නොවැම්බර් මාසයේ කොළඹදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා දෙවන එලිසබත් මහා රැජන සහභාගී නොවීමට තීරණය කරන ලද්දේ "දීර්ඝ ගුවන් ගමනක යෙදීම මෙන්ම කාර්ය බහුල සංචාරයක් සඳහා ඔරොත්තු දෙන තරමේ කාය ශක්තියක් හෝ සෞඛ්‍යයක් මහා රැජනට නොමැතිබවට" රාජකීය වෛද්‍යවරුන් විසින් සපයන ලද වාර්තා සලකාබැලීමෙන් අනතුරුව බව බ්‍රිතාන්‍ය මාධ්‍ය කියයි.
මීට පෙර හැම වසරකම ඇයගේ කාලසටහනට විදේශ සංචාරය ඇතුළත් වුවද 2012 වසරේදී එය වෙනස් කරඇත. මේ වෙනස සඳහා හේතුවුයේ ඇයගේ වයස සහ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වීමයි.
පසුගිය තිස් වසර පුරා මහ රැජන ගත කළේ ඉතාම කාර්ය බහුල ජීවිතයකි. මේ කාලයේ ප්‍රධාන පෙළේ රාජකාරි 15,000 කට වඩා ඇය සහභාගීවී ඇත. ඒ අතරට අතිශය වෙභෙසකර විදේශ සංචාර 261 ඇතුලත්විය.
මේ ගමන් අතර කැනඩාවට 22 වතාවක්ද ඔස්ට්‍රේලියාවට 16 වතාවක්ද නවසීලන්තයට 10 සැරයක්ද ජැමෙයිකාවට හය වතාවක්ද, රාජ්‍ය සංචාරය සඳහා ඇය සහභාගීවී ඇත.
එලිසබත් මහ රැජන ඔටුනු පැළඳ වසර 60ක් පිරීම නිමිත්තෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුන දියමන්ති ජුබිලිය සැමරු පසුගිය වසරේදී ඇයට ඉතාම කාර්ය බහුල වැඩසටහන් සමුහයක් සඳහා සහභාගීවීමට සිදුවිය.
පසුගිය මාසයේ වයස අවුරුදු 87 සපිරූ මහරැජන තවදුරටත් පරිපුර්ණ රාජ්‍ය නායිකාවක වශයෙන් කටයුතු කිරීමේදී සහභාගීවීමට ඇති සමහර වැඩ කටයුතු මදක් අඩුකොට එම වගකීම ඔටුන්න හිමි චාල්ස් කුමරුන්හට පැවරීම සුදුසු කාලය එළඹි ඇතිබව රජවාසල නිලධාරීන් නිර්දේශකර ඇත්තේ පසුගිය වසරේදීමය.
පසුගියදා මහා රැජනගේ ස්වාමි පුරුෂයා වන එඩින්බරෝ ආදිපාදයන් බලවත්සේ අසනීපවීමද රැජනගේ රාජකාරි චාර්ල්ස් කුමරුන්හට භාරදීම සඳහා විශාල බලපෑමක් කරන ලද බවටද වාර්තාවිය. එඩින්බරෝ ආදිපාදතුමන්ගේ වයස අවුරුදු 92කි. මහරැජන විදෙස් සංචාරය සඳහා තනිවම සහභාගීවීම සම්ප්‍රදායට එරෙහි වීමකි. මේ සියලුම හේතූ නිසා මින් මතුවට එලිසබත් මහරැජන සිය විදෙස් සංචාරයන් සහමුලින්ම නවතා දමනු ඇති බවටද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවට යාමට මහරැජනට අසීරුවී ඇත්තේද මේ හේතුව මිස අපරට පිළිබඳව ඇය තුළ ඇති කලකිරීමක් නිසා නොවන බව බොහෝදෙනාගේ මතය වී ඇත.
විදෙස් රටවල ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මකවන විවිධ කොටස් සහ ඔවුන්ගේ මාධ්‍යවේදී සගයන් මෙම ප්‍රවෘත්තිය විගසින් ග්‍රහනයකරගත් අතර ඒ පිළිබඳව විවිධ අර්ථකතන ගෙනහැර දැක්වීමට යුහුසුළු වුහ. ඔවුන් උලුප්පා දක්වන ලද්දේ "මහරැජන ශ්‍රී ලංකාවට නොයාමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ සිදුවෙනවායැයි කියන මානව හිමිකම් උල්ලංඝනයන සහ යුද අපරාධ පිළිබඳව ඇයගේ අප්‍රසාදය පිලිබඳ ඉඟියක් දක්වා ඇති" බවයි.
මහ රැජන දැනට බකිංහම් මාලිගයේ ගතකරන්නේ සතියකට දින තුනක් පමණි. ඉතිරි දින හතර ලන්ඩන් නුවරින් පිට වින්ඩ්සර් මාලිගයේ ගතකරන්නීය.
අයගේ සෞඛ්‍ය තත්වය ගැන සලකා බලා චාර්ල්ස් කුමරුන් හට රජකමේ වැඩකටයුතු කරගෙන යාමට බලය ලබාදීම පිළිබඳව සලකාබලන බවටද වාර්තා පළවී ඇත. මෙවැනි තත්වයක් ඇතිවිය හැක්කේ රැජන සම්පුර්ණයෙන්ම අශක්නුකෘත තත්වයට පත්වූ විට පමණකි.
බ්‍රිතාන්‍ය රාජ්‍ය පරම්පරා ඉතිහාසයේ මින් පෙර එක අවස්තාවක පමණක් මෙවැනි සිදුවීමක් වාර්තාවී ඇත. එය තුන්වන ජෝර්ජ් රජතුමන් මානසික රෝගී තත්වයට පත්වූ අවස්ථාවේදී ඔහුගේ පුතනුවන්ට රජකමේ වගකීම පැවරීමයි.
මහ රැජන අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 1982 වසරේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා! අපේ රට අපිට වටිනවා, ඒත් හිතට එකගව සතුටු වෙන්න පුලුවන්ද දැන් කරන වැඩ ගැන? (නි)
මැඩම්ගේ සෞඛ්‍යය තත්වය අපට තේරෙනවා.චාර්ල්ස් කුමාරය එවුවත් ඇති අපට. (නි)
මෙතුමියගේ කාලේ තමයි අපට තේ, පාරවල්, කොච්චි, ඉස්කෝල ඉස්පිරිතාල ලැබුනේ. ඊට පස්සේ අලුතෙන් කියලා කිසි දෙයක් ලැබුනේ නැහැ. මෙයාල අපෙන් ගත්තු ඒවා වගේ දහ ගුණයක් දැන් අපි තේ වලින් හොයල ඉවරයි.(නදී)
නොඑන එක හොදා. රැජින ආවොත් අපි විරෝධය ප්‍රකාශ කරනවා. අපිට අතීතය මතකයි (නි)
ඔබතුමියට දිර්ගායු පතනවා, ඔබතුමිය ආවා නම් ගොඩක් හොදයි.(නදී)
මන් මේ සමුළුව මෙහෙ තියනවාට දැඩිව විරෝදය දක්වනවා. ඒ මන් එල්ලෙන්ට වැල හොයන ඊනියා අදිරාජ්ජිය වාදී ගොන් අදහස් වලින් පිරිලා නිසා නෙවේ. අපේ හොර පාලකයෝ මේකෙනුත් කෝටි ගානක් ගහල එකත් අපේ අගේ එල්ලයි කියන බයට.(නදී)
සුද්දෝ අපේ රට කෑවා කීවට සුද්දන්ගෙන ලැබුන තේ වලින් සුද්ද ගිය දා ඉදන් අදායම් ගන්නේ අපි. මේ තේ වලින් ලැබුන අදායම සුද්ද අපෙන් හුරකාගත්ත වගේ දහගුණයක් විතර ඇති. කොටින්ම කිවොත් සුද්ද අපෙන් ගත්තුවා වගේ දහ ගුණයක් පමණ අපි දැනටම සුද්දාගෙන් ලැබුන තේ වලින් හොයලා.(නදී)
සරත්, කණගාටුයි ඔබ ඔබගේ මවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර බලන්න. මහරැජනගෙන් ඔබට ඇති ඵලය කුමක්ද? (නදී)
අනේ කොච්චර හොදද. කියලාවත් කරගන්න බැරි දෙයක්. අත් වැසුම් දමා මෙයා මිනිසුන් අතරට යන්නේ. කිසිම වැඩක් නැහැ අප රටට. නාමිකව හරි තම යටත් විජිතය පවත්වා ගැනීමක් පමනයි. හරිනම් එන්න දෙන්න හොද නැහැ.අ ප ජනපති නිහඩ නොඑන එකට කැමති නිසයි.(නදී)
මේ අය ආවත් අපේ සල්ලි වලින්නෙ වියදම් කරන්නේ. ලොකු අය ලකුනු දාගනී අපි ලයිට් බිල් වතුර බිල් ගෙව ගෙවා ඉමු. මේ වගේ වැඩ අපි වගේ පොඩි රටකට මොකටද (නි)
එක එක අයගේ පාච්චල් වැඩියි. පොදු රාජ්ය මන්ඩලේ ලංකාවේ තවත් ඉන්න ඔනෙ නෑ.(නදී)
මේ ගොල්ලෝ කොහොමත් ආවහම හරිම කරදරයා නේද? ඒක නිසා නොඑන එක හොඳයි. දැන් ලෝකේ රජා තමයි ඔබාමා. ජය හෝ... (නි)
එයාල අපේ රට හූරා කෑව තමයි. ඒත් එයාලා අපිට භාර දීලා ගිහින් අවුරුදු හැටකට පස්සෙවත් අපට තවම බැරිවුනා එයාලා දාල දීපු කෝච්චි පාර අඩියක්වත් ඉදිරියට දික් කරගන්න. ඒත් ඉතින් අපි අප ගැන කොච්චර ආඩම්බරද? (නි)
රැජිනි ආවා නම් , අපේ අර ජීවක වෙදාගෙන් බෙහෙත් ටිකක් ගන්න තිබුනා.අපරාදේ (නි)
නෙතුමිට ජයවේවා ! .......එතුමියට තමා අමුලික ඇත්ත තේරුනේ.(ස)
මොන උනත් ලොකුම ලොකු උදව්වක්.(ස)
මේ පුවත අපට කියන්න හදන්නේ මහරැජිනට සනීප තිබුනා නම් මෙහේ එන බවත්, නො ආවත් එයාගේ "හොඳ ළමයා" සහතිකය අපට ලැබී ඇති බවත්ය. මට පුදුම මේ තරම් බැනුම් අහන අධිරාජ්‍යවාදී රටේ නායිකාව අපිත් එක්ක ඉන්නවා කියන එක අපේ අයට ආඩම්බරයක් වෙලා තියෙන්නේ ඇයි කියන එකයි. (නි)
ඒත් අපේ මුතුන්මිත්තන් යටත් කරගෙන වැඩ ගත්තේ මෙයාලා නේද?අපි මුල අමතක කරන්න නරකයි නේද? (නි)
අපේ රටේ පිරිසක් එකතු වෙලා ඇයගේ රට හිතුනු හිතුනු වෙලේට විවේචනය කරන හැටියට එතුමිය වුණත් මෙහාට නෑවිත් ඉන්න හේතු හොයනවා ඇති. නැත්නම් ඇත්තටම එන්න අමාරු ඇති. අපේ රටේ රාජ්‍ය නායකයොත් ඕවයින් අදහසක් ගතයුතුයි. (නි)
ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා! අනේ අපි ආසාවෙන් බලාගෙන හිටියේ ඔබ තුමිය අපේ අය එක්ක ඉන්න පින්තුරයක් දකින්න. දැන් ඉතින් යුව රජ්ජුරුවො එන නිසා එයාවවක් බලලා හිත හදාගන්නවා. (නදී)