IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති

(යොහාන් භාසුර)

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී අද (5) පස්වරුවේ පැවැත්විණි.

එම වැඩසටහනට භික්‍ෂූන්වහන්සේ, මහාචාර්ය නලීන් ද සිල්වා මහතා පවුලේ ඥාතීන් සහ දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු ද සභාගි වී සිටියහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (13)

මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති

නිමල් Sunday, 05 May 2024 06:12 PM

සසර දුකින් මිදී මතු භවයක නිවන් අවබෝධය ලැබේවා

:       1       1

fairoos Sunday, 05 May 2024 06:41 PM

ගෝඨාභයත් නඩත්තු කරන්නේ රජයේ සල්ලිවලින් නේද? ඒකත් පිනක් තමයි.

:       3       1

වත්සි Sunday, 05 May 2024 07:07 PM

ශ්‍රී ලංකාව විසින් බිහිකරන ලද විශිෂ්ටතම චින්තකයෙක් වන එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...

:       1       3

Rohana Sunday, 05 May 2024 07:28 PM

ජීවත්ව ඉන්නකාලේ සතපහකට ගනන් ගත්තෙනෑ . මැරුණට පස්සෙනෙ මහාචාර්ය නලීන්ගෙ වටිනාකම ගැන හැමෝම කතාකරන්නෙ.මේක්‍රමය දැන්වත් වෙනස්කළ යුතුයි.

:       2       2

පිටිගල මිලානෝ Sunday, 05 May 2024 08:17 PM

ආගම, ජාතිය අවුලුවන දේශනා වලින් රාජපස්සලාට කඩේ ගියා. ලංකාව උතුම් කියලා, අනිත් අයට මෙහෙ ඉන්න කියලා, මිනිහාගේ දරුවෝ පිටරට යැව්වා. මෙයාගේ ජාතික වාදය අනුව ජීවත් වෙන්න ගියා නම් බිරිඳටයි, දරුවන්ටයි යන්න වෙන්නේ ඇමරිකන් නෙවෙයි අංගොඩ...!

:       5       4

Saman Sunday, 05 May 2024 09:48 PM

මයිනාට කඩේ ගිය කෙනෙක්...!

:       5       5

චන්දිම Monday, 06 May 2024 12:05 AM

එතුමාට කරන්න තිබුණු මහම නිග්‍රහය නින්දාව කලේ ඔය රාජපක්ෂලා අයියලා මල්ලිලා දරු මුනුපුරු පරම්පරාවේ කට්ටියයි. මොකද යම් විශ්වාසයකින් මොවුන් වෙනුවෙන් යම් දිනක කතා කලේ මොවුන් රටට යහපතක් කරාවි යන අවංක අහිංසක විශ්වාසයෙන්. අන්තිමේදී හොරකම, වංචාව පිරුණු තම පවුල් හිතවතුන් සමග මේ රට මේ තරම් පහත් තත්වයකට පත් කලේ මොවුන් නිසා සහ අන්තිමට එතුමාගේ ප්‍රතිපත්තිවලට සහමුලින්ම පටහැනි මිනිසෙකුට මුළු රටම බාරදීලා ඔහු ඉදිරියේ දණින් වැටී රට කරගෙන යමින් තමන්ගේ පැවැත්ම රැකගන්න මොවුන් ක්‍රියාකරපු නිසා තමයි එතුමාට දීපු තානාපති කමත් පැත්තකට දාලා එතුමා මොවුන්ගෙන් සදහටම වෙන්වෙලා යන්න ගියේ...

:       3       9

Manjula Pradeep Monday, 06 May 2024 07:44 AM

මහාචාර්ය නලින් ද සිල්වා මහතාට නිවන් සුව ලැබේවා! නලින් ද සිල්වා යුග පුරුෂයාත් ගැන පළවන පෝස්ට් බැලුවම මට හිතුනේ මෙතරම් මහා බුද්ධිමතෙක් මහා ප්‍රාඥයෙක් පවා තරුණ කාලයේ දී මාක්ස්වාදය ඔළුවට දාලා බුදු දහමින් ඈත් කරන්න ඔය මාක්ස්වාදය ගැන කතා කරන හිස් මිනිසුන්ට පුළුවන් වුණා නම් අනිත් සාමාන්‍යයෙන්ම මිනිසුන් ගැන කවර කතාද? මැදිවියට පත්වුණු පසු සෑම දෙනෙක්ම පාහේ සත්‍ය තේරුම් ගත්තත් අපේ රටේ නිදහසින් පස්සේ බිහිවුණු ඉගෙනුමක් බුද්ධියක්, ඇති යම් වැඩක් කළ හැකි තරුණයන්ගෙන් වැඩි ප්‍රමාණයකගේ සමාජවාදය ඔලුවට දාලා බුදු දහමට, ජාතියට විරුද්ධ කරලා බුදු දහමට අපේ සංස්කෘතියට හා රටේ ආර්ථිකයට කොතරම් විනාශ කරන්න ඇත්ද? ඒ විදියට බැලුවාම අපේ රට මේ විඳින කරදර ජාතික ප්‍රශ්න සියල්ලටම වැඩිම දායකත්වයක් දක්වලා තියෙන්නෙ ඔය සමාජවාදී හැතිකරය...

:       6       10

බද්රානි Monday, 06 May 2024 01:09 PM

මෙතැන ඉන්න පිරිස දෙස බැලුවාම පේනවා ඔය පුද්ගලයා ජීවත් වෙලා සිටිද්දී මේ රටට කරලා තියන වින්නැහිය... කොහොමත් ඉතින් ලංකාවේ පිදිය යුත්තන්ව වල දමලා, වැළලිය යුත්තන්ට පුදනවනේ... මට තවමත් හිතාගන්න බැරි, ඇමරිකාව ඇලජික් වෙලා හිටිය මේ පුද්ගලයා, ඔහුගේ දරුවන්වත් ඇමරිකාවේ පදිංචි කරවලා, ඔහුත් ඇමරිකාවේ පොළොවේම මිහිදන් වුණු එකනේ... මේවාට තමයි කියන්නේ දෛවයේ සරදම් කියලා... ශ්‍රී ලාංකික අඥාන මිනිසුනේ දැන්වත් තේරුම් ගනිල්ලා, තක්කඩියන්ගේ කටින් පිටකරන දෙය, ඔවුන්ගේ ක්‍රියාවේ නොමැතිකම... ඔවුන්ගේ වචන වල ඇත්තේ පොලොන් විෂ පමණයි!!!

:       6       5

සෙනෙවිරත්න Monday, 06 May 2024 01:41 PM

මංජුල ප්‍රදීප්, වල්ගෙ පෑගිලාද ?එතුම කොහේද මාක්ස්වාදී උනේ? රාජපක්ෂල වන්දනාවේ ගිය එකනෙ කලේ, ජාතිවාදය ආගම්වාදය කරේ ගහගෙන රාජපක්ෂලගෙ චන්ද ගොඩ වැඩි කලා, මාක්ස්වාදී අය කවදද ජාතිවාදි ආගම්වාදි වුනේ නොන්නා උනාට ඒබව පෙන්වන්න එපා ප්‍රසිද්ධියේ.

:       5       2

සෙනෙවිරත්න Monday, 06 May 2024 01:45 PM

බටහිර විද්‍යාවට බැන බැන ඇමරිකාවටබැන දොස් කියා ඇටකටු ටිකත් ඇමරිකන් පොලොවෙ දාන්න උනා නේද? රාජපක්ෂලගෙ අතින් දූෂණය වුන තවත් කන්‍යාවක් මේ.මේ අවමඟුල් සභාවේ ඉන්න ගිහි පැවිදි අනිත් අයත් මේක වෙන බව දැනගන්න.

:       6       4

රෝයි  ෆෙඩ්රික්ස් Monday, 06 May 2024 03:03 PM

බුදු අම්මෝ! ඇවිල්ලා පින් අනුමෝදන් කරන්න තමාගේ වැසිකිලි කම්කරුවා වෙනුවෙන්. මේ පාපතරයින් එතරම්ම රැස්කළ කුසල් සම්භාරයක් තිබෙනවද? අනුන්ටත් දෙන්න තරම්?

:       2       2

Manjula Pradeep Monday, 06 May 2024 05:11 PM

සෙනෙවිරත්න පිස්සෙක් වගේ කතා කරන්න එපා යමක් දැනගෙන කතා කරන්න. මහාචාර්යතුමා තරුණ කාලේදී සමාජවාදය වැළඳගෙන තිබුණු බවට සඳහන්ව තිබුණා. හැත්තෑ ගණන් වල ඉඳන් මේ දක්වා ජේවීපයකට වැඩ කරපු, විශ්ව විද්‍යාලය තුළ jvp අදහස් දැරූ ඕනෑතරම් අය පසු කාලයේදී දැනුම් තේරුම් ගන්නා විට සමාජවාදය ප්‍රතික්ෂේප කරන බවට ඕනෑ තරම් උදාහරණයක් දිය හැකියි...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 11 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 164 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 373 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 468 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 280 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 163 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site