(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලය ඔස්සේ තැරැව්කරුවකු මගින් ලබාගත් බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කළැයි ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ලෝචනී අබේවික‍්‍රම මහත්මිය අද (01) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති එදිරිසිංහ මුදියන්සේලාගේ ලලිත් එදිරිසිංහ නමැත්තා ය.
මෙම සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ළමා හා කාන්තා කාර්යාංශය සදහන් කර සිටියේ මෙම සැකකරු දේශපාලන කටයුතුවල නිරත පුද්ගලයකු වන අතර මිහින්තලය ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරන බවය.
මෙම සැකකරු ඉකුත් 08 වැනිදා බම්බලපිටිය ප‍්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටියදී තැරැව්කරුවකු මගින් අදාළ බාලවයස්කාර දැරිය හෝටලයට ගෙන්වාගෙන ඇති බවත් එහිදී දැරිය දුෂණයට ලක්ව ඇති බවත් එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.
(ජායාරූප: රොමේෂ් ධනුශ්ක සිල්වා)
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මිහින්තලේ ප්‍රා.ස. උප සභාපති රිමාන්ඩ්
Lolitha Edirisooriya BADDEGANA Thursday, 01 July 2021 08:15 PM
නමට නම් සිංහ කෑල්ලකුත් තියෙනවා. ඒත් රෙදි පොරවාගෙන යන්නේ සීතලෙන් වගේ... ලැජ්ජයි.