IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩේ යුද හමුදාව කරයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණ කටයුතු යුද හමුදා වෛද්‍ය අංශ සාමාජික,සාමාජිකාවන් විසින් සිදු කළ ආකාරයක් දක්නට ලැබිණි.

සෞඛ්‍ය සේවාවෙහි සියලු වෘත්තීන් සලකා තීරණ නොගැනීම සහ අසමාන සැලකීමට විරෝධය පළ කරමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සේවයෙන් ඉවත්ව සිටිති.

මේ හේතුවෙන් කොරෝනා එන්නත් කරන කටයුතු යුද හමුදා වෛද්‍ය අංශ සාමාජිකයන් විසින් ඉටු කරන ලදි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් එන්නත්කරණ කටයුතු , නිරෝධායන කටයුතු, කොරෝනා රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවීම, කොවිඩ් ආදාහන කටයුතු, ආහාර සෞඛ්‍ය කටයුතු, බෝ නොවන රෝග සම්බන්ධයෙන් වන කටයුතු ඇතුලු රාජකාරීන්ට අයත් සියලුම සේවාවන්ගෙන් ඉවත්ව සිටීම මත විශේෂයෙන්ම කොරෝනා රෝග කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු සදහන් කළහ.

මේ අතර පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ද මේ වනවිට සිය සේවා කටයුතුවලින් ඉවත්ව සිටීම හේතුවෙන්ද අසීරුතාවයකට පත්වීමට සිදුව ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පැවසූහ.

 

 



අදහස් (4)

මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩේ යුද හමුදාව කරයි

කිරි පුතා Sunday, 04 July 2021 04:15 PM

අපේ රටට ගහලා තියෙන විනේ මේක තමයි. තමන්ට ලැබෙන දේම මිසක තමන්ගෙන් රටට කෙරෙන්න ඕන දේ ගැන කවදාවත් හිතුවේ නෑ. මේක ඉල්ලීම් ඉල්ලන කාලයක්ද? හමුදාවට අපේ උත්තමාචාරය...!

:       30       654

chitra Sunday, 04 July 2021 08:08 PM

රටවල්වලින් වැක්සීන් එක ලබාගන්න උත්සාහයට ස්තුති කරලා, පිනට සේවය කරලා රටේ ජනතාව බේරගන්න ඕනෑ වෙලාවක් මේ තියෙන්නේ...

:       0       12

SL Sunday, 04 July 2021 09:45 PM

කාල කන්නි .බදු ආදායම ලෙල්ලටම බැහල තිවෙන වෙලාවක ,වසංගතයක් අස්සේ කරන නින්දිත වරිජනයක්.මෙයට සහය දෙන දේශපාලන පක්ෂ වල ඉන්නෙ මිනිස්සුන්ගෙ රීරි මාංෂ උරාබොන උන්. හමුදාවට වැඩේ බාර නොදුන්නනම් මෙලහට 365දවසම ස්ට්‍රයික්

:       0       0

Rata Perata Sunday, 04 July 2021 11:53 PM

මොනවා වෙනන යනවද මේ රටේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 512 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 224 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 505 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 326 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


හෝටල්වල පාටි දැමූ අයගේ මන්ත්‍රී පට්ටම් අහෝසියි ?
2024 නොවැම්බර් මස 02 2848 2

ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහ


සෝඩියම් එන්නත් හිඟයෙන් දොස්තරලා අමාරුවේ
2024 නොවැම්බර් මස 02 749 1

වකුගඩු රෝග, පාලනය කළ නොහැකි දියවැඩියාව, දැඩි විජලනය වැනි රෝගවලින් පෙලෙන රෝගීන්ගේ සංකූලතා පාලනය කිරීමට භාවිත කරන සෝඩියම් බයි කාබනේට් එන්නත් හිඟයක් බව ස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1187 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 654 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site