IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහ බැංකුව වැටුප් වැඩි කර ගත්තාට කැබිනට් විරෝධය

(අංජුල මහික වීරරත්න)

වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු කියන ලෙස කැබිනට් මණ්ඩලය මහ බැංකු ප්‍රධානීන්ට අද (4) දැනුම් දුන්නේය.

මහ බැංකු සේවකයන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාටද නියෝග ලබාදීමේ නීතිමය හැකියාවක් නොමැති හෙයින් ද රටේ මුදල් බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට හෙයින්ද කැබිනට් මණ්ඩලය මෙම දැනුම්දීම කර තිබේ.

වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් අද (4) කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබිණි.

මෙලෙස වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සිය විරෝධයද පළ කර ඇත.

එහිදී මහ බැංකු ප්‍රධානීන් වැටුප් වැඩි කර ගැනීමට බලපෑ හේතු පිළිබඳව කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇති අතර කැබිනට් මණ්ඩලයද රටේ පවතින මූල්‍ය වාතාවරණය හමුවේ වැටුප් වැඩි කර ගැනීම යෝග්‍යදැයි කරුණු විමසා ඇත.

කෙසේ වෙතත් අවසානයේදී කැබිනට් මණ්ඩලය මහා බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් හමුවේ සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ කරුණු කියන ලෙසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (4) පස්වරුවේ කොළඹදී රැස්විය.

වැටුප් සියයට හැත්තෑවකින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු  ප්‍රධානීන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට (5) කැඳවනු ලැබ තිබේ.



අදහස් (6)

මහ බැංකුව වැටුප් වැඩි කර ගත්තාට කැබිනට් විරෝධය

suranga madiwaka Monday, 04 March 2024 09:40 PM

රට හැරදා ගියාළුණේ 99ක්. යන කෙනෙක් රට ගියපුදෙන්. ඔවුන් රට ගියා කියලා රට වැහුවාද? මේ රටේ අර්තිකය විනාශ කරන්න මහ බැංකුවේ අය වග කියන්න ඕනෑ. 1 පන්තියේ උපාධිය අරගෙන 3 වැනි පන්තියේ වැඩ ඔවුන් කළේ. උදේට බලන්න මහ බැංකුවේ ගැහැණු යන්නේ ෆැෂන් ෂෝ එකට වගේ. සාරියක් Rs 30,000 ඒවා අඳින්නේ... රටට හෙන ගැහුවත් ඔවුන්ට ගාණක් නෑ. සීතල කාමරවල ඉඳන් ප්‍රායෝගික නොවන ඒවා කරලා තමයි මෙහෙම වුනේ... මෙහෙම හරි මේ රට ඉතුරු වුනේ කියන එක පුදුමයක්...!

:       0       0

Rohana Monday, 04 March 2024 09:51 PM

තේ බී සාකච්ඡාකර සියල්ලෝ සතුටින් විසිර යනු ඇත.

:       0       0

Rupasena Liyanapathirana Tuesday, 05 March 2024 06:40 AM

ඒක අගය කළ යුතුයි.

:       0       0

Kazi Shajahan Tuesday, 05 March 2024 08:08 AM

රනිල් කපටියා ,රනිල් ගේ වැඩ ඕවා .රනිල් ට කියන්නේ නැතුව සෙන්ට්‍රල් බෑන්ක් එක සැලරි ඉන්ක්‍රිමන්ට් එකකට යන්නේ නැහැ .රනිල් ගෙන් අහලා තමයි යන්නේ ,දැන් රනිල් මොනවත් දන්නේ නැති ගානට ඉන්නවා

:       0       2

අරවින්ද මොනරවිල Tuesday, 05 March 2024 09:26 AM

නිවට ඇම්බැට්ටයා දැක්මක් එලුවත් රැව්ල පානවා කියලා කතාවක් තියෙනවා, ඒවගේ තමයි මේකත් වැඩ බැරි දුර්වල මොට්ටයෝ ගේම් ගහලා බලය අල්ලා ගත්තම උන් ඉදිරියේ යමක් නමක් දන්න එවුන් රගනවා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.

:       0       1

Rohana Tuesday, 05 March 2024 07:22 PM

මේක නිකන්ම නිකන් විරෝධයක් විතරයි. වැඩිකළ වැටුප් අඩුකරන ක්‍රමයක් නෑ. අවශ්‍ය නම් ඉදිරියේදී වැටුප් වැඩිනොකරන ලෙස උපදෙස් දෙන්න පුළුවන්. රනිල් මේ ගැන නිහඬ මොකද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 271 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 216 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 496 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 337 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 913 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 361 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site