්‍රී කරන්න පුහුණු කරන්න. එය එලොවටත් මෙලොවටත් වැඩදායක මහා කුසල කර්මයක් වනු ඇත. ඔබ වහන්සේලාට බුසුසරනය් !!! (අ)
තලේබාන් අයගෙයි මේ අයගෙයි වැඩි වෙනසක් නැහැ. (අ)
පිටස්තර පිරිසක් සිවුරු ඇදගෙන අපේ ගරු සංඝරත්නයට අපහාස කරන්න කරපු වැඩක්. (ස)
කළකම් පලදෙනවා (දී)
මේ සත්ව ඝාතන කොහොම හරි නවත්වන්න (දී)
අද පත්තරේ බැලුවම තිබුන දරුවෝ හම්බු වෙන්න ඕනේ කරන සැත්කම් වලට අවශ්‍ය බේත් නැහැ. කෙල්ලෝ පැහැරගෙන ගිහින්. ප්‍රශ්න එක්ක උත්තරත් දීල. ගැහැනුන්ට අතවර. එත් වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නේ මේ ප්‍රවුත්තියට. ඒවා ඔකොම අමතකයි අපිට මේක දැක්කම. දැන්වත් තේරෙනවද මේ සේනාවයි රාවයයි ඔක්කොම හාදයෝ එකතුවෙලා කරන්නේ අපිට හරක් පෙන්නලා ගොනාට අන්දවන එක කියල ???? හරක් බේරගන්න කලින් දරු පවුල බේරගන්න බලන්න ඩෙංගු වලින්. ඉස්සර අපි ඉන්දියාවට හිනා වුනා දරුවෝ එළියේ ඉදෙද්දී හරක ගේ ඇතුලේ කියල. දැන් හරිනම් එයාල අපිට හිනා වෙන්න ඕනේ දරුවෝ මැරෙද්දි හරක් බේරගන්න නහින තරමක් කියල!!!!!! (දී)
මේවා වෙන්න බැරි වැඩ සොයා බලා දඩුවම් දෙන්න (දී)
මේවා මිනිස්සු කුපිත කරන්න කරන වැඩ (දී)
ලංකාවේ නිතිය වෙනස් කල යුතු කාලය එළඹ ඇත (දී)
මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ (දී)
මම නම් කියන්නේ කවුරු උනත් දඩුවම් දෙන්න නිතිය අතට ගන්න ඒ කට්ටියට බැහැ (දී)
සිවුරු ඇඳගෙන, කැබ් රියකින් පැමිණ, අලුයම 1.05 ට දැක්ක මිනිස්සු ඒ හතරදෙනාව අල්ලගත්තා නම් මෙච්චර කියවන්න දෙයක් නැහැ. කෙරුවේ කව්ද කියලා දැනගන්න තිබුන. (නි)
හරක් මරණ එක බොහොම නරකයි. මිනිස්සුනව මරණ එක බොහොම හොඳයි. ඒක හින්දා හරක් මැරිල්ල නතර කරලා දිගට හරහට මිනිස්සුන්ව මරමුද! ජයවේවා! (නි)
හරකුන්ට පමණද පන තියෙන්නේ? අනිත් මස් වර්ග පණ නැති සතුන්ගේද? මේවටත් අදහස් දාන්නේ හරි හැටි අධ්‍යාපනයක් නැති කට්ටිය කියලා බුද්ධිමතුන් දන්නවා. (නි)
"උගුලෙන් බැරිනම් හබකෙන් කිව්වලු " (අ)
මස් ලොරියට මාර ආදරෙයි වගේ සමහර අය . සතුන්ට දෙන ගිනි තමා ඔය ඇවිලෙන්නේ (අ)
මෙයාලට පිනට කාලා තෙලේ වැඩිවෙලා (අ)
. මේවා කොන්ද පණනැති නපුන්සක වැඩ. පොදුවේ රටේ පවතින ප්‍රශ්න පැත්තක දාල හරක් පස්සේ දුවනවා. (අ)
ලොරිය පුල් ඉන්සූරන්ස් ඇති , අලුත් ලොරියක් අරන් හෙට එවාවි (අ)
මේ ආත්මෙදි මැරෙන ගවයොත් සංසාරෙ මොන ආත්මයකද හරි ඔය විදිහටම සතුන් මරලා ඇති.මොන ආගමක කෙනෙකුට වුනත් තමන් කරන අකුසල් වලින් නම් ගැලවෙන්න ලැපබන්නෙ නැහැ. ඒක නබි, අල්ලා නෙමේ මොන දෙවි කෙනෙකුටවත් නවත්වන්න බැරි ස්වභාව ධර්මයේ නීතියක්. හොදම දේ තමා තමා කරන අකුසල් වලින් මිදිලා කුසල කර්ම රැස්කරගන්න එක. බලන්න අද ඇෆ්ගනිස්ථානය, ඉරාකය වගේ රටවල මිනිස්සු තමන් උපන් බිමටම ශාප කරමින් මිය යන අන්දම. මේ හැම රටක්ම මීට අවුරුදු සිය ගණනකට පෙර බෞද්ධාගමෙන් බැබලුන රටවල්. (නි)
ඔය සතා උපතේ සිට මැරෙන මොහොත දක්වාම මිනිසාට කරන්නේ පුදුම මෙහෙවරක්. එනිසා ලංකාවේ අපිට අයිතියක් තියෙනවා ගව ඝාතනය නතර කරන්න කියන්න. අරක හොදින් බැරිනම් නරකින්.(නදී)
මම දන්නා ගොඩනැගිලි උපකරණ විකුණන මුදලාලි කෙනෙක් එයාගේ ලොරියෙන් ගව ගාතනය කරන තැනකට ගිහින් මරන්න ඉන්න ගවයන් දෙදෙනෙකුට මුදල් ගෙවලා නිදහස් කර ගන්න ගියහම ඉන්න ගවයන් 5 දෙනාම බලහත්කාරයෙන් ඒ ලොරියට ගොඩ වෙලා තියෙනවා.පස්සේ ඒ මුදලාලි අ 5 දෙනාටම මුදල් ගෙවලා නිදහස් කරගෙන ඇවිත් ගමේ ඉන්න දන්නා කියන අයට 3 දෙනෙක් දීආ අනික් දෙන්නව දෙන්න කෙනෙක් හොයද්දි අර ගව ගාතනය කරන තැන අය රෑ ඇවිත් බැදලා දාලා තිබුන චේන් එකත් කපලා අරන් ගිහින් නැවත ඒ සතුන් මරලා දාලා තිබුනා.මම නම් කියන්නේ කව්රු කලත් හොද දෙයක් කරලා තියෙන්නේ .ලංකාවෙන් සහමුලින්ම ගව ගාතනය නතර කළ යුතුයි (නි)
ගව මස් කන එක වැරදි නම් මාළු. කුකුල් මස් කන එක කමක් නැද්ද ඒ සත්තු නොවෙයිද (දී)
ජාතිවාදය තුරන් කරන්න ඕනෑ. මේ විදිහට මුස්ලිම්වරුන්ට අඩම්තේට්ටම් කරනකොට නැතිදේ ඇතිවේවි. මට නම් සියයට දෙසීයක් සුවර්... (නි)
83 දෙමල කොලහල් වලදී අපි අහි දැක්ක වාහන නවත්තල පෙට්‍රල් අරගෙන දෙමල කඩවල් ගිනි තිබ්බා. දෙමල පවුල් සිටිය වාහනවල පෙට්‍රල් දම දමා අමු අමුවේ ගිනි තිබ්බා, ඒ වට සහබාගි වුන හාමුදුරුවෝ අපි හැබැහින් දැක්කා. ලංකාව දැන් පාතාලයට ලයිසන් දෙන්න හොදම රටක්. ඔහොම යං.(නදී)
මෙතන ඉන්න සම-හරක් දාල තියන ප්‍රතිචාර දැක්කම අනේ අපොයි කියල හිතෙනවා. මස් නොකා ඉන්න බැරි අය වෙන රටකට යන්නලු, පිටින් ආපු අයලු. ගවයා ඒ කාලේ ඉඳන් උදව් කරන නිසා මරණ එක හොඳ නෑ ලු, එතකොට උදව් නොකරපු කුකුළා පව් නෑ? මාලු පව් නෑ? මේ රටේ ඉපදුනු අය අයිති මේ රටට. බෞද්ධ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන් හින්දු වෙන්න පුළුවන්. මේ ඔක්කොම ශ්‍රී ලංකේය මිනිස්සු. කාටවත් බෑ මේ රටෙන් ඔය කාටවත් පලයව් කියන්න. තමුන් අදහන ආගම අදහගෙන ඉන්න. ඒක වෙන වෙන අයට බලෙන් දෙන්න යන්න එපා. මස් කන අයට කන්න දීලා නොකන අය නොකා ඉන්න. මේ වගේ අධම වැඩ කරලා පව් පුරෝගෙන සසර තවත් දික් කරගන්න එකයි කරගන්නේ. මේකද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ? අනික් මිනිස්සු මස් කෑවම ඔයාලට පිරෙන පව මොකක්ද? ඊට වඩා මහා විසාල වැරදි තියනවා, ඇස් ඇරලා බලාපල්ලා, ආන්න ඒවා හදාගෙන ඉඳපල්ලා අනික් අයව හදන්න ඉස්සෙල්ලා.(නදී)