(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ගම්පහ මහේස්ත්‍රාත්වරයා මාරු කිරීමේ වගකීම අධිකරණ අමාත්‍යාංශයට පටවන්න   එපා  යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ  හර්ෂණ  නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (26)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ  විවාදයේදීය

හර්ෂණ  නානායක්කාර මහතා මෙසේද කීය.

ඒ  තීරණය ගත්තේ    අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් . අධිකරණ සේවා  කොමිසම  අධිකරණ අමාත්‍යාංශයේ කෑල්ලක් නොවෙයි.   කොමිසම තීන්දු ගන්නේ ස්වාධීන ලෙස . ඒ වගේම  ඕනම කෙනෙකුට ඒ කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්. පොලිස්පතිතුමා පැමිණිලි කරලා තියෙන්නේ ඒ අනුව. 

ඒ කට්ටිය තමයි සියල්ල  තීරණය කරන්නේ, ඔහු ඉවත් කරනවද නැද්ද විමර්ශන කරනවද කියන එක.   ඒක අධිකරණ අමාත්‍යාංශය  පිට  දාන්න එපා.