බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කොටස් දෙකකට බෙදී ඇතැයි දේශපාලන ආරංචි කියයි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමට වෙහෙසෙන මහ ඇමැති ප්‍රසන්න රණතංගු ඇතුළු කණ්ඩායම ගැන විනය පරීක්ෂණ පවත්වන්නැයි පළාත් සභා ඇමැතිවරුන් වන ගාමිණී තිලකසිරි සහ රංජිත් සෝමවංශ ඇතුළු පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.
ජනපති සිරිසේන ඉවත් කර හිටපු ජනපති නැවත ශ්‍රීලනිප සභාපති ලෙස පත් කළ යුතු යැයි මහ ඇමැතිවරයාගේ නිවසේ පසුගියදා පැවැති සාකච්ඡාවකින් පසු යෝජනාවක් සම්මත කර ගෙන ඇතැයි ද කියති.
පළාත් ඇමැති ගාමිණී තිලකසිරි සහ රංජිත් සෝමවංශ මහත්වරුන්ගේ පාර්ශ්වය අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ සිරිසේන මහතා තවදුරටත් පක්ෂ සභාපති ලෙස තබා ගත යුතු බවයි.
එම මාධ්‍ය සාකච්ඡාවට ඇමැතිවරු දෙපලට අමතරව ඉසුර දේවප්‍රිය, හෙක්ටර් බෙත්මගේ, මල්ෂා කුමාරතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මංජුල බුද්ධදාස, උපාලි ගුණරත්න, අමල් සිල්වා සහ සිමිත් ලාල් මෙන්ඩිස් යන මන්ත්‍රීවරු ද සහභාගී වූහ.
ඔවුන් කීවේ තමන් සමඟ පළාත් මන්ත්‍රීන් 22ක් සිටින බවයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ ඇමැති ප්‍රසන්නට ඇතුළෙන්ම කැරැල්ලක්
ඉසුරන්දි Wednesday, 17 June 2015 07:31 AM
වෙල්ලස්සේ කැරැල්ල වගේද දන්නේ නැහැ නේද? (ම)
සම්පත් Wednesday, 17 June 2015 08:37 AM
මේ සියළුම දෙනා ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා පරාජය කිරීමට යූඇන්පී අවශ්‍යතාවය මත හංසයා සමග සිටි අය. ඒ අය ශ්‍රීලනිපය පිළිබඳ දැන් හෙලන්නේ කිමුල් කඳුළු. (ම)