වසර පහළොවකට පෙර කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ කොටස් කිහිපයක් ඉරණතිව් දූපතට මුහුදු සැතපුම් හතරක් උතුරින් පිහිටි ස්ථානයකින් සෙනසුරාදා ගොඩ ගැනීමට යයි.
කාර්ය මණ්ඩලය ද, රුසියා ජාතික ගුවන් නියමුවන් හතර දෙනාද ඇතුළු 61 දෙනෙක් මේ අනතුරින් මරුමුවට පත් වූහ.
යානය කෑලි 16කට කැඩී ඇති බව කිමිදුම්කරුවෝ අද සොයා ගත්හ.
උසාවි නියෝගයකින් මේ යානය ගොඩ ගෙන ත්‍රිකුණාමල නාවික හමුදාව වෙත ගෙන ඒමට නියමිතය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක, නීතිපති, මිනුම්පති, පොලීසිය හා හමුදාව ද මේ අවස්ථාවට සහභාගී වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වග කියන්න ඕනා අය දැන් ඇමතිකම් කරනවා. ඹවුන්ට රජසැප ත්‍රස්තවාදය ඉවරකරලා අපේ නායකයෝ හිරගවල් වල දුක් විදිනවා.(නදී)
මෙම පුවත් පතට අපි හරි කැමතියි. හොඳට අප රටේ විස්තර දැනගන්න පුළුවන්. මෙම පුවත් පතට ජයෙන් ජයම වේවා! (නි)
මියගිය අයගේ මානව හිමිකමුත් මෙත් එක්කම ගිලිලා ඇති නේද?(නදී)
දැන් මුකුත් දන්නේ නැහැ වගේ ඉන්න සමහරුන්ටත් මේවට වගකියන්න වෙනවා නේද? (නි)
ඔන්න අනිත් හැම දේම අමතක කරන්න හොද මාතෘකාවක්. විදුලි බිල, දුමින්ද, වැලි ගෝනි මට මොකුත් මතක නැනේ.(නදී)
මේවාට සම්බන්ධ වී සිටි දැන් නිලතල දරන අයගේ දැන් අදහස් කොහොමද කියලා දැන ගන්න කැමතියි.(ස)
මැරුණු අයගේ ඇට කැබලිවත් හොයා ගත්තොත් මැරුණු දෙමල වැසියන්ගේ ගරුත්වය ආරක්ෂා වේවි. (නි)
මියගිය අයගේ පවුල් වලට දන්වා ඔවුන් ද සමග සහභාගි කරවාගෙන සිහිපත් කරන්න මෙතනදීම. (නි)
මිය ගිය 61 දෙනාගේ ඇට සැකිලිත් ගොඩ ගනීද පරීක්ෂණ කිරීමට (ස)
මේවායි කෑල්ල ගානේ කේ. පී. මහත්තයාට, කරුනා මහත්තයාට, පිල්ලෙයාන් මහත්තයාට, දයා මාස්ටර් මහත්තයාට යවන්න අමතක කරන්න එපා. එයාලා කල දේ, අපේ ලොක්කොන්ට වගේම ඒයාලටත් අමතක වෙයි නැතිනම්.(නදී)
කතාව සල්ලි සල්ලි සල්ලි. යුතුකම් සිහිවටන බොරු. අනේ ලෝකේ වනේ වාසේ.(නදී)
වැඩේ ඇත්තටම බොරු වැඩක් නෙවේ. .(ස)
අනර්ඝතම නිර්මානයක නෂ්ටාවවේශ... (නි)
මියගිය සියල්ලටම නිවන් සුව! (නි)
සල්ලි වලට කරන්න දේවල් නැහැනේ ලංකාවට. (නදී)
මේක බොහොම හොඳ වැඩක්. මොකද සුමානෙන් හැමදේම අමතක වෙන අපේ මිනිසුන්ට මේවා ගොඩ අරන් සංරක්ෂණය කරලා තිබුනොත් දකින වෙලාවටවත් මතක් වෙයිනේ මේ වගේ දේවල් මේ රටේ වුණා කියලා. (නි)
වැඩේ හොඳයි. නමුත් දරන වියදමේ හැටියට ලැබෙන ප්‍රයෝජනයක් නැහැ නේද? මොකක්ද අරමුණ? (නි)
අයියෝ සල්ලි! (නි)
ආ මට අමතක වුනා. ලෝක ප්‍රජාව කියන අයටයි. එන්.ජී.ඕ කට්ටියටයි ඕවා අදාළ නෑ නොවැ. ඒගොල්ලෝ හොයන්නේ කොටි වැනසුණු දිනේ ඉඳන් දවස් කීපයක් පස්සට දේවල් විතරයි නොවැ.(නදී)
තැන පෙන්නුවේ මහ ඇමති කරන්න යන කෙනාද ? (නදී)
පිස්සුද දෙයියෝ....මානව හිමිකම් තියෙන්නේ ලෝකේ පුරා විහිදිලා ත්‍රස්තවාදය රකින සල්ලි තියෙන මහා ජාති වලට විතරයි. ලාංකික වගේ ලෝකේ සුළු ජාතින්ට මානව හිමිකම් නැහැ බොලව්. අපි ලංකාවේ මහා ජාතිය වුණාට ලෝකේ වදවෙන ජාතියක් විතරයි. (නි)
අර හැමදේටම හයියෙන් කතා කරන කට්ටිය මේවා ගොඩ ගන්නකොට මොකද්ද දන්නේ නැහැ කියන්නේ.(නදී)
ජීවිත 61 ක් බිලිගත් කොටි යක්ෂයින්ටත්, ඔවුන් ආරක්ෂා කරන ජය ලලිතා යකින්නටත් ශාප වේවා!(නදී)
මම මේ නොදන්නා නිසා අහන්නේ. මේවට මානව හිමිකම් කැඩෙන්නේ නැද්ද? (නි)
ඕවා පෙන්වන්න විපක්ෂයට තව කාලයක් යයි. යුද්දේ තිබුනා නම් සිතියමත් හොයා ගන්න ලැබෙන්නේ නැහැ.(නදී)
දැන් මේවා සොයලා මොනවා කරන්නද? (නි)