
(අංජුල මහික වීරරත්න)
CORDELIA EMPRESS මගී නෞකාව කොළඹ වරායට අද පමිණියේය.
මෙම නෞකාවේ පැමිණි සංචාරක මගීන් සංඛ්‍යාව 1600කි. කාර්ය මණ්ඩලය 588 දෙනෙකුගෙන් සමන්විතයි.
එම ලංකාවේ සිටි සංචාරකයන් 1800 දෙනෙක් කොළඹ නගරය, පින්නවල අලි අනාථාගාරය සහ ගාල්ල යන ප්‍රදේශයන්හි සංචාරය සඳහා අද පිටත්ව ගියහ.
මෙම සංචාරකයින්ගෙන් 90% ක්ම ඉන්දීය ජාතිකයින් වේ. මෙම නෞකාව ප්‍රධාන වශයෙන් ඉන්දියානු සහ අකුණු ආසියානු සංචාරක වෙළදපොළ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන අතර ඉන්දියාව තුළ දේශීය නාවික සංචාර මෙන්ම කලාපීය ජාත්‍යාන්තර සංචාරද සිදු කරනු ලබයි.
මීටර් 210 දිගැති මෙම නෞකාවේ මහල් 11 ක වපසරියක මගී කාමර 796 ක් තිබේ.
2026-2027 සංචාරක සෘතුවේ තවත් සංචාරක ගමන් වාර තුනක් සඳහා ලබන දෙසැම්බර් මස 17,24,31 දිනවල දී මෙම මගී නෞකාව කොළඹ වරායට පැමිණීමට නියමිතයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd