IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මහ රැජින වෙනුවෙන් මැති සබෙි සොව පළ වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එළිසෙබෙත් මහ රැජින ක්‍රිස්තියානි ආගම ඇදහුවද මෙරට බුදුදහම ආරක්ෂා කිරීමට  කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවෙි බුද්ධ ජයන්ති සැමරුමට ද මහ රැජින  සහාය දැක්වූ බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ ශෝක යෝජනාව අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එලිසබෙත් මහ රැජිනගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ ලංකාව  ජනරජයක් බවට පත්වූවාට පසුව මෙරට ඇතැම් ගැටලු විසඳීමට ද රැජින සහාය දුන් බවයි.

ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයම පරිවර්තනයට ලක් කළ තැනැත්තියක් ලෙස මහ රැජින සැලකිය හැකි බව ද නමුත් අනිත්‍ය කියන දේ ලෝකය තුළ පවතින දෙයක් යැයිද එය  තේරුම් ගත යුතු බවද ජනාධිපතිවරයා මහ රැජිනගේ ශෝක  යෝජනාවේ අදහස් දක්වමින් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ,අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ,මහත්වරු ප්‍රමුඛ මන්ත්‍රීවරු ද ශෝක  යෝජනාවේ අදහස් දැක්වූහ.



අදහස් (5)

මහ රැජින වෙනුවෙන් මැති සබෙි සොව පළ වෙයි

මංගල Friday, 23 September 2022 02:02 PM

'එළිසෙබෙත් මහ රැජින ක්‍රිස්තියානි ආගම ඇදහුවාද මෙරට බුදුදහම ආරක්ෂා කිරීමට කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය' .... වෙන මොනවද කියන්න පුළුවන්?

:       2       30

de silva Friday, 23 September 2022 02:04 PM

අනේ දැන් සති 02ක් විතර රජීව්ගේ අභාවය අල්ලගෙන නැතුව හොඳටම ඇති. රටේ මිනිස්සු බඩගින්නේ අපේ ප්‍රශ්න විසඳන්නේ චාර්ල්ස් රජතුමාද?

:       0       15

de silva Friday, 23 September 2022 02:14 PM

එළිසබෙත් මහ රැජිණ ලංකාවේ බුදුදහම ආරක්ෂා කළා? මේ මොන විකාර කතාවක්ද? එතුමිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් එංගලන්තයේ හෝ ලංකාවේ පන්සල් හැදුවාද?

:       1       40

විපරමා Friday, 23 September 2022 03:00 PM

පරගැතිකම... රනිල්ගේ බාප්පත් ක්‍රිස්තියානි බිෂොප් කෙනෙක් හින්දා වෙන්නැති ඔයතරම් උජාරුවට කතා කරන්නේ...?

:       3       38

Senaka Friday, 23 September 2022 03:39 PM

අපොයි ඔව්... ලංකාව පුරාම ක්‍රිස්තියානි පතුරවලා, බෞද්ධයින් ටික සල්ලි දීලා ක්‍රිස්තියානි කරන්න පුදුම සහායක් දුන්නේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1289 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2789 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 671 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 442 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1419 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 411 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site