IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මහින්ද අපේ පූර්ණ බලැති අගමැති‘ - සරත් සිල්වා

රටට පණ දුන් මහින්ද රාජපක්ෂ අගෝස්තු 17 වැනි දා ශ්‍රී ලංකාවේ පූර්ණ බලැති අගමැති වශයෙන් පත්වනු ඇතැයි තමා පතරන බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ   මංගල රැලිය අනුරාධපුර පොදු ක්‍රීඩාංගන අමතමින් ඔහු එසේ කීවේය.

බෞද්ධ, හින්දු, කතෝලික හා කිතුණු ආගමික නායකයෝ රැස්විමට පැමිණ එය ආසිරි ගැන්වූහ.

හිටපු මන්ත්‍රී එච් එච් එම් අස්වර් දෙමළෙන් රැස්වීමට ඇමතූහ.

පස්වරු හතරට පමණ හිටපු ජනපති සහ කුරුණෑගල කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ ජනපති රැලියට පැමිණියේය.

හිටපු ජනපති පැමිණීමෙන් පසු මුල්ම කතාව කළේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාය.

‘මම ළඟදි ගමණක් යද්දි හොඳ සටන් පාඨයක් ලියා තිබුණා. එහි තිබුණේ රටට පණ දෙන අපේ මහින්ද කියලයි. ඒ මහින්ද අද ඇවිත් ඉන්නවා. ඔහු අගමැති පුටුවට යන එක නිත්‍යයයි. දැන් බොරු නීති තර්ක ගේනවා මහින්දට අගමැති වෙන්න බැරි බවට. මහින්ද මැතිතුමණි, 19 වැනි සංශෝධනය යටතේ අගමැතිට තිබෙනවා ජනපතිට වඩා බලයක්. අපි ඔබට වාඩි කරන්නේ සිරිසේනගේ පුටුවේ නොවෙයි. ජනාධිපතිතුමත් කියනවා පොදු පෙරමුණ දිණුවත් වෙනත් කෙනකුට අගමැතිකම දෙන බව. ද්වේශ සහගත ප්‍රකාශයක්. අපේ හිතවත් මෛත්‍රීපාල සිරිසේන දැන් වෛරී සිරිසේන බවට පත් වෙලා. මමත් එතුමාට ඡන්දය දුන්නා. මමත් දැන් කළකිරිලා ඉන්නේ. දැන් වෛරී සිරිසේන වෙලා. අපේ බුදු දහම අනුව ඊර්ෂාය වෛරය අපි අගතියට ඇද යන ධර්මතා. ඔබ ගාව එහෙම නෑ.‘

‘අගෝස්තු 17 ඔබ ඉදිරියේ තිබේනනේ විකල්ප දෙකයි. ඔබේ අගමැති ලෙස මහින් පත් කරනවාද නැත්නම් රනිල් පත්කරනවා ද කියන එකයි. දඹුල් සෙල්ලිපිය කියා සෙල් ලිපියක් තිබෙනවා. එහි තිබෙනවා රජතුමා සාමය දියත් කළේ කොහොමද කියා. එහි තිබෙනවා මේ රටේ එක් කොණක සිට අනිත් කොණට කාන්තාවකට වුවත් තනිවම මැණිකක් අරගෙන යන්න පුළුවන් බව. ඔබත් ඒවගේ නායකයකු තමයි. එකල තිබුණු වාතාරවණය රටේ ගොඩ නැගුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමයි. දැන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ඕනෑම විදියකට යන්න පුළුවන්.‘

‘රනිල් වික්‍රමසිංහත් මේ රට වටේ යන්නේ මහින්ද අත් කර දුන් සාමය නිසයි. අධිවේගී මාර්ගවල බොහොම වේගයෙන් ගිහින් ඇවින් බනිනවා පාරවල්වලින් සල්ලි ගැහුවා කියා.‘

ඊළඟට කතා කළේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ය.

‘නරියා දැන් රජ කම් කරනවා. හැබැයි නරියා හූ කියන්න ප්‍රවේශම් වෙලා ඉන්නවා. නරියෙක් දවසක් කැලේ හූ කියනවා. මෙන්න මේ නරියත් පුරුද්දට හූ කිව්වා. එදා තමයි කැලේ සතුන් දැනගන්නේ අපි රජ කරගෙන ඉන්නේ නරියෙක් බව. පසුව නරියා ඉවත් කර සිංහයා රජ කළා.

ජනාධිපති සිරිසේනගේ ඇඟේ දුවන්නේ කොළපාට ලේ. ඔන්න නරියා දැන් හූ කිව්වාත අපි දැනගත්තා සිරිසේන කවුද කියලා. අපි නම් ජනවාරි මාසේ ඉඳන්ම සැකෙන් බැලුවේ. හැබැයි සමහරුන් විශ්වාස කළා සන්ධානයට නායකත්වය දෙයි කියා. ඒ නිසා පිල් දෙකක් හැදුනා. ගිය අඟහරුවාදා අර හූවෙන් පස්සේ සන්ධානයේ හැමෝම ඔහුගේ හැටි දැනගත්තා. දැන් සන්ධානයේ පිල් දෙකක් නෑ.

අවුරුදු පහකට යූඇන්පියට ආණ්ඩුවක් අරගෙන දුරු ඔහුගේ ණය ගෙවෙන්නේ නෑ. අපි මේ දේ කළින් දැක්ක නිසා රට පුරා ගිහින් මහින්ද රැල්ල ගොඩ නැඟුවා. සන්ධානයේ ජය ඔබාමටවත් නතර කරන්න බෑ. අපි විශ්වාසය තැබුවේ සිරිසේන ගැන නොව ඔබ ගැනයි. මේ ජන පවුර තිබෙන තුරු සන්ධානයේ ජයග්‍රහණය රනිල්ලට සිරිසේනලාට විතරක් නොවෙයි ඔබාමටවත් වළක්වන්න බෑ.

අපි දිනන්නේ කොහොමද? ගනිතය සරලතිය. පසුගිය ජනාධිපතිවරණයෙදි සිරිසේනට ලක්ෂ 62යිත අපි 58යි.  දැන් දෙමළ සන්ධානය ඉල්ලන්නේ වෙනම. ජනතා විමුක්ති පෙරමුණ වෙනම. දැන් එජාපයට ලක්ෂ 48යි. අපිට 58යි.

එදා හංසයාට ඡන්දය දුන් දස ලක්ෂයක් දැන් අපේ පැත්තට ඇවිත්. ඔවුන්ට ලක්ෂ 38යි. අපිට 68යි.

ජනාධිපති සිරිසේන කියනවා අගමැති පත් කරන්නේ මමයි. මහින්දට අගමැතිකම දෙන්නේ නෑ කියනවා. ඔබ රජෙක් නොවෙයි ඕනෑ ඕනෑ කරන දේවල් කරන්න. මහින්දට සන්ධානයෙන් නාමයෝජනා ගන්න බෑ කිව්වා. අපේ සුසිල් ප්‍රේමජයන්තට පින්සිද්ධ වෙන්න අපි නාමයෝජනා දුන්නා. පෙබරවාරි වෙනකම් විසිරුවන්නේ නැතැයි කියූ පාර්ලිමේන්තුව විසිරුවාගත්තා. මේ දේවල් කළා නම් අගමැති කරගන්න බැරිද? අපි කියනවා අගෝස්තු 18 වැනි දාට අටේ අගමැති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාමයි. සිරිසේන ජනාධිපතිතුමනි අහක බලාගෙන අගමැති පත්වීම් ලිපිය දෙන හැටි දැන්මම පුරුදු වෙන්න. මේ දවස්වල අරලියගහ මන්දිරයේ ඉන්නේ බැදුම්කර කුම්බාණ්ඩයෝ. බෙදුම්වාදී කුම්බාණ්ඩයෝ. එහෙම අරලියගහ මන්ධිරයට මහින්දට යන්න බෑ. මේ ජන ගංගාව දැක්කාම අපි දිනලා ඉවරයි කියා පේනවා.‘

‘ජනාධිපතිවරණයේ දී මහින්ද පැරැද්දුවේ යූඇන්පිට නොවෙයි. ඇමෙරිකාවයි ඉන්දියාවයි. මේ ජයග්‍රහණය වළක්වන්න කරන්න පුළුවන් හැමදේම කරනවා. පළවැනි බේාම්බය තමයි අඟහරුවාදා ගැහුවේ. මේ දවස්වල කතා කරලා කතා කරලා කටහඬ ගෙවී ගිහින්. ඒ නිසා කතා කරන්න බෑ.‘

ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ -

‘අප රටේ 1956 පංච මහා බලවේගයට නායකත්වය දී ප්‍රගතිශීලි ජනතාව බ්‍රිතාන්‍ය ආර්ථිකයේ බලය නැති කළ බණ්ඩාරනායක මහතා පටන් ගත් සටහන ඉදිරියට ගෙනියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අවරයි. මෙතර දහස් ගණන් රැස්වී සිටින්නේ අප රටේ ඓතිහාසික මොහොතකයි. අප රටේ ප්‍රගතිශීලී බලවේගය ජාත්‍යන්තර වශයෙනුත් දේශීය වශයෙනුත් ජනවාරි අට වැනි දා අමෙරිකා ප්‍රධාන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් දියත් කළා. එහි මුල් පියවර තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිකමින් පිට කර ඒ වෙුනවෙන් මෛත්‍රීපාල සිරිසේන පත් කිරීම. ඊළඟ පියවර තමයි ඇමරිකා න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීඹට බැඳී සිටින එජාපය බලයට ගෙන ඒම.

ඔබ ගොවිතැන් කරනවා. ඔබට නොමිලේ ජලය ලැබෙනවා. අඩු මිලට පොහොර ලැබෙනවා. පොහොර සහනාධාරත් තිබෙනවා. වගාවලට ස්ථාවර මුදලක් දෙන්න කටයුතු කළා. ඒ සියල්ල එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රතිපත්ති. මේවා නැති කර දැමීමයි එඩාප වැඩපිළිවෙළ. එජාපය බලයට ආවොත් කුඹුරු වැඩ කරද්දි ජලයට පවා සල්ලි ගෙවන්න වෙනවා. නොමිලේ අධ්‍යාපනය නැති කරනවා. නොමිලේ සෞඛ්‍ය නැති කරනවා. දේශීය හා විදේශීය ධනපතියන්ට සහාය දෙනවා. ඊට ඉඩ දෙන්න බෑ. ඒ අය හිතනවා අගමැතිකම නොදී ඉන්න පුළුවන් කියා. එහෙම බෑ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා බහුතරයේ කැමැත්ත තිබෙන කෙනයි ජනපති වෙන්නේ. ඊට හරස් වෙන්න බෑ. මෛත්‍රීපාල සිරිසේනට ඊට හරස් වෙන්න බෑ. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාවක මන්ඩලයක් කර විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරලා දමමු. එතකොට මෛත්‍රීපාලට කිසිම බලයක් නෑ. බලය එන්නේ අගමැති මහින්ද රාජපක්ෂටයි. එයයි තමුන්නාන්සෙලා කරන්න ඕන. ජාතිබේද, කුලබේදවලින් තොරව එක ප්‍රගතිශීලී පිළික් ලෙස එක් වෙලා අනුරාධපුරෙන් ආරම්භ කළ ගමන ඉදිරියට ගෙන ගියොත් අපේ ආණ්ඩුවක් අනියාර්යෙන්ම පිහිටුවනවා. මහින්ද රාජපක්ෂ අගමැති කරනවා.‘

හිටපු ඇමැති වාසුදේව නානායක්කාර -

‘රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දවසක කලවානට ආවා. කලවාන තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ. මිනිසුන් බලාගෙන හිටියා තේවල මිල අඩුවුණු එක ගැන උත්තර ලබා ගන්න. නමුත් ඒ මොනවත් නෑ. අන්තිමට මිනිස්සු කිව්වාලු කන්න වෙන්නේ උඹේ මාළු තමයි කියා. අපි මුහුණ දී සිටින්නේ බරපතල අභියෝගයකට. මෙය මැතිවරණ රූපයෙන් රාමු වී තිබුණත් මෙය පරතලත ගැටුමක්. මේ රටේ ජනබලයට අභියෝග කරනවා. මේ අභියෝගයේ ගැබ්වෙන්නේ මොනවද? අධිරාජ්‍යවාදය අපේ නිදහස උන්ගේ මිටට මිරික ගන්න හදද්දි රට රැකගත්තු මහින්ද රාජපක්ෂ රටේ නායකත්වයට ඒම වැලැක්වීම ඔවුන්ගේ අදහසක්.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා -

 අද අපි අනුරාධපුරෙන් ඉතාම තීරණාත්මක දේශපාලන ගමනක් ආරම්භ කරන බව ඔබට පේනවා. අනුරාධපුර ඓතිහාසික පෙදෙසක්. සෞභාග්‍යවත් යුගයක් රටට බිරිකළ රාජධානිය අනුරාධපුරයයි.

මේක පිහිටි රටේ. මේ පිහිටි රටෙ ඉඳන් අපි ආරම්භ කරන්නේ මේ රටට පන දෙන ගමණක් කියන එක ඔබට මතක් කරන්න ඕනෑ.

අලුත් ගමණ ආරම්භ කරනකොට මට මතක් වෙනවා රට නිදහස් කර ගත් දවස. 2009 මැයි 19 වැනි දා රටේ ජනතාව ජාතික කොඩි අරගෙන පාරට බැස්ස දිනය ඔබට මතකද?

හැබැයි මොන තීරණය ආවත් ජනතාවගේ තීරණය එය නම් අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙන්නත් කළින් මම මැදමුලනට ගියා. ඒ ගෙදර ගිය මොහොතේ සිට මේ රටේ ජනතාව කටයුතු කළ ආකාරය ලෝකයේ කොහෙවත් නොවුණු ආදර්ශයක්.

හැමදාම අපි තමයි ජනතාව අතරට ගියේ. මට පටන්ගන්නකොට බෙලිඅත්තේ හැම ගෙදරකටම ගියා. නමුත් මම ගෙදර ගිය දවසේ ඉඳන් ජනතාව මා සොයාගෙන ආවා. එයයි මේ වෙනස. ඈත පලාත්වලින් ආවා. අම්මලා දරුවො වඩාගෙන ආවේ මා බලන්න.

අපි දේශපාලනේ පටන් ගත්තේ ලංකාවට නිදහස ලැබෙන්නත් කළින්. එදා සිට තමයි මේ දක්වා දේශපාලනය කළේ. මේ ගෙවුණු හය මාසයයේ එල්ල වූ චෝදනා ඊට පෙර කිසි කෙනෙක් කර නැහැ. 2009ට කලින් මේ රටේ තිබුණු මායිම් ගම්මාන ගැන අනුරපුර අය දන්නවා ඇති. එදා කැලේ නිදාගත් අම්මලා දරුවො ඉන්නවා.

එදා මාසෙට කීයක් ආවද සෙබළුන්ගේ මළ මිනී. ඒ අයගේ පවුල්වල අයත් මෙතන ඇති. ඒවා නතර කළ මට මේ රටේ පිළිලය කියනවා. මම ද පිළිලය එහෙම නැත්නම් කියන අයද පිළිලය කියා සොයා ගන්න වැඩි කළක් යන්නේ නෑ.

අපි 2005 ආන්ඩුබලය ගන්නකොට මේ ගම් බිම් කොහොමද තිබුණේ. මතක් කර බලන්න. ලයිට් තිබුණද? හරි හාමන් පාරක්වත් තිබුණද? මේවයේ පාරක්වත් තිබුණත චන්ද්‍රසේන ඇමැතිතුමා?

නගරය අපි දියුණු කළා. ඒ නිසා තමයි ලෝකයේ සීග්‍රයෙන්ම දියුණු වෙන නගරය බවට කොළඹ පත් කරන්න අපට පුළුවන්ද? දින 100න් කළාද? ඒවගේම තමයි උතුරට අවුරුදු 25කින් කෝච්චිය ගියේ නෑ. දරුවන්ට කෝච්චිය අදින්න කිව්වාම දරුවන් අදින්නේ යුද ටැංකි පේලියක්. දකුණෙන් නාගදිපේ කිව්වාම පින්තූරවලින් පෙන්නන්නයි සිද්ධ වුණේ. මෙන්න මේකට තමයි බුදුන් වහන්සේ වැඩම කළේ කියා. මුළු ලෝකයේම කියනවා දරුණුම ත්‍රස්තවාදියා සිටියේ ලංකාවේ කියා.

කොළඹ ඉඳන් පැය දෙකෙන් රට වටේ යන්න හදපු අපි රට ආපස්සට අරගෙන ගියා කියනවා. අපි හිටියා නම් උතුරට අධිවේගී මාර්ගය හදලා.

මේ රටේ අඩුම කාලයක දී වැඩිම ඡන්ද ගණනක් තිබ්බෙත් මම. උතුරේ ජනතාවට ඡන්ද අයිතිය දුන්නේ අපි. අද රනිල් වික්‍රමසිංහට රට වටේ ගිහින් මට බනින්න පුළුවන්කම තියෙන්නෙත් ඒ නිසයි.

පාර්ලිමේන්තුවේ මට බහුතරයක් තිබෙද්දි ජනවාරි අට වැනි දා උදේ මම රනිල් වික්‍රමසිංහ ගෙන්නලා බාර දුන්නා. නැත්නම් දෙන්නේ කාලෙකට පස්සේ. මට රට බාර දුන්නේ දවස් ගානකට පස්සේ. මට පක්ෂය බාර දුන්නෙත් මාස හතකින්. මම දුන්නේ දවස් හතකින්. පක්ෂය ඉල්ලුවා මම දුන්නා. උසාවි ගිහින් තහනම් නියෝග ගන්න තිබුණා. අපි එහෙම කළේ නෑ. ශ්‍රීලනිපය රැකගන්න ඕන පරිත්‍යාගයක් කරන්න අපි ළෑස්තියි. සන්ධානය රැකගන්නත් ඕනෑම පරිත්‍යාගයක් කරන්න ලෑස්තියි.

මම මේක බාර දුන්නාට පස්සේ ලෝකේ බොහෝ රටවලින් සුබ පැතුවා. හැබැයි අපේ ගොයියලා කිව්වා හමුදා කුමන්ත්‍රණයක් කරන්න ගියා කියලයි. මෙහෙමත් විහිළු කාරයෝ. ලෝකයාට අපි කෙරෙයි වෛරයක් ඇති කරන්නයි එහෙම කිව්වේ.

එයාලා එතනින් නැවතුනාද? රට රැකගත්ත ත්‍රිවිධ හමුදා සාමාජිකයක් කීදෙනෙක් හිරේ දැම්මද? රජයේ නිලදාරීන් තමන්ගේ රැකියාව කරගන්න අද බවයයි. අද වෙනකොට 899 දෙනෙකු පොලිසියට ගෙන්වා ප්‍රශ්න කර තිබෙනවා.

අගමැතිතුමනි, ඔබතුමගේ ලේකම්තුමා ගෙන්වාගෙන තුවක්කුව කටට තියලයි ප්‍රශ්න කෙළ්? ඒ යුගය අපි අයින් කරනවා. රජයේ සේවකයන් ආරක්ෂා කරනවා.සමහර සේවකයන් හොරකම් බලාගෙන ඉන්න බැරි නිසා අස්වෙලා ගෙවල්වලට ගියා.

රුසියාවේ තානාපති කාර්යාලයය හදනකොටත් බැන්නා. මේක විප්ලවයක් කිව්වා. රට ගොඩනගන්න උදව් කළ චීන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. මං පූජා කළ අටපිරිකර ගැනත් ප්‍රශ්න කළා. අපි දුන්නු සිල් රෙදි ගැනත් ප්‍රශ්න කළා. මේවා මාර වැඩක්නේ.

යහපාලනට ඡන්දෙ දුන්නු අයත් මේවා බලාපොරොත්තු වුණා කියා මා විශ්වාස කරන්නේ නෑ. හාමුදුරුවරුන්ගෙනුත් ප්‍රශ්න කළා.

77 සිට 2005 වනතුරු රාජ්‍ය නායකයන් ප්‍රභාකරන් ඉදිරියේ දණ ගැසුවා. තමන්ට බලයේ ඉන්න, බලය රැක ගන්න ඕනෑම ද්‍රෝහි වැඩක් කරන්න මේ අය සූදානම් වුණා. මේ අය ගිවිසුම් ගැහුවා. ඉන්දියන් හමුදාව ගෙන්නුවා එක්කෙනෙක්. අනිත් එක්කෙනා එයාලා පැන්නුවා. දැන් සජිත් කෑ ගහනවා. ප්‍රේමදාස මහත්තයා කොටින්ට ආයුධ දුන්නු එක මතකද? පොලිසියේ නිලදාරීන් මරා දැමූ හැටි මේ පොලිස් නිලදාරීන්ට මතක නැතිව ඇති.

චන්ද්‍රිකා මේ රට පත් කළ හැටි ඔබට මතක ඇති. වැඩක් නෑ ඒ චරිතය ගැන කිව්වාම කතා කරන්නවත්. ඔබට මතකයි රනිල් සටන් විරාම ගිවිසුමක් ගසා බුද්ධි අංශ නිලධාරීන් පාවා දුන් හැටි මතකද?

මේවගේ ද්‍රෝහිකම් මගේ අතින් වැරදිලාවත් කෙරුණාද? නෑ. මම මව්බිමට ද්‍රෝහි වෙලා නෑ.

හැබැයි ද්‍රෝහි කම් කළ අයට වඩා රට ගලවාගෙන ද්‍රෝහි නොවුණු මිනිහට තමයි ඇඟිල්ල දිගු කළා චෝදනා කරන්නේ. විදේශ බලවේග ඉදිරියේ කොන්ද නොනැමූ නිසයි ද්‍රෝහියා කියන්නේ.

ද්‍රෝහියා කියන අයට කියනවා කණ්නාඩියක් ඉදිරියට ගිහින් බලන්න කියා. ඇදුම් ඇඳගෙන යන්න කියා ඒ අයට කියනවා.

මා දේශපාලනයෙන් ඉවත් කර ගන්න මොන තරම් වියදම් කරනවාද? දවසක් රනිල් කියා තිබෙනවා මම තෝරමාළු ඇඹුල් තියා කනවයි, එයා බලමාළු ඇඹුල් තියා කනවයි කියා. තෝරාගෙන් මෝරා වෙන් කරලා හදුනා ගන්න බෑ. මෝරාගෙන් පරයා වෙන් කර හදුනා ගන්නත් බෑ.

එදා ලංකාවේ වතු කොල්ලෙට විදේශ ජාවාරම්කරුවන්ට වික්කා මතකද? අපි වික්කාද? නෑ. අපි බොහොම අමාරුවෙන් මේ වතු ටික බේරා ගන්න වැඩ කළා.

හම්බන්තොට ලුණු ලේවාලය අරගෙන ආරක්ෂා කරන්න හැදුවා. රාජ්‍ය ආයතන 53ක් කුණු කොල්ලෙට විකුණා කොමිස් ගැහුවේ කොයි එකාද? සතෝස කාබාසිනියා කළේ කවුද?

මේ මෙගා ඩීල් දාපු කී දෙනෙක් යූඇන්පී ලිස්ට් එකේ ඉන්නවාද? අපි එක සම්පතක්වත් ජාතියට අහිමි කර තිබෙනවාද? මේකද අපි කළ වරද? මේකද අපි කළ හොරකම?

මේ මහින්ද රාජපක්ෂ ජනතාවගේ සල්ලි හොරකම් කළ නෑ කියන එක ජනතාව සත්සුදක් සේ දන්නවා. අපේ අතින් බාර් ලයිසන් එකක්වත් දී තිබෙනවාද? අපි කැසිනෝ දී තිබෙනවාද? නෑ එකක්වත් නෑ. දැන් එතනෝල් ලයිසන් 300කටත් වඩා දීලා. අද ඔක්කොම කැසිනෝ වහලානේ. බාර් නැද්ද?මේවා ගැන කතා කළ හාමුදුරුවරුන් අද කෝ? මොනවා වෙලාද?

මේවට කෑගහපු උදවිය දැන් ඒ ලැයිස්තුවේන ජාතික ලැයිස්තුවේ ඉන්නවා. මම නොවෙයි කියන්නේ. මම දන්නේ නෑ.

දැන් ගෙජ්ජිය අලියගේ කරේ බැඳලා කියා සෝමවංශ කියනවා. ඔවුන්ට මතක නෑ 88/89 තමන්ගේ සහෝදරවරුන්ට කළ දේවල්.

අපට රට නගන්න ගියේ වසර හතරයි. එය ආපසු හරවන්න මේ අයට ගියේ දින 100යි. අවුරුද්දට කන්න සල්ලි දෙන්න පුළුවන් වුණාද? කිරි, රබර් ගොවියට සල්ලි දෙන්න පුළුවන් වුණාද? දරුවට දුන්න කිරි වීදුරුව දැන් ලැබෙනවාද? ප්ලේන්ටියක්වත් නැද්ද? දැන් බඩ ඉරිඟු හොඳට ඇති නේද?

අපි රට බඩ ඉඟුරුවලින්, වී වලින් රට ස්වයංපෝෂිත කළා. මේ රරේ බඩඉඟුරු මිල බැහැලා. අනෙක් පැත්තෙන් සත්ව ආහාර මිල ඉහළ ගිහින්.  අද මිනිස්සු රබර් වගා කරන්නේ නෑ.

තවම හය මාසයයි. අවුරුදු පහක් හිටියොත් කොහොම තියෙයිද? අද තේ මිල බැහැලා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලියි. අපේ ආණ්ඩුව පෙරලන්න උදව් කළ අය සතුටු කරන එක තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.

අද ආයතන කඩා හළනවා ඕනෑ කමින්. ඒවා පාඩුවෙන් කියා විකුණන්න හදනවා. සීටීබී එකත් වික්කා එදා. 77 දී කළ දේම තමයි මේ කරන්න හදන්නේ. ඉඩ දෙනවද? මුලින් පාඩුවෙන්න දෙනවා. ඉන් පසු ජාවාරම්කරුවන්ට දෙනවා.

අපරාධ වැඩි වෙලා. දැන් කියනවා කොටි හිටියානම් හොදයිලු. කොච්චිවලින් බස් වලින් උතුරට ගියා. අද යනවාද? නෑ.

නාගවිහාරෙ හාමුදුරුවො කියනවා මිනිස්සු අහනවලු එන්න පුළුවන්ද? දැන් කළබල නැද්ද කියලා. මේවා ගැන හිතන්න ඕනෑ.

දින සියයේ ආණ්ඩුවේ එකපොරොන්දුවක් තමයි ඖෂධ පනත. බේත් පෙත්තේ මිල අඩු වුණාද?

අද රෝහල් සේවය මර ඇඳේ. අපි කියන්න ඕනෑ රෝහල්වල ඇඳ යටයි. අපි මේ යුගය අවසන් කරනවා.

අනුරාධපුර, පොළොන්නරුවේ වකුගඩු රෝගය ගැන කිඹුල් කඳුල් හලන අය හැලූ කඳුළු එකතු කළා නම් මහවැලි ගඟ පුරවන්න තරම්.  වකුගඩු රෝගයට මොකද වෙලා තියෙන්නේ. බලයට එන එක විතරයි ඔවුන්ට ඕනෑ වුණේ.

ග්‍රාමීය සංවර්ධන වැඩ 58000ක් අතරමඟ නතර කරලා. මේවයේ ආදායම් ගියේ ගමට. ගමේ බාසුන්නැහෙට. ගමේ ගල් කඩන කෙනාට.

  මේ අය මේ දින සියය ඇතුළේ කළ දේට යූඇන්පී නායකයා වග කියන්න ඕනෑ. යූඇන්පී නායකයයි බැංකු අධිපතියි එකතු වලා කළ හොරකම ඔබ දන්නවා. එය මංකොල්ලයක් කියලයි මා කියන්නේ. දැනට මිලියන පනස් ගණනක් පාඩුයි නේද බංදුල? කෝටි හය දහසක් කොහොමද වැඩේ.

අධිවේගී මාර්ග දෙකක් තුනක් හදලා. වෙනස් කරනවා කියා වනසරගෙන රට අපි යහපත් මාර්ගයට ආයෙත් ගන්න ඕනෑ. අපි ජයග්‍රහණයෙන් වගේම පරාජයෙනුත් අත්දැකීම් ගන්නවා. පරාජයෙනුත් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. අලුතෙන් හිතන මිනිස්සු විදියටයි අපි දැන් ඔබ ළඟට එන්නේ. ජාත්‍යන්තර සබඳතා ගැන, ජාතීන් අතර සම්බන්ධතා ගොඩ නගර ආකාරය ගැන අලුතින් හිතනවා.

සියලු ආගමිකයන්ට ආගම් ඇදහීමේ අයිතිය දෙන්න අප සූදානම්. නෝම්බි අවසන් වන දිනයේ මා මේ කියන්නේ. ඔවුන්ට අපි සුභපතනවා. මේ රට වෙන් කරන්න හදන අන්තවාදීන්. අපේ කිසි කෙනෙක් නෑ අන්තවාදීන්. ජාතීන් අතර සම්බන්ධකම් හදන්න බාධා කළ උදවිය අද ඉන්නේ ඒ පැත්තේ.

ආර්ථිකය ගැන අපි අලුතෙන් හිතනවා. බටලන්ද වදකාගාරය හදන්න මුල් වුණු උදවියගේ සිට ප්‍රා කට්ටියත් ඔක්කොම එකට එකතු වෙලා.

ශිෂ්‍යාධාරය 7500ක් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා.

පුතේ දුවේ ඔබේ අනාගතය තියෙන්නේ අපේ අතේ. අපිත් එක්ක එන්න. රනිල්ගේ අතේ නොවෙයි.

විශ්ව විද්‍යාල කොල්ලොටික ගහලා හර ගෙවල්වල දාලා තිබ්බා. තරුණයන්ට සුරක්ෂිත අනාගතයක් අපි හදනවා කියන එක අපි ස්ථිරවම කියනවා.  ඉගෙන ගත් ළමයින්ට රස්සාව දෙන්න ඕනෑ. එය රජයේ යුතුකමක්.

රාජ්‍ය අංශය දුර්වල කිරීම රනිල්ගේ සදාකාලික ප්‍රතිපත්තිය. අද ලක්ෂ ගණනක් රස්සාවල් නැතිව ඉන්නවා. ලක්ෂ 15ක් පමණ රස්සාවල් මේ දින 100ට නැති වී තිබෙනවා. 60000ක් බන්දා ගැනීමේ වැඩ පිළිවෙළකට අපි යනවා.

අපි මේ කොත්තමල්ලි බජට් හදපු අය නොවෙයි. අපි ජනතාවට කොකා පෙන්නුවේ නෑ. මැතිවරණ කාලෙවත් පෙන්නුවේ නෑ. දැන් කොකා පෙන්වන්න හදනවා ජනතාව රවට්ටන්න. අපි හදුනගෙන තිබෙනවා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය. අපි ඒවායේ මිල අඩු කරනවා. අපට ඒවා කරන්න ශක්තිය තිබෙනවා.

රනිල්නම් හැමදාම දේශපාලන සටන මග අරිනවා. මුලින් කිව්වා මහින්දට නාමයෝජනා දෙන්න එපා කියා. එයා හිතුවා තනියම කරන්න පුළුවන් කියා. තානාපති කාර්යාලත් සහාය දුන්නා. නමුත් ප්‍රගතිශීලී නායකයන් එකතු වී ඒ කුමන්ත්‍රණය නැවැත්තුවා.

රනිල් කියනවා රාජපක්ෂවරුන් අතුගාලා දානවා, විනාශ කරනවා, වල දානවා කියා. හැබැයි එක දවසක් ප්‍රභාකරන්ට ඒ වචනෙ කිව්වද? හැබැයි ප්‍රභාකරනුත් කිව්වේ මහින්දව අතුගානවා, මහින්දව වළ දානවා කියා. ප්‍රභාකරන්ගේ උවමනාව දැන් මෙයාගේ උවමනාව වෙලාද?

අපි එක්සත්කම බිඳුණු හැම වෙලාවෙම රිදුනේ මේ රටේ ජනතාවට. මේ රටේ තරුණ ජීවිත හැට දහසක් නැති වුණේ අපේ අසමගිය නිසයි.

මම ශ්‍රීලනිපයට සම්බන්ධ වුණේ පනස් ගණන්වල ඉදන්. පක්ෂෙ සංවිධායකයෙක් වුණේ 68. 70 දි පාර්ලිමේන්තුවට තේරුණා. මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරද්දි දරුවෝ දාලා යනකොට අපි පක්ෂය රැක්කා.

අපි දන්නවා සමහරු මා වෙනුවෙන් එක කොළ කෑල්ලක් ගහන්න ශ්‍රීලනිප කාර්යාලය අරින්න බැරි නාක නායකයෝ ඉන්නවා.

නාමයෝජනා දුන්නට පස්සේ බොරු චෝදනා දමා මා අත්අඩංගුවට ගන්නත් හැදුවා එදා. මතක ඇති අගවිනිසුරුතුමාට.

ජනතාව මා සමග සිටින තුරු කිසිවකුගේ බොරු චෝදනාවන්ට උත්තර දෙන්න මා සූදානම් නෑ. ජනතාව ඊට උත්තර දෙයි. අපි පක්ෂය රැක්කා. පක්ෂය බාර ගත්තා.

තිස්සෙම අඩුපාඩු පමණක් හොයන උදවියට මේ මහ පොළොව දුන්නත් සෑහීමකට පත් වෙන්නේ නෑ. නමුත් කළගුණ දත් අය මව්බිමේ ඉන්නා බව මා දන්නවා. අපි මේ මාතෘභූමිය නැවතත් පණ ගන්වමු.

 

 

Untitled-1

Untitled-2 Untitled-3 Untitled-4 Untitled-5



අදහස් (0)

‘මහින්ද අපේ පූර්ණ බලැති අගමැති‘ - සරත් සිල්වා

සෙනෙවි Friday, 24 July 2015 12:37 AM

වටේ ඉන්න අය දිහා බැලුවහම පේනවා අපිට ආදරයෙන් රටට සේවය කරන්න ආ පිරිසක් බව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 542 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 634 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2064 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1553 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1495 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1733 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24713 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23342 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site