හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රීලනිපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා සකස් කරගෙන යතියි දේශපාලන ආරංචි කියයි.
හිටපු ජනපතිගේ හා වත්මන් ජනපතිගේ පිරිස් එකම ලැයිස්තුවකින් තරග කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා බිඳ වැටී ඇතැයි රාජපක්ෂ පිළේ ප්‍රකාශකයෙක් කියයි.
එකම ලැයිස්තුවකින් තරග කරන්නේ නම් හිටපු ඇමැති විමල් වීරවංශ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට නාමයෝජනා නොදීමේ කොන්දේසියක් ජනපතිගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති බවත්, ඊට හිටපු ජනපතිගේ පාර්ශ්වය විරුද්ධ වී ඇති බවත් එම ප්‍රකාශකයා පවසයි.
ඒ අනුව වෙනම ලැයිස්තුවකින් තරඟ කිරීමට සියයට 80කම ඉඩක් ඇතැයි ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනම ඇවිත් දිනන්න අමාරුයි. දැනටම එජාප ජයග්‍රහණය කර අවසන්ය. දෙවැනි බලවේගය වෙන්න පුළුවන්. චමල් රාජපක්ෂ මැතිතුමා සංධානයේ අගමැති අපේක්ෂක වුනොත් තෙවැනි බලවේගය තමා වෙන්නේ. (බ)
අහෝ දෙවියනි මහින්දට වෙන්න යන විපතක මහත (බ)
ෆාතිමා ඔයා කලුරෙද්දෙන් මුළු ඇගම වහගෙන ඇයි අනිත් අයගේ රෙදි ගැලවෙනකන් බලාගෙන ඉන්නේ (බ)
තිලක්-ඩුබායි !!! දැන් ඔය චෝදනා මාස ගණනක් තිස්සේ ඇදබාපු බොරු විතරක් වෙලා තියෙන්නේ!!! ඔප්පු කරන්න පුලුවන්ද ඔයාට? අනික දැන් ඉන්න තොත්ත බබාලා මහා බැංකුවෙන් ගහපු ගැහිල්ල ඔයාට පෙන්නේ නැද්ද? (බ)
අලුත් පක්ෂයේ ලකුණ සුදු වෑන් එකද ?(නදී)
මහින්ද දිනවිය යුතුයි. රනිල්-චන්ද්‍රිකා-අනුර නඩය ගෙදර යවමු.(ම)
මැතිතුමණි මොන පක්ෂයක්න් හරි එන්න. අපිට ජීවිතය දුන්න ඔබට අපි සදා ණය ගැතියි.
ජය වේවා.(හේ)
මහින්ද මහත්තයාට ආසන15ක් ගන්න පුළුවන්.(හේ)
ඔය තිලක් ඩුබායි ගේ ප්‍රතිචාර මම බලනවා කොයි වගේ මොඩෙල් එකක්ද කියල හිතාගන්න පුළුවනි
අනේ ඇයි තිලක්-ඩුබායි වගේ අය කොටි බෝම්බ වලට අහු වණේ නැත්තේ (අ)
මහින්ද අනාත කිරීමේ දෙවන පියවර විමල් විරවංශ විසින් දියත් කරන ලදී
වෙනත් ලකුණෙන් එනවා කියලා තමයි ආරංචි වුනේ. ඇත්තද දන්නේ නෑ. (බ)
එන්න තමයි බලගෙන ඉන්නේ . දෙන්නමේ ඡන්දේ (බ)
ලැජ්ජා නැතිකම ජනාධිපතිකමට වඩා ලොකුයි කියන්නේ මෙන්න මේවට.... (ම)
කුහක මිනිසුන්ට රට ගැන ආදරයක් නැත එවැනි මිනිසුන් මහින්ද මහතාට ගරහති. ඒ කුහක මිනිසුන්ට වටින්නේ රට පාවා දෙන ඒජන්තයින්වය.(ම)
රටත් ජාතියත් බේරාගත් එකම සිංහල බෞද්ධ නායකයාට ගරහන්න තරම් ඇස්ගෙඩි වලට හෙනගහලද සිහලුන්නේ'(හේ)
ඇයි, 56 දි වගේ මහජන එක්සත් පෙරමුණ? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මහින්ද මොන පක්ෂයකින් ආවත් අපි හැමදාමත් මහින්දටම තමයි (නි)
අපි මොන පක්ෂයකින් ආවත් ඔබ සමඟ ඉන්නවා (නි)
ඇත්තටම මහින්ද මහත්තයාට රටේ මිනිස්සු හරි ආදරෙයි.එහෙත් දැන් මොකද වෙන්නේ?මහින්ද මහත්තයා වෙනම ඉල්ලුවොත් වෙන්නේ නිදහස් පක්ෂය දෙකඩ වෙන එක.ඇත්තටම මහින්ද මහත්තයට වුණේ එතුමාගේ තිබුන වටිනාකම පිළිබඳව එතුමාටවත් ඒ වටේ සිටි අනෙක් අයටවත් නොතේරුන එක. ඒකයි ඔය විනාශ වුණේ.ඇත්තටම ඔබතුමා තමන්ගේ ආත්ම ගෞරවයත් රැකගෙන පාඩුවේ හිටියා නම් හරිම හොඳයි.ඒක තේරනවිට ගොඩක් කල්යයි.අනික තමා අපේ රටේ ඉන්න මිනිසුන්ට කවදා දේශපාලන දැනීම ඇතිවේද කියලා හිතන්න අමාරුයි.ඇයි අපි පුද්ගලයො බදාගෙන ඉන්නේ?රටට යහපතක් කරන යහපත ගැන කතා කරන අයෙකුට තමන්ගේ ඡන්දයක් දෙන්න බැරි ඇයි? (නි)
වැරදි තිබුනත් මහින්ද මහතාට සමකල හැකි පෞරුෂත්වයක් ඇති නායකයෙක් මෑත ඉතිහාසයේ දකින්න නැහැ (හේ)
මහින්දට පක්ෂ තිබුණත් එකයි නැතත් එකයි ජනතාව ඉන්නවා එතුමාට (ම)
සමස්ථ ජාතියේ ම යහපත පිණිස කුමන හෝ පක්ෂයකින් නැවතත් මහින්ද රාජපක්ෂ මැතිදුන් පාලනයට ආ යුතුයි එසේ නොවුනහොත් ජාතියේ මළගම වැඩි ඈතක නොවේ (බ)
අවුරුදු දෙකකට කලින් ජනපති කමත් දීලා ඊට පස්සේ පක්ෂයත් දීලා දැන් ඉතින් දගලනවා. (ම)
ජාතියේ අසහාය නායකයා ඔබයි . පසුගිය මාස හයට ඒ බව ඔප්පු වී හමාරයි .අපේ පණ්ඩිතයන් උඩ පැන පත් කර ගත් නායකයින් කරන දෙයක් නැති බව ඔප්පු කර හමාරයි (ම)
අලුත් පක්ෂයේ හෝ සන්ධානයේ ලකුණ හැටියට " සුදු වැන්" හෝ " අලි බබා" සුදුසු බව තමයි කියන්න තියෙන්නේ. (බ)
අලුත් පක්ෂයකින් අවොත් ජ.නි.පෙ. රෙදි ගැලවෙන හැටි බලන්න පුළුවන්. (බ)
ඕනෑම පක්ෂයකින් ආවත් මහින්ද මහත්තයා දිනනවා (ම)
අමතක කරන්න එපා ලක්ෂ 58 තාමත් එතුමා සමඟ බව.පහුගිය මාස හයේ එතුමාට තවත් ඡන්ද වැඩි වුණා.(ම)
අපිට ඕවා ගණන් ගත යුතු දෙවල් නෙමේ. පැරදුනා නම් දිනපු මිනිහාට සහයෝගය දිය යුතුයි. චෝදනා ඇති කිසිවෙකුට නාම යෝජනා කිසිම පක්ෂයකින් නොදිය යුතුයි. (ම)
කුමුදු කියන්නේ මොන ජාතියද? හිටපු ජනපති කිවේ රටේ ඉන්නේ ජාතින් 2යි. රටට ආදරේ සහ රටට ආදරේ නොකරන කියල.(ම)
අහෝ දෙවියනි මහින්දට වෙන්න යන විපතක මහත (ම)
ඕනෑම අලුත් පක්ෂයක් පටන් ගත්තගමන් පොඩි ගැම්මක් එක්ක දුවනවා ඊට පස්සේ තිබුණු තැනක් වත් නැතිවෙනවා (බ)
ගමක ග්‍රාම සේවක තනතුරක්වත් දෙන්න නම් හීනෙකින්වත් හිතන්න එපා. ගමම විකුනන් කාවි (නදී)
පසුගිය අවරුදු 10 ට කාපු කෑම මදිද ? (නදී)
ජයවේවා! (නදී)
රට නැවතත් ඒ කාලකන්නි යුගයට ගිනියන්න ඉඩ දෙන්න එපා. (නදී)
අනේ එන්නකෝ අපි හරි ආසයි (නදී)
ඔන්න ඩුබායි තිලක්ට මහින්ද කුලප්පුව හැදිලා. මහින්දට ජන බලයක් නැත්නම් කව්රුත් ඡන්දෙ දෙන්නෙත් නැත්නම් ඔය හැටි බුරන්නේ මොකටද ? (නදී)
තිලක් මහතාණෙනි, 30 වසරක යුද්දය නිම කිරීම කාලකන්නි වැඩක්ද ? (නදී)
රටක් ආදරය කල, රටට නිදහස දිනා දීමට පුරෝගාමීව සේවය කල, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙවන් තත්වයකට වැටීම ගැන කනගාටුයි. දැන් එතුමාටත් අවුරුදු 70 පැනලා, චන්ද්‍රිකා නෝනටත් දැන් 70 පැනලා. මේ මිනිස්සු අමරණීය මිනිස්සුද?. අලුත් මිනිස්සු ටිකකට රට කරවන්න දීල මෙයාල පැත්තකට වෙන එක නේද මේ වෙලාවේ කල යුත්තේ?. මහින්ද මහත්තය නැතිනම්, රටටත් ,කෝටි දෙකක ජනතාවටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් , යන එන මන් නැති වෙනවද?. (නදී)
තණ්හාය ජායති සෝකෝ (නදී)
විශ්ව විද්‍යාලවල ඉදලා පාසල් දක්වා දරුවන්ට බලහත් කාරයෙන් දුන්නු හමුදා පුහුණුව අමතක කරන්න එපා.එහෙව් ඒකාධිපතියෙක් නැවත ඕනෙම නැහැ.(ම)