කොළඹ වරායේ දකුණු දිය කඩනය අසළ මුහුද ගොඩ කර හෙක්ටයාර් 230ක අක්කර 568ක නගරයක් ඉදි කිරීමට චීන සමාගමක් හා සමග ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගිවිසුමක් අත්සන් කළේය.
වියදම ඩොලර් කෝටි 140 (රුපියල් කෝටි 17920) කි.
චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් කම්පණි මෙම නගරය ඉදි කරන බව කොළඹ වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි හි සිටින අය හොඳින් දන්නවා මෙවැනි අලංකාර මුහුදු නගර එහි ගොඩනගා ඇති අපුරුව. චීන ආයෝජනයක් ලෙස මෙය ඉදිකිරීමෙන් අප ණය කරුවන් වන්නේ නැහැ. නමුත් පුත්තලම, මන්නාරම අවට මුහුදු තීරයේ වැලිකඳු ආශ්‍රිතව මෙවැනි ව්‍යාපෘති අපටත් කලහැකියි. රටතුල විශේෂයෙන් කොළඹ අවට වගුරුබිම් ගොඩකර ගොඩනැගිලි සෑදීමෙන් වැලක්වීමට මෙය අනගි උපක්‍රමයක් වේවි. වගුරුබිම් ගොඩ කිරීමෙන් සිදුවන පරිසර හානිය ඉමහත්. මුහුදු දිය වැල් වල ක්‍රියාකාරිත්වය පාලනය කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේද යොදාගැනීමත් අවශ්‍යයි. කොළඹ පමණක් නොව ගාල්ල, හික්කඩුව සිට මන්නාරම දක්වා මුහුදු නගර ඉදිකිරීමට ආයෝජන අවස්ථා සොයාබැලීම වැදගත්. (අ)
අනේ දෙයියනේ අපි නය ගෙවනවා මදිවට අපේ දරුවොත් නයකරලාද තියෙන්නේ? (නදී)
වලිගෙ පාගාගෙන කතා කරන්ඩ එපා. මේක ණයක් නෙවෙයි, චීන සමාගමක් කරන ආයෝජනයක්. ඒගොල්ලෝ අලි වැටවල්, රේල් ගේට්ටු ගහන්න කැමති නැති බව මේ මෝඩයන් වටහා ගනිත්වා! (නි)
එතකොට මේකෙන් ලැබෙන ආදායම යන්නේ කොහෙටද? (නි)
ඉදිරියේදී ලංකාව කියන්නේ චීනයේ කොලනියක් වගේ වෙයිද දන්නෙ නැහැ. අද පිලිපීනයට වෙලා තියෙන්නෙත් ඕකමයි. (නි)
බට්ටෝ, වැඩිපුර යනවා ඇත්තේ චීනෙට තමයි. ඒත් මේ සංචාරක පුරයෙන් ලංකාවට අත්වෙන වාසි ගොඩක් තියෙනවා. ව්‍යාපාරික සමාගමක් මෙවැනි දෙයක් නිකන් කරන්නේ නැති බව ඇත්තයි. නිකන්ම තියෙන මුහුද ගොඩ කරලා ගොඩනැගිලි ටිකක් හදලා ලස්සන කරන එකම වාසියක් නෙවෙයිද? (නදී)
බට්ටා, කොමිස් ටික ගැන අපි දන්නෙ නැහැ. ආදායම චීනේට වෙන්න ඇති (නි)
පොඩි පොඩි වාසි ප්‍රයෝජන තිබුනත් උපන් බිමේ කරන මේ වැඩ ටිකක් හිතලා බලලා කරන්න (නි)
තිලක්-ඩුබායි, ප්‍රභාකරන් කලේ වටිනා මර්මස්ථාන වලට බෝම්බ හෙලලා, නැතිනම් බෝම්බ බදාගෙන පැනලා ඒවා විනාශ කිරීමයි. රටේ වටිනා කියන ඉඩම් සියල්ලම සින්නක්රයටම විකුනන වැඩක්ද මේ? (නදී)
බයවෙන්න අවශ්‍ය නැහැ. විවිධාකාර රෝග වලට ප්‍රතිකාර තරන රෝහලකුත් ඔය නගර ව්‍යාපෘතියට ඇතුලත් ඇති (නි)
මොනවා හරි කියල ආණ්ඩුවට බනිනවට වඩා ලෝකේ අනිත් රටවල් කොහොමද දියුණු වුනේ කියලා හොයලා බලලා, කියවන්නාගේ දැනුම වැඩිවන අදහස් මෙහි දමන්නේ නම් තමා හරි. චීනෙන් දෙනවා කිව්වහම ලෝක බැංකුවක් ගැන කියවනවා. (නි)
සුබවාදීව බලන්න. වෙනසක් අවශ්‍යයි (නි)
ඉතා හොද දෙයක්. (නි)
අනේ ඉතින් මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්න රටකනේ අපිත් ඉන්නේ කියලා අදහස් බැලුවහම හිතෙනවා (නි)
ඕකේ ආදායමටත් අර අධිවේගී පාර වගේ වෙයිද දන්නෙ නැහැ (නි)
අනුරාධපුරෙත් ජාත්‍යන්තර වරායක් හැදුවොත් නරකද (දී)
හොද වැඩක්. දූෂණය සහ වංචාව නැතුව කෙරෙනවා නම් තමයි වඩාත් හොද (නි)
ගොඩ බිම් හාරල වරායවල් හදනව මුහුද ගොඩකරලා නගර හදනවා මේ වගේ දේවල්වලින් මුදලත් කාලයත් නාස්තිවෙන එකතමයි වෙන්නෙ. (අ)
ඩුබායි හි සිටින අය හොඳින් දන්නවා මෙවැනි අලංකාර මුහුදු නගර එහි ගොඩනගා ඇති අපුරුව. චීන ආයෝජනයක් ලෙස මෙය ඉදිකිරීමෙන් අප ණය කරුවන් වන්නේ නැහැ. නමුත් පුත්තලම, මන්නාරම අවට මුහුදු තීරයේ වැලිකඳු ආශ්‍රිතව මෙවැනි ව්‍යාපෘති අපටත් කලහැකියි. රටතුල විශේෂයෙන් කොළඹ අවට වගුරුබිම් ගොඩකර ගොඩනැගිලි සෑදීමෙන් වැලක්වීමට මෙය අනගි උපක්‍රමයක් වේවි. වගුරුබිම් ගොඩ කිරීමෙන් සිදුවන පරිසර හානිය ඉමහත්. මුහුදු දිය වැල් වල ක්‍රියාකාරිත්වය පාලනය කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේද යොදාගැනීමත් අවශ්‍යයි. කොළඹ පමණක් නොව ගාල්ල, හික්කඩුව සිට මන්නාරම දක්වා මුහුදු නගර ඉදිකිරීමට ආයෝජන අවස්ථා සොයාබැලීම වැදගත්. (දී)
මේ වැඩේ හොඳයි.මීට සමගාමීව කොළඹ සිට ගාල්ල දක්වා දුම්රිය හා මහා මාර්ගයක් සහිතව මැරයින් ඩ්‍රයිව් එකක් සඳහා ගිවිසුමක් අත්සන් කළා නම් ශ්‍රේෂ්ටයි... උමන් මාර්ග සැකසීමෙන් අවශ්‍ය පස් ලබා ගත හැක.මහජනයාගේ,ගෙවල්,කඩ සාප්පු නොකැඩෙයි . නමුත් ධීවර වරයවල්ද මේ සමගම ලබා දී ව්‍යාපෘතිය කරන්නේ නම් ආදායම චීන්නු ගත්තත් කමක් නැහැ. වෙරල ඛාදනයට ආරක්ෂාවත් වෙන නිසා .(අ)
අපි නම් ඔන්න දැන්ම ලෑස්තියි මුහුද මැද අලුත් නගරෙට යන්න, ලංකාව ඇතුලේ රවුම් ගහල එපාවෙලා අනේ.(නදී)
ඒ වුනාට රටේ ආර්ථිකය දැන් යන්නේ රීම් එකෙන්.නිෂ්පාදන නැහැ (නි)
තියෙන නගර ටික දියුණු කරගන්න බැරිව ඉන්න අතරේ මුහුදත් ගොඩ කර නගරයක් හදන්නත් යනවා. කොමිස් වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති අලුතින් ආරම්බ කරන්න එපා. රට ගැනත් පොඩ්ඩක් හිතන්න. කව්රුත් රටට ද්‍රෝහී වෙන්න එපා.(නදී)
දවසින් දවස මුහුදු කා කුඩා වන අපේ රට. මෙය කොපමණ මුදලක් ගියත් ඉටු විය යුතු දෙයක්. කොපමණ හොඳ දෙයක් කලත් හැමදා එය හෙළා දකින අය ඉන්නේ අප රටේ. ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ප්‍රතිචාර දාන්නේ. රටක දියුණුව ලස්සන දකින්න කැමති නැති, රජයට විරෝදී නම් හොඳ දෙයක් කලත් දකින්නේ නරක විදියට තමයි.(නදී)
මහුදු බඩ සියලු නගරවලට ආසන්නව මෙවැනි කුඩා දූපත් එකම හැඩයකින් (ලංකාවේ හැඩය ඇතිව ) ලංකාව වටේටම හැදිය හැකිනම් පුදුම ලස්සනක් සහ මනස්කාන්ත දසුනක් ලෙස නිර්මාණය කරන්න පුළුවන්. වියදම් කලත් අදායමක් ලබන්න හැකිවෙයි සහ අභ්‍යවකාශ ඡයරුපයකට කදිම නිර්මාණයක් වනවාට නිසැකයි.(නදී)
ගොඩ බිම හාරලා වරායක් හදන, මුහුද ගොඩ කරලා නගර හදන ආසියාවේ එකම රට.(නදී)
කමක් නැහැ ලංකාව වෙන ජාතීන්ට දීලා අපි හදන නගරේට යමු (නි)
ප්‍රසන්න, ඕස්ට්‍රේලියාවේ පතල්වල මොන පරිසර විනාසද?වැඩි හරියක් ජන ශුන්‍ය පළාත් නේද තියෙන්නේ?වැඩ කරන උදවියි ඒවාට සේවා සපයන උදවිය විතරනේ එහේ ඉන්නේ (නි)
අපේ රටට අඩුවෙලා තිබුනේ මේක විතරමයි. ආසියාවේ ආශ්චර්ය.(නදී)
මිනිස්සු කාර් තියාගෙන කෝච්චියේ ගමන් යනවා නම් , ෆ්‍රිජ් අවන් තියාගෙන වැඩක් ගන්නේ නැතුව ඉන්නවා නම්, ලයිට් නිවාගෙන කරුවලේ ඉන්නවා නම්, වේල් දෙකක් කාලා එක වේලක් බඩගින්නේ ඉන්නවා නම්, මේ වගේ රට සංවර්දනය කරලා මොකටද? (නි)
මට මතක් වෙන්නේ සාගරයක් මැද. (නි)
මේ අදහස් දාන්නේ යම් උගත්කමක් තියෙන අය කියල හිතුවට වැඩි ප්‍රමාණයක් ඉන්නේ නුගත් කුහකයෝ.මොන දේ කලත් පාට කන්නාඩි වලින් බලලා විවේචනය කරන්න තමයි බලා ගෙන ඉන්නේ.එදා ජේ ආර් මහවැලිය හදද්දී සමහරු කිවුවෙත් ඔය විදියට තමයි.එදා ජේ ආර් කරපු දේවලින් අද තියෙන ආණ්ඩු ප්‍රයෝජන ගන්නේ නැද්ද? විපක්ෂ ආණ්ඩුවක් ආවොත් මත්තල,ගුවන් තොටුපල,හම්බන්තොට වරාය වහලා දානවද?හදපු පාරවල් කඩලා දානවද? ඕවා ඔක්කොම විපක්සෙ ඉන්නකම් ගහන බයිලා. අදහස් වලින් සමහරු ආණ්ඩු පෙරලන්න හදන්නේ, පොඩි රෝස බස් එකක්වත් පුරවන්න බැරි තරමට සීමිත මේ නුගත් කුහකයෝ ටික දෙනා තමයි මෙතන ඉන්නේ. ඔය ගොඩ කරන මුහුදට මුන් ටිකවත් දාලා යට කරලා ගොඩ කරන්න බැරිද අම්මපා.. (නි)
වෙන රට වල මේවා කරන කොට ස්වාධීන සාධ්‍යතා වාර්තා හදල, පරිසර බලපෑම ගැන සොයල බලල, ණය ගැනීම් කොච්චර හොඳද කියල බලල, ටෙන්ඩර් කතා කරලා, සැලසුම් නිර්මාණයන් අගය කරලා අන්තිමේ තමයි ගිවිසුම් ගහන්නේ. (නදී)
ප්‍රභාකරන් කලේ වටිනා මර්මස්ථාන වලට බෝම්බ හෙලලා, නැතිනම් බෝම්බ බදාගෙන පැනලා ඒවා විනාශ කිරීමයි. දැන් කරන්නේ රටේ වටිනා කියන ඉඩම් සියල්ලම සින්නක්රයටම විකුනම් නෑමයි. කොමිස් කුට්ටියට මෙහෙමත් අපරාද කරනවද?(නදී)
ස්වභාවික ව්‍යසනයන්ට ලොකු හේතුවක් වෙන්නත් පුළුවන්.(නදී)
කොළඹ සිතියම ටිකක් වෙනස් වුනත් , මේක නම් ඉතා හොඳ දෙයක්.කාගෙවත් කඩ කැඩුවා කියන්නෙත් නැහැ.ඉඩම් පවරා ගත්තා කියන්නත් බැහැ.වන්දි ගෙවන්න වුවමනාවකුත් නැහැ.ලැබෙන අදායම් චීනුන්ටම නොදී ,බිම් කුලියවත් රජයට ලබා ගන්නවා නම් හොඳා,විකුණන්නේ නැතුව. (නි)
මට නම් හිතාගන්නත් බැහැ. අවුරුදු කියක් යයිද දන්නෙ නැහැ නේද? (නි)
අපි මුහුදවත් ගොඩකරලා රට ටිකක් ලොකු කරගමු. දැන් පේනවනේ තියෙන තදබදය....... (නි)
දයාසිරිට ජයවේවා ! චීනේ අපිට - අපි චීනෙට... (නි)
ජයතිලකට කෝටි 140 ණය ගෙවලා අමාරු ඇති. මෝඩ ජෝක් එපා.(නදී)
හොද අදහසක්. විදේශ සංචාරක පුරවරයක් ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. වරායටද බාධාවක් නොවිය යුතුයි (නි)
මෙන්න දියුණුවේ මග. හොද දෙයක්. අපේ ජනතාවට සුබ අනාගතයක්. (නි)
හත්තලාමේ මේ අයට වෙන වැඩ නැද්ද ? ගමේ පාරක යන්න බැහැ එහෙන් අලි ගහනවා මිනිස්සුන්ට. විදුලි වැටවල් කැඩිලා. ඕව කරන්න කලින් තව කොච්චර වැඩ තියනවද කරන්න. රේල් ගේට්ටු ටිකක් ඔය සල්ලි වලින් ගැහැව්වා නම් නරකද?(නදී).
සුද්ද අපිට දුන්නේ දුප්පත් කමයි , වහල් කමයි විතරයි. දැන්වත් එයින් මිදෙන්න අපේ රට ගොඩ නගමු. සුදු අදිරාජ්‍ය වහල් කමෙන් මිදෙන්නට අපේ ආර්ථිකය අපි ශක්තිමත් කරගමු. අපේ රට ගැන ආඩම්බරෙන් කතා කරන්නට අපිට අනාගතයේදී පුළුවන් වේවි.(නදී)
අමිලට ජය වේවා! (නි)
අලුත් නගරෙම සූදු තිප්පොල, ගණිකා නිවාස හදන්න, බෝට්ටු සේවයකුත් ඇතිකරන්න. (නදී)
හම්බන්තොටින් මුහුදට ගිය ටික කොහෙන් හරි අල්ලගන්නත් ඕනිනේ.(නදී)
ගොඩබිමේම මහා ලොකු ලොකු ආවාට, අධ්‍යාපනය එහෙන් අවුල්, රැකියා වියුක්තිය, එහෙන් රජයේ රෝහල් වල බෙහෙත් නැහැ තුණ්ඩුව පමණි ලැබෙන්නේ. පරම්පරා 7 කට ලෝක බැංකුවට ණය. මුහුද ගොඩකර නගර හදන්න කතාකරනවා. මේවා අපිට තේරෙන්නෙ නැහැ අප්පා ? (නි)
ඒ ගොල්ලෝ ගිවිසුම් ගහලා නගර හදනවා.අපි ණය ගෙවනවා. (නි)
අපි සල්ලි දීලා ගොඩ කරලා ඉඩම අපි විකුනලා සල්ලිගනවා. ලංකාව සල්ලි ගෙවන්නේ නැහැ අපිට.(නදී)
මෙයට මුදල් ආධාර දෙන්නේ චීනය. අප රටේ මුදල් මේ සදහා සම්පුර්ණ වියදමක් නොකෙරේ. චීනයෙන් දෙන මුදල් හා ඔවුන්ගේ දැනුම මේ සදහා යොමුකරනවාට කෙටි කාලීනව රජයට මුදල් නොගෙවා බදු ක්‍රමයට ඉඩම් බුක්ති විදීමක් ඔවුන්ට දීමට සිදුවේ යන්න මගේ අදහසයි.(නදී)
හැම දේටම අඩන මිනිස්සු මේකටත් මොකුත් නොකීවොත් තමයි පුදුම. හොද දෙයක්! කොහොම හරි රට දියුණු වෙනවනම් අපිට සතුටයි. මොනවා උනත් මේ හදන්නේ අපේ රටනේ.(නදී)
වසර 99 බදු ක්‍රමයට මෙය සකස් කර තිබේ.(නදී)
අනේ ලුම්බිණි, මොනවා කරන්නද වෙන රටවල් වල හොද විතරක් දකින ඔයාලා තමන් උපන් රටේ හොදක් දකින්න බැරි හැටි. මොකද ඔයා ඔය කියන වෙන රටවල ඕවා වෙන හැටි දැකලා තියෙනව නම් ඔහොම කියන්නේ නැහැ. කාගෙන් හරි අහල කියනවා කියලයි මට නම් හිතෙන්නේ. ඔස්ට්‍රලියාවේ පතල් වලින් වෙලා තියෙන පරිසර විනාසය කොපමණද කියල හිත ගන්නත් අමරුයි. එත් රටේ ආර්ථිකය ගැන හිතලා ඒවා ඒ විදියටම කරගෙන යනවා. එතකොට ඩුබායි වල වෙන්නේ මොනවද කියලා දන්නවද? ඔය වෙන රටවල් කියන්නේ කොහේ තියෙන රටවල්ද? අපි නම් අපේ රට ගැනයි හොයන්නේ වැඩිපුර. අපේ රටේ දියුනුවයි අපිට වැදගත්.(නදී)
රටේ දියුණුව ට මේවගේ වියපෘති අවශ්‍යයි. තම රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් උත්පාදනය කරන්න පුළුවන්. අලි වැටවල් හැදුවට මුදල් උත්පාදනය වෙන්නේ නැහැ.(මෙය අනවශ්‍ය ක්‍රියාවක් කියා නොකියමි.) (ස)
රටේ එක පැත්තක් ගොඩ කරන කොට අනිත් පැත්ත කාදනය වෙනවා කියන එක මේ අදහස් දාන කව්රුවත් දන්නේ නැතුව ඇති.(නදී)
ඇත්තටම දැන් මෙච්චරද අපිට අඩු.(නදී)
මගේ නමත් හොරෙන් උස්සල කවුරුහරි අදහස් දාල. නලීන් කියන විදිහට රටේ එක පැත්තක් ගොඩකරන විට අනිත් පැත්ත ඛාදනය වෙන්නේ නැහැ. නැගෙනහිර වෙරළ ඉතා ශක්තිමත් ඛාදනයට ඔරොත්තුදෙන පාෂාණ වලින් සෑදී තිබෙන්නේ. එසේ ඛාදනයට ලක්වීමට ඉඩ ඇති ස්ථාන තිබේ නම් ඒවාත් ගොඩකර මෙවැනි නගර සාදමු.(නදී)
ඉතා හොඳයි. ඉන්දියාවට මුදල් ඇදී යන ව්‍යාපාර අතිනොවෙවා. (ස)
අපේ ලංකාවේ තව කොච්චර කුඩා ගම් වලට යන්න පාරවල්, පාලම්, බෝක්කු නැතුව ඉන්නවද? කී දෙනෙක් විදුලිය, ප්‍රවාහන පහසුකම්, පානීය ජලය නැතුව දුක් විඳිනවද?මේවා කරන්න ඉස්සර රටේ යටිතල පහසුකම් වර්ධනය කරගන්න ඕනේ. නිකම් බොරු වැඩ. සල්ලි කනවා. කෝටි 17920 කියන්නේ සුළු මුදලක්ද? රටේ මූලික සංවර්ධනය කරන්නේ නැතුව ලෝකේ රවට්ටනවා. හදල ටික දවසකින් කියයි මේක ගිලා බහිනවා යන්න එපා කියලා. (ස)
මේ නම් හදන්නේ ලෝක සිතියමෙන් ලංකාව මකලම දාන්නයි. (ස)
හදන එක හොඳයි. නමුත් ඕවට වැඩිය ලංකාවේ හදන්න දේවල් තවම තියනවා.(ස)
හැම දෙයක්ම අසුබ වාදීව බලන්න පුරුදුවෙලා ඉන්න ටික දෙනාගෙන් කවමදාකවත් සුභ වාදීව අදහසක් පලවෙන්නේ නැත. ඔවුන් දේසපාලන කන්නාඩි වලින් බලන්නේ.(නදී)
ප්‍රසන්න , සුද්ද රට අපට දෙන කොට වෙලාවට කොච්චි ගියා , දැනට වඩා දුම්රිය මාර්ග තිබුනා, වෙලාවට ලියුම් ගියා , කාර්යාලයකට ලියුමක් යැව්වම පිළිතුරක් ලැබුනා, කොරියාව, සිංගප්පූරුව හිටියේ අපිටත් වඩා නොදියුණු තත්වයක.(නදී)