IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මිහින් යානයේ මංගල ගමන බුද්ධ ගයාවට

මිහින් ලංකා ගුවන් සේවයේ ඒ320-200 අලුත් යානය අද අලුයම 5ට ඉන්දියාවේ බුද්ධගයාව බලා මංගල ගමන ගියේය. කටුනායක 18 කණුව බෝධි රතනාරාමාධිපති අමන්දොලුවේ ධම්මරත්න හිමි ඇතුළු මහා සංඝරත්නය ගුවන්යානයට වැඩමවා ආගමික වතාවන් සිදුකර පිරිත් සජ්ජායනා කර, ආර්ය මණ්ඩලයට පිරිත් නූල් බැඳ යානයට පිරිත් පැන් ඉස්සාහ. අනතුරුව  ලියනගේමුල්ල දේවස්ථාන බාර වී.ආර්.එල් ද පියතුමා සහ කප්පිත්තවත්තේ  කුරුක්කල් එස්.එස් ජයරාම් තුමා  ආශිර්වාද පූජාවන් පැවැත්වූහ. මෙම අවස්ථාවට සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න,  මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, වානිජ අංශ ප්‍රධානී රෝහන පෙරේරා,  මුල්‍ය ප්‍රධානී සජීව සුවාරිස්, අළෙවි ප්‍රවර්ධන කළමණාකාරිනී රංගි පෙරේරා, මෙහෙයුම් උපදේශක ඉන්ග්‍රීඩි ගුරුගේ,  රාජ්‍ය සහ මහජන කටයුතු කළමණාකාරී ගාමිණී අබේවර්ධන,  ප්‍රධාන ගුවන් නියමු පූජිත ජයකොඩි  මහත්ම මහත්මීහු  ඇතුලූ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ.  



අදහස් (0)

මිහින් යානයේ මංගල ගමන බුද්ධ ගයාවට

නොනිමි Saturday, 01 December 2012 11:18 AM

පිස්සු ..(ස)

:       0       0

ලලිත් Saturday, 01 December 2012 06:10 PM

රටට හොදක් වේවා (දී )

:       0       0

හෙක්ටර් Saturday, 01 December 2012 06:17 PM

මේ අයට වෙන වැදගත් ප්‍රශ්න නැද්ද? දියුණු ලෝකයක මේ වගේ දේවල් මිනිසුන් හිනස්සනවා. (නි)

:       0       0

අනිල් Sunday, 02 December 2012 09:47 AM

බුද්ධගයාවට ගිය එක හොදයි දේවාලෙකට යන්නේ නැතිව (දී)

:       0       0

නාලක Saturday, 01 December 2012 07:03 PM

මම නම් කියන්නේ බුද්ධ ගයාවට යන්න මිනිස්සුන්ට සහන මිලක් දෙන්න කියලා (දී)

:       0       0

මනෝහරන් Saturday, 01 December 2012 07:11 PM

මම මකුත් දැක්කෙත් නෑ , මට මුකුත් ඇහෙන්නෙත් නෑ (ස)

:       0       0

බින්දු Saturday, 01 December 2012 07:05 PM

හොද තැනකින් වැඩ පටන් ගන්න හදන්නේ (දී)

:       0       0

නිහාල් Saturday, 01 December 2012 07:06 PM

ඒක නම් හොද වැඩක් (දී)

:       0       0

ජගත් Saturday, 01 December 2012 01:01 PM

සුභපැතුම් මිහින් ලංකා (දී)

:       0       0

රත්නායක Saturday, 01 December 2012 08:46 PM

හොද වැඩක් (දී)

:       0       0

සම්පත් Saturday, 01 December 2012 09:20 PM

සාධු... සධු .. සුභ ගමන් (දී)

:       0       0

චුලන්ත Saturday, 01 December 2012 01:40 PM

බුද්ධ ගයාවට විතරද යන්නේ (දී)

:       0       0

මුතු Saturday, 01 December 2012 01:57 PM

තවත් ලස්සන චිත්‍රපටයක් (ස)

:       0       0

හේමන්ත Saturday, 01 December 2012 02:09 PM

බුද්ධ ගයාවෙන් කොහාටද යන්නේ (දී)

:       0       0

තුෂාන් Saturday, 01 December 2012 02:10 PM

ලංකාව වගේ රටකට ගුවන් සේවා දෙකක් අවශ්‍යද (දී)

:       0       0

කුමාර Saturday, 01 December 2012 08:18 AM

ත්‍රිවිධ රත්නයේ පිහිටයි (ස)

:       0       0

ජයාන් Saturday, 01 December 2012 08:29 AM

ගොක් සන්තෝෂ මෙතන නම සදහන් ඔක්කොම සිංහල අය වීම.. මිහින් ලංකා දියුණුවෙ රහස ඒකයි..!(නු)

:       0       0

මධුශා Saturday, 01 December 2012 02:25 PM

විශිෂ්ටයි ... ඇති විශිෂ්ටයි (දී)

:       0       0

අජිත් Saturday, 01 December 2012 02:41 PM

අපෝ බය වෙන්න එපා. තව ණය ගන්න රටවල් තියෙනවා (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 02 December 2012 12:20 AM

ජයාන්ගේ කතාවේ තියෙනවා මේක නොනවත්වා පාඩු ලබන හේතුව. අනියමින් කරලා තියෙන්නේ අපහාසයක්. ඔබත් සිංහලයෙක් නම් උපන් ජාතියට අපහාස කරන්න එපා මනුස්සයෝ.. (නි)

:       0       0

අහමඩ් Saturday, 01 December 2012 09:07 AM

ජයාන්. මුස්ලිම් පල්ලිය කඩන්න ඕන කියල මුල් වෙච්ච අය දැන් ඉන්න තත්ත්වය දන්නවාද.කොයි ආගම වුනත් විවේචනය නොකලුතු කියන එක දැන් ඒ ලොක්කාට දන්නවා ඇති. ජාතිවාදී වචන වලින් වළකිමු. (ස)

:       0       0

පුබුදු Saturday, 01 December 2012 09:08 AM

ජනක එක්ක මාත් එකඟයි (ස)

:       0       0

නඩරාජ් Saturday, 01 December 2012 09:33 AM

අහමඩ ඔබ කියන දේ ඇත්ත . (ස)

:       0       0

අශෝක Saturday, 01 December 2012 09:33 AM

ලෝකේ මේ විදියට පාඩුවට දුවන ගුවන් සේවාවන් තවත් තියෙනවද?? මගේ රටට දෙවි පිහිටයි (ස)

:       0       0

සිතාරා Saturday, 01 December 2012 09:27 AM

එහෙමද ??? ..(ස)

:       0       0

රනේෂ් Sunday, 02 December 2012 01:49 AM

සාධු... සාධු... සාධු... සාධු... සාධු... (දී)

:       0       0

නීලා Sunday, 02 December 2012 02:23 AM

ඔය ගුවන්යානා වල අපේ අයගේ පිංතූර ගහන්නෙ නැද්ද?(නු)

:       0       0

මාලා Sunday, 02 December 2012 02:24 AM

පිරිත් කියලා නේද කලින් ඒවත් පටන් ගත්තෙ.. කොහොමද පාඩුව... මේවාගේ තියෙන හොරකම් ඉවත්කරන්නෙ නැතිව පිරිත් නෙමෙයි මොනවා කිව්වත් ඕවා සාර්ථක වෙන්නෙ නැහැ..!

:       0       0

නිමල් Sunday, 02 December 2012 02:32 AM

පිරිත් කියලා වැඩක් නැහැ ඇතුලෙ පිරිසිදුවට වැඩත් වෙන්න ඕන.. අපේ රටේ හැම දෙයක්ම පිරිත් කියලා තමයි පටන් ගන්නේ.. අන්තිමට වංචා දූෂණ නවත්තන්නෙ නැතිව පාඩු ලබනවා...!(නු)

:       0       0

චූලා Sunday, 02 December 2012 02:27 AM

මතකනෙ අර හොරකම් කරපු ඔරලෝසුවෙ ගාන..තව පිරිත් එහෙම කියලා මේ ගොල්ලන්ට අනුශාසනා කරන්න..!(නු)

:       0       0

රූපසිංහ Sunday, 02 December 2012 03:26 AM

ලංකාවේ ජාතික උරුමයන් ආරක්‍ෂා කරන්න කටයුතු කරන නිල නොවන පොලිසිය අපියි. මේ දාගැබට කරලා තියෙන විනාශය දැක්‌කහම දැඩි වේදනාවක්‌ ඇති වෙනවා. දවසින් දවස ඩෝසර් කරන්නේ මේ රටේ පෞඪත්වය, අපේ රටේ ඉතිහාසය.මේ රටේ ඉතිහාසය ලියවෙන්නේ මේ රටේ පුරාවස්‌තු මත. සමහරු බෙදුම්වාදය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. මේ රටේ අපි මේ පිළිබඳව වගකිව යුත්තන්ගෙන් අසා සිටින්නේ මේවා කරනකම් නුඹලා නිදිද කියලයි? (නි)

:       0       0

මධූ Saturday, 01 December 2012 04:36 PM

ජයාන් හරි (ස)

:       0       0

රොහාන් Saturday, 01 December 2012 05:02 PM

ඔවු. මිහින් ලංකා මාර දියුණුයි. (නි)

:       0       0

හිල්ම් Saturday, 01 December 2012 05:15 PM

මිහින් ලංකා යන්නේ පාඩුවටයි කියන්නේ ඇත්තද (දී)

:       0       0

හිල්ම් Saturday, 01 December 2012 05:21 PM

ජයවේවා ...ජයවේවා ... (දී)

:       0       0

රත්නායක Saturday, 01 December 2012 11:02 AM

සිරිලාංකිකයන් වන අපිට ආඩම්බරයි. නමුත් අර ණයත් ගෙවලා හිටියනම් නේද හොඳ ? (ස)

:       0       0

පාලි Sunday, 02 December 2012 06:41 AM

මුල් ගමන හොද තැනකට යන එක හොදයි (දී)

:       0       0

ශ්‍රියා Saturday, 01 December 2012 05:35 PM

සුභ ගමන් මිහින් ලංකා (දී)

:       0       0

නදීක Saturday, 01 December 2012 11:21 AM

අපි කැමති මෙවන් වගේ වැඩ වලට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 251 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 637 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 568 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 664 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1110 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site