ශ්‍රී ලංකා මහ බැංකු වංචාව විභාග කිරීමට වෙනම උසාවියක් පත් කරන්නැයි ඇමැති පාඨලී චම්පික රණවක අද (31) රජයෙන් ඉල්ලා සිටියේය.
මාධ්‍ය හමුවකදී ඔහු පැවසූයේ ඊට වගකිව යුතු සියලුදෙනාම නීතිය හමුවට පැමිණවීම රජයේ සදාචාරාත්මක යුතුකමක් බවයි. රජය මෙම සිද්ධියේ වංචාකරුවන්ට දඬුවම් නොකළහොත් ආර්ථික හා සමාජ සංවර්ධනය අතින් රජය මඩ ගොහොරුවකට වැටෙනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
පාර්ලිමේන්තුවේ විශේෂ නීතියක් සම්මත කිරීමෙන් එවැනි අධිකරණයක් පිහිටුවිය හැකි බවත් ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මුදල් හොරාකනවට වැඩිය නම්බුයි හිඟාකන එක (නි)
ඔය සමහරු පුද්ගලික මාධ්‍ය හමු තියලා කියන ඒවා පාර්ලිමේන්තුවේ කතාකරනවද? "කෝප්" කමිටු වාර්තා වලට මොකද කළේ? (නි)
එතකොට ඔය අලුත් උසාවියට යන වියදම පියවන්නේ කොහොමද? ඒකටත් තමන්ගේ හිතවතුන් පත්කරලා විශාල පඩි ගෙවලා පොඩි අපිටම තව බද්දක් ගහලා කෙළවර වේවිද. (නි)
හොඳයි හොඳයි. එහෙනම් එහෙමවත් කරමුකෝ (නි)
ඒ උසාවියත් හරියට කලින් පත්කරපු කළු කෝට් තුන්දෙනාගේ කොමිසම වගේ තියෙයි අන්තිමට. කිසිම වරදක් වෙලා නැහැ. නියම නීත්‍යානුකූල විදියට සාමාගම මහා බැංකුව කොල්ලකාලා තියෙන්නේ කියයිද මන්දා. අපි නොදන්න අවුරුදු එකහමාරක් පරණ කොමිසම් ගණනාවකින් උත්තර දෙන මංකොල්ලය. (නි)
විජාතිකයෙක් මහ බැංකුවේ අධිපති කරද්දී ඕවා මතක්වුණේ නැද්ද? (නි)
නීතිය ඔබතුමාලා නම් නවලා ගත්තානේ. මේ රජයත් කොහොමත් එහෙමයි. අර ගොල්ලන්ට කලින්ම ගෙදර යන්න වෙයි වගේ. මිනිස්සු නම් ඡන්දය දෙන්නේ නැතිවෙයි. (නි)
හොඳය ඇමතිතුමා, අපි පත්කරන්නම්. කවුද වින්ශ්චයකාරයාට දාන්න ඕනෑ? (නි)
ඕනෑම චෝදනාවකින් වීඅයිපී අයට බේරෙන්න පුළුවන් බව දන්නා නිසා වෙන්න ඇති "විශේෂ අධිකරණයක්" අවශ්‍ය (නි)
යහපාලනයකට යන කල! (නි)
ඔය පත්වීම් කරපු කාලේ ඔබත් ඕවා අනුමත කරපු කෙනෙක් නේද? දැන් ඔහොම බැනලා හරියනවද? (නි)
මෙතුමා කියන කතාවේ හරය තේරුම් නොගෙන මේකේ ලියලා තියෙන සමහර අදහස් ගැන කණගාටු හිතෙනවා. ලංකාවේ අද තියෙන අධිකරණ ක්‍රියාවලිය තුළ අලුත් නඩුවක් ඒ ක්‍රමවේදය තුළට යොමු කරලා සම්පුර්ණයෙන්ම අහලා තීන්දුවක් ගන්න සෑහෙන කාලයක් යන බව තේරුම් ගන්න බැරිවීම ගැන පුදුමත් හිතෙනවා. විශේෂ අධිකරණයක් මේ කාරණය වෙනුවෙන් පිහිටුවා ගත්තොත් ඉක්මනින් තීන්දු වලට ගිහින් වැරදිකාරයින්ට දඬුවම් දෙන්න පුළුවන් වෙනවා (නි)
තව පොතකුත් ලියන්න ගිගා ඩීල් ගැන (හේ)
ලාල්, එකම දේනේ කියන්නේ. තමන් අදහන දේශපාලකයෝ කරන කියන මෝඩ කතාවලට ඒ ගොල්ලෝ වෙනුවෙන් හේතු කියන්ඩ කලින් ඇත්තටම ඒ ගොල්ලෝ අැයි ඕවා කියන්නේ කියල හරියට දැනගන්ඩ ඕනේ, නැත්තම් අනුමාන කරන්ඩ පුළුවන් වෙන්ඩ ඕනේ සාදාරනව. මීට වඩා ලොකු ජනාධිපතිවරණ , මහා මැතිවරණ ගැන දාපු අබියාචන නඩු ඇහුවෙත් ඔය උසාවිවලින් තමා. රටක වෙන හැම විශේෂ සිද්දීයකටම අලුත් උසාවි දාන්ඩ ගියොත් අධිකරණ පද්ධතිය නිකම් රේල් පාර අයිනේ තියන සයිවර් කඩ වගේ වෙයි (බ)
අය -වැය ගෙන්න කලින් පරිපුරක ඇස්තමේන්තුවක් දාල කෝටී පන්දහස් ගානක් කඩාගන්න බලන්නෙත් මේ උසාවිය පිහිටුවන්ට සල්ලි ඉල්ලගන්නත් එක්ක වෙන්න ඇති (බ)
අංගොඩ ලාල්ලා වෙන්න ඇති අධිකරණ වලට නඩු බෙදන්නේ. ඒකනේ ඔහු මේචචර මේවා ගැන දන්නේ (නි)
මෙයාටත් ටික ටික දැන් ‘ඥානං උදපාදී‘ වේගෙන එනවා වාගේ. (බ)
ඇයි එෆ්සීඅයිඩී එකට අගමැති ගෙන්වලා අහන්න බැරිද කෝ යහපාලනය (බ)
හා එහෙනම් එහෙම කරමු (නි)
ඉදිරියට ඇති අධිකරණ ක්‍රියාවලි දෙස අපි සාධාරණව අපි බලා හිදිමු. වැඩි සාමාජික සංඛ්‍යාවකින් කෝප් වාර්තාව සම්මත වෙලා පාර්ලිමේන්තුවට ආ එකත් රාජපක්ෂ යුගයත් සමඟ බලද්දි පුරවැසියා ලැබුව ජයග්‍රහණයක් (නි)
බුද්ධිගේ කතාව මමත් අනුමත කරනවා. දැනට ටික කලක සිට සමහර දේශපාලකයන්ට මාධ්‍ය හමුව සහ කැබිනට් මණ්ඩල රැස්වීම මාරුවෙනවා. මොවුන් හිතා ඉන්නේ ජනතාව මොවුන්ට හොඳ වාහන, නොමිලේ ඉන්ධන, කාර්ය මණ්ඩල, නිල නිවාස ඇතුළු සියලු දෙයක්ම දීලා මොවුන්ගේ රාජකාරියත් කරන්න ඕනෑ කියලයි (නි)
ඔව් ඔව්. හයිබ්‍රිඩ් එකක් වගේ එකක් හොඳයි (නි)
මෙම සිදු වූ පාඩුව අදාළ සමාගමෙන් අයනොකර ගත්තොත් සියලු ජනතාව බදු ගෙවීම වර්ජනය කළයුතුයි. මේ කට්ටිය එකතුවෙලා හොරකම් කරන්නයි, අපි බදු ගෙවන්නයි. දැන් බබා වෙන්න හැදුවට, මේ සියලුදේට එ් අය වග කිවයුතුයි. (නි)
ඕක ඉතින් අපිට කියල අපි අධිකරණයක් ඕකට පත් කරන්නද? ඕක කැබිනට් රැස්වීමේදී කියල පාර්ලිමේන්තුවට දාල අනුමත කරගන ක්‍රියාත්මක කරන්න. ඕවට තමා මිනිස්සු කට්ට කාගෙන හරි බදු ගෙවල ඔයාලව නඩත්තු කරන්නේ (බ)
අනේ කොහොමහරි වැඩේ ඉක්මන් කරලා යුක්තිය ඉටුකරන්න. ඕවා අපේ සල්ලි .. (බ)
ලාල් මහත්තයා ඉතින් එ්කනේ අවශ්‍යතාවය.(හේ)
මාධ්‍ය හමු පවත්වලා ඩෙඟා ගහන්නේ නැතිව ඔය යෝජනාව රජයට ඉදිරිපත් කරන්න වෙන ක්‍රමයක් නැද්ද ඇමතිතුමා. මේවාටයි කියන්නේ මාධ්‍ය සංදර්ශන කියලා. (බ)
ලාල් අංගොඩ වුනාට කියන කතාව හරියටම හරි (බ)
ඒකාබද්ධ විපක්ෂයේ අයට බලපාන නීති බැංකු හොරුන්ට අදාල නැද්ද? (බ)
ස්මිත් , නිකම් ගොන් කතා කියන්න එපා . තියෙන අධිකරණයට දැනට තිබෙන නඩුවලට අමතරව මෙවැනි සංකීර්ණ නඩුවක් අහන්න වුනොත් සෑහෙන්න කාලයක් යනවා කියන එක තේරෙන්නේ නැද්ද ? විශේෂ අධිකරණයක් මේ වෙනුවෙන් ඇතිකලොත් එක දිගටම ඒ නඩුව ඉවර වෙනතුරු අඛණ්ඩවම අහන්න පුළුවන් වෙනවා (බ).
මාධ්‍ය හමු තියන්න ඕන නෑ. ඇමතිතුමා ඉන්නෙත් ආණ්ඩුව ඇතුලෙනේ . ඉතින් ජනාධිපතිතුමාට කියල විශේෂ ජනාධිපති කොමිසමක් දාන්නකෝ. අපිට කියන්නේ හරියට අපි බලේ ඉන්නවා වගේනේ (බ)
ඇයි සර් තියන අධිකරණෙ ගැන විශ්වාසයක් නැද්ද? (බ)
අගමැති අත්අඩංගුවට අරන් අර්ජුන් එක්ක තියල ප්‍රශ්න කළා නම් ඔක්කොම වමාරයි. යහපාලානේ එහෙම කරන්නේ නැද්ද (බ)