IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මහ සබේ වෙසක් මහේ විසිරවේ?

පුංචි එංගලන්තය එසේත් නැතිනම් නුවරඑළියේ පිහිටා ඇති වරක්  රැජිනගේ නිවහන ලෙස හැදින්වුනු බංගලාව එවක ශී‍්‍රලංකාව පාලනය කළ ආණ්ඩුකාරවරුන්ට නවාතැන් සැපයීය.1948 වසරේ නිදහස ලැබීමෙන් පසු එහි නවාතැන් ගත්තේ අගමැතිවරුන්ය.අද එහි අයිතිය හිමිව තිබෙන්නේ රටේ ජනාධිපතිවරයාටය.

තේවතු වලින් පිරි මනරම් නුවරඑළියේ පිහිටි මේ බංගලාව ගෙවුණු ජනවාරි මස 8 වැනිදා පැවැත්වුනු ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දිනවීමේ මැතිවරණ මෙහෙයුම් දියත් කෙරුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කෙරුනු බව දන්නා පුරවැසියන් වේ නම් ඒ අතලොස්සකි.එහි වාසය කරමින් මෙම මෙහෙයුම් දියත් කළ පුද්ගලයා වූයේ උදයංග වීරසූරියය.එවක ඔහු රුසියාවේ ශී‍්‍රලංකා තානාපතිවරයා ලෙස සේවය  කළ අතර යුක්රේනයේ ශී‍්‍රලංකා නියෝජිතයා ලෙස කටයුතු කිරීමේ බලතලද ඔහුට පසු අවස්ථාවක හිමිවිය.උදයංග හිටපු ජනපතිවරයාගේ බෑණනුවන්  කෙනෙකු බව එවක මාධ්‍ය වාර්තා කළද ඇත්ත වශයෙන්ම ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සොහොයුරෙකි.ඔහුගේ මව හිටපු ජනපතිවරයාගේ මවගේ සහෝදරියකි.රාජපක්ෂ පාලන සමයේ විදේශයන්හි පිහිටි තානාපති කාර්යාල වලට දේශපාලන පත්වීම් ලෙස පත්කෙරුණු බොහෝ පුද්ගලයින්ට  ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූ පසු අත්වූ ඉරණම පරිද්දෙන් උදයංගවද නැවත ශී‍්‍රලංකාව බලා කැදැවුනි.ඔහුගේ නැවත ගෙන්වාගැනීමට මුදල් වියපැහැදම් කළේ රජයයි.රාජපක්ෂ පාලනය යටතේ ගෙවුනු නොවැම්බර් මාසයේදී දේශපාලන බලයේ අනුහසින් විදේශයන්හි තානාපති කාර්යාල වලට අනුයුක්ත කර සිටි පුද්ගලයින්ව නැවත කැදවුනු අතර ඔවුන් කැදවා ගැනීමට කළ වියදම් ගගට කැපූ ඉණි වලට සම කරමින්  නැවත වරක් දෙසැම්බරයේ පැමිණෙන්න යැයි පවසා ඔවුන්ව  දිවයිනෙන් පිටත් කර හැරීමට රාජපක්ෂ රජය කටයුතු කළේය.ඔවුන්ගේ ගුවන් ටිකට්පත් ගාස්තු හා හෝටල ගාස්තු සියල්ල දැරූයේ රජයයි.දිවයිනට පැමිණ සිටි  කාලයේ ගමන්බිමන්හි යෙදීම සදහා සුඛෝපභෝගී රථවාහන හා ඒවාට රියැදුරන්ද රජය ඔවුනට ලබාදී තිබුණි.

පසුගිය දෙසැම්බර් මාසයේ නුවරඑළියේ ජනාධිපති නිවස්නයට වී මැතිවරණ මෙහෙයුම් දියත් කරමින් සිටි උදයංග නොදැන සිටි කරුණක් විය.එනම් ඔහුට එරෙහිව නැගී තිබුණු බරපතල ගණයේ චෝදනාවක් සම්බන්ධයෙන් රහසිගත පරීක්ෂණයක් ඒ වට විට සිදුවෙමින් පැවති බවය.විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න හා විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධ අතිරේක ලේකම් මජින්ත ජයසිංහ දෙසැම්බර් මස 3 වැනිදා ඉන්දියාවේ යුක්රේන තානාපති හා ශී‍්‍රලංකාව සම්බන්ධයෙන්ද තානාපති වගකීම් භාරව සිටින ඔලෙක්සැන්ඩර් ෂේව්චෙන්කෝ හමුවූහ.මෙම හමුව සිදුවූයේ උදයංග සම්බන්ධ පරීක්ෂණයේ එක් පියවරක් ලෙසය.නැගෙනහිර යුක්රේනයේ ආරක්ෂක අංශ හා සටන්වැද සිටි යුක්රේන බෙදුම්වාදීන්ට අවි සැපයූවේයැයි  උදයංගට චෝදනා නැගී ගිබුණි.මේ පිළිඹද සවිස්තරාත්මක ලිපියක් පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් මුල් පිටුවේම පළවිය.එම වාර්තාවේ සදහන්වූ ආකාරයට යුක්රේනයේ වත්මන් ජනාධිපති පෝරෝ පොරොෂෙන්කෝගේ රජය උදයංගගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් ශී‍්‍රලංකා රජයට පැමිණිලි කර තිබේ.හිටපු විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස්ගේ උපදෙස් අනුව සෙනෙවිරත්න හා ජයසිංහ එසැනින් ඉන්දියාව බලා පිටත් වන්නේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසය.හමුවේදී දැනගත් කරුණු දිවයිනට පැමිණි වහාම තමන්ට දැනුම්දෙන්නැයි හිටපු විදේශ අමාත්‍යවරයා ඔවුන් දෙපළට උපදෙස් දී තිබිණ.ඒ අනුව ඔවුන් තම වාර්තාව අමාත්‍යවරයාට ලබාදුන්නද එයින් එහා ගිය දෙයක්සිදු නොවුනි.රජයේ ප‍්‍රබලයෝ මැදිහත්ව මෙම චෝදනා යටගැසූහ.දිවයිනට පැමිණ සිටි උදයංග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ පසු හැරෙන තැපෑලෙන් යළි රුසියාව බලා පිටත්ව ගියේය.උදයංග රුසියා තානාපති ලෙස සුපුරුදු පරිදි රාජකාරියේ නියැලූනු බවටත් යුක්රේනයේ සංචාරයන් කිහිපයකම යෙදී ඇති බවටත් සනාථ කෙරෙන වාර්තා ඇත.නමුත් නව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා නැවත ශී‍්‍රලංකාවට පැමිණෙන්නැයි දැනුම්දුන් දිනයේ පටන් ඔහු සිටින්නේ අතුරුදන්වය.

මංගල සමරවීරට දැනගැනීමට ලැබී ඇති පරිදි ශී‍්‍රලංකාවේ නීතිපතිවරයාට සමාන බලතල හිමි යුක්රේනයේ ප‍්‍රධාන චෝදකයාගේ කාර්යාලය එරට දණ්ඩනීති සංග‍්‍රහයට අනුව උදයංගව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින්  සිටී.තානාපතිවරයෙකුගේ බලතල හිමිව ඒවායින් ආරක්ෂාව සළසාගෙන සිටි නිසා පෙරදී උදයංගව අත්අඩංගුවට ගැනීමට නොහැකිවුවද දැන් යුක්රේනය  ඉදිරියේ එම බාධකය නැත.මේ හා සමානව අනතුරු ඇගවීමක් පසුගිය වසරේ ඉන්දියාව බලා ගිය දෙදෙනාටද ලබාදීමට යුක්රේනය කටයුතු කළේය.සමරවීර විදේශ අමාත්‍යවරයා මේ දිනවල සිටින්නේ මේ සදහා ශී‍්‍රලංකා රජය මැදිහත්විය යුත්තේ කෙසේදැයි සොයාබලමිනි.වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා කියෙව් බලා කණ්ඩායමක් යැවීම සම්බන්ධයෙන්ද ඔහුගේ අවධානය යොමුව තිබේ.හිතවත් රටවල හා අන්තර්ජාතික ආයතන වල උපදෙස්ද ශී‍්‍රලංකා රජයේ මැදිහත්වීම සදහා ලබාගැනීම ඔහුගේ අපේක්ෂාව වී ඇත.

වරක් යුක්රේනයේ අගනගරය වන කියේව්හි වාසය කළ වීරතුංග ක්ලබ් ලංකා නම් අවන්හලක් පවත්වාගෙන ගියේය.ශී‍්‍රලංකාවට ආවේණික ආහාර වර්ග එහි  වුනි.ඔහු හොදින් රුසියන් බස හැසිරවීය.වරක් ඔහු කළ කතාවකට සවන්දුන් රුසියා විදේශ අමාත්‍ය ස්රගෙයි වික්ටොරොවිච් ලැව්රොව් එවක ශී‍්‍රලංකා විදේශ අමාත්‍ය නැසීගිය ලක්ෂ්මන් කදිරගාමර් මහතා හා පැවසූයේ වීරතුංගගේ රුසියා බසෙහි දැඩි යුක්රේන ඌරුවක් පවතින බවය.රාජපක්ෂ  පාලන සමයේ රුසියාවේ ශී‍්‍රලංකා තානාපති ලෙස පත්කරනු ලැබූ හෙතෙම එකදිගට වසර 8 ක් රාජකාරියේ නියැලූනේය.ඔහුගේ සේවයේ අවසානය සනිටුහන් වූයේ කොළඹට පැමිණෙන්න යැයි නව විදේශ අමාත්‍යවරයා ඔහුට දැනුම්දුන් දාය. ශී‍්‍රලංකාවේ මුල් පෙලේ රාජ්‍ය නිළධාරියෙක් බෙදුම්වාදී කැරලිකාර කණ්ඩායමකට අවි සපයා ඇතැයි චෝදනාවක් නැගී තිබෙන්නේ නිදහසින් පසු ශී‍්‍රලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවටය.

අවි මිලදී ගැනීම සදහා ඇනවුම් ලබාදී ඇතැයි නැගී තිබෙන චෝදනාව අනුව වීරතුංග තානාපතිවරයෙකු ලෙස තමන් සතුවූ බලතල අයුතු ලෙස භාවිතා කර ඇති බව පෙනී යන්නකි.තමන් නියෝජනය කරන්නේ දශක 3 ක කාලයක් අවි ගත් ත‍්‍රස්තයින් පිරිසක් සමග යුධවැදී අවසානයේ සාමය දිනාගත් රටක් බව ඔහුට අමතකවී ගොස් තිබෙන සෙයකි.ත‍්‍රස්තවාදයට එරෙහිව ප‍්‍රබලව පෙනී සිටින රටක් ලෙස ශී‍්‍රලංකාවට අන්තර්ජාතික තලයේ හිමිව ඇති ස්ථානය මෙම  සිදුවීමෙන් හෑල්ලූවට ලක්වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.වීරතුංගගේ ජංගම දුරකථනයට මෙන්ම ඔහුගේ චන්ද්‍රිකා තාක්ෂණ දුරකථනය හා  සම්බන්ධවීමට තැත් කළද එම උත්සාහයන් සියල්ල අසාර්ථකව ඇත.

තෙවැනි පාර්ශවයක් ලියූ ලිපිය

වීරතුංගගේ යටගියාව සොයාබැලීමට රජයේ ඇස යොමුවන්නේ ශී‍්‍රලංකාව සමගද රාජ්‍ය තාන්ති‍්‍රකමය සබදතා පවත්වාගෙන යන ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලය තෙවන පාර්ශවයක් ලියන ලද ලිපියක්  ඉන්දියාවේ ශී‍්‍රලංකා තානාපති කාර්යාලයට භාරදීමත් සමගය.රටක රජයක් නියෝජනය කරනා වගකිවයුතු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සකස් කළ ලිපියකට වෙනත් රටක රජයක අනුමැතිය ලබාගත යුතු අවස්ථාවක අනුමැතිය  ලබාගත යුතු රටෙහි පිහිටි අදාළ තානාපති කාර්යාලය මැදිහත්ව එම ලිපිය රටේ පාලකයින් වෙත භාරදීම මෙයින් අදහස් කෙරේ.මෙලෙස භාරදී තිබෙන  ලිපියේ අන්තර්ගතය බරපතලය.යුක්රේන රජය නියෝජනය කරමින් තෙවැනි  පාර්ශවයක් ලියාල ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලය හරහා ශී‍්‍රලංකා තානාපති කාර්යාලය වෙත භාරදී තිබෙන නොවැම්බර් මස 17 වැනිදා දාතමින් යුතු මෙම ලිපියේ සදහන් වන්නේ මෙසේය.

ඉන්දියා ජනරජයේ පිහිටි යුක්රේන තානපති කාර්යාලය ශී‍්‍රලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයට එහි සුභාසිංශන එක් කරයි.යුක්රේනයේ වගකිව යුතු  අංශවල දැඩි අවධානයට යොමුව ඇති අවි ඇනැවුම් කිරීමේ හා බෙදා හැරීමේ උත්සාහයක් ගැන ශී‍්‍රලංකා රජයේ අවධානය යොමුකරවීමේ ගෞරවය අප  සතුවන බව අපි සිතන්නෙමු.(නම් හා ඇණවුම් තොරතුරු සදහන් ලැයිස්තුවක් වෙනම අමුණා ඇත*

ලැබී ඇති තොරතුරු වලට අනුව උක්ත නම් වලට අවි ලබාදීම සිදුකර ඇත්තේ යුක්රේනය හා රාජ්‍ය තාන්ති‍්‍රකමය සබදතා පවත්වාගැනීමේ වගකීමද භාරව කටයුතු කරන ශී‍්‍රලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ රුසියා තානාපති ගරු උදයංග වීරසිංහය.ඔහු දැනට මොස්කව්හි වාසය කරයි.අවි ගනුදෙනු සම්බන්ධයෙන් ලැබී ඇති වාර්තා සැළකිල්ලට ගත් විට ශී‍්‍රලංකා රජයෙන් තවත් ඉල්ලීමක් කිරීමේ ගෞරවය යුක්රේනය සතු බව අපි සිතන්නෙමු.මෙම එවා ඇති දත්ත තහවුරු කරන ලෙසත්,විදේශිකයින්ට අවි ආයුද ලබාදීමට ශී‍්‍රලංකා තානාපතිවරුන්ට බලතල ලබාදෙන යම් නීති හා රෙගුලාසි තිබේනම් ඒ සම්බන්ධයෙන් අප දැනුම්වත් කිරීමක් සිදුකරන ලෙසත් ශී‍්‍රලංකා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අපි ඉල්ලා සිටින්නෙමු.මේ කටයුතු  සම්බන්ධයෙන් ශී‍්‍රලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අවධානය යොමුවනු ඇතැයි ඉන්දියා ජනරජයේ යුක්රේන තනාපති කාර්යාලයේ අපි උදක්ම බලාපොරොත්තු වන්නෙමු.

වීරතුංග ඇණවුම් කර දී ඇතැයි සදහන් වන අවි හා ඒවා ලබාගත් පුද්ගලයින්ගේ බව සදහන් වන නම් ලැයිස්තුවක් මෙම තෙවන පාර්ශවීය ලිපිය සමග එවීමට යුක්රේන රජය කටයුතු කර ඇත.(පිටපතබලන්න*.වැඩබලන තානාපතිවරයෙකුට මෙසේ අවි  මිලයට ගැනීම සදහා ඇනවුම් ලබාදීමට හැකියාව ලැබුණේ කෙසේදැයි යන්න ශී‍්‍රලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සැකයට බදුන්ව තිබෙන්නකි.

ලැයිස්තුවේ සදහන් වන අවි අතර ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ නිශ්පාදිත  මිලිමිීටර 7.62 සිගුවර් පී266 පිස්තෝල,ජර්මනියේ නිශ්පාදිත පැරබෙලම්  ඕ08 පිස්තෝලයක් හා ස්ටෙයිර් පිස්තෝල,චෙක් ජනරජයේ නිශ්පාදිත මිලිමිීටර 9 සීසෙඞ් 75 ගණයේ ස්වයංකී‍්‍රය පිස්තෝල වර්ග කිහිපයක්,ඉතාලියේ නිශ්පාදිත  බේරෙට්ටා 92 එෆ්එස් පිස්තෝල,තුර්කියේ නිශ්පාදිත අක්කාර් පිස්තෝල,සෝවියට් රුසියාවේ නිශ්පාදිත ටීටී පිස්තෝල ආදිය ඇත.

හිටපු විදේශ අමාත්‍යංශ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න විදේශ කටයුතු අමාත්‍යවරයාට නොවැම්බර් මස 21 වැනිදා දාතමින් යුතුව යැවූ අතිශය රහසිගත ලිපියක ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලය, ලැයිස්තුවේ සදහන් පරිදි ඇණවුම් කරනු ලැබූ අවි භාරදුන් දිනයන් සනාථ කරන ලෙසත් විදේශිකයින්ට අවි සැපැයීම සදහා ශී‍්‍රලංකා තානාපතිවරුන්ට නීතිමය අවසරයක් තිබේනම් ඒ පිළිඹද පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසත් ශී‍්‍රලංකා රජයෙන් ඉල්ලා සිටින බව සදහන් විය.මෙම ලිපිය සන්ඬේ ටයිම්ස් ඇසටද  හසුවුනි.යුක්රේන තානාපති කාර්යාලයේ මෙම ඉල්ලීම් සුලූකොට නොතැකිය හැකි බව විදේශ අමාත්‍යංශයේ මුල් පෙල නිළධාරීන් කිහිපදෙනෙකුගේම  අදහස වූවේය.

පෙනෙන විදිහට නම් ශී‍්‍රලංකා තානාපතිවරයා කටයුතු කරලා තිබෙන්නේ ශී‍්‍රලංකා රජයේ අනුදැනුම මත කියලයි යුක්රේන රජය සිතා සිටින්නේ.ඒකයි ඔවුන් ඇණවුම් ලබාදුන් දින තහවුරු කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා  සිටින්නේ. යැයි එක් නිලධරයෙක් නම හෙළිනොකිරීමේ පොරොන්දුව  මත එදවස සන්ඬේ ටයිම්ස් හා පැවසීය.

නමුත් හිටපු විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැත.චෝදනාව ලබා සිටි තැනැත්තා ජනපතිවරයාගේ ඥාති සොහොයුරෙකු වීම නිසාවෙන්දෝ පරීක්ෂණ කටයුතු එතැනම නතර විය.වෙනකක් තියා අලූතින් පත්වූ විදේශ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය හෝ අතිරේක ලේකම්වරයා හෝ කටයුතු නොකළෝය.

හිටපු විදේශ අමාත්‍ය ලේකම්වරිය වූ සෙනෙවිරත්න තමන් හා ඉන්දියාවේ යුක්රේන තානාපති ෂෙව්චෙන්කෝ නවදිල්ලියේදී පැවැත්වූ හමුවේ තොරතුරුද හිටපු විදේශ අමාත්‍ය පීරිස් වෙත භාරදීමට කටයුතු කළාය.විදේශ  අමාත්‍යවරයාගේ උපදෙස් අනුව තමන් හා ජයසිංහ හිටපු තානාපති වීරතුංග යුක්රේන ජාතිකයින් 19 දෙනෙකු වෙනුවෙන් ගිනි අවි ඇණවුම් කර ඔවුන්ට ලබාදී ඇතැයි තෙවැනි පාර්ශවයක් ලියූ ලිපියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්  යුක්රේන නියෝජිතයින් පිරිසක් හා සාකච්ඡුා කිරීමට ඉන්දියාව බලා ගිය බව ඇය මෙරටට පැමිණ විදේශ අමාත්‍යවරයා අතට භාරදුන් වාර්තාවේ සදහන් කර තිබුනි.එම වාර්තාවට අනුව ඉන්දියාවේදී ඇය හමුවූ යුක්රේන නියෝජිත පිරිස ශී‍්‍රලංකා තානාපතිවරයෙකුට විදේශිකයින් හා අවි ගනුදෙනු වල යෙදීමට ශී‍්‍රලංකා රජයෙන් අවසරයක් ලබාදී ඇත්දැයි ඇයගෙන් විමසා ඇත.ඊට පිළිතුරු ලෙස ඇය ඔවුන්ගෙන් එසේ අවි ගනුදෙනුවක් සිදුවී ඇත්නම් ඒ පිළිඹද තොරතුරු තමන්ට අවශ්‍ය බව පවසා සිට ඇති අතර එයට ප‍්‍රතිචාර දක්වමින්  යුක්රේන නියෝජි’ත පිරිස හිටපු තානාපති වීරතුංගගෙන් අවි ලබාගත් බවට චෝදනා නැගී ඇති පුද්ගලයින් කිහිපදෙනෙකු ගැන ඇය හමුවේ පැහැදිලි කිරීමක්ද සිදුකර ඇත.සෙනෙවිරත්න තම වාර්තාවේ සදහන් කර ඇති ආකාරයට එසේ චෝදනා නැගී ඇති පුද්ගලයින් අතර යුක්රේන රජයේ හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු හා කියෙව්හි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රබල පුද්ගලයෙකුද සිටී.මොවුන් සියලූදෙනා බෙදුම්වාදීන්ට ආධාර කරන්නේයැයි චෝදනා ලබා සිටින්නන් බව යුක්රේන නියෝජිත පිරිස ඇය හමුවේ  කියා ඇත.

සෙනෙවිරත්නගේ වාර්තාවේ දැක්වෙන පරිදි යුක්රේන නියෝජිත පිරිස හිටපු තානාපති වීරතුංග අවම වශයෙන් මසකට තුන්වරක්වත් රුසියාවේ සිට යුක්රේනයේ කියෙව් බලා ගොස් ඇති බව සනාථ කෙරෙන සාක්ෂිද ඇයට ඉදිරිපත් කර ඇත.

යුක්රේනය තෙවැනි පාර්ශවීය ලිපියක් ඉදිරිපත් කරන තෙක් ශී‍්‍රලංකා රජය මේ පිළිඹද කිසිත් නොදැන සිටි බව තමන් යුක්රේන නියෝජිත පිරිස හමුවේ පවසා සිටි බව ඇයගේ වාර්තාවේ සදහන්ය.නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ මෙම ගනුදෙනුව හා ශී‍්‍රලංකා රජයේ කිසිදු සබදතාවක් නැතැයි ඇය යුක්රේන නියෝජිත පිරිසට අවධාරණ කර ඇත්තීය.ඉන්දියාවේ යුක්රේන  තානාපතිවරයා මෙහිදී තවත් පැනයක් නගමින් ශී‍්‍රලංකා තානාපතිවරුන් අතර  විදේශිකයින්ට ගිනි අවි තෑගි දීමේ පිළිවෙතක් ඇත්දැයි ඇයගෙන් විමසා තිබෙන අතර එවැනි පිළිවෙතක් නොමැති බවත් අවි ගනුදෙනුවක් සිදුවන්නේ වෙළද ගනුදෙනුවක් ලෙස බවත් යුධ සමයේ යුක්රේනය හා ශී‍්‍රලංකාව එවැනි ගනුදෙනු බව යෙදුණු බවත් ලෙස ඇය ඊට පිළිතුරු දී තිබෙන්නීය.ඇය හමුව අවසාන කර තිබෙන්නේ ලිපියේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් පුලූල්  පරීක්ෂණයක් සිදුකරන බවට පොරොන්දුවක්ද දෙමිනි.නමුත් එවැනි පරීක්ෂණයක් කිසිදිනෙක කි‍්‍රයාවට නැගුනේ නැත.කිසිදු වරදක් සිදුවී නොමැති බව පෙන්වමින් වීරතුංග රුසියාවේ තානාපති ලෙස දිගටම සේවයේ නියැලූනු අතර යුක්රේනයට සිදුකළ සංචාරයන්ද හේ නොනැවැත්වීය.ඔහුගේ ඥාති සෙහොයුරු මහින්ද රාජපක්ෂගේ ඡුන්ද සටනට දායකත්වය ලබාදීමට ඔහු දිවයිනටද පැමිණියේය.

යුක්රේන රජය නගන පැනයන්ට පිළිතුරු දී ගත නොහැකිව සිටින විදේශ අමාත්‍යංශය හමුවේ තිබෙන විශාලම ගැටලූව වන්නේ වීරතුංග සම්බන්ධ කර ගැනීමේ මාර්ගයක් නොමැති වීමය.වීරතුංගගෙන් ප‍්‍රශ්න කිරීමට නොඉවසිල්ලෙන් සිටින්නේ විදේශ අමාත්‍යංශයම පමණක් නොවේ.

මිග් ගනුදෙනුව - ගැටලූ ඇත.පිළිතුරු?

අලූතින් ඇතිකළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ අංශය යුක්රේනයෙන් මිලදී ගත් ගුවනේ සිට පොළවට ප‍්‍රහාර එල්ල කළ හැකි මිග් 27 යානා ගනුදෙනුව සම්බන්ධයෙන් දැන් සිදුකරගෙන යන පරීක්ෂණ වලට අවශ්‍ය තොරතුරු ලබාගැනීමටද උදයංගව අවශ්‍යව තිබේ.මෙම ගනුදෙනුම සිදුව ඇත්තේ ඔහු රුසියා තානාපති ලෙස සේවය කළ කාලයේ වන අතර මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරීන් පවසන්නේ යානා මිලයට ගැනීමේ කටයුතු වලදී ඔහු ඊට සැළකිය යුතු දායකත්වයක් ලබාදී ඇති බවට තොරතුරු මූලික පරීක්ෂණ කටයුතු වලින් අනාවරණයව තිබෙන බවයි.මෙම සමයේ ඔහු නිතරම කොළඹ හා කියෙව් අතර සංචාරයේ ගුවන්ගමන්හි යෙදී ඇති බවටද සාක්ෂි ඇත.පසුගිය සිකුරාදා පොලිස් මූල්‍ය අපරාධ අංශයේ නිළධාරීන් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ගුවන්හමුදාපති එයාර්චීෆ් මාර්ෂල් රොෂාන්  ගුණතිලක මහතාගෙන් පැය නමය හමාරක ප‍්‍රකාශයක් සටහන් කරගත්තේය.මිලදී ගත් පසු ගුවන්යානා ශී‍්‍රලංකාව බලා ගෙනඑනු ලැබ ඇත්තේ වත්මන් ගුවන් හමුදාපතිවරයාගේ පෞද්ගලික අධීක්ෂණයට යටතේ වීම මෙසේ ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට හේතුවයි.මෙම මිග් 27  යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත්වුනු කාලයේ  ගුවන්හමුදාපති ධූරය හෙබවූ එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඞ් පෙරේරා මහතාගෙන්ද ප‍්‍රශ්න කිරීම් සිදුකිරීමට පොලිස් මූල්‍ය අපරාධ අංශය සැළසුම් කර ඇත.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් ගතවුනු කාලය පුරාවට හෙළිකළ කරුණු රැුසක් සහතික කිරීමට මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරීන් මේ වන විට සමත්ව ඇත.යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් ශී‍්‍රලංකා ගුවන්හමුදාවෙන් ලබාගත් වාර්තා අධ්‍යනය කිරීමෙන් හා එම මිලදී  ගැනීම් වලට සම්බන්ධවූ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ කළ ප‍්‍රශ්න කිරීම් වලින් මෙතෙක් හෙළි නොවූ තොරතුරු අනාවරණය කර ගැනීමටත් ඔවුනට හැකිව ඇත.තවත් බොහෝ දෙනා ප‍්‍රශ්න කිරීම් වලට කැදවීමට නියමිතය.ගනුදෙනුවේ ගැටලූකාරී ස්වභාවයට හේතුවී තිබෙන්නේ මිලදී ගෙන තිබෙන යාන 4 ඉන්  පෙර අවස්ථාවකදී මිලයට ගත් මෙම වර්ගයටම අයත් යානා 2 කට වඩා පැරණි ඒවා වීම නිසාය.ශී‍්‍රලංකා ගුවන්හමුදාව සතු තවත් මෙවන් යානා 7 ක් අලූත්වැඩියා කිරීම සදහා සම්පත් දායකත්වය ලබාදීම මෙම ගනුදෙනුවේ තවත් කොටසකින් ආවරණය විය.ශී‍්‍රලංකා ගුවන්හමුදාව ලබන්නාගේ පාර්ශවය  නියෝජනය කරද්දී ලබා දෙන්නාගේ පාර්ශවය නියෝජනය කළේ යුක්රේන රජයට අයත් සමාගමක් වන යුකින්මාර්ෂ් සමාගමයි.මෙය රජයක් දෙකක්  අතර ඇතිවූ ගිවිසුමක් ලෙස එදවස හදුන්වාදෙනු ලැබුණු අතර ටෙන්ඩර් කැදවීමට යෑමේදී සිදුවන ප‍්‍රමාද දෝශයන් වළක්වාගැනීමට හා ගනුදෙනුවට මැදහත්කරුවන් සම්බන්ධවීම මගහැරීමට මෙලෙස රජයන් දෙක අතර සෘජු ගිවිසුමක් ඇතිකරගත් බව පැවසුනි.එසේ පැවසුනද දැනට සිදුව ඇති පරීක්ෂණ වලින් 2006 වසරේ ජූලි මස 26 වැනිදා ඇතිකරගත් මෙම ගිවිසුමට දිවයිනෙන් බැහැර පිහිටි එක්තරා සමාගමක් දායතක්වය සපයා ඇති බව අනාවරණයව තිබේ.බෙලිමිසා හෝල්ඩින්ග් නම් වන මෙම සමාගම ලියාපදිංචි කර තිබෙන්නේ බි‍්‍රතාන්‍යයේය.නම සොයාගැනීමට හැකිවුවත් එම  සමාගම ගැන ඊට අමතර තොරතුරක් සොයාගත හැකි කිසිදු මූලාශ‍්‍රයක් සොයාගැනීමට පරීක්ෂකයින්ට මේ දක්වාම හැකිව නොමැත.

ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධ ගිවිසුමේ මෙම සමාගම හදුන්වාදී ඇත්තේ වගකිවයුතු පාර්ශවය ලෙසය.මිග් 27 යානා හතර මිලදී ගැනීමට,ඒවා ප‍්‍රවාහනය කිරීමට හා අනෙකුත් වියදම් සදහා අවැසි සියලූ මුදල් යවා ඇත්තේ මෙම සමාගම නමින් ලන්ඩනයේ පිහිටි ලිපිනයකටය.නමුත් එම ලිපිනයේ සමාගමක යැයි සැළකිය හැකි ගොඩනැගිල්ලක් හෝ කාර්යාලයක් හෝ නොමැත.

යානා ගනුදෙනුවට අත්සන් තැබී ඇත්තේ ලන්කා ලොජිස්ටික්ස් ඇන්ඞ් ටෙන්නොලොඩි ලිමිටඞ් නම් සම්පූර්ණයෙන්ම රජයට අයත් භාණ්ඩ ප‍්‍රවාහන සමාගමේ මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණු 2006 ජූලි මස 27 වැනිදාට දිනකට පෙරය.කල්ගතවීමේදී ආරක්ෂක අංශ හා පොලිසියට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේ එකම ආයතනය බවට පත්වූයේ මෙම සමාගමයි.

මෙම ගනුදෙනුවට වසර 6 කට පෙර ශී‍්‍රලංකා ගුවන්හමුදාව මෙවැනිම මිග් 27 ප‍්‍රහාරක යානා 4 ක් මිලයට ගත්තේ මිීට වඩා අඩු මුදලකටය.අංගනයක ගාල් කර තිබූ යානා සමූහයක් අතරින් හොදම යානා 4 ක් තෝරාගැනුනු අතර 2000 වසරේ මැයි මස 25 වැනිදා සිදුවුනු ගනුදෙනුව ප‍්‍රකාරව එම එක්  යානයකට ගෙවනු ලැබූ මුදල වූයේ ඩොලර් ලක්ෂ 17.5 කි.(එවක විදේශ  විනිමය අනුපාතය අනුව එක් ගුවන්යානයක් සදහා රුපියල් ලක්ෂ 1890 ක මුදලක්* එම යානා වර්ෂ 1982 හා 1985 අතර කාලයේ නිශ්පාදනය කර තිබුනි.ෙදැවැනි වතාවටත් මිග් 27 යානා මිලදී ගැනීමක් සිදුවුනු අතර එම  වසරේදීම ඔන්තෝබර් මස 24 වැනිදා සිදුවූ එම ගනුදෙනුවේදී යානා දෙකක් මිලයට ගැනුනේ එක් යානයක මිල පෙර අවස්ථාවටත් වඩා අඩු මුදලකටය.දෙවන ගනුදෙනුවේදී එක් යානයක් සදහා වැයවූ මුදල ඩොලර් ලක්ෂ 16 ක් විය.(එවක විදේශ විනිමය අනුපාතය අනුව රුපියල් ලක්ෂ 1780 ක  මුදලක්*.එක් යානයක් නිශ්පාදනය කර තිබුණේ 1981 වසරේදී වූ අතර අනෙක නිශ්පාදනය කර තිබුණේ 1984 වසරේදීය.දැනට සිදුකර තිබෙන පරීක්ෂණ වලින් මෙම තොරතුරු සනාථ වී තිබේ.

මෙම යානා වලට අමතරව මිග් 27 23 යූබී ටෙ‍්‍රයිනර් වර්ගයට අයත් ගුවන්යානයක්ද මිලයට ගෙන ඇතැයි පරීක්ෂණ වලින් අනාවරණයව තිබෙන අතර ඒ සදහා වැයව ඇති මුදල ඩොලර් ලක්ෂ 9 කි.(එවක විදේශ අනුපාතය  අනුව රුපියල් ලක්ෂ 920 ක මුදලක්*.මෙම යානය නිශ්පාදනය කර ඇත්තේ 1984 වසරේදී වන අතර එහි අලූත්වැඩියා කටයුතු සදහා පසු අවස්ථාවක එහි  අලූත්වැඩියා කටයුතු සදහා ශී‍්‍රලංකා ගුවන්හමුදාවට රුපියල් ලක්ෂ 16 ක් වැයව තිබෙන බවටද තොරතුරු ඇත.

අවසාන වශයෙන් තවත් මිග් 27 යානා 4 ක් මිලයට ගැනුනු අතර ආන්දෝලනයට තුඩු දුන්නේ මෙම ගනුදෙනුවයි.ගනුදෙනුවේදී එක් ගුවන්යානයක් සදහා වැයකර ඇති මුදල ඩොලර් ලක්ෂ 24.62 කි.(එවක  විදේශ විනිමය අනුපාතය අනුව රුපියල් 265 896 000 ක මුදලක්*.1980 හා 1983 වසරවල නිශ්පාදනය කර ඇති මෙම ගුවන්යානා පෙර මිලදී ගත්  ගුවන්යානා වලට වඩා පැරණී ඒවා වුවත් ඒවා මිලයට ගෙන ඇත්තේ වැඩි මුදලක්ද ගෙවාය.මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ පරීක්ෂකයින් මෙම ගනුදෙනුව හා සම්බන්ධ ලියකියවිලි දැනටමත් තමන් භාරයට ගෙන ඇත.ගණන් බැලූවහොත් පෙර අවස්ථාවේ ඩොලර් ලක්ෂ 16 ක් ගෙවා මිලයට ගත් ගුවන්යානයට වඩා පැරණි ගුවන්යානයක් මිලයට ගැනීමට ගෙවා ඇති මුදල ඩොලර් 24.62 කි.දෙක අතර මුදලේ වෙනස ඩොලර් 862 000 කි.මෙලෙස යානා 4 ටම වැඩිපුර ගෙවා ඇති මුදල එක්ව සැළකුවහොත් එය ඩොලර් 3 448 000 කි.මෙම මුදල් වෙනස නොසළකා හැරීමට කටයුතු කළේ  ඇයි? කවුරුන්ද මෙයට හවුල්වුනු පුද්ගලයින? මෙම ගනුදෙනුව යටගැසූයේ කවුරුන්ද? ආදී ගැටලූ වලට පිළිතුරු සෙවීමට මූල්‍ය අපාරධ පරීක්ෂණ අංශයේ පරීක්ෂකයෝ කටයුතු කරමින් සිටිති.ඒ පිළිඹද වැඩිදුර තොරතුරු  හෙළිකිරීම ප‍්‍රතික්ෂේප කළ ඔවුහු පරීක්ෂණ කටයුතු ක‍්‍රමයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව පමණක් පැවසූහ.

පාර්ලිමෙන්තුව විසිරුවීම

මිග් 27 ප‍්‍රහාරක යානා මිලදී ගැනීමේ අයථා ගනුදෙනුම පිළිඹද පරීක්ෂණ එසේ පැවැත්වෙද්දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධාන රජයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වංචා හා දුූෂණ චෝදනා නැගී ඇති පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරමින් සිටිති.ඇතැම් ප‍්‍රබල පුද්ගලයින් සම්බන්ධයෙන් නැගී ඇති වංචා හා දුූෂණ චෝදනා පිළිඹද පරීක්ෂණ කටයුතු ඔවුන් යොදන පීඩනය නිසා ඉතා සෙමින්  සිදුවෙමින් පැවතියද එසේ යැයි කියා පොලිසිය ඇතුලූ දුූෂණ විමර්ෂණ ආයතනයන්ට නිදහසක් දීමට ඔවුන් දෙපළගේ සූදානමක් නැත.පාර්ලිමෙන්තු මැතිවරණයට ප‍්‍රථමයෙන් වංචා හා දුූෂණ චෝදනා නැගී ඇති පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණයන් දියත් කරවීම ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ අරමුණ බව පෙනේ.මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇත.

පසුගිය සතියේ හමුවුනු රටකරවන ති‍්‍රත්වය එනම් ජනපති සිරිසේන,අගමැති වික‍්‍රමංසිහ හා හිටපු ජනපතිනී බණ්ඩාරණායක අතර සාකච්ඡුාවට බදුන්වූයේද  ඉදිරියේ එන පාර්ලිමෙන්තු මැතිවරණයයි.ගෙවුනු මාර්තු 17 වැනි අගහරුවාදා දිනයේ පැවැත්වුනු මෙම හමුවේදී අගමැති වික‍්‍රමසිංහ දින 100 යේ වැඩපිළිවෙල අනුව අපේ‍්‍රල් මස 23 වැනිදාට පාර්ලිමෙන්තුව විසිරුවන බවට එදා ජනාධිපතිවරණ වේදිකාවේ දුන් පොරොන්දුව ජනපතිවරයාට මතක් කර  දුන්නේය.නමුත් එසේ පාර්ලිමෙන්තුව විසිරුවීමට පෙර ව්‍යවස්ථා සංශෝධනයන් සිදුකිරීම හා මැතිවරණ ක‍්‍රමය වෙනස්කිරීම එකසේ වැදගත්වන බව පැවසූ ජනාධිපතිවරයා එම කටයුතු සම්පූර්ණ කර මැයි දිනයට පසුදා  (මැයි 1* පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය හැකි බව පෙන්වා දුන්නේය.

අගමැතිවරයාගේ අදහස වූයේ එසේනම් වෙසෙක් පොහෝ දිනය පසුවන තෙක් සිටීම වඩා යෝග්‍ය බවයි.මේ අනුව පාර්ලිමෙන්තුව විසිරුවීම මැයි මස  5 වැනිදා සිදුවීමට ඉඩ තිබේ.මැතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන්ද තිදෙන අදහස් හුවමාරු කරගත් අතර අවසානයේ තීරණය වූයේ පාර්ලිමෙන්තුව විසිරුවීමෙන් පසු එළැඹෙන මාසයේ අවසාන  සෙනසුරාදා දිනයේ මැතිවරණය පැවැත්වීමටය.එනම් මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ ජූනි මස 27 වැනිදාය.කෙසේවුවද ගෙවීමට ඇති  දින  කිහිපයේ සකස්වන දේශපාලන පරිසරය අනුව මෙම දින වෙනස් වීමට ඉඩ ඇත.

පාර්ලිමෙන්තුව අපේ‍්‍රල් මස 23 වැනිදා විසිරුවාහැරිය යුතුයැයි සිටි දැඩි මතය වෙනස් කර ගැනීමට අගමැතිවරයා කටයුතු කළ අතර අවශ්‍ය සංශෝධනයන් සිදුකෙරෙන තෙක් එදින සිට තවත් සති කිහිපයක් පාර්ලිමෙන්තුව එලෙසම  තබා ගැනීමට ඔහු එකගවිය.පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම මහතාද සන්ඬේ ටයිම්ස් හා මේ හා සමානවම අදහස් පළකළේය.මේ දෙදෙන  පාර්ලිමෙන්තුව විසිරුවීම කල්දැමිීමට එකගතාවය පළ කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන කමිටුව අප්‍රෙල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය යුතුයැයි දැඩි තීරණයක සිටිද්දීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන අවසාන යෝජනාවලිය පිළිඹදවද තිදෙනගේ අවධානය යොමුවිය.ගෙවුනු සදුදා දිනයේ  ව්‍යවස්ථා සංශෝධනය පිළිඹද අවසාන මතයකට පැමිණීමට විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුනු අතර එහිදී සිදුකෙරුණු සංශෝධනයන් අවසානයේ සියලූදෙනාගේ එකගත්වයෙන් යුතු ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් සකස් විය.හිටපු ජනපතිනිය මෙහදී වැදගත් කාරණාවක් මතු කළාය.

දැන් ඇය රජයේ ප‍්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු වල නිරතව සිටින නිසා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා සමිීප සම්බන්ධතාවක් පවත්වාගැනීමටද ඇයට හැකිව ඇත.අපේක්ෂාභංගත්වයට පත්ව සිටින ඇතැම් ශී‍්‍රලංකා නිදහස්  පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සම්බන්ධයෙන් වහාම පියවර ගතයුතුව තිබෙන බව ඇය පැවසුවාය.මෙම මන්තී‍්‍රවරුන් සෑම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන යෝජනාව කවරක් හෝ වේවා ඊට විරුද්ධව  අදහස් පළ කිරීමට පුරුදුව සිටින බව ඇය කීවාය.මෙම තත්ත්වය වර්ධනය වුවහොත් යෝජිත ව්‍යවස්ථා සංශෝධනයන් ස්ථාපිත කර ගැනීමට මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් සිදුකරගැනීමට ආදී නව රජය ඉදිරියේ කි‍්‍රයාත්මක කිරීමට  නියමිත වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය තුනෙන් දෙකක පාර්ලිමෙන්තු බලය දිනාගැනීමට අපහසු වන බව හිටපු ජනපතිනිය ජනපතිවරයාට හා අගමැතිවරයාට පැහැදිලි කර දුන්නාය.පිළියමක් වශයෙන් ඇය යෝජනා කළේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයෙන් තෝරාගන්නා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකුටද කැබිනට් අමාත්‍යධූරයන් ලබාදිය යුතු බවය.අගමැති,ජනපති හා හිටපු ජනපතිනිය සමග සමිීප සබදතාවන් පවත්වන විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකට අනුව කැබිනට් අමාත්‍යධූර ප‍්‍රදානය කිරීමට සුදුසු ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ ලැයිස්තුවක්  පිළියෙල කිරීමට එවලේම සැළසුම් කෙරී ඇති අතර පුද්ගලයින් පත් කිරීමේ වාසි හා අවාසි ගැන සාකච්ඡුා කිරීමටද තිදෙනගේ එකගතාව පළවී  තිබේ.අගමැතිවරයාද හිටපු ජනපතිනියගේ යෝජනාවට කැමැත්ත පළ කර ඇත.දැනටමත් මාධ්‍ය ඔස්සේ මේ පිළිඹද දුූසමාන ආරංචි ප‍්‍රචාරය වෙමින් තිබෙන බව පවසා ඇති අගමැතිවරයා අලූත් ඇමතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් තමන්ට ඇගිල්ල දික් නොකරනු ඇතැයි සිතන බවද කියා තිබේ.

හමුව අවසාන වූ පසු ජනපතිවරයා ඇමතිධූර,නියෝජ්‍ය ඇමතිධූර හා රාජ්‍ය ඇමතිධූර ලබාදීමට සුදුසු ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ නාමාවලියක් සකස් කිරීමේ යෙදුණේය.මේ අතර ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායමට ලැබුණු පණීවුඩයක සදහන්වූයේ හෙට එනම් සදුදා දිනයේදී අවසන් වතාවට කැබිනට් මණ්ඩලයේදී සංශෝධණය

වීමට නියමිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවත් අදහස් පළ කිරීමට හා යෝජනා ඉදිරිපත් කිීරීමට අද එනම් ඉරිදා දිනයේ විශේෂ හමුවක් පැවැත්වෙන බවය.සැබැවින්ම සිදුවන්නට යන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් බහුතරය දැන සිටියේ නැත.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයටත් අමාත්‍යධූර  ලැබීමට නියමිත බව පැවසුනු කටකතා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කණවැකී තිබුණද ඔහුට එය සැකහැර දැනගැනීමට හැකිවූයේ  ඉරිදා සවස්යාමයේ ජනාධිපතිවරයා ඔහු අතට ආමාත්‍යධූර,නියෝජ්‍ය අමාත්‍යධූර හා රාජ්‍ය අමාත්‍යධූර දැරීම සදහා තෝරාගෙන සිටින ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ නම් ලැයිස්තුවක් ලබා දුන්නායින් පසුවය.හිටපු ජනපතිනිය අතට මෙම ලැයිස්තුවේ පිටපතක් ඉරිදා  උදැෑසනම ලැබී තිබුණු අතර තමන්ව ඉතා අපහාසාත්මක ලෙස විවේචනය කළ එස්.බී දිසානායකවද ඇමතිධූරයක් සදහා යෝජනා කර තිබීම ඇයව මහත් සේ කෝප ගැන්වීය.වහාම සිරිසේන ජනපතිවරයාම ඇමතූ ඇය තම විරෝධය පළකළාය.මහින්ද රාජපක්ෂ විවේචනය කළ හැකි ප‍්‍රබල විවේචකයෙකු ලෙස එස්.බී හදුන්වාදුන් ජනපතිවරයා එනිසාවෙන්ම ඔහුට අමාත්‍යධූරයක් ලබාදුන් බව හිටපු ජනපතිනියට පැහැදිලි කර දුන්නේය.එම පැහැදිලි කිරීම පිළිගත්තද ඇය ඇමතිවරුන් දිව්රුම්දීමේ අවස්ථාවට සහභාගී  නොවූවාය.පසු අවස්ථාවක අභිනවයෙන් අමාත්‍යවරයෙකු බවට පත්වූ එස්.බී දිසානායක පසුගිය සමයේ හිටපු ජනපතිනියට පහර ගසමින් තමන් සිදුකළ  අශ්ලීල,අවිචාරමත් විවේචනයන් සම්බන්ධයෙන් ඇයගෙන් සමාව ඉල්ලා සිටියේය.

ජාතික ආණ්ඩුවක් ඇතිවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ සුභවාදී ආකල්පයක් බව සන්ඬේ ටයිම්ස් හා අදහස් පළ කළ අගමැති රනිල් වික‍්‍රමංසිහ පැවසීය.ජනතාවගේ 

සුභසිද්ධිය වෙනුවෙන් අප එක්ව වැඩ කරන්න වුවමනායි

ඔහු කීය.පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පසු පත්වන නව රජය රටේ  ආර්ථික ශක්තිමත් කිරීමට අවශ්‍ය තවත් යෝජනා කිහිපයක් කි‍්‍රයාත්මක කරනු ඇති බව පැවසූ අගමැතිවරයා අතීතයේ රටේ සංවර්ධනයට පෞද්ගලික අංශය  මතම යැපීමට සිදුවූවත් දැන් සියලූ දෙනා දේශපාලනික වශයෙන් එක්ව සිටින නිසා එවැන්නක අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දුන්නේය.තොරතුරු දැන ගැනීමේ පණත අලූත් අවුරුදු නිවාඩුවට පසු පාර්ලිමෙන්තුවට  ඉදිරිපත් කර ඉක්මනින්ම සම්මත කර ගැනීමටද ඔහු සැළසුම් කර ඇත.ගෙවුනු සති කිහිපයේම ඔහු සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයට වී ඉදිරි මැතිවරණයට මුහුණදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ යාන්ත‍්‍රණය  සකස් කරන කටයුතු වල නියැළීය.

ශී‍්&



අදහස් (0)

මහ සබේ වෙසක් මහේ විසිරවේ?

ලාල් Sunday, 29 March 2015 11:21 AM

උදයංග වැනි අහිංසකයින්ව බොරු චෝදනවලට පටලවන එක වැරදියි.මෙවැනි අහිංසකයින්ට සාධාරණය ඉටුකරන්න අපි නැවත මහින්දව බලයට පත්කරගනිමු නේද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 699 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 937 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2041 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4339 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2265 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 848 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site