ජනාධිපතිවරයා කුමරන් පද්මනාදන් වැළඳ ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපය ව්‍යාජ එකක් බවත්, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සමඟ ගත් ඡායාරූපයක් වෙනස් කර එය නිර්මාණය කර ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අද මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
ජනපතිවරයා කුමරන් පද්මනාදන් කිසි දිනක සිප වැළඳගෙන නැතැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැළඳගත්තත් මොකද? ඒවා තම තමන්ගේ පුද්ගලික කැමැත්ත අකමැත්ත මත හිතවත්කම පෙන්වන්න සිද්ධවෙන දේවල්. කාටවත් මොකක්ද ඒ ගැන තියෙන ප්‍රශ්නේ? (නි)
මේ ෆොටෝ එක ඉන්ටෙර්නෙට් එකේ අවුරුදු 3-4 කට කලින් තිබුනේ. කේ.පී කියල සර්ච් කලාම එන්නේ ඕක තමා. (නදී)
අනේ ඉන්දික මහත්තයෝ, කුරුවිට මහත්තයෝ මම රස්සාවක් කරනවා. පඩියකුත් ගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ගිය අවරුදු 5ත බඩු මිල දෙගුණ වෙලා. පඩිය දෙගුණ තියා අරුක්කාලක්වත් වැඩිවෙලා නැහැ. පරිගණකය කියන්නේ සුකෝපබෝගී භාණ්ඩයක් නෙමෙයි. දරුවෝ දෙදෙනෙකුගේ වියදමුයි, දෙමව්පියන්ගේ බෙහෙත් හේත් වලටයි බිල් ටික ගෙවලා කෑම වලට ගියහම ජීවත් වෙන්න හරිම අමාරුයි. අපිට දේශපාලනය වැඩක් නැහැ. හැබැයි දැන් ජීවත්වෙන්න හොදටම අමාරු බව නොකියාම බැහැ. (නදී)
මෛත්‍රීපාල මහත්තයා මොනවද මේ රටට කළේ. අාණ්ඩුවේ ඉන්නකොට එයාගේ පාලනයේ තිබුන අමාතයංශ ටිකවත් හරියට පාලනය කරගන්න බැරුව ගියා (නදී)
මොනවා කරත් එකක් එඩිට් කරන්ට අමතක වෙලා. දකුණු අත හැදුවට වම අත ගැන ඒ තරම් ඔලුවට ගිහින් නැහැනේ. අනේ පව්, වම ලෙස්ටර් මාස්ටර්ගේ. දකුණ මහතයි. වම කෙට්ටුම කෙට්ටුයි. ඔයාල එ්ක දැක්කේ නැද්ද. (නදී)
අනේ මන්දා! අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
කේ.පී., කරුණලා, පිල්ලෙයාන්ලා දැන් කොහේද ඉන්නේ? (නි)
හිතවත්කම පෙන්වන්න වැළඳගන්න එක සාමාන්‍ය සිරිතක්. ඕකට ඔච්චර කලබල වෙන්නේ මොකද? මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔය වේදිකාවල කේ.පී. ගැන කියන කිසිම කතාවක් මම නම් පිළිගන්නේ නැහැ (නි)
කවුරු මේක එඩිට් කළත් ඉදිරිපත් කළේ චම්පික. ඒ නිසා ඔහු මෙයට වගකිවයුතුයි.මේ වගේ 'වීරයෝ' සිංහයෝ කියලා හිතාගෙන හිටිය මටම මම කවදාවත් සමාව දෙන්නේ නැහැ.මට මා ගැන හරිම ලැජ්ජයි. (නි)
මේවා ජ්‍යාත්‍යන්තර අධිකරණයකින් ඇසිය යුතු අවනඩු වගෙනේ දැන් බලාගෙන යනකොට (නි)
ගොඩක් අය අද කාලේ රට ගැන හිතන්නේ නැහැ (නි)
මෙතන දාල තියෙන සමහර කමෙන්ට් දැක්කහම දුක හිතෙනවා. මාධ්‍ය හමුවකදී සමාන ඡායාරූප දෙකක් පෙන්නලා මේක එඩිට් කරලා අරක හදලා තියෙනවා කිව්ව පමණින් ඒ කතාව පිළිගන්න තරම් ඔය අය මෝඩද ? ඒක එඩිට් කරපු එකක්ද නැත්ද කියල දැනගන්න සොෆ්ට්වෙයාර් එකකින් ඒ ඡායාරූප වල සොෆ්ට් කොෆීස් විශ්ලේෂණය කලයුතුය. කෝ ඒ විශ්ලේෂණ වාර්තා? අනික ඔය ඡායාරුපය, කේ.පී ව ජනාධිපති තුමා උතුරේදී හමුවූ පසු ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එකක් නේද ? (නදී)
මේ එකක් පමණයි. ලැජ්ජයි. අපි හිතුවේ පාඨලී කියන්නේ මහත්මයෙක් කියලා. සිංහල ජාතියට ලැබුණු දායාදයක් කියලා. (නි)
කේ.පී ට දඩුවම් නොකර ඉන්නේ ඇයි ? (නදී)
අනේ අාලපාලු (නදී)
කේපී එක්ක ඉන්න අනිත් ඡායාරූප දැක්කහම වැළඳගත්තේ නැහැ කියලා ස්ථිරවම කියන්න පුලුවන්ද? (නි)
ජයවර්ධන මහත්තයා හරියට හරි. චාමික මහත්තයට ජයවේවා ! (නදී)
ජයවර්දන, ඔයාගේ ඔලුව අතගාලා බලන්න අං ඇවිල්ලද කියලා. ඡායාරූප දෙකේ පසුබිම බලන්න (නි)
ඇයි අපි තවත් මොඩයෝ වෙන්නේ? (නි)
මෙහෙම බොරුවක් කරලා නම් දඬුවම් දියයුතුමයි. මේක අපහාසයක් (නි)
පාඨලී චම්පික කියන්නේ කවුද කියලා අපි දැනගත්තා (නි)
සන්දානයෙන් කේ පි ගේ මුණට , ලෙස්ටර් ජේම්ස් පිරිස් ගේ මුණ දාලා. මෙයා බේරෙන්න කතාව. තාක්ෂනය දියුණු කම තමා (නදී)
දැන් බලාගෙන යනකොට අපි අහන් හිටපු හැමදේම එඩිට් කරපුවද දන්නේ නෑ. (නදී)
මේකද මේ අයගේ යහපාලනය කියන්නේ? ඡන්ද ගන්න ඔය වගේ නීච වැඩ කරන්න එපා. (නි)
බණ්ඩාර මහතාණනි, කේ.පි ට අන්සභාගය ද එක අතක් ලොකු මොකද? හොඳට බලන්න වෙනස වැටහේ.(හේ)
සෙක්ස් පින්තූරයක් එකක් කොහොමද හිටීද?(හේ)
මෙතන අදහස් දිහා දැක්කහම හිනහත් යනවා.මිනිසුනේ, අන්තර්ජාලයට ගිහිල්ලා බලන්නකෝ කේ.පි.රජයේ පාලකයන් සමග සිටිනා පින්තුර කොච්චර තියෙනවාද ? දැන් ඔබතුමන්ලා කියන්නේ ඒවත් බොරු පින්තුර කියලද ? මෙතන ඉන්න පාඨකයෝ වෙනත් වෙබ් පිටු බලන්නේ නැද්ද ? මේවට කියන්න,මට පැරණි සිංහල ප්‍රස්තා පිරුළුත් මතක් වෙනවා.අනේද කියන්නේ......(බ)
මම දැක්ක සුමිත්‍රා පීරිස් මහත්මිය මේ ගැන කනගාටුවෙන් ප්‍රකාශයක් කරනවා. දැන් බලපුවහම යහපාලනේ ගැනත් අපට තියෙන්නේ සැකයක්ම තමා. මිනිසුන් ඉල්ලන වෙනසත් මේකනම් ඉතින් අනේ අපේ රටට යන කල දසාව ගැන මොන කතාද? (නදී)
එතකොට ආණ්ඩුවේ ඉන්න එකත් බොරුද? (නි)
මේ ජනපති වාගේ වෙන කවුරුවත් මේ රට ගොඩගන්න යමක් කරලා නැහැ. ඉතින් වරදක් පෙන්වන්න නැති නිසා ඕවා තමයි කරන්න තියෙන්නේ. බැන්නොත් බනින්නේ පවුල් දේශපාලනයයි දුෂිත දේශපාලනයයි ගැන කියලා. ඇයි මෙතෙක්කල් හිටිය අය හරි පිරිසිදුව වැඩ කළාද? ඇයි ඉතින් මේ කොහොමහරි කරන කෙනාට පහර දෙන්නේ?අපේ මිනිසුන්ගේ ඇස් ඇරෙනකොට පෙරහැර ගිහිල්ලා. අනේ ජනාධිපතිතුමනි, බාධා මැදවුවද ඔබට ඔය කරන වැඩපිළිවෙල දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා! (නි)
බොහෝ දේ මේ තාක්කල් සිදුව ඇත්තේ නිර්මාණ ලෙස බව අපි සියලු දෙනාම තේරුම්ගත යුතුය (නි)
මේ වැරැද්ද කළ අයට දියයුතු දඬුවම මොකක්ද? මේකෙන් මොනතරම් නම් හිත වේදනාවක් අර ජාතියේ සම්පතක් වන ලෙස්ටර් මහතාට ඇති වුණාද? මේ අයද යහපාලනයක් ඇතිකරන්න යන්නේ? (නි)
මෛත්‍රීට තමා ඡන්දෙ නම් දෙන්නෙ. ඒත් චම්පික කියපු කතාව බොරුලු නේද? (නි)
මම හිතන්නේ චම්පික මහත්තයාම තමයි ඕකට උත්තර දෙන්නත් ඕනෑ.
කරුණාකර මහජනතාව ඉදිරියේ සමාව අයදින්න. ඉන් අනතුරුව වහාම ඉල්ලා අස්වෙන්න. පාඨලි කෙරෙහි අපිට තිබු විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳුනා. (නි)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
මේ කියන්නේ ඇත්තමද? (නි)
සුසිල් මහත්තයා කියන්නේ වැදගත් මනුස්සයෙක්. අද ඒ මහත්තයා ගැනත් අපිට හිතන්න යමක් ඉතුරුවෙලා (නි)
චම්පික, ඔහොම කතා කරන්න එපා. ලෙස්ටර් උතුම් මිනිසෙක්. ඔබ ජාතියෙන් සමාව ගතයුතුයි. ඔහොම කළොත් හෙට පිවිතුරු වේද? (නි)
චම්පික මහතාණෙනි, ඔබතුමා ගැන අපිට හරිම ලැජ්ජයි. ඒ වගේම අපිට කළකිරීමක් තමයි ඇතිවෙලා තිබෙන්නේ හෙළ උරුමය ගැන. කෝ ඔබගේ මහත්මා ගති?? අපි වෙනුවෙන් හඬනැඟූ හෙළ උරුමයට අද මොකද වෙලා තියෙන්නේ? ඇයි මේ එක එක්කෙනාගේ රූකඩ වෙලා? (නි)
මෙය ඇත්තක් නොවේ නම් මේවා හෙලා දැකිය යුතුය (නදී)
මේ ෆොටෝ එක ගොඩක් කල් ඉදල වෙබ් අඩවි වල තිබුන එකක්. (ර)
හරි මේක එහෙම නම් කේ පි කොහෙද ඉන්නේ මහත්තයෝ (නදී)
අපිට තියෙන ප්‍රශ්නය මේක නෙමෙයි. එදා වේල පිරිමහගන්නේ කොහොමද, බෙහෙත් ටික ගන්නේ කොහොමද කියන එක. (නි)
චම්පික මහත්තයෝ, ඔබතුමාත් අර දේශපාලන නරාවළටම වැටුනා නේද? (නි)
එහෙත් දැනට කේ.පී. ඉන්නේ කොහෙද ? මේ ගැන කණගාටු වෙන අය ඒ ගැනත් හිතන්න (නි)
ඩෙරික් හිතාගෙන ඉන්නේ මහත්මා ගතිය කියන්නේ මොකක් කියලද? අනික ඔය ෆොටෝ එක කවුද එඩිට් කළේ කියලා කවුද දන්නේ? (නි)
දම්මිකට එදා වේල පිරිමහන්න විදියක් නැතිලු. ඔයාගේ දුප්පත්කම මෙතැනින්ම පේනවා (නි)
දම්මික, ඔයාගේ පරිගණකය විකුණලා ඒකෙන්වත් ජීවත්වෙන්න බලන්න. එහෙම නැත්නම් මේවගේ අදහස් දදා ඉන්නේ නැතුව මොනවාහරි කරලා කීයක්හරි හම්බ කරගන්න බලන්න. ඔයා මෙතන කියව කියවා ඉන්නකොට වෙන අය ඔයා වෙනුවෙන් හම්බ කරන්නේ නැහැ! (නි)
දැන් වෙන දේවල් ගැන හිතාගන්නත් අමාරුයි (නි)
සමහර දේශපාලකයන්ගේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් (නි)
සුසිල් මහත්තයෝ එතකොට කේපී ට අධි සුඛෝපබෝගී ජීවිතයක් ගතකරන්න අවස්ථාව දීල තියෙන්නේ කව්ද? මහින්ද මහත්තය නෙමෙයිද? එ්ක වැළදගැනීමට වඩා පහත් වැඩක් නේද? (බ)
ලෙස්ටර් ජේම්ස් මහත්තයට කොහෙද මේක අපහාසයක් වෙන්නේ (නදී)
කේ.පී ට දඩුවම් නොකර ඉන්නේ ඇයි? කේ.පී මහත්තයගේ රජයේ තනතුර මොකක්ද ? (නදී)