IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


'මාස්ටර් සර්' ගීතය නැවත ගැයූ ශර්මෙන් විල්ස්

2016-08-08-ent-61

ගායිකාවක, නර්තන ශිල්පිනියක, ගීපද රචිකාවියක සහ ව්‍යවසායිකාවක ලෙස ඉදිරියෙන් සිටින යුවතියක් ලෙස ඇයව හැඳින්විය හැකිය. පසුගිය දිනවල You-tube ජාලය තුළ වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත් වූ "ගිනියම් රෑ" ​සහ Seylfie ගීතයේ ගායිකාව වන ශර්මෙන් විල්ස්ගේ මේ දිනවල ජනප්‍රිය වීඩියෝවක් තිබේ. ඒ නෙවිල් ප්‍රනාන්දු විසින් ගායනා කරන "මාස්ටර් සර්" ගීතය නැවත ඇය ගායනා කරනු ලබයි. මේ ඒ පිළිබඳ දැන ගැනීමට අපත් සමග ඇය මෙසේ එක්කාසු විය.

 

2016-08-08-ent-60"මාස්ටර් සර්" ගීතය නැවත ගායනා කළේ ඇයි?

මම සිංහල ගීත ගායනය ටික ටික පටන් ගන්නවා. මම පසුගිය අවුරුදු දෙකේ මම ඉංග්‍රීසි ගීත තමයි වැඩි වශයෙන් කරලා තිබුණේ. දැන් මම සිංහල ඒවා ආසයි පටන් ගන්න. මම යම් යම් දේවල් මගේ විදිහට අත්හදා බලනවා. සිංහල සිංදුව ඒ විදිහට තිබිලා අලුත් තාලෙකට නිර්මාණය කරන්න මම උත්සාහ කරනවා.

 

ඒ කියන්නේ ඉදිරියේදී සිංහල ගීත සඳහා වැඩි නැඹුරුවක් දක්වනවාද?

ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකටම නැඹුරක් තියෙනවා. මම දෙකටම ආසායි කරන්න. දෙකම එක සමාන විදිහට කැපවෙලා කරන්න බලාපොරොත්තු වෙනවා.

 

"මාස්ටර් සර්" ගීතය ලැබෙන ප්‍රතිචාර?

ඒ සිංදුවට ගොඩක් අය කැමතියි. ආස නැති කට්ටියකුත් ඉන්නවා. නමුත් ගොඩක් අය ඒ සඳහා කැමැත්තක් දක්වනවා. ඒකට මම ගොඩක් සතුටුයි. "මාස්ටර් සර්" ඔරිජිනල් ගීතය අරගෙන මගේ රසයත් එකතු කළා. මුල් ගායනයට හානි නොවෙන්න සිංදුව කළා. ගොඩක් නිර්මාණශීලිව කරන්න තමයි උත්සාහ කළේ. ඒ කරපු දෙයට ගොඩක් කට්ටිය ආස කළා. ඒකනිසා මම බය නැහැ ඉදිරියටත් ඒ දේවල් කරන්න. මොකද ඒ දේට ආස කරන පිරිසක් ඉන්නවා.

 

Cover Version එකට සාධාරණයක් වුණා කියලා හිතනවාද?

ලැබී තියෙන ප්‍රතිචාර අනුව මම හිතනවා ඒ දේ වෙලා තියෙනවා කියලා. මම නිර්මාණය කරලා තියෙන දේ මටම විනිශ්චය කරන්න බැහැනේ. ඒ දේවල් ගැන රසික රසිකාවියන්ගෙන් තමයි අහන්න ඕනේ. ඒ අයට ඒ දේ Connect වෙනවානම්, ඒ දේට ආස නම් මම ඒකට සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා.

 

ඉදිරි කටයුතු

"ගිනියම් රැයේ" වීඩියෝ එක එළිදක්වනවා. "අපි නටමු"කියලා අලුත් ගීතයක් තියෙනවා. ඒක් මාර්ස් මාර්කට් ගීතයක්. ඒකටත් වීඩියෝ එක කරලා ඒක ඊළඟ මාසේ එළිදක්වනවා. ඒ අතරතුර "Cover Song" කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 



අදහස් (0)

'මාස්ටර් සර්' ගීතය නැවත ගැයූ ශර්මෙන් විල්ස්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 455 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 392 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2358 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 963 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 821 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 357 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39164 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25592 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site