IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මහ පක්ෂ දෙකටම ජය විශ්වාසයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ දූතයෙකු ජනපති සිරිසේනගේ ලිපියක් රැගෙන මිරිහානේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ආ අවස්ථාවේ ඔහු එහි සිටියේ නැත.එම ලිපිය භාර කෙරුනේ නිවසේ සේවකයෙකු අතටය.

මේ බව වහාම කුරුණෑගල සිටි මහින්ද රාජපක්ෂට දැනුම් දෙනු ලැබිණ.එම ලිපිය විවෘත කර එය බැසිල් රාජපක්ෂට ෆැක්ස් කරන්නැයි ඔහු උපදෙස් දුන්නේය.බැසිල් රාජපක්ෂයගන් එම ලිපියේ තිබෙන්නේ කුමක්දැයි අසා දැනගැනීම ඔහුගේ අරමුණ වුනි.

හිටපු ජනපතිවරයා මෙසේ කටයුතු කරමින් සිටිනාතුර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ ලිපිය එකිනෙකා අතර වේගයෙන් හුවමාරු වෙමින් පැවතින.කවුරුන් එය අන්තර්ජාලයට එක් කළේදැයි කිසිවෙක් දැන සිටියේ නැත.පිටු පහකින් සමන්විත වූ ලිපිය රටේ ජනපති හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන,හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙත යවන බව සඳහන් විය.

‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 113 ක් ලබාගැනීමට සමත් වන්නේ නම් අගමැති ලෙස නම් කෙරෙන්නේ ඔබ නොව පක්ෂයේ වෙනත් ‍සාමාජිකයෙකි. ‘‘

මහින්ද රාජපක්ෂට අගමැති පුටුවට පත්වීමේ කිසිදු අවස්ථාවක් නැතැයි සෘජුවම සඳහන් නොකිරීමට ජනපතිවරයා වගබලාගෙන තිබුණි.ඒ වෙනුවට අනතුරු ඇගවීමක්,නොඑසේනම් මහින්ද රාජපක්ෂට අගමැති ධූරය ලබාදීම ගැන තමන්ට ඇති නොකැමැත්ත පවසා සිටීමක් ලෙස ජනපති සිරිසේනගේ එම සටහන දැක්විය හැකිය.රටේ ව්‍යවස්ථාවත්,ජනපතිවරයා ලෙස තමන්ට ඇති වගකීමත් ගැන විශේෂ අදහස් පළකිරීමක්ද ඔහු සිදුකර තිබුණි.

‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 113 ක් ලබාගත නොහැකිවුවද,එයට ඉතා ආසන්නයට පැමිණෙන්නට හැකිවුවහොත් මම විධායක ජනපතිවරයා ලෙස මැදිහත්ව අඩු ආසන ගණන සම්පූර්ණ කිරීමට සූදානමින් සිටිමි.‘‘‍

මෙම සඳහන ඉතාම වැදගත්ය.අඩු ආසන ගණන සම්පූර්ණ කිරීමට ජනපති සිරිසේනට සිදුවනු ඇත්තේ බහුතරය ලබාගත නොහැකිවන පක්ෂ වල සහය පැතීමටය.එක්සත් ජාතික පක්ෂයේ පවා ආධාරය ලබාගැනීමට ඔහු කටයුතු කරනු ඇත.කෙසේවුවද කුමක් සිදුවේදැයි යන්න දැකගත හැකිවනු ඇත්තේ අද පැවැත්වෙන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුවය.

ලිපිය කියවන්නට අවස්ථාවක් නොලැබුණද එහි අන්තර්ගතය ගැන මහින්ද රාජපක්ෂට ඒ වන විටත් දැන සිටියේය.“මම දන්නේ නැහැ ඒක පෙම් ලිපියක්ද එහෙමත් නැතිනම් වෙන්වීමේ ලිපියක් කියලා “ බ්‍රහස්පතින්දා රැයේ කඩවතදී පැවැත්වුනු එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියකදී ඔහු අදහස් දැක්වූවේ එසේය.නමුත් සිකුරාදා රාත්‍රියේ කුරුණෑගල පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන අවසන් රැස්වීම අමතමින් “මට ලැබිලා තියෙන්නේ පෙම් හසුනක්“ යැයි ඔහු පවසා සිටියේය.මේ අතර සන්ධාන මහලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත මිරිහානේ රාජපක්ෂ නිවසේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයින් අතර විශේෂ හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිටියේය.ජනපති සිරිසේනගේ ලිපිය සම්බන්ධයෙන් තම මතය ඔහු ඒ වන විටත් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.මහින්ද රාජපක්ෂට අගමැතිධූරය නොලැබෙන්නේ නම් එය හිමිවිය හැකි පක්ෂ සාමාජිකයින් වන නිමල් සිරිපාල ද සිල්වා,ජෝන් සෙනෙවිරත්න,චමල් රාජපක්ෂ,ඒ.එච්.එම් ෆවුසි,සුසිල් ප්‍රෙම්ජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,ආතාවුද සෙනෙවිරත්න යන සියලු දෙනා අතර එකඟතාවක් ඇති කර තමන් වෙනුවට මහින්ද රාජපක්ෂවම පත්කරගන්නැයි ජනපතිවරයාගෙන් ඉල්ලා සිටීම මෙම හමුව පැවැත්වීමේ අරමුණ විය.

මේ හත් දෙනා වෙනුවෙන්ම තමන් අදහස් දක්වන බව පවසා සිටි ජොන් සෙනෙවිරත්න හිටපු අමාත්‍යවරයා ඔවුන් කිසිම විටෙකදීවත් මහින්ද රාජපක්ෂ වෙනුවට අගමැතිධූරය ලබාගැනීමට සූදානම් නැති බව අවධාරණය කළේය.මේ සම්බන්ධයෙන් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්තද විශේෂ අදහස් දැක්වීමක නිරත වුනි.නිදහස් පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ හෙතෙම මහින්ද රාජපක්ෂ වෙනුවට අගමැතිධූරය ලබාගැනීමට මේ හත්දෙනාගෙන් කිසිවෙකුත් සූදානම් නැතැයි සඳහන් වන ලිපියක් හත්දෙනාගේම අත්සන් ඇතිව ජනපති සිරිසේන වෙත යැවීමට කටයුතු කළ බව පැවසීය.නමුත් සන්ඩේ ටයිම්ස් හට දැනැගැනීමට ලැබී ඇති අයුරින් එම්.එච්.එම් ෆවුසි මෙම ලිපියට අත්සන් තබා නැත.ලිපිය සකස් කර ඇත්තේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාය.සියලු අපේක්ෂකයින්ට සාධාරණය ඉටුවන පරිදි ජනපති සිරිසේන මහින්ද රාජපක්ෂ වෙත යැවූ ලිපිය නැවත නැවතත් ප්‍රචාරණය කිරීම වාරණය කෙරෙන නියෝගයක් මාධ්‍යයන් වෙන නිකුත් කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටීමටද සන්ධානයේ මහලේකම් ලෙස තමන් කටයුතු කළ බව ප්‍රෙම්ජයන්ත කීය.සන්ධාන නියෝජිතයින්ගේ අත්සනින් යුතු පෙත්සමකින් අගමැති ලෙස රාජපක්ෂ පත්කරන්නැයි ඉල්ලා සිටීමට ඇති හැකියාව පිළිඹදවද පක්ෂ නායකයෝ සොයාබලමින් සිටිති.

 

යාපා ගේ හා ප්‍රෙම්ජයන්ත ගේ මහලේකම් තනතුරු අහෝසි කිරීමට ජනපති සිරිසේන කටයුතු කිරීම කිසිවෙකුත් අපේක්ෂා නොකළක් විය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩබලන මහලේකම් ලෙස ජනපති සිරිසේනගේ නියමයෙන් දැනට පත්ව සිටින්නේ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාය.නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස පත්ව සිටින්නේ මෙවර මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කරන දුමින්ද දිසානායක මහතාය.දෙදෙනගේ කටයුතු යාපාගේ හා ප්‍රෙම්ජයන්තගේ බලපෑමකින් තොරව සිදුකරගෙනයෑමට කොළඹ දිසා අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමටද ඔවුහු කටයුතු කළහ.තමන්ගේ අදහස් දැක්වීමකින් ප්‍රධාන පක්ෂ වලට අවාසි සහගත තත්ත්වයක් ඇතිවිය හැකි හෙයින් මේ සම්බන්ධයෙන් කිසිත් ප්‍රකාශ නොකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සන්ඩේ ටයිම්ස් හා පැවසීය.ජනපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ මහලේකම්වරුන් වෙනස් කිරීමට ඔහු කටයුතු කර ඇත්තේ සන්ධානය ජයග්‍රහණය කළහොත් ජාතික ලැයිස්තුව මාර්ගයෙන් තම හිතවතුන් කිහිපදෙනෙකු පාර්ලිමෙන්තුවට ඇතුල් කරගැනීමට මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ඇතැයි සැළකිය හැකි නිසාය.මෙය සිදුවනු ඇත්තේ දැනට සන්ධානය ඉදිරිපත්කර තිබෙන සන්ධාන නාමයෝජනා ලැයිස්තුවේ වෙනසක් සිදුකරය.ජාතික ලැයිස්තුව මාර්ගයෙන් හිතවතුන් පාර්ලිමෙන්තුවට පත්කරගැනීමට ජනපති සිරිසේන කටයුතු කරමින් සිටින බවට රාජපක්ෂ කඳවුරෙන්ද මෙලෙසම චෝදනා නැගේ.

රාජපක්ෂගේ මිරිහාන නිවසේ පැවැත්වුනු හමුවේදී ජනපතිගේ ලිපියට මහින්ද රාජපක්ෂද පිළිතුරු ලිපියක් යැවිය යුතුයැයි තීරණය විය.ඒ අනුව පිටු තුනකින් යුතු පිළිතුරු ලිපියක් ජනපති සිරිසේන වෙත යැවීමට රාජපක්ෂ කටයුතු කළේය.එම ලිපියේ අන්තර්ගතය කෙටියෙන් කිවහොත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇතැයි සඳහන් කර තිබීම සතුටට කරුණක් බවත්,ජනවාරි මස 8 වැනිදා ජනතා තීන්දුවට ගතකර තමන් ජනපතිධූරය අතහැර නික්ම ගියා සේ,පක්ෂයේ නායකත්වය භාරදුන්නා සේ,මෙවර මැතිවරණයෙන් ලැබෙන ජනතා තීන්දුවට ජනපති සිරිසේනද ගරුකරනු ඇතැයි තමන් සිතන බවත් එහි විය.

‘‘ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ නායකයා,ඒ කියන්නේ ජනපතිවරයාට පක්ෂ සාමාජිකයෙක්ගේ තනතුර අත්හිටුවන්න පුලුවන්.නමුත් ඔහුට බැහැ ඒ සාමාජිකයා වෙනුවට,විශේෂයෙන් ඒ සාමාජිකයා පක්ෂයේ තනතුරක් දරන කෙනෙක් නම්,අලුත් කෙනෙක් පත්කරන්න.ඒ බලය තියෙන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට.අනෙක ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයාට කොහෙත්ම හැකියාවක් නැහැ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඉවත් කරන්න.මේක වෙන්න පැය 24 කට ඉස්සෙල්ලා ජනපතිවරයාමයි මට කිව්වේ මහින්ද රාජපක්ෂටත් වඩා ප්‍රෙම්ජයන්ත හරි යාපා හරි තමයි අගමැති විදිහට පත්කරන්න සුදුසු කියලා.‘‘ යැයි සන්ධාන මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වීය.නාමයෝජනා භාරදීමෙන් පසුව පක්ෂ මහලේකම්වරුන් වෙනස් කළ නොහැකි බවට කළ ප්‍රකාශයක් මැතිවරණ කොමසාරිස්වරයාට යළි සිහිකැඳවනු වස් ඔහු වෙත විශේෂ ලිපියක් යැවීමටද එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කර ඇති බවද ඔහු වැඩිදුරටත් කීවේය.

ජනපති සිරිසේනගේ ලිපිය එක්සත් ජාතික පක්ෂයේද අවධානය දිනාගැනීමට සමත්විය.මුලින්ම ලිපිය යැවීමේ අරමුණ ගැන සාකච්ඡා කළ එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ අවධානය ඉන් අනතුරුව යොමුවූයේ එහි අන්තර්ගත කරුණු කෙරෙහිය.එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 113 ක් හෝ ඒ ආසන්නයට පැමිණීමට සමත්වන්නේ නම් බහුතරය සපයාගෙන නව රජයක් පිහිටුවීමට යන බවට ජනපතිවරයා සඳහන් කර තිබීම මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කරන බවට ‘වැරදි‘ මතයක් ජනතාව අතරට ගෙනයන බව ඔවුන්ගේ අදහස විය.ජනපතිවරයා ජාතික රජයක් පිහිටුවීමට යන්නේ එක්සත් ජාතික පක්ෂයට ආසන 113 ක් ඉලක්කය සපුරා ගත නොහැකි අවස්ථාවකදැයි යන්නද ඔවුන් අතර සාකච්ඡාවට බදුන් විය.

කෙසේවුවත් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් කලබලයට පත්ව නැති බව එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන්ම නිවේදනය කළේය.

‘‘අපට අනෙක් පක්ෂ වල අර්බුද වලින් වැඩක් නැහැ.රජයක් පිහිටුවීමට අවශ්‍ය බලය ජනතාව එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන බව විශ්වාසයි.රනිල් වික්‍රමසිංහටයි අපේ අනෙක් අපේක්ෂකයින්ටහි ඉහළ ජනප්‍රසාදයක් තිබෙන බව අප හොඳින්ම දුටුවා.‘‘ යැයි කරූ ජයසූරිය මහතා පැවසීය.

‘‘ලිපියෙන් පේනවා ජනපතිවරයා සැරසෙන්නේ හවුල් ආණ්ඩුවක් ගොඩනගන්න බව.මහින්ද රාජපක්ෂට අගමැති වෙන එක දැන් හීනයක්ම තමයි.රටේ පක්ෂ එකතුවෙනකොට ඔහුගේ කණ්ඩායමට වෙන්නේ ඒ අය අතරින් කොන්වෙලා යන්න.මේ වගේ තත්ත්වයක රජය ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමසන්නට ප්‍රබල විපක්ෂයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.‘‘ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සන්ඩේ ටයිම්ස් හා පැවසීය.

 

මැතිවරණයට පෙර ගෙවෙමින් තිබෙන මේ අවසන් පැය කිහිපයේ සියලු ආකාරයේ මාධ්‍ය වලට මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග වලට අනුව කටයුතු කිරීමට සිදුව තිබේ.

නමුත් පසුගිය බදාදා පැවති විශේෂ හමුවකදී බොහෝමයක් සතිඅන්ත පුවත්පත් පළකරන දේශපාලන තීරුලිපි සම්බන්ධයෙන් අදහස් දැක්වීමක නිරත වූ ඔහු දේශපාලන කරුණු මිස කිසිඳු දේශපාලන පක්ෂයකට පක්ෂපාතී වන අදහස් පළ නොවන්නේනම් පමණක් එම තීරුලිපි පළකිරීමට අවස්ථාව හිමි බව පවසා සිටියේය.

‘‘දේශපාලන පක්ෂයක හෝ දේශපාලඥයෙක් ගැන සඳහන් වෙන වෙළද දැන්වීම් පළකරන්න,විශේෂ අතිරේක පළකරන්න,සම්මුඛ සාකච්ඡා පවත්වන්න,කිසියම් දේශපාලඥයෙක් පවත්වපු මාධ්‍ය හමුවක් ගැන පළකරන්න, අගෝස්තු 15, 16, 17 දිනවලදී කිසිදු මාධ්‍ය ආයතනයකට අවස්ථාවක් නැහැ.ඒ වගේම කාටූන් ආදියත් පළකරන්න බැහැ.‘‘

‘‘අගොස්තු 14 වැනිදා පැවැත්වුනු දේශපාලන පක්ෂ රැස්වීම්,මාධ්‍ය හමු වගේ දේවල් ගැන 15 වැනිදා මාධ්‍ය වල පළවෙනවාට මගේ විරෝධයක් නැහැ.නමුත් සියලුම දේශපාලන පක්ෂ පළකරලා තිබෙන අදහස් වලට සමාන ඉඩක් හිමිව තිබිය යුතුයි.‘‘ ඔහු එම හමුවේදී වැඩිදුරටත් කීය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ දැඩි ප්‍රතිපත්තීන් නිසා මෙවර මැතිවරණය ප්‍රචාරණ සමයේ දේශපාලන පක්ෂ අතර ගැටුම් ඇතිවූ බවක් වාර්තා නොවූ තරම් විය.පොස්ටර් කට්අවුට් ප්‍රදර්ශනය කිරීම් ආදියේද සැළකිය යුතු පහළ යෑමක් දැකිය හැකිවිය.

 

මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග අකුරටම ක්‍රියාත්මක කරමින් සිටි පොලිසිය හා මැතිවරණ කොමසාරිස් කාර්යාලය ජනපතිවරයා මෙවන් ලිපියක් නිකුත් කරනු ඇතැයි කිසිඳු අවස්ථාවක අපේක්ෂා නොකළේය.බ්‍රහස්පතින්දා රැයේ විකාශනයවුනු දේශපාලන සංවාද වැඩසටහන් බොහෝමයකදීම මේ කරුණ ඉස්මතු කෙරිණ.ලිපිය තම තමන්ගේ වාසියට යොදාගැනීමට එම වැඩසටහන්වලට සහභාගීව සිටි පක්ෂ අපේක්ෂකයින් කටයුතු කරන අයුරුද දැකගත හැකිවුනි.එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු පවසා සිටියේ සන්ධානයේ ජයග්‍රහණය කරන බව ජනපතිවරයාද පිළිගෙන ඇති බවයි.එයට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ අගමැති නොකරන බවට ජනපතිවරයා පැහැදිලිවම සඳහන් කර තිබෙන හෙයින් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය වැඩකට නැති දෙයක් බවට පත්ව ඇතැයි කීවේය.ඔවුන් සියලුදෙනා අත ජනපතිවරයාගේ ලිපියේ පිටපත් තිබුණි.ඔවුන් ඒවා ලබාගෙන තිබුණේ එකම වෙබ් අඩවියෙන් බවද පැහැදිලිව දැකගත හැකිවිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට තමන්ගේ රුව යොදාගැනීම සම්බන්ධයෙන් ජනපතිවරයාගේ කිසිදු මනාපයක නොතිබූ බව රහසක් නොවේ.‘‘එයාලා පක්ෂය ආරක්ෂා කරගන්න කිය කිය මගේ රූපය පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට යොදාගත්තු හැටි මම බොහොම ඉවසිල්ලෙන් බලා හිටියා‘‘. ජනපතිවරයා වරක් පැවසීය.තමන්ගේ අනුදැනුමකින් තොරව මෙසේ ඡායාරූප යොදාගෙනත තිබෙන බවත්,මෙම මැතිවරණයට තමන් කිසිදු අයුරකින් දායක වන්නේ නොමැති බවත් ඔහු තම ලිපියේ සඳහන් කර ඇත.

ජනපති සිරිසේනගේ ලිපියෙන් චෝදනාවට ලක්කෙරී ඇති තවත් පුද්ගලයෙකු වන්නේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය.මහින්ද රාජපක්ෂ හා තමන් අතර තිබූ මිතුදම විනාශ වීමට හේතුවූයේ බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකාරකම් යැයි ඔහු චෝදනා නගා තිබේ.

‘‘ඔහු උත්සාහ කළා මාව වැඩකට නැති,අසාර්ථක දේශපාලඥයෙක් බවට පෙන්වා දෙන්නට.බැසිල්ගේ කටයුතු නවත්වා පක්ෂයේ මගේ ස්වාධීනත්වය ආරක්ෂා කර දෙන්න නායකයා හැටියට ඔබ කටයුතු කරාවි කියා මා අපේක්ෂා කළා.නමුත් ඔබ කිසිම දෙයක් කළේ නැහැ.ඔබේ ඇස් ඇරුනේ මා විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස තෝරාගත්තාටත් පස්සේ‘‘. යැයි ජනපති සිරිසේන පවසා ඇත.

ජනපති සිරිසේනගේ මෙම චෝදනාව බැසිල් රාජපක්ෂගේද අවධානයට ලක්ව තිබෙන්නකි.‘‘මට සතුටුයි ජනපති සිරිසේන මහින්ද රාජපක්ෂට නැතිව මට චෝදනා කරලා තියෙන එක ගැන,‘‘ යැයි ඔහු මේ සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ ජේෂ්‍ය්ඨ සාමාජිකයෙකු හා අදහස් දැක්වූ අවස්ථාවක කීය.2005 දී මහින්ද රාජපක්ෂ අගමැතිව සිටි සමයේ එවක ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද, ඔහුට මෙවැනිම ලිපියක් එවූ අන්දමද ඔහු සිහිකැඳවීය.එම ලිපියේ කරුණු නම් මාධ්‍ය වෙත නිකුත් නොවූ බව ඔහු පැවසීය.

මැතිවරණ තරග බිමට නොපැමිණියේනම් පහසුවෙන්ම රටේ සියලු ජනතාවගේ සහය එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත ලබාගැනීමට තිබුණු බවද,තමන් ව්‍යවස්ථාවෙන්ම සළසාදී ඇති පහසුකම් නිසා පසු අවස්ථාවක ගෞරවාන්විත ලෙස දේශපාලනය හා නැවත වරක් සම්බන්ධවිය හැකිව තිබුණු බවද මහින්ද රාජපක්ෂ වෙත යැවූ ලිපියේ ජනපති සිරිසේන සඳහන් කර තිබේ.ඔහු වටා එක්ව සිටින්නවුන් ජාතිවාදය අවුලුවන ප්‍රකාශයන් සිදුකරමින් ජනතාව අතර වැරදි මතයක් ගොඩනගා රට නැවත අරාජික කිරීමේ උත්සාහයක නිරත වන බවද ජනපතිවරයා පවසා ඇත.

මහින්ද රාජපක්ෂ වෙනුවට පක්ෂයේ සාමාජිකයින් අතුරින් කෙනෙකු තෝරාගන්නා බව ඔහු විශේෂයෙන් සඳහන් කර තිබේ.ජනපතිවරණයෙන් පසු නොයෙක් පන්සල් වලට යමින් පිහිට ඉල්ලා සිටියද,මැතිවරණ වේදිකාවෙදී පළකරන වෛරී අදහස් නිසා එසේ ගියද කවර පිහිටක්වත් නොලැබෙන බව තමන්ගේ අදහස යැයිද වර්ගවාදී,ජාතිවාදී ප්‍රකාශයන් කිරීම නවත්වා එක්සත් ජනතා නිදහස් සන්ධාන එක්සත් කර වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේයැයිද ලිපිය අවසානයේ ජනපති සිරිසේන සටහන් කර ඇත.

 

මැතිවරණය නිමිති කොටගෙන උතුරු පළාත් මහ ඇමති සී.වී.විගනේෂ්වරන් නිකුත් කළ පිටු පහක ලිපියක් උතුරේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිකිරීමට හේතුවී තිබේ.එහි කොටසක සිංහල පරිවර්තනය මෙසේය.

 

‘‘ දෙමළ ජාතිකයින් වශයෙන් අපගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින,අපටත් තීරණ ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයකටයි ඔබ ඡන්දය ලබාදිය යුත්තේ.මුල්ලිවයික්කාල් ඛේදචවාචකයෙන් පස්සෙත් ඒ පක්ෂය දෙමළ මාතෘ භූමියක් වෙනුවෙන් අපට තිබෙන ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන පක්ෂයක් වීමත් වැදගත්.දෙමළ ජාතිකයින් සමූල ඝාතනය වීමට එරෙහිව නොබියව පෙනී සිටින්නටත්,යුධ අපරාධ සම්බන්ධයෙන් කෙරෙන අන්තර්ජාතික පරීක්ෂණයකට පදනම් විරහිතව සහය දක්වන්නටත් එම පක්ෂයට හැකියාවක් තිබෙන්න ඕනේ.දෙමළ ජාතිකයින්ගේ ගෞරවය,ඔවුන්ටත් සමාන අවස්ථා ලබාගන්න ඇති අයිතිය,ආරක්ෂාව වගේ කරුණු සම්බන්ධයෙන් සෘජු ප්‍රතිපත්තියක සිට එම පක්ෂය කටයුතු කරන්න අවශ්‍යයි.ඔවුන්ට තිබිය යුතු වෙනවා පශ්චාත් යුධ සමයේ සිදුවන සාමය හා සංහිදියා ක්‍රියාවලීන් මීට වඩා කාර්යක්ෂම කරන්න ක්‍රමවේදයක්.දේශපාලන සිරකරුවන් කියමින් අත්අඩංගුවට ගනු ලැබුණු අපේම සහෝදර සහෝදරියන්ට අත්වුනු ඉරණම ගැනත් සොයාබලන්න ඔවුන්ට පිළිවන් විය යුතුයි.‘‘

විගනේෂ්වරන්ගේ මෙම ලියවිල්ල ඔහුගේ මව් පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර තිබෙන මැතිවරණ ප්‍රකාශය හා කිසිදු අයුරකින් නොගැලපෙන්නකි.‘‘ඔය ගැන අදහස් දක්වන එකේ තේරුමක් නැහැ‘‘. මේ සම්බන්ධයෙන් විමසූ විට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පැවසූයේ එසේය.

 

අර්බුදකාරී වාතාවරණයන් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන අන්තර්ජාතික අර්බුද පිළිඹද සංවිධානය නිකුත් කර තිබෙන ‘‘මැතිවරණය හා ශ්‍රීලංකාවේ තත්ත්වය‘‘ යන වාර්තාවේ සඳහන් වන්නේ මෙලෙසය.

‘‘එක්සත් ජාතික පක්ෂය රටේ බෙදීමක් ඇතිකරන්නට යන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය තම ප්‍රධාන සටන් පාඨය බවට පත්කරගෙන ඇති අයුරක් පෙනේ.මෙනිසා මෙවර මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ගෙනයන සිංහල ජනතාවාදී මැතිවරණ ව්‍යාපාරය කෙතරම් දුරට සාර්ථකදැයි යන්න පැහැදිලිව දැකගත හැකිවුනු ඇත.එලෙසම වංචාවට හා දූෂණය සම්බන්ධයෙන් ජනතාව අතර පවතින අදහස් ගැන වඩා ගැඹුරු විවරණයක් සිදුකිරීමට අවස්ථාව සැළසෙනු ඇත.‘‘

 

පහත දැක්වෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කර තිබෙන උපදෙස් වලට අනුව පළකෙරෙන මෙම වාර්තාවේ සංක්ෂිප්ත සටහනකි.

 

‘‘ ජූනි මාසය වන විට කිසියම් පසුබැස්මකට ලක්වුවද ජනපති සිරිසේන තම පාලන සමයේ පළමු මාස 6 දී සාධනීය ප්‍රගතියක් අත්කරගැනීමට සමත් විය.19 A ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට හැකිවීම එම සමයේ වැදගත්ම සිදුවීම වුනි.ඉදිරිපත් කෙරුනු යෝජනාවලිය අවස්ථා  කිහිපයකදීම සංශෝධනයට ලක්ව එහි ඇතැම් වැදගත් කරුණු ඉවත්වීම,වැදගත් නොවන වෙනත් කරුණු එක්වීම ආදිය සිදුවූවත් 19 A ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් විධායක ජනපති බලතල යම්තාක් දුරට කප්පාදු කිරීමටත්,ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට අවස්ථාව සළසාදීමටත් ජනපති සිරිසේන කටයුතු කිරීම අගය කළ යුතුය.තනි පුද්ගලයෙකු වටා බොහෝ කාලයක් මුලුල්ලේ එක්රැස්ව තිබූ බලය නියමිත පරිදි බෙදී යෑම ආරම්භ වූයේ එතැනින්ය.මේ හා සමගම නව රජය පසුගිය රජය සමයේ විවිධ දූෂණ හා වංචා කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයින් ඉලක්ක කර පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමද ඇරඹීය.

නමුත් මේ දක්වාම කිසිදු අයෙක් නීතියේ රැහැනට හසුකරගැනීමට නොහැකිව තිබීම ජනාධිපතිවරණ සමයේ පොදු විපක්ෂයේ වේදිකාවෙන් ඇසුණු චෝදනා වල පදනම ජනතාව අතර ප්‍රශ්න කිරීමට ලක්කර ඇත.පරීක්ෂණ පැවැත්වෙතත් දේශපාලන මිතුරු සබදකම් මත ප්‍රතිඵල යටගැසීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවට සැකයක්ද ඇත.ජනතාවට විශ්වාසය තැබිය හැකි දේශපාලන පරිසරයක් කවදා ශ්‍රීලංකාවේ ඇතිවනු ඇත්දැයි යන්න මෙනිසාවෙන්ම මහත් ගැටලුවකි.‘‘

 

‘‘නව රජයේ බිද වැටීම ආරම්භ වූයේ දින සියයයේ වැඩපිළිවෙලෙන් පොරොන්දුවූ පරිදි අප්‍රේල් මාසයේ මැතිවරණය පැවැත්වීමට නොහැකිවූ දිනයේ සිටය.නව රජයේ ඇමතිවරුන්ගේ විවිධ ප්‍රකාශනයන්,ඔවුන් දුන් විවිධ පොරොන්දු,දින සියයයේ වැඩපිළිවෙල හරියාකාරව ක්‍රියාවට නැංවීමට නොහැකිවීම, තත්ත්වය තවත් බරපතල කිරීමට සමත්වුනි.එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන පක්ෂ නියමිත පරදි මැතිවරණය කැඳවන්නැයි ඉල්ලා සිටියද තම පක්ෂගේ ගැටලු විසදාගැනීමට යොමුවී සිටීම නිසා ජනපති සිරිසේන ඔවුන්ගේ ඉල්ලීමට කන් නුදුන්නේය.මහින්ද රාජපක්ෂගේ අණසක කටතේ වසර 10 කට ආසන්න කාලයක් පාලනය වුනු පක්ෂය තම නව නායකත්වය යටතට ගැනීම ඔහු හමුවේ තිබුණු විශාල අභියෝගයක් විය.‘‘

‘‘පාර්ලිමෙන්තුවේ බහුතර බලයක් තිබුණු ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික රජයක් පිහිටුවීමට ජනපති සිරිසේන දැරූ උත්සාහයට වැඩි සහයක් ලබානුදුන්නේය.බොහෝමයක් නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් දිගින් දිගටම පෙනී සිටියේ මහින්ද රාජපක්ෂ වෙනුවන්ය.‘‘

‘‘මෙයත් සමග ජනපති සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධානය බහුතරයක් ලබාගත්තද අගමැති ධූරය මහින්ද රාජපක්ෂට ලබානොදෙන බවට පැහැදිලිව සඳහන් කර ඇත.රාජපක්ෂ පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන්ද ඔහුගේ මනාපයක් නොතිබුණි.මේ හමුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂය සිදුකළාක් මෙන් පක්ෂ කිහිපයක් සමග එකතුව පොදු අරමුණක්,එනම් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරීමට, සංවිධානය වී සිටී.‘‘

‘‘එක්සත් ජාතික පක්ෂය ජාතික ගැටලුවට වැඩි අවධානයක් මෙවර යොමුකර නැත.පොරොන්දුවූ පරිදි ජාතීන් අතර සංහිදියාව තහවුරු කිරීමටද ඔවුන් නිසි වැඩපිළිවෙලක් දියත් කිරීමට අපොහොසත්ව ඇත.යුධ අපරාධ සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට වගකීම් සහගත දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමද ඔවුන් තවමත් ඉටුකර නැති පොරොන්දුවකි.මෙය අන්තර්ජාතික තලයේ නොඅනුමානවම ප්‍රශ්න කිරීමට ලක්වන්නක් වනු ඇත.අනෙක් පසින් රාජ්‍ය සේවය නගාසිටුවීමට,රාජ්‍ය ආයතන වල තත්ත්වය නගාසිටුවීමට පොරොන්දු දුන්නද තත්ත්වය තවමත් එසේමය.මෙයද එක්සත් ජාතික පක්ෂය හමුවේ ඇති අවාසිසහගත තත්ත්වයකි.‘‘

‘‘අලුතින් පත්වන නව රජය කුමක් වුවද එය හමුවේ තිබෙන පළමු අභියෝගය වන්නෙ සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විභාග වීමට නියමිත යුධ අපරාධ පිළිඹද වාර්තාවට පිළිතුරු සැපයීමය.යුධ අපරාධ පිළිඹද තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ,සංවිධාන ආදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට,එම කටයුතු සම්බන්ධයෙන් අන්තර්ජාතික සහය ලබාගැනීමේ වැඩපිළිවෙලක් ඇතිකිරීමට නව රජයට සිදුවනු ඇත.‘‘

‘‘ජාතික රජයක් පිහිටුවීම ජනපති සිරිසේනගේ අරමුණ වුවද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධානයේ ප්‍රතිපත්තිය බාධකයක් වනු ඇත.ශ්‍රීලංකාව දැන් සිටින්නේ වසර ගණනක් පුරා දිවූ ගැටලුවලට ස්ථීරසාර විසදුමක් ලැබෙන මානයකය.තත්ත්වය කෙසේවනු ඇත්දැයි තවත් දිනකින් දැනගත හැකිවනු ඇත.‘‘

 

මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ආරක්ෂාව තර කිරීමට පොලිසිය හා මැතිවරණ දෙපාර්තමෙන්තුව එක්ව අවශ්‍ය පියවර ගෙන තිබේ.ඊයේ දින රැයේ සිට අද දින උදයේ ඡන්ද විමසුම දක්වා ඡන්ද මධ්‍යස්ථාන වලට ඇතුල්වීමට පොලිස් නිළධාරීන්ට හා මැතිවරණ දෙපාර්තමෙන්තු නිළධාරීන්ට හැරෙන්නට අවසරය ඇත්තේ ග්‍රාමනිළධාරියාට හෝ ඔහුගේ අනුදැනුම මත පැමිණෙන පුද්ගලයෙකුට පමණි.ඔවුන්ගේ කාර්යභාරය වන්නේ එම නිළධාරීන්ට ආහාර හා නවාතැන් පහසුකම් සැපයීමය.කඩාකප්පල්කාරීන් වහාම අත්අඩංගුවට ගැනීමටද පොලිසියට උපදෙස් ලබාදී තිබේ.

අපේක්ෂකයින්ටද ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයකට ඇතුල්විය හැක්කේ එක් වරකට එක් අයෙකුට පමණි.එසේ පැමිණෙන අපේක්ෂකයෙක් මධ්‍යස්ථානයෙන් පිටතට යන තුරු අනෙක් අයට සිදුවන්නෙ පිටත රැදී සිටීමටය.පොලිස් නිළධාරීන් හැරෙන්නට අන් කිසිදු පුද්ගලයෙකුට ගිනි අවියක් අතැතිව මධ්‍යස්ථානයකට ඇතුල්වීමට අවසර නැත.මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර භාගයක් දුරට කිසිදු අයෙකුට මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල යෙදීම තහනම්ය.ඡන්ද දායකයින්ට අනිසි බලපෑම් කිරීමද දඩුවම් ලැබිය හැකි වරදකි.

එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සිටින්නේ පහසු ජයග්‍රහණයක් අපේක්ෂාවෙන්ය.උතුරේ දෙමළ ජාතික සන්ධානයද,දකුණේ ජනතා විමුක්ති පෙරමුණද සැළකිය යුතු මනාප සංඛයාවක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටී.පක්ෂ අතර ඇත්තේ තියුණු තරගයකි.මෙවර මැතිවරණය ශ්‍රීලංකාවට අතිශයින්ම තීරණාත්මක අවස්ථාවකි.

 



අදහස් (0)

මහ පක්ෂ දෙකටම ජය විශ්වාසයි

රන්ජිත් Monday, 17 August 2015 01:29 AM

ජාතිවාදය පරාජය කළයුතු වේ (නි)

:       0       0

ජනක Monday, 17 August 2015 01:37 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

සත්‍යයා Monday, 17 August 2015 01:51 AM

ජනවාරි 9 වෙනිදා මහින්ද රාජපක්ෂව ජනතාව ගෙදර ඇරියේ නායකත්ව ගුණාංග ඒ වනවිට පිරිහී සාමය වෙනුවට හිංසාව පෙරදැරිකරගත් භීෂණ යුගයක් බිහිකර තිබු නිසයි. වසර 10 ක් තිස්සේ හැදුනේ නැති මිනිහා මාස 7කින් අඩුපාඩු හදා ගනී කියලා විශ්වාස කරන්න අපහසුයි. මහින්ද රාජපක්ෂ යනු කවරෙක්ද කියා පසුගිය මාස කිහිපය තුළ වටහාගන්න අපහසු වූ මිනිසුන් මේ ඉදිරි පැය කිහිපය තුළ හෝ ජාතියේ නාමයෙන් ඔහු එන්න හදන්නේ කාටද කියලා තේරුම් අරගෙන ඔහුගේ ඉරණම තීරණය කරන්න. ඒ තුළ රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයිගේ ඉරණම කුමක්ද කියාත් ඉක්මනින් තීරණය වනු ඇත. (නි)

:       0       0

විජේසුරිය Monday, 17 August 2015 02:23 AM

ප්‍රතිඵල මට නම් දැන්මම වුණත් හිතාගන්න පුලුවන් (නි)

:       0       0

සත්‍යයා Monday, 17 August 2015 03:07 AM

මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්! කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අගමැති ධුරය සඳහා තරඟ කළ මහින්ද රාජපක්ෂ මහතා සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් ලෙස මැදමුලනට තෝරා පත් කර යැවීමට වයඹ වීරෝදාර ජනතාව අද දින උදැසනම තීරණය කර ඇත. (රට පුරා රතිඥ්ඥා පුරන හඬ..හ්ම්ම්..) (ම)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 17 August 2015 03:48 AM

මට තවමත් කණගාටු දේශපාලනඥයෝ සිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න ජන්ද දායකයෝ මෝඩයෝ ටිකක් කියලයි. ඒගොල්ලන්ට ජන්ද දායකයා මේපාර හොඳ පාඩමක් උගන්වන්ට ඕනේ. (ම)

:       0       0

ඇසළ Monday, 17 August 2015 03:59 AM

සත්‍යා ජාතිය සිංහලද? ආගම බුදුදහමද ? නැත්නම් මට පේන හැටියට කලවම්ද ? (නදී)

:       0       0

අමරවීර - බෙන්තොට Monday, 17 August 2015 04:19 AM

බුද්දිමත් ජනතාව තේරුම් ගන්න වෙනවා වඩාත් සුදුසුම රජය තෝරාගන්න (නදී)

:       0       0

දුමින්ද Monday, 17 August 2015 04:52 AM

හැමෝම තමන්ගේ බලය රැක ගැනීම හෝ වැඩිකර ගැනීම ගැන වැඩි අවදානය -රට-හෙට ගැන අඩු අවදානය (නදී)

:       0       0

උද්දික Monday, 17 August 2015 04:54 AM

එකම දෙයයි අපේ රටට වෙලා තියෙන්නේ. ඇස කන් වහන් ඉන්න නායකයන් පිරිසක් බිහිවෙලා තමන්ගේ බලය රැකීම සදහා. මට එක අතකට හිතෙනවා යුද්දය තිබ්බනම් හොදයි කියල. අපරාදේ එල් ටී ටී එක පරාජය කලේ කියලා. නගර සැලසුම් ක්‍රියාත්මක කලේ කියලා. කලකිරීමක් ඇතිවෙනවා අපේ මිනිස්සු මෙහෙම හැසිරෙන එක ගැන. දින 100 ගැන තිබ්බ විශ්වාසයත් ගියා. මොකද තනිකරම බොරු විතරයි. (නදී)

:       0       0

සත්‍යා Monday, 17 August 2015 05:16 AM

රට රැක ගැනීමට ඡන්දය දෙමු (නදී)

:       0       0

ගජේන්ද්‍ර Sunday, 16 August 2015 11:10 AM

ජයවේවා! (නි)

:       0       0

සරත් හේවා Sunday, 16 August 2015 11:33 AM

ජයවේවා බුලත් කොළයට! (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 16 August 2015 12:49 PM

කාලෝචිත ලිපියකි. සෑමදෙනාම කියවිය යුතුයි (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 17 August 2015 06:51 AM

හොරුන් නැත්තටම නැතිවෙවා ..යහපාලනයක් උදා වේවා . (අ)

:       0       0

එරන්ද Sunday, 16 August 2015 02:20 PM

මේ ලිපියේ ඇති කරුණු අපිට බොහොම ප්‍රයෝජනවත් (නි)

:       0       0

ටෙහාන් Sunday, 16 August 2015 02:35 PM

හොඳ දැනුවත් කිරීමක් (නි)

:       0       0

පෙරේරා Sunday, 16 August 2015 03:02 PM

වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම බෞද්ධ ආගමට විරුද්ධය. (නි)

:       0       0

රණසිංහ Sunday, 16 August 2015 03:04 PM

වසර 70 ක් තිස්සේ ප්‍රධාන පක්ෂ දෙකම රටට බොහෝ දේ ලබා දී ඇත. ලෝකයේ බොහෝ රටවල් අතර අපේ රට ඉදිරියෙන්ම සිටී. එසේම ලෝකයේ නිෂ්පාදන හැකියාවෙන්ද අප 39 වන තැන සිටී. හැකි පමණින් රට ආරක්ෂා කර ඇත. මේ සියලුම දේ කළේ කඩාකප්පල්කාරීන්ගේ උපරිම බාධා මැද ජනතාවගේ නිදහස රකිමිනි. එබැවින් කිසිදු පක්ෂයක් කෙරෙහි ඡන්දයෙන් පසු ද්වේශයක් ඇතිකර ගතයුතු නැත. (නි)

:       0       0

උදාරි Sunday, 16 August 2015 03:15 PM

රටේ අනාගතය වෙනුවෙන් අපේ ඡන්දය දෙමු (නි)

:       0       0

ජෙහාන් Sunday, 16 August 2015 03:41 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ලාල් Sunday, 16 August 2015 03:44 PM

ප්‍රතිඵල එනතුරු මොකුත් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

නඳුනි Sunday, 16 August 2015 04:51 PM

මහින්ද කොහොමත් දිනන එකේ මොන ලියුම්ද? (නි)

:       0       0

පාල Sunday, 16 August 2015 05:51 PM

මේ රටේ සියලුම දේශප්‍රේමී ජනතාව එක්සිත්ව මහින්ද වෙනුවෙන් ඡන්දය දී මහින්දවාදීන්ට පමණක් මනාප ලබාදෙන්න. මහින්දට ජයවේවා! (නි)

:       0       0

රාමන් Sunday, 16 August 2015 11:33 PM

මේ රට එක්සේසත් කළහැකි ශක්තිමත් නායකයෙක් පත්කරගනිමු. අප උපන් මාතෘභුමිය අපේ මනාපයෙන් රැකගනිමු. ශ්‍රී ලංකාවට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 183 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 177 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 574 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2387 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1213 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14630 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site