බ්‍රිතාන්‍යයේ නව මහකොමසාර්ස් බුදුන් වඳී
එක්සත් රාජධානියේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව 8 වැනි සඳුදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයට ගොස් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලබා ගත්තාය. ඇය ලන්ඩන් නුවරට පැමිණියේ පසුගිය සෙනසුරාදාය.
වැඩබලන මහකොමසාරිස් සුගීශ්වර ගුණරත්න සහ තානාපති කාර්යයාලයේ මනෝජ් වර්ණපාල ඇය කැටුව විහාරස්ථානයට පැමිණියහ.
විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විජේවර්ධන මහත්මිය ප්‍රධාන පිරිස පංච ශීලයෙහි පිහිටුවා සෙත් පිරිත් සජ්ජායනා කොට ආශිර්වාද කළහ.
සීලවිමල නාහිමියෝ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය සමඟ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ කාලාන්තරයක් තිස්සේ පවත්නා සමීප සම්බන්ධතාවය ස්තුති පූර්වකව නාහිමියෝ සිහිපත් කළහ.
අද මෙන් නොව ලන්ඩනයේ ශ්‍රී ලාංකික බෞද්ධයන් එතරම් නොසිටි වකවානුවක ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වැඩ කටයුතු පවත්වාගෙන යාම සඳහා මහ කොමසාරිස් කාර්යාලයෙන් අනුපමේය අත්වැලක් ලැබුන බවත් අද පවා සෑම මාසයකම පළමුවන දවසේ දානය පිරිනැමෙන්නේ මහ කොමසාරිස් කාර්යාලයෙන් බවත්, මහකොමසාරිස් තනතුර සඳහා බෞද්ධ නොවන අය පත්ව සිටි අවදි වලදී පවා මෙම ක්‍රියාදාමය කිසිදු වෙනසක් නොමැතිව පවත්වාගෙන ගිය බවත්, මහ කොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කැරෙන ආගමික, සමාජීය සහ සංස්කෘතික වැඩකටයුතු වලදී අවශ්‍ය මඟ පෙන්වීම් සහ ආගමානුකුල අනුශාසනා නිබදව ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයෙන් ලබාගත් බවත් උන්වහන්සේ පැවසුහ.
සැදැහැවත් බොදු සමාජ සේවිකාවක මෙන්ම සාර්ථක වෙළඳ ව්‍යාපාරයක හිමිකාරියක ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුරට පත්වීම පිළිබඳව සතුටුවන බව පැවසු සීලවිමල නාහිමියෝ එතුමියගෙන් බ්‍රිතාන්‍යයේ ජිවත්වන සියලුම ශ්‍රී ලාංකිකයින්හටද ජාති ආගම් භේදයකින් තොරව අත්‍යාවශ්‍ය සේවයක් ලබාගැනීමේ අවස්තාව උදාවනු ඇතැයිද පැවසුහ.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථාන පාලක මණ්ඩලය වෙනුවෙන් ආචාර්ය ලකී පනාගොඩ, සුදන්ත අබේකෝන් සහ අබේකෝන් මහත්මිය නව මහකොමසාරිස් තුමිය පිළිගනිම සඳහා පැමිණ සිටියහ.
විජේවර්ධන මැතිනිය සිත තනතුරේ වැඩ කටයුතු බදාදා ආරම්භ කරනු ඇත. ඊට පෙරාතුව අඟහරුවාදා ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරස්තානයටද වෙම්බ්ලි ඉලපතිශ්වර් හින්දු දෙවාලයටද ගොස් ආශිර්වාද ලබාගැනීමටද බලාපොරොත්තු වන්නීය.
ක්‍රිස් නොනිස් මහතාගේ ධූර කාලයෙන් පසුව අතිවූ පුරප්පාඩුවට අමාරි විජේවර්ධන මහත්මිය මේ තනතුර සඳහා පත් කර ඇත.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම තනතුර නෑදෑ සංග්‍රහය නැතුවද පත්කළේ? එහෙනම් හොඳයි (නි)
කොහොම වුණත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ මේ වගේ වාඩිවීම නම් අනුමත කරන්න බැහැ (නි)
මෙය පන්සල ඇතුලේ කරන හමුවීමක් නිසා සුදු රෙදි දමා ආසන පනවා නොමැත. ඉහළ සමාජයේ කාන්තාවන් ඉඳගන්න විට කකුල් එක්කොට ඉඳ ගැනීම හොඳ පුරුද්දක් ලෙස සැලකේ. (බ)
මෙයා අහංකාරයි (බ)
අපි පොඩිකාලේ හාමුදුරු වරුන්න්ට ආසන පනවන්නේ සුදු රෙද්දක් දාලා, කවදාවත් ගැහැණු කෙනෙක් තියා වැඩිහිටි පිරිමි කෙනෙක් වත් සංඝයා වහන්සේලා සමග එක මට්ටමෙන් ආසන වල වාඩිවෙන්නේ නෑ. මෙතන එහෙම්පිටින්ම සංස්කෘතිය කඩලා මේ නෝනයි අර මහත්ත්වරු ටිකයි. ආගමද, ගිහියෝද මෙතන මොඩ් වෙලා තියෙන්නේ? (බ)
චාරිත්‍ර කරන්න ඕන නිසා කරනවා වගේ, කකුලක් පිට කකුලක් දමාගෙන සිටිමෙන් පෙන්නේ. (ර)
පිරිත් සජ්ඣායනා ව ඉතාමත් සංවරව ශ්‍රවනය කිරීම ම පැහැදිලිව පෙනෙන්නට තිබේ. එතුමිය අර්ධපර්යන්ඛයෙන් වාඩිවී සිටීම පැහැදිලියි. සත්පුරුෂයෝ කිසිවකුගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ හෙළිකරන්නේ නැත. (ම)
බෞද්ධ හිමිනමක් ඉදිරිපිට වාඩිවී සිටින ආකාරය අනුමත කරන්න බැහැ.... අමල් කියන්නේ හරියට කකුල් දෙක උස්සන් හිටිය වගේනේ.(බ)
හාමුදුරුවන් ඉදිරියේ වාඩිවී සිටින ආකාරය නිවැරදිද? (නි)
මෙතුමිය කැලණිය පන්සලේ ප්‍රදාන දයිකාවක් , විජේවර්ධන පරපුරේ (ම)
කොහොම හරි කමක් නෑ වැඩක් කරනවා නම්.(හේ)
හාමුදුරුවො ඉදිරියේ කකුලක් පිට කකුලක් දමාගෙන සිටීම නම් මම අනුමත කරන්නෙ නැහැ (නි)
මම නම් මොකුත්ම කියන්නේ නැහැ
හාමුදුරු කෙනෙක් ඉස්සරහ ඉන්න හැටි දන්නෙත් නැත්නම්, අනාගත කටයුතු ගැන ප්‍රශ්නයක් අපිට ඇතිවෙවා (නි)
මොකක්ද මහින්ද හා රනිල්ගේ අතර වෙනස? අපේ අය හැමදාම පරාදයි. නුඹලා ඡන්දය දුන්නේ ඔවුන්ටයි. කවුරු අාවත් අපි පරාදයි. (නි)
මෙයයි යහපාලනය
අපිට මේ මහත්මියගේ සුදුසුකම දැනගන්න පුලුවන්ද මේ තනතුරට? තරුණ, උගත්, බුද්ධිමත් අයෙක් වුණා නානම් තමා හොඳ මම හිතන්නේ (නි)
මේවා දකිනකොට හිතට එන හැඟීම විස්තර කරන්න අමාරුයි (නි)
මොන හොඳ දෙයක් කළත් අපේ සමහර අයගේ මෝඩකම්, උද්දච්චකම් නිසයි ලෝකය ඉදිරියේ හෑල්ලු වෙන්නේ (නි)
මම නම් මොකුත්ම මේ ගැන නොකියා ඉන්න හිතාගත්තා. අවශ්‍ය හැමදේම අනෙක් අය කියලා (නි)
හදවතින්ම එන ශ්‍රද්ධාව නම්, මම මෙය අගයමි (නි)
ඇත්ත. බෞද්ධ හිමිනමක් ඉදිරිපිට වාඩිවී සිටින ආකාරය අනුමත කරන්න බැහැ (නි)