වසර 67 ක් තිස්සේ ශ්‍රී ලංකාව පාලනය කළ රාජ්‍ය නායකයන්ට රටේ ඇති අර්බුදවලටට විසඳුම් සෙවීමට නොහැකි වීමෙන් විකල්ප බලවේගයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය බලය ලබාදීමේ වැදගත්කම ජනතාවට පැහැදිලි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දී අද (22) පෙරවරුවේදී ප‍්‍රකාශ කළේය.
පක්ෂයක් අතින් සිදුනොවිය යුතු දේවල් ඉතිහාසය තුළ ජනතා විමුක්ති පෙරමුණෙන් සිදුවීම පිළිබඳව තම පක්ෂය කම්පා වන බවත්, මින් ඉදිරියට ජනතා විමුක්ති පෙරමුණ අවි බලයක් නොමැතිව අදහස් හරහා වෙනසක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු මෙහිදී පැවසීය.
අනුර කුමාර දිසානායක මහතා මෙසේ සඳහන් කළේ ”හෘදසාක්ෂියේ සම්මුතිය” නමින් ඉදිරි මැතිවරණය සඳහා වූ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙල එළිදැක්වීම හා එහි විශේෂ සමුළුව කොළඹ පිහිටි සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී අද (22) පෙරවරුවේ පැවැති අවස්ථාවට සහභාගි වෙමිනි.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වැඩපිළිවෙළ මූලික කරුණු පහකින් සමන්විතය. එහිදී ”ජනතාවාදී පාලනයක්” යන ප‍්‍රධාන කරුණ යටතේ රාජ්‍ය ව්‍යුහය, මූලික අයිතීන්, ජාතික ආරක්ෂාව, ජාතික සමඟිය, විදේශ ප‍්‍රතිපත්තිය යන අනුකරුණුත්, ”උසස් මානව සම්පතක්” යන ප‍්‍රධාන කරුණ යටතේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ජලය, ආහාර, පෝෂණය හා සනීපාරක්ෂාව, ක‍්‍රීඩා හා ශරීර සුවතාව, විද්‍යා හා තාක්ෂණ යන අනුකරුණුත්, ”නවීකරණය හා කාර්මීකරණය වූ රටක්” යන ප‍්‍රධාන කරුණ යටතේ ආර්ථික ක්ෂේත‍්‍රය, කර්මාන්ත, කෘෂිකර්මාන්තය, පශු සම්පත්, ධීවර හා ජලජ කර්මාන්තය, වැවිලි කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ඉඩම්, ජල කළමනාකරණය හා වාරිමාර්ග, දේශීය හා විදේශීය වෙළදාම, මූල්‍ය ක්ෂේත‍්‍රය, බලශක්තිය, ප‍්‍රවාහනය හා මහාමාර්ග, නිවාස, පරිසරය, රැකියා, විදේශගත ශ්‍රී ලාංකිකයන්, ග‍්‍රාමීය සංවර්ධනය යන අනු කරුණුත්, ”සාධාරණ සමාජයක්” යන ප‍්‍රධාන කරුණ යටතේ ආණ්ඩුවේ කාර්යභාරය නමින් මූලික මිනිස් අයිතීන්, අධිකරණය, අපරාධ හා බන්ධනාගාර, කාන්තා හා ළමා අයිතිවාසිකම්, වැඩිහිටි, ආබාධිත සහ වෙනස් වූ හැකියාවන් සහිත පුරවැසියන්, සමාජ සුබසාධනය, නාස්තිය, දුෂණය සහ වංචා වැළැක්වීම යන කරුණු සහ පෞද්ගලික සමාගම්වල හා ආයතනවල කාර්යභාරය, පවුල සහ පුද්ගල කාර්යභාරය යන අනුකරුණු සහ ”නිවහල් මිනිසෙක්” යන ප‍්‍රධාන කරුණ යටතේ කලාව සහ අනෙක් ක්ෂේත්‍ර රාජ්‍ය බලපෑමෙන් නිදහස් කිරීම පිළිබඳ කරුණු ඇතුළත් වේ.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්
ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහ දෙපක්ෂය වසර 67 ක් මොනවද කළේ ?
පිවිතුරු යහපාල Wednesday, 22 July 2015 02:38 PM
හරියට අයිසින් කල ලස්සන කේක් ගෙඩියක් වගේ.. කන්න කැපුවම මැද රිජි ෆෝම්. අපි නොදන්නා ජේ වී පි ෂෝ.(ර)
ජගත් Wednesday, 22 July 2015 03:03 PM
පිවිතුරු යහපාලවගේ වයසක අයට මේ අලුත් ක්‍රම ඇලජික්. (බ)
රණසිංහ Sunday, 26 July 2015 01:32 AM
නිදහස් අධ්‍යාපනය, නොමිලේ සුව සේවා, රටෙන් 1/5 ක් වනාන්තර ඉතිරිවීම... ලෝකයේ අනිත් රටවලට නැති ගොඩක් ඒවා පක්ෂ දෙකෙන්ම කළා. (නි)
වින්සන්ට් Wednesday, 22 July 2015 11:45 AM
ජයවේවා! අලුත් ක්‍රමවේදයක් සමඟ නව පාලනයක් අත්හදා බැලීම අද යුගයේ අවශ්‍යතාවයකි. විශේෂයෙන් තරුණ පරපුරේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනිසිටීම ගැන සතුටු වියයුතුය. (අ)
ලාල් Wednesday, 22 July 2015 01:20 PM
අශීක්කිත දේශපාලන ක්‍රමය අතුගා දමා,නවමාවතකට ගමන් කරන්න වෙරදරන ජනතා විමුක්ති පෙරමුණවටා එක්වෙමු.ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා..! (අ)