IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මහා පොහොර වංචාවක් අධිකරණයේදී එළියට

(රෝෂන් තුෂාර)

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ ගොවීන්ට ලබාදීමට රුපියල් 2500 කට ආනයනය කළ පොහොර මිටිය පුද්ගලික අංශයට 3500කට විකුණා අයුතු ලාභයක් ලබාගෙන තිබියදී එම පොහොර රුපියල් 1100කට ගොවි ජනතාවට ලබා දුන් බව පවසා රජයෙන් රුපියල් 1400ක සහනයක් ලබාගෙන රජයේ මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන ප්‍රධාන පෙළේ පොහොර සමාගම් හතක සහ ඊට අනුබල දුන් සිල්ලර කඩපහක(කොළඹ පෙට්ටිකඩ)බැංකු වාර්තා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට නියෝග කළේය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.

ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 වසරේ දියත් කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළේදී මෙරට පොහොර සමාගම් 18 විසින් රුපියල් 2500ට ආනයනය කළ පොහොර මිටිය රුපියල් 1100කට ගොවි ජනතාවට ලබදිය යුතුව තිබියදී , රුපියල් 3500කට කාබන් නිෂ්පාදන සමාගමකට අලෙවිකර ගොවින්ට ලබා දුන් බව අඟවමින් රජයේ මුදල් අවභාවිතා කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙසේ බැංකු වාර්තා කැඳවීමට නියෝග කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ සුමේධ පෙරේරා හා රුවන් චන්ද්‍ර යන මහත්වරුන් කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙම විමර්ශන ආරම්භ කර ඇත.

1982 අංක 17 දරණ පොදු දේපළ පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර අදාළ පොහොර තොග ඒකල හා පැහැදිලිගොඩ ප්‍රදේශයේ පිහිටි තොග ගබඩා මගින් නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි පොල්කටු අඟුරු මගින් කාබන් නිෂ්පාදනය කර අපනයනය කරන මෙරට කර්මාන්ත ශාලාවකට විකුණා ඇති බව මෙතෙක් කළ විමර්ශන මගින් අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

පොහොර මිලදී ගැනීම සඳහා ඉන්වොයිස් පත්‍ර ඉදිරිපත් කළ ආයතන පහක් පොහොර සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නොමැති බවත්,කොළඹ ප්‍රදේශයේ පිහිටි තේ අලෙවිසල්, කිරි අලවිසල් හා යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන මධ්‍යස්ථාන මගින්ද පොහොර ලබාදුන් බවට මුදල් ලබාගැනීමට ඉන්වොයිස් පත්‍ර යොමු කර ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.

අදාළ ආයතනවල සාක්ෂි සම්පීඩනයට වාර්තාවක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය එම ආයතනයන්හි බැංකු වාර්තා කැඳවීමට අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. රහස් පොලිසියේ ඉල්ලීම් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බැංකු වාර්තා කැඳවීමට නියෝග කරමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට දැනුම් ලෙස දන්වා විමර්ශන ගොනුව බහා තැබීය.

 



අදහස් (4)

මහා පොහොර වංචාවක් අධිකරණයේදී එළියට

රංබොඩ Saturday, 15 June 2024 10:37 AM

මෙව්වා වෙන්නේ ඇමැතිලාගේ අනුදැනුුම ඇතිවම වෙන්නත් පුළුවන්... කෝටි ගණන්නේ සල්ලි...!

:       0       0

Perera Saturday, 15 June 2024 12:43 PM

මේවා සේරම රාජපක්ෂලා මේ රටට හදුන්වා දුන්නු ගසා කන සංස්කෘතියේ ප්‍රතිඵල

:       1       6

සමන් විමල්Saturday, 15 June 2024 10:20 PM

හැම මගුලටම රාජපස්ස පෙන්නලා උම්බෑ කියන්ඩ එපා

:       2       0

මහයා Sunday, 16 June 2024 03:49 AM

ගසා කන සංස්කෘතිය නම් ලංකාවට ගෙනාවේ රාජපක්ෂට කලින් චන්ද්‍රිකා කුමාරණතුංග. අන්තිමට වාසුදේව නානායක්කාර චන්ද්‍රිකාට විරුද්දව නඩු දාල දිනුවත් එක්ක. චන්ද්‍රිකා බේරුනේ ජනාධිපති විණිර්මුක්තිය භාවිතා කරලා. හැබැ‍යි තාම කාටවත් මහින්ද හොරකම් කලා කියලා නඩු දාලා දිනන්න බැරි උනා.

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 206 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 212 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 85 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1299 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1551 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 131 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site