(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රේය කුල්කර්ණි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අතර සුහද හමුවක් කොළඹදී පැවැත්විණි.

එහිදී දෙරට අතර නව ද්වි පාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා සිදුව තිබේ.

පසුගිය වසරේ  රට මුහුණ දුන් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ ඉන්දීය රජය ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ඉන්දියාවට ස්තුතිය පළ කර ඇත.