IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මොහාන් පීරිස්ගේ අතුරු නියෝගය ඉවතට

රහුණු කතරගම දේවාලයේ පාරම් පරික කපු මහතකු වූ   රංජිත් පද්මසිරි අධිකාරම්ට එම තනතුරේ කටයුතු කිරිම වළක්වාලමින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිපුද්ගල විනිසුරු මඬුල්ලක් 2014දී දුන් අතුරු තහනම ඉවත් කිරීමට අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා ඇතුළු විනිසුරු මඬුල්ලක් අද නියෝග කළේය.

සෑම වසරකම මායක කාලයක්  ඔහුට ප්‍රධාන කපු තනතුරේ කටයුතු කිරීමට අවසර දෙන ලෙස රුහුණු කතරගම දේවාලයේ ලේකම් දයානන්ද අධිකාරීට නියෝග කැරිණි.

රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු තනතුරේ පාරම්පරික නීත්‍යානුකූල හිමිකම ඇති එකම උරුමකරු ලෙස තමන්  ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා රංජිත් පද්මසිරි අධිකාරී මහතා 1997 වසරේදී ගල්කිස්ස දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේය.පසුව සෑම වසරකම මාසයක කාලයක් කපු තනතුරේ කටයුතු කිරීමට අවසර දෙමින් 2005 වසරේදී එම නඩුව සමථයකට පත් කරන ලදී.

එම සමථය අභියෝගයට ලක් කරමින් එම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂින්ද්‍ර   රාජපක්ෂ මහතා විසින් ප්‍රතිශෝධන අයැදුම්පතක් ගොනු කළ අතර පසුව එයද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. රංජිත් පද්මසිරි අධිකාරී මහතාගේ පාරම්පරික අයිතීන් පිළිගනිමින් එම තනතුරේ කටයුතු කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙන ලදී.

පසුව  රංජිත් පද්මසිරි අධිකාරී මහතාට එම කපු තනතුර ලබා දීමට එරෙහිව  හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන පද්මසිරි රාජපක්ෂ ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.එම පෙත්සම 2014.07.21 දින සලකා බැලු එවකට අගවිනිසුරු මොහන් පීරිස් මහතා ඇතුළු ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් රංජිත් පද්මසිරි අධිකාරී මහතාට එම කපු තනතුරේ කටයුතු කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළේය.

රංජිත් පද්මසිරි අධිකාරී අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (28) ඉවත් කරනු ලැබුවේ මෙම අතුරු නියෝගයයි.

රංජිත් කපු මහතාට මෙම නඩුව අතරතුර කාලයේ දී කිසියම් පිරිසක් පහර දුන්හ.



අදහස් (0)

මොහාන් පීරිස්ගේ අතුරු නියෝගය ඉවතට

බණ්ඩාර කුවේට් Saturday, 29 October 2016 03:11 AM

ඉතින් පේනවනේ රාජපක්ෂලාගේ තරම! මේ අයට තවම කඩේ යන මෝඩ රැලක් ඉන්න එකයි පුදුමේ (නි)

:       0       0

මංජුලා Saturday, 29 October 2016 03:40 AM

තම පියාගේ නඩුව වෙනුවෙන් අනේක විධ වූ දුක්ඛ දෝමනස්සයන් මැඩ ගෙන දශක දෙකක කාල පරාසයක් තුළ අභීතව, අධිෂ්ඨාන පෙරදැරිව ඉතා ඉවසීමෙන් ඉදිරියටම ගමන් කරමින් තම අරමුණ ජයග්‍රහණය කරගත් ඔබටත් , ඔබගේ ආදරණීය පියාටත් පව්ලේ සියලුදෙනාටමත් මගේ ගෞරවනීය ආචාරය පළ කරන අතරම තෙරුවන් සරණ සහ කඳ සුරිඳුගේ ආශීරවාදයත් ආරක්ෂාවත් නිබඳව ලැබේවා!! (හේ)

:       0       0

තෙන්නකෝන් Saturday, 29 October 2016 04:27 AM

කඩුවෙල බන්දු ඔබ හරියටම හරි - මේ ඇත්තමයි කියන්නේ - අපේ ගෙදර කුස්සි අම්මාට තියෙනවා ඔය මෙයාට වැඩිය නිතිය ගැන හොඳ දැනුමක් (අ)

:       0       0

කඩුවෙල බන්දු Friday, 28 October 2016 01:04 PM

මොහාන් පිරිස් දීපු තීන්දු කියක් දැන් අහක දැම්මද? ඔය වගේ මිනිස්සු නඩුකාරයෝ කරපු අයටයි මඩු වලිගෙන් ගහන්න ඕනෑ

:       0       0

රොකී Friday, 28 October 2016 01:06 PM

මොහාන් පීරිස්ලා ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 28 October 2016 06:43 PM

මෙම ප්‍රවෘත්තියේ ඉන්නා රාජපක්ෂලා ගානෙන්ම රටට වෙලා තිබුන දේ තේරෙනවා (නි)

:       0       0

සෑම් Friday, 28 October 2016 09:10 PM

එකල තිබුන "නීතියේ ස්වාධීනත්වය“ මැනවින් පැහැදිලි වෙනවා (නි)

:       0       0

ලෙස්ලි Sunday, 30 October 2016 02:39 AM

අනේ මන්දා දැන් දැන් වෙන දේවල්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 28 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 161 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 353 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 124 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 709 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 480 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site