ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වු මහාචාර්ය කරුනාරත්න හඟවත්ත මහතා පසුගිය සදුදා සිට ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය ඇරැඹිය.
අන්තර් ජාතික අපරාධ නීතිය පිළිබඳ විශේෂඥයෙක් වූ උගත් පාඩම් කොමිෂන් සභාවේ බුද්ධි මණ්ඩල සමාඡික ඇමෙරිකාවේ ලාස් වේගාස් විශ්ව විද්‍යාලයේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ උපදේශක, අපරාධ නීතිය ත්‍රස්තවාදය හා දේශපාලන ගැටුම් නිරාකරණය පිළිබඳ විශේෂඥයෙකු ලෙස මහාචාර්ය කරුනාරත්න හඟවත්ත මහතා මින් පෙර සේවය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයාගේ විශේෂඥ දැනුම බලපුවහම ප්‍රංශයේ ත්‍රස්තවාදයවත් දේශපාලන ගැටුම්වත් නැහැනේ උදව්කරන්න. ඒ වගේම එතුමා විසඳපු ත්‍රස්තවාදී හා දේශපාලන ගැටුම් ගැනත් දැනගන්න කැමතියි. පරණ නළුවෙක් නිසාම යවනවා නෙමෙයිනේ රට ප්‍රංශේ නිසා අහන්නේ.(නදී)
ඔය මකාවිට පැරිස් කියන දේවල් ලොකුවට ගන්න එපා. ඒයා තමා පැරිස් වල ගහන ඔපා දුප පත්තරේ අයිති කාරයා. ඔය මින්ස්සු කැලෑ පත්තර ගහලා මිනිස්සු බය කරන්න හදන්නේ. මන් හිතන්නේ නව තානාපති තුමා ඕවට බිය වේයි කියලා.(නදී)
මාකවිට පැරිස් ඔබ කියන විදියට ඔබේ බිරින්ද්වත් හිටියද? (නදී)
බණ්ඩාර මහතාගේ කතාවට මමත් එකග වෙනවා . පැරිස් වල තියෙන්නේ බඩ ගොස්තර වැඩි සිංහල සංවිධාන. ජාති වාදය අවුස්සන සංවිධානය මාර්ගයෙන් සංගීත කන්ඩායමක් එක්ක තව දෙන්නෙක් තුන්දෙනෙක් ඇතුල් කරලා සල්ලි ගරනවා. හුදෙක් තමන්ගේ ආශ්වාදය පමණක් බලපොරෝත්තුවෙන සිංහල සංවිධාන. තානාපති තුමනි මොවුන්ට නොරුවටෙන්න අපේ එකම ඉල්ලීම.(නදී)
ඇ බන් මාකවිට පැරිස් උබ කියන විදිහට ඉන්න තානාපති තුමා උබේ දරුවෙක්ද ? ඔන්න පැරිසියේ ඉන්න සිංහලයෙක්ගේ බුද්දි මට්ටම හා අධ්‍යාපනික තත්වය.(නදී)
කලාව,සාහිත්‍යය වගේම මානව හිමිකම් සුරකින රටකට එන එක ගැන සතුටුයි. ඔබ එනතුරු අපි බලා ඉන්නවා.(නදී)
කරුණාරත්න හංඝවත්ත අයියේ ඇයි ඔබගේ තනතුරට මේ වගේ දේශපාලන තනතුරක් අරගෙන විශාල හානියක් කර ගන්නේ.(නදී)
රොෂාන් සහ සේරම් හරියට හරි. අපි සියලුදෙනාට ඕනෑ රටට වැඩක් කරන අය. ඉන්දුනීසියාවටත් අපි බලාපොරොත්තු වෙන්නේ රටට ජනතාවට සේවයක් කරන්න පුළුවන් චරිතයක්. (නි)
සතුටුයි, හමුදා කාරයෝ, නළුවෝ වෙනි අය යවන්නේ නෙතුව උගත් අය යවන්න. ඇමති මන්ඩලයේ ඉන්නෙත් උගත්කම අඩු අයනේ. රටේ නීති හදන්නේ අඩු උගතුන් නිසා (වරද මෝඩ ඡන්දදායකයෝ) මේ වැඩේ හොඳයි.(නදී)
අද කාලේ හැම දේටම රඟපෑමට ඇති හැකියාව අත්‍යවශ්‍ය සුදුසු කමක්. (නදී)
'ටිකිරි බන්ඩෝ' මේ තිලකා නෙවෙයි තිලක , එම චිත්‍රපටයේ තිලකගේ දේශපාලන ගමන අසාර්ථක වන විට ඔහුගේ බිරිඳ 'තිලකා' එම ආසනය ජයග්‍රහණය කරනවා. (නදී)
අපි කියන විදිහට නොහිටියොත් බලා ගන්න පුළුවන්.(නදී)
ජය වේවා ...ජය වේවා !(නදී)
මට මතකයි දැන් අග විනිසුරු නිමල් ගාමිණී අමරතුංග සමග අපි එකට බෝඩින් වෙලා හිටියේ මල් පාර ලග ගෙදරක 1969/70 කාලේ. එතකොට කරු සහ නිමල් නීති පීටයේ නීතිය හැදැරුවා. මම සහ මගේ මල්ලි ගියේ ඒකාලේ තිබුන පෙම්බ්රෝකේ විද්‍යාලයට. බොහොම සතුටුයි අලුත් පත්වීමට. මහේ උණුසුම් සුබ පැතුම් කරු.!(නදී)
තානාපතිතුමනි, මේ ඔබතුමාට කියන්නෙ ඇත්ත. ප්‍රංශයේ තියෙන්නෙ ජාතිවාදය වපුරන සිංහල සංවිධාන. අනිත් ටික පවුලේ සංවිධාන . මේ අයගේ අඩුපාඩු පුරවන්න යන්න එපා. ඔබතුමා ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. (නි)
කරුණාරත්න හඟවත්ත මහතා කලකට පෙර ටී බී ඉලන්ගරත්නයන් ලියු 'තිලක හා තිලකා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය දක්ෂ ලෙස රඟපෑවා. (නදී)
මම දන්නා තරමට මෙතුමා කුරුණෑගළ මලියදේවයේ දීප්තිමත් ආදි සිසුවෙක්. අපිට ආඩම්බරයි. ඔබ තුමාට තෙරුවන් සරනයි.(නදී)
දෙයියෝ සාක්කි....මේ තිලකා නේද?(නදී)
හොදයි හැබැයි දයාන් ජයතිලක මහත්තයට වුන ඉරනම වෙයිද දන්නේ නැහැ.(නදී)
හඟවත්ත මහතාට සුබ පැතුම්. අපේ රට ඉන්න ඇත්තෝ හිතන් ඉන්නේ තානාපති සේවාව තියෙන්නේ ඒ ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ දුක සැප හොයන්ඩ කියලා. නමුත් සිදුවිය යුත්තේ අපේ රටත්, ඒ රටත් අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, අනෙකුත් වෙළඳ කටයුතු වගේ ඒවා සම්බන්ධීකරණය කිරීමයි. විගමනික ශ්‍රමිකයන්ගේ කටයුතු වලට තානාපති කාර්යාලයේ මහජන සම්බන්ධතා නිලධාරියා හිටියම ඇති. අපේ අය තානාපතිවරුන් හොඳ නැහැ කියන්නේ ඒ අයගේ වුවමනා එපා කම් ඉටු නොකරහම. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වගේ රටවල ඉන්න තානාපතිවරු, විගමනික ශ්‍රමිකයන්ගේ කටයුතු හොඳින් හොයලා බලනවා කියන්නේ ඒ අය තමන්ගේ රාජකාරියට අවශ්‍ය කාලය නිසි පරිදි යොදලා නැහැ කියන එකයි. (නි)
මේ මහතා සහ නළු කරුණාරත්න හඟවත්ත මහතා එකම කෙනෙක්ද?(නදී)
අපේ ගෙදර කෑමකින් තමයි වැඩ පටන්ගන්නේ.(නදී)
මහාචාර්යවරුන් මොකටද මේ වගේ දුත සේවා සඳහා යවන්නේ. ඒ ගොල්ලෝ ඉන්න ඕනේ ලංකාවේ ළමයිට අධයාපනය දෙන්න. මෙය මම අනුමත කරන්නේ නැහැ.(නදී)
අර ලංකාවේ කඩේ යන නළුවට වැඩිය මෙයා නම් ගොඩක් හොඳ කෙනෙක්.(නදී)
රටට සේවයක් සහ ප්‍රංශයේ වෙසෙන ලාංකිකයන්ට සෙතක් උනොත් හොඳයි. මෙපමණ කලක් ආවා ගිය තානාපති වරුන් තම තමන්ගේ උවමන එපා කම් සහ යහළුවන්ගේ කටයුතු ඉටුකලා. ඒවගේම රජයේ මහජන සල්ලි විනාශ කළා. මා දන්නා හැටියට පෙර සිටි තානාපතිතුමියක් චිත්‍රරංගනී වගිස්වර මැතිනියගේ කාලයේ අපට සතුටු විය හැකි බොහෝ වැඩ කෙරුණා. පසුව පැමිණ අයගෙන් ඒ යුතුකම් ඉටුවූයේ නැත. අපිට අවශ්‍ය චිරංගනී වගිස්වර වගේ තානාපති වරුන්.(නදී)
මහාචාර්ය තුමා, මම ඉතාම ආදරයෙන් ඉල්ලා සිටින්නේ, ඔබ උගත් මිනිසෙක්, ඉතින් ඔබට බැරි දෙයක් නැත කියලා හිතෙනවා. ඒක නිසා ගන්න පඩියට, ඒවගේම පහසුකම් වලට ගැලපෙන විදියට ශ්‍රීලංකාව වෙනුවෙන් නියම සේවාවක් කරලා යුතුකම් ඉටුකරන්න. ඔබ වගේ උගත්තු තමයි අද තානාපති සේවයට අවශ්‍ය වන්නේ. ජී. එල්. පීරිස් මහත්තය උගත් උනාට වැඩක් නැහැ. ඔහු යටතේ වැඩකරන කිසිකෙනේක්ගෙන් ශ්‍රීලංකාවට අදාල තානාපති සේවාවට වැඩක් නම් වෙන්නේ නැහැ. එක දන්නේ පිටරට ඉන්න අපි පමණි. සුදු අලියෙක් නොවන්න. මඩේ පිපුන ලස්සනම ලස්සන රතු නෙළුමක් වන්න. එවිට ඔබ පසු පස මිනිසුන් හඹා එනවා ඇත. ඔබතුමාට දීර්ගායුෂ මෙන්ම ශ්‍රීලංකාව වෙනුවෙන් හොද සේවාවක් කරන්න වාසනාව ලැබේවා. ජයෙන් ජය.(නදී)
මට මතක විදියට මෙතුමා 1970 දසකයේ ප්‍රසිද්ද නළුවෙක්. (නදී)
ඔබට සුභ පැතුම්! (නි)
එක්තරා අවදියක අපි ආදරය කළ නලුවෙක්.ඔබට සුභ පතමි. (නි)