IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහ රැජන නොඑන්නේ වෛද්‍ය උපදෙස් නිසයි

නොවැම්බර් මාසයේ කොළඹදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා දෙවන එලිසබත් මහා රැජන සහභාගී නොවීමට තීරණය කරන ලද්දේ "දීර්ඝ ගුවන් ගමනක යෙදීම මෙන්ම කාර්ය බහුල සංචාරයක් සඳහා ඔරොත්තු දෙන තරමේ කාය ශක්තියක් හෝ සෞඛ්‍යයක් මහා රැජනට නොමැතිබවට" රාජකීය වෛද්‍යවරුන් විසින් සපයන ලද වාර්තා සලකාබැලීමෙන් අනතුරුව බව බ්‍රිතාන්‍ය මාධ්‍ය කියයි.

මීට පෙර හැම වසරකම ඇයගේ කාලසටහනට විදේශ සංචාරය  ඇතුළත් වුවද 2012 වසරේදී එය වෙනස් කරඇත. මේ වෙනස සඳහා හේතුවුයේ ඇයගේ වයස සහ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වීමයි.

පසුගිය තිස් වසර පුරා මහ රැජන ගත කළේ ඉතාම කාර්ය බහුල ජීවිතයකි. මේ කාලයේ ප්‍රධාන පෙළේ රාජකාරි 15,000 කට වඩා ඇය සහභාගීවී ඇත. ඒ අතරට  අතිශය වෙභෙසකර විදේශ සංචාර 261 ඇතුලත්විය.

මේ ගමන් අතර කැනඩාවට 22 වතාවක්ද ඔස්ට්‍රේලියාවට 16 වතාවක්ද නවසීලන්තයට 10 සැරයක්ද ජැමෙයිකාවට හය වතාවක්ද, රාජ්‍ය සංචාරය  සඳහා ඇය සහභාගීවී ඇත.

එලිසබත් මහ රැජන ඔටුනු පැළඳ වසර 60ක් පිරීම නිමිත්තෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුන දියමන්ති ජුබිලිය සැමරු පසුගිය වසරේදී ඇයට ඉතාම කාර්ය බහුල වැඩසටහන් සමුහයක් සඳහා සහභාගීවීමට සිදුවිය.

පසුගිය මාසයේ වයස අවුරුදු 87 සපිරූ මහරැජන තවදුරටත් පරිපුර්ණ රාජ්‍ය නායිකාවක වශයෙන් කටයුතු කිරීමේදී සහභාගීවීමට ඇති සමහර වැඩ කටයුතු  මදක් අඩුකොට එම වගකීම ඔටුන්න හිමි චාල්ස් කුමරුන්හට පැවරීම සුදුසු කාලය එළඹි ඇතිබව රජවාසල නිලධාරීන් නිර්දේශකර ඇත්තේ පසුගිය වසරේදීමය.

පසුගියදා මහා රැජනගේ ස්වාමි පුරුෂයා වන එඩින්බරෝ ආදිපාදයන් බලවත්සේ අසනීපවීමද රැජනගේ රාජකාරි චාර්ල්ස් කුමරුන්හට භාරදීම සඳහා විශාල බලපෑමක් කරන ලද බවටද වාර්තාවිය. එඩින්බරෝ ආදිපාදතුමන්ගේ වයස අවුරුදු 92කි. මහරැජන විදෙස් සංචාරය සඳහා තනිවම සහභාගීවීම  සම්ප්‍රදායට එරෙහි වීමකි. මේ සියලුම හේතූ  නිසා මින් මතුවට එලිසබත් මහරැජන සිය විදෙස් සංචාරයන් සහමුලින්ම නවතා දමනු ඇති බවටද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවට යාමට මහරැජනට අසීරුවී ඇත්තේද මේ හේතුව මිස අපරට පිළිබඳව ඇය තුළ ඇති කලකිරීමක් නිසා නොවන බව බොහෝදෙනාගේ මතය වී ඇත.

විදෙස් රටවල ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මකවන විවිධ කොටස් සහ ඔවුන්ගේ මාධ්‍යවේදී සගයන් මෙම ප්‍රවෘත්තිය විගසින් ග්‍රහනයකරගත් අතර ඒ පිළිබඳව විවිධ අර්ථකතන  ගෙනහැර දැක්වීමට යුහුසුළු වුහ. ඔවුන් උලුප්පා දක්වන ලද්දේ "මහරැජන ශ්‍රී ලංකාවට නොයාමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ සිදුවෙනවායැයි කියන මානව හිමිකම් උල්ලංඝනයන සහ යුද අපරාධ  පිළිබඳව ඇයගේ අප්‍රසාදය පිලිබඳ ඉඟියක් දක්වා ඇති" බවයි.

මහ රැජන දැනට බකිංහම් මාලිගයේ ගතකරන්නේ සතියකට දින තුනක් පමණි. ඉතිරි දින හතර ලන්ඩන් නුවරින් පිට වින්ඩ්සර් මාලිගයේ ගතකරන්නීය.

අයගේ සෞඛ්‍ය තත්වය ගැන සලකා බලා චාර්ල්ස් කුමරුන් හට රජකමේ වැඩකටයුතු කරගෙන යාමට බලය ලබාදීම පිළිබඳව සලකාබලන බවටද වාර්තා පළවී ඇත. මෙවැනි තත්වයක් ඇතිවිය හැක්කේ රැජන සම්පුර්ණයෙන්ම අශක්නුකෘත තත්වයට පත්වූ විට පමණකි. 

බ්‍රිතාන්‍ය රාජ්‍ය පරම්පරා ඉතිහාසයේ මින් පෙර එක අවස්තාවක පමණක් මෙවැනි සිදුවීමක් වාර්තාවී ඇත. එය තුන්වන ජෝර්ජ් රජතුමන් මානසික රෝගී තත්වයට පත්වූ අවස්ථාවේදී ඔහුගේ පුතනුවන්ට රජකමේ වගකීම පැවරීමයි.

මහ රැජන අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 1982 වසරේදීය.

 



අදහස් (0)

මහ රැජන නොඑන්නේ වෛද්‍ය උපදෙස් නිසයි

චතුල වෙරෝනා Thursday, 09 May 2013 01:47 PM

මේ අය ආවත් අපේ සල්ලි වලින්නෙ වියදම් කරන්නේ. ලොකු අය ලකුනු දාගනී අපි ලයිට් බිල් වතුර බිල් ගෙව ගෙවා ඉමු. මේ වගේ වැඩ අපි වගේ පොඩි රටකට මොකටද (නි)

:       0       0

සිල්වා-පැරිස් Thursday, 09 May 2013 02:42 PM

අනේ කොච්චර හොදද. කියලාවත් කරගන්න බැරි දෙයක්. අත් වැසුම් දමා මෙයා මිනිසුන් අතරට යන්නේ. කිසිම වැඩක් නැහැ අප රටට. නාමිකව හරි තම යටත් විජිතය පවත්වා ගැනීමක් පමනයි. හරිනම් එන්න දෙන්න හොද නැහැ.අ ප ජනපති නිහඩ නොඑන එකට කැමති නිසයි.(නදී)

:       0       0

සිල්වා-පැරිස් Thursday, 09 May 2013 02:54 PM

සරත්, කණගාටුයි ඔබ ඔබගේ මවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර බලන්න. මහරැජනගෙන් ඔබට ඇති ඵලය කුමක්ද? (නදී)

:       0       0

පාර්වතී Thursday, 09 May 2013 03:02 PM

සුද්දෝ අපේ රට කෑවා කීවට සුද්දන්ගෙන ලැබුන තේ වලින් සුද්ද ගිය දා ඉදන් අදායම් ගන්නේ අපි. මේ තේ වලින් ලැබුන අදායම සුද්ද අපෙන් හුරකාගත්ත වගේ දහගුණයක් විතර ඇති. කොටින්ම කිවොත් සුද්ද අපෙන් ගත්තුවා වගේ දහ ගුණයක් පමණ අපි දැනටම සුද්දාගෙන් ලැබුන තේ වලින් හොයලා.(නදී)

:       0       0

සුකිරි Thursday, 09 May 2013 03:04 PM

මන් මේ සමුළුව මෙහෙ තියනවාට දැඩිව විරෝදය දක්වනවා. ඒ මන් එල්ලෙන්ට වැල හොයන ඊනියා අදිරාජ්ජිය වාදී ගොන් අදහස් වලින් පිරිලා නිසා නෙවේ. අපේ හොර පාලකයෝ මේකෙනුත් කෝටි ගානක් ගහල එකත් අපේ අගේ එල්ලයි කියන බයට.(නදී)

:       0       0

අනුර Thursday, 09 May 2013 03:08 PM

ඔබතුමියට දිර්ගායු පතනවා, ඔබතුමිය ආවා නම් ගොඩක් හොදයි.(නදී)

:       0       0

ගජබා Thursday, 09 May 2013 03:21 PM

නොඑන එක හොදා. රැජින ආවොත් අපි විරෝධය ප්‍රකාශ කරනවා. අපිට අතීතය මතකයි (නි)

:       0       0

මෙතුජ Thursday, 09 May 2013 10:57 AM

එක එක අයගේ පාච්චල් වැඩියි. පොදු රාජ්ය මන්ඩලේ ලංකාවේ තවත් ඉන්න ඔනෙ නෑ.(නදී)

:       0       0

upali Thursday, 09 May 2013 11:33 AM

ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා! අනේ අපි ආසාවෙන් බලාගෙන හිටියේ ඔබ තුමිය අපේ අය එක්ක ඉන්න පින්තුරයක් දකින්න. දැන් ඉතින් යුව රජ්ජුරුවො එන නිසා එයාවවක් බලලා හිත හදාගන්නවා. (නදී)

:       0       0

පාර්වතී Thursday, 09 May 2013 04:25 PM

මෙතුමියගේ කාලේ තමයි අපට තේ, පාරවල්, කොච්චි, ඉස්කෝල ඉස්පිරිතාල ලැබුනේ. ඊට පස්සේ අලුතෙන් කියලා කිසි දෙයක් ලැබුනේ නැහැ. මෙයාල අපෙන් ගත්තු ඒවා වගේ දහ ගුණයක් දැන් අපි තේ වලින් හොයල ඉවරයි.(නදී)

:       0       0

නෙතුමි Thursday, 09 May 2013 11:54 AM

අපේ රටේ පිරිසක් එකතු වෙලා ඇයගේ රට හිතුනු හිතුනු වෙලේට විවේචනය කරන හැටියට එතුමිය වුණත් මෙහාට නෑවිත් ඉන්න හේතු හොයනවා ඇති. නැත්නම් ඇත්තටම එන්න අමාරු ඇති. අපේ රටේ රාජ්‍ය නායකයොත් ඕවයින් අදහසක් ගතයුතුයි. (නි)

:       0       0

විජේසිංහ Thursday, 09 May 2013 11:57 AM

ඒත් අපේ මුතුන්මිත්තන් යටත් කරගෙන වැඩ ගත්තේ මෙයාලා නේද?අපි මුල අමතක කරන්න නරකයි නේද? (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 09 May 2013 04:33 PM

මැඩම්ගේ සෞඛ්‍යය තත්වය අපට තේරෙනවා.චාර්ල්ස් කුමාරය එවුවත් ඇති අපට. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 09 May 2013 12:32 PM

මේ පුවත අපට කියන්න හදන්නේ මහරැජිනට සනීප තිබුනා නම් මෙහේ එන බවත්, නො ආවත් එයාගේ "හොඳ ළමයා" සහතිකය අපට ලැබී ඇති බවත්ය. මට පුදුම මේ තරම් බැනුම් අහන අධිරාජ්‍යවාදී රටේ නායිකාව අපිත් එක්ක ඉන්නවා කියන එක අපේ අයට ආඩම්බරයක් වෙලා තියෙන්නේ ඇයි කියන එකයි. (නි)

:       0       0

ලලිත් Thursday, 09 May 2013 12:50 PM

මොන උනත් ලොකුම ලොකු උදව්වක්.(ස)

:       0       0

ලලිත් Thursday, 09 May 2013 12:52 PM

නෙතුමිට ජයවේවා ! .......එතුමියට තමා අමුලික ඇත්ත තේරුනේ.(ස)

:       0       0

ශීලා Thursday, 09 May 2013 01:11 PM

රැජිනි ආවා නම් , අපේ අර ජීවක වෙදාගෙන් බෙහෙත් ටිකක් ගන්න තිබුනා.අපරාදේ (නි)

:       0       0

ඩී. උපුල් Thursday, 09 May 2013 01:14 PM

එයාල අපේ රට හූරා කෑව තමයි. ඒත් එයාලා අපිට භාර දීලා ගිහින් අවුරුදු හැටකට පස්සෙවත් අපට තවම බැරිවුනා එයාලා දාල දීපු කෝච්චි පාර අඩියක්වත් ඉදිරියට දික් කරගන්න. ඒත් ඉතින් අපි අප ගැන කොච්චර ආඩම්බරද? (නි)

:       0       0

අංජන Thursday, 09 May 2013 01:15 PM

මේ ගොල්ලෝ කොහොමත් ආවහම හරිම කරදරයා නේද? ඒක නිසා නොඑන එක හොඳයි. දැන් ලෝකේ රජා තමයි ඔබාමා. ජය හෝ... (නි)

:       0       0

සරත් Thursday, 09 May 2013 01:36 PM

ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා! අපේ රට අපිට වටිනවා, ඒත් හිතට එකගව සතුටු වෙන්න පුලුවන්ද දැන් කරන වැඩ ගැන? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 85 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


කළුගංතොට සිංහය නික්ම යයි
2024 සැප්තැම්බර් මස 30 5 0

හිටපු අමාත්‍ය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද සවස (30) මතුගම පාන්තිය ආදාහනාගාරයේ


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 527 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 257 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 363 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1132 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site