(රංජන් කස්තුරි)
වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කළ යුත්තේ කුළියාපිටිය රෝහලේ නොව කුරුණෑගල රෝහලේ යැයි රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් තිබෙන්නේ කුරුණෑගල පළාත් මහරෝහලේ බවද රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සමබන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පවසයි.
වෛද්‍ය සිසුන්ට සාහනික පුහුණුව ලබාදිය යුත්තේ වෛද්‍ය සභාව අනුමත කරන ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇති රෝහලක බවද ඒ අනුව සුදුසුම රෝහල කුරුණෑගල රෝහල බවද වෛද්‍ය ඉන්දික රත්නායක මහතා කීවේය.
කුරුණෑගල පළාත් රෝහල ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම රෝහලවන අතර දිස්ත්‍රික්ක පහක රෝගීන් එම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන බවද වෛද්‍ය ඉන්දික රත්නායක මහතා කීවේය.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
“මහාචාර්ය ඒකකය කුරුණෑගලට දෙන්න’’
Jagath Santha -Arachchi kittuwa Tuesday, 13 July 2021 07:57 PM
ඉන්දික රත්නායක මහතාගේ ඉල්ලීම ඉතාමත් සාධාරණයි. යාබද දිස්ත්‍රික්ක 05ක් නෙමෙයි දකුණු පළාතේ දිස්ත්‍රික්කවලිනුත් ලෙඩ්ඩු එනවා. ඒ විතරක් නොවේ... කුරුණෑගල, පුත්තලමට, ලෙඩ බෝ කරන දේශපාලකයෝත් ඉන්නවා නේ.... අනේ හොඳයි..!!! සාදු! සාදු!
romaFriday, 16 July 2021 08:28 AM
ඔය ඒකකය කුලියාපිටියට දෙන්න ලෑස්තිකරේ අකිල විරාජ් අධ්‍යාපන ඇමති කාලේ. මම දන්නා විදිහට වෙන මූලික හේතුවක් නැහැ දේශපාලන හේතූව මිසක්... අනෙකුත් පළාත්වල ඔය ඒකක තිබෙන්නේ මොන මට්ටමේ රෝහල්වලද කියා සොයාබලා වෛද්‍ය සිසුනුත් සහ මහ ජනතාවට වැඩියෙන්ම ප්‍රයෝජනයක් තියෙන විදිහට වැඩේ කළා නම් හරි. ඒ වගේම දැන් අකිල බලයේ නැති නිසා එයාට රිද්දන්න කියලා කුලියාපිටියෙන් අයින් කරන්නත් එපා.. කුරුණෑගල රෝහල මෙයට සුදුසුම ස්ථානය නෙවෙයි නම්...!!!
handima Tuesday, 13 July 2021 08:13 PM
වැඩිම තදබදය ජනාකීර්ණ නගරවල පිහිටුවලා බැහැනේ... රටේ අනික් රෝහලුත් දියුණු කරන්න ඕනෑනේ... අපිට තේරෙනවා දොස්තර මහත්වරු මහනගරවල පහසුකම්වලට, ප්‍රසිද්ධ පාසල්වලට, කැමැති බව... ඒත් ඒ ගැනම හිතලා හරියන්නේ නැහැනේ...
Madawa Tuesday, 13 July 2021 10:30 PM
දැන්ට කුලියාපිටියේ රෝහලේ සහ කුරුණෑගල රෝහලේ තත්වය අනුවත් රටේ තත්වය අනුවත් මහාචාර්ය ඒකකයට වඩාතම හොද ස්තානය කුරුණෑගල කියන එකයි ශිෂ්‍යයෙක් විදිහට මගේ අදහස.
Ravi Wednesday, 14 July 2021 07:36 AM
අනේ, අපිට නම් ඉතින් සර්ලා කියන විදියක් තමයි...