දඹුලු උප පුරපති කුසුම්සිරි ආරියරත්න මහතාට කළ වැඩ වෙනුවෙන් ලැබිය යුතු මුදල් නොගෙවීයැයි අද අලුයම තුනට මාර ගසකට නැගි දඹුල්ලේ පෙදරේරු ඉන්දික කුමාර අද රාත්‍රී නවයටත් ගස උඩටම වී සිටියේය.
ඔහු දෙදරු පියෙකි.
අද රෑ මහ වැස්සට ඔහු හොදටම තෙමුණේය.
පොලිසිය එහි පැමිණ ගසින් බසින්නැයි කීවත් ඔහු ඊට එකඟ වූයේ නැත.
උප පුරපති ඔහුගේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා. දැන් නම් කට්ටිය ලෝකෙටම මුහුණ පෙන්නගන්නත් මේවා කරනවද කොහෙද? (නදී)
වැඩ ගත්තා නම් සල්ලි දෙන්න.. අසරණ මිනිසුනේ.. මේ මනුසයට මොනා හරි උනොත් ඔය ගොඩනැගිල්ලේ ඉන්න වෙන එකක් නෑ. (ස)
මුලින්ම හොයන්න උප නගරාධිපති කෙනෙකුට ඔය වගේ බිල්ඩින් එකක් හදන්න මුදල් කොයින්ද කියලා. ප්‍රවෘත්ති වල දැක්ක විදියට තට්ටු තුනේ බිල්ඩින් එකක්. අහිංසක මිනිසා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න.(නදී)
පුරපතිලා , සභාපතිලා, ඇතුළු ඔක්කොම පතිලා සේරම ඔය වගේ අය තමයි.අතීතයත් එක්ක බැලුවොත් ඔය කියන පති ලා කොච්චර කැත වැඩ කරලා තියෙනවද. ඔක්කොම කුමන්ත්‍රණ කියලා ඇඟ බේරා ගන්න පුරුදු වෙලා දැන් හැමෝම.අහිංසකයෝ හැමදාම තැලෙනවා. (ස)
හලෝ නගරාධිපති, ඔහෙලගෙ වැඩ ගැන අපිට අමුතුවෙන් කියන්න ඕන නෑ. ඔහේගේ ඔක්කොම වැඩ ඉවර වෙනකන් එයාගේ ගෙදර මිනිස්සු ළමයි බඩගින්නේ ඉන්නද? නිකන් පව් වැඩ කරන්නෙ නැතිව වැඩ කලාට එම මිනිහට සල්ලි ගෙවනවා. (ස)
රනා ඔයාගේ අම්ම තාත්ත ගේ සල්ලි වලින්ද අර මිනිහ එයාගේ පවුලට කන්න දෙන්නේ. ගොන් කතා කියන්න එපා මිනිසුන්ගෙන් බලෙන් වැඩ ගන්න බැහැ. (නදී)
"උප පුරපති ඔහුගේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි." ඇයි මේ මිනිහා ගස් නැග්ගේ චූන් එකටද?(නදී)
25000 ක් දෙන්න තියෙනවා නම් ඉතින් දීලා දානවකෝ. ඉවරයිනෙ වැඩේ. නිකන් බැනර් කටවුට් පෝස්ටර් ගහ ගහ තවත් පිස්සු නටන්නෙ නැතුව. (ස)
වැඩ ගත්තා නම් සල්ලි දෙනවා හලෝ. බයිලා ගහන්නෙ නැතුව. (ස)
අර වහලට නැගපු ගුරු නෝනා පට්ට ගහන්න හිතෙන්නේ මේ වෙලාවට. (ස)
සභාපතිලා ගැන අමුතුවෙන් කීමට දෙයක් නැත. (නි)
මේ ගැටලුවේ කොයි එක්කෙනද හරි කියලා හරියටම කියන්න බැහැ. මම යෝජනා කරන්නේ ඕනෑම ගනුදෙනුවක් කරන්න ඉස්සරවෙලා දෙගොල්ලෝ අතර සියලු විස්තර ඇතුලත් කර පොරොන්දු පතක් අත්සන් කර ඒවගේ පිටපත් ඔබ ළග තබාගන්න කියලා (නි)
අපරාදේ ඕටීත් නැතුව කට්ට කෑවා නේද? කොයි කිල්ලෝටෙත් හුණු තියෙනවා මහත්තයෝ (නි)
නගරාධිපතිතුමා නගර සභාවේ කොම්පියුටරයත් පුද්ගලික ගනුදෙනුවට යොදාගෙන වගේ? (ස)
බමුණු, ඔබ හරියටම හරි. (ස)
කොන්ඩේ තඹ පට කරලා, කනේ කරබුවක් දාලා, නොටෝරියස් චරිතයක් ඔය වගේ ගහකට නැග්ගා නම් නගරාධිපතිගේ බැනර් එක ගැන සළකා බලන්න තිබුනා.කරුණාකරලා ඔය මනුස්සයාගේ වැඩ කරපු මහන්සියට සල්ලි ටික දෙන්න මහත්තයෝ. (නි)
ඔය වගේ පොලු තියන ජරා පොරවල් වලට වැඩේ දීල මාර ගහේ නැතිව කොල නැති ගහේ නැග්ගත් කමක් නෑ (දී)
වහලට නැග කරන උද්ගෝෂණ ගස් වලට නැග කරන උද්ගෝෂණ දැන් ලංකාවේ එක්තරා කාවක් වී ඇත . මෙයට හොඳම විසදුම ගසට හෝ වහලට නැගපු කෙනාටම එය එපාවී හෝ මහන්සි වී ඔහු විසින්න්ම ගසෙන් හෝ වහලෙන් බැස යාමට ඉඩ දීමට . හැබයි බංකොලොත් දෙසපලුවෝ හෝ වෙන සංවිදාන මේවට සහොගය දෙනවා . එහෙත් මෙය මග හැර සිටීම කිහිප වරක් කරොත් මෙය ඉබේම නවතිනවා (දී)
රණා, ඔය ගහේ එල්ලලා තිබෙන දැන්වීම කියවන්න.කොහොම වුණත් ඒ මනුස්සයා ඉල්ලලා තියෙන්නේ කරපු වැඩ වලට මුදල් (නි)
ඔහු දැනට කර ඇති වැඩ ප්‍රමාණයට ගෙවිය යුතු මුදල නො ගෙවා සිටීම වංචාවකි.පුරපති ජරා මිනිහෙක් බව මෙයින් පැහැදිළි වේ. (ස)
ගනු දෙනු සම්බන්දව දෙපාර්ශවයම ප්‍රවේසම් විය යුතුයි. කට වචනයට ගනුදෙනු බොහොම භයනකයි (අ)
පුළුවන් එවුන් මහ පොළවෙ හතර වරං ගහනවා.බැරි අසරණ එකෙකුට ලැබෙන්න ඕනැ තුට්ටු දෙක ගන්න ගස් උඩ නගින්න වෙනවා. පොඩි මිනිහෙකුට මෙහෙම සලකන්න එපා. වැඩ ගත්ත එවුන්ට සහගහයි එහෙම කලොත්.... (ස)
එක සතයක් දෙන්න එපා. ගොඩක් බාස්ලා ඔහොම කරනවා. බාගෙට වැඩ කරලා තව වැඩ අල්ලාගෙන මිනිස්සු අමාරුවේ දමනවා. (ස)
අනේ මේ මිනිහගේ සල්ලිවලින් බාගයක් වත් දෙන්ඩ.(නදී)
අසරණ සාමාන්‍යය මිනිසුන් අනුකරණයන්ට පෙළඹෙනවා ඉතාම ඉක්මනින්. අවැඩක්, කෙණෙහෙලි කමක් වුනාම මිනිසුන් හිතනවා මේ වගේ ක්‍රම වලින් බලධරයින්ගේ ඇස් ඇරෙයි කියලා.මේවා ඔක්කොම රටේ දේශපාලකයින්ගේ හා වටේ ඉන්න ඇමිබිටි නිලධාරින්ගේ උපක්‍රම නැත්නම්, ප්‍රයෝග.බොරුවට පාද යාත්‍රා කරලා, උද්ගෝෂණ හා වැඩ වර්ජන, උපවාස කරලා මහජනතාව රවටන එවුන් ඒ කාලෙත් සැප වින්දා දැනුත් සැප විදිනවා. අහිංසකයො ඇන්දෙනවා.පලකට නැති උද්ඝෝෂණ උපවාස නවතා මොවුන්ට පාඩමක් උගන්නන්න පුලුවන් පිළිවෙතකට එන්න.. (ස)
මේක පැෂන් එකක් වෙලා වගේ.(නදී)
ගෑනු උත්තර දෙන්න දන්නේ නෑ මොනවා හරි වැඩක් කලොත් අනා ගන්නවා ආදම්ගේ ඒවගේ කාලෙ එහෙමය් මොනකරන්නද (අ)
මාරයිනේ. නැහැ නැහැ මාර නැහැ (නි)
දුප්පත් මිනිසුන්ගෙන් වැඩ අරගෙන දේශපාලුවෝ සල්ලි දෙන්නේ නැහැ. මේක සමාන්‍යය දෙයක් ලංකාවේ (නි)
බාස් උන්නැහේ නැතිද හංගා ගත්ත පසුම්බි එහෙම. දඹුලු උප පුරපති තුමෝ ගේ හදපු බාස් ගේ ගනුදෙනු ඉක්මනින් පියවන්න. අහිංසකයා ගහෙන් වැටිලා මළොත් බාස් ගේ දරු පවුල බාර ගන්න වේවි.(නදී)
මීට කලින් අපි දැකපු ගස් නැගිලිවලට වඩා මේක වෙනස්. ලොකු මිනිහෙක් එක්ක ගනුදෙනුවක් බේරගන්න කරපු සියලුම උත්සාහයන් හරි නොගිය තැන මේ මනුස්සය ගහට නැගල තියෙන්නේ. උප නගරාධිපතිට විරුද්ධව උසාවියන්න පුලුවන්ද මේ වගේ අහිංසකයෙකුට? (නදී)
උත්තරා බණ්ඩාරලි වගේ අය දන්නා දෙයක් නැහැ.ඔහේ ඇහැට දකින දෙයකට කටෙන් මොනවාහරි කියනවා.දකින දෙය ඔලුව හරහා යවලා එන උත්තරේ කටින් හෝ ලියලා එළියට දාන්න.හැබැයි ඉතින් ඔලුව හරහා එනකොට ඔලුව ඇතුලේ හොද දේවල් තිබුනොත් තමයි හොද දෙයක් එළියට එන්නේ. (නි)
මොනවා වෙන්නද? අන්තිමට පුරපතිතුමාට සැලියුට් එකක් ගහලා ගෙදර යවයි. බාස්ව සියදිවි නසාගන්න තැත්කළාය, නැත්නම් පුරපතිතුමාට අපහාස කළා කියලා කුඩුවට යවයි. (නි)