IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මහින්ද කැලණිය වැඳපුදා ගනී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කැලණිය රජමහා විහාරයට ගොස් වැඳපුදා ගත්තේය.

එහිදී  බෝධි පූජාවක්ද පැවැත්වීය.  කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අග්ගමහාපණ්ඩිත , කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කර රාජපක්ෂ මහතාට ආශිර්වාද කළේය. 

ලාල් එස් කුමාර



අදහස් (27)

මහින්ද කැලණිය වැඳපුදා ගනී

Prabha Friday, 29 September 2023 10:16 PM

මොකද මේ හදිස්සියේම පන්සල් ගානේ යන්න ගත්තේ? සිග්නල් එක ඇවිල්ලද?

:       1       16

C.K.lankaputhra Friday, 29 September 2023 10:20 PM

නාග ලෝකයෙන් ආපු නාග රාජයා ඇවිල්ලා හිටියද?

:       1       15

Nandalal DE SILVA - France Friday, 29 September 2023 10:34 PM

පව් අනේ..! දෙකට නැමෙන්නත් කවුරුහරි අල්ලාගන්න වෙනවා. දැන් යන තැනකට ගමන් වියදම් හොයාගන්න සිහිපත් වෙලා වගේ...!

:       1       16

ගුණවතී - තංගල්ල Saturday, 30 September 2023 06:59 PM

බලය තිබුණු කාලේ ගෑනු කීදෙනෙක්ව බලෙන්ම ඔය වගේ දෙකට නමන්න ඇතිද? දුප්පත්කම නිසාම දෙකට නැමුණු අයගේ මුවින් නැගුණු ශාප අද මොහු කරා ඇවිදින්...

:       0       6

විජිත් Friday, 29 September 2023 10:54 PM

ගිය සැරේ මෝඩ බයියන්ව පිස්සු වට්ටපු "නයා" ළඟදීම එයි' කියලා හිතාගෙන ඉන්නවා නම්... ඒ බොරු !!! දැන් කියන්න තියෙන්නේ " ළඟ ළඟ එයි මරු - .. අරගෙන යන්න - අවීචියට " කියලයි. බුදුදහම අනුව " මිනිසෙක් "වෙලා උපදින්නට බොහෝ කුසල් එක්රැස් කොට තිබිය යුතුයි. මිනිස් බව ලැබුණු පසු, තම බලය, ධනය, වැඩිකරගැනීමට නොයෙකුත් දුෂ් චරිතත් සමග එකතුවී අසීමිතව පව් කරනවිට.. තමන්ගේ අවසානය මේ වගේ වේ යයි කවදාවත් මයිනා හිතන්නට නැත. දැන් හොරා කාපු ධනයෙන් වැඩක් නැත. බලයෙන්ද වැඩක් නැත. ඒ එකකින්වත් ඔහුගේ ඉරණම් ගමන ආපසු හරවන්නට නොහැකිය. අද ඔහුට ඉතිරි වී ඇත්තේ "පසුතැවීම" පමණයි. මෙය බලන ආදරණිය ඔබත්, මමත් අමතක නොකළයුතු එක දෙයක් ඇත. ඒ.. ජීවිත ගමනේ අවසානයේ " පසුතැවීමක්" ඇතිනොවන ආකාරයට ජීවත්වීමයි.

:       0       25

ගමේ එකාලාSaturday, 30 September 2023 05:54 PM

සහතික ඇත්ත. අවසානයේ අපි ගෙනයන දෙයක් නැත. ජීවිතය අනියතය මරණය නියතයි....

:       0       12

Achini Friday, 29 September 2023 10:58 PM

නාග ලෝකයෙන් නාගයා එහෙම ආවේ නැතෙයි...?

:       1       13

J Wickrama Friday, 29 September 2023 11:23 PM

යෑමට නියමිත හිටපු ජනාධිපතිතුමා මීළඟට ඉපදීමට ඇති තැන ගැන නොකියමි. එහෙත් ඔහුගේ අවසන් හුස්මට පෙර ඔහු වෙසෙන නිවසේ බටහිර දෙසින් කළු පැහැති නාගයකු මතු වී ඔහුගේ නිවස හරහා යනු ඇත.

:       1       10

Ranjit Friday, 29 September 2023 11:48 PM

මොකද අප්පා මේ හිටිහැටියේ ආයෙත් පන්සල් යන්න පටන් ගත්තේ? බලයේ හිටිය කාලයේ වගේ සියලු ලෙඩ රෝග සුවකරවා ගන්න බලාපොරොත්තුවෙන් බරට බරක් රත්තරන් පූජා කරන්න ශ්‍රී ලන්කන් යානයක්ම අරගෙන තිරුපති යන්න අවසර නැතුවා වත්ද...?

:       1       14

Saman Saturday, 30 September 2023 12:18 AM

ආයේ ගේමකට අරඅඳිනවා වගේ ලොක්කා...!

:       1       11

නයි පැටිය Saturday, 30 September 2023 12:20 AM

විශාල සද්දයක් ඇහුනේ ඒක තමයි.

:       0       12

janis Saturday, 30 September 2023 02:28 AM

මයිනා ඡන්දේ ළංවෙනකොට බොරුවට පන්සල් යනවා. දැන් මේ හාමුදුරුවන්ට මේ පාරත් අර නාගයා මතුවෙන කියන්න වේවී...!

:       1       10

ගමේ එකාලා Saturday, 30 September 2023 03:29 AM

උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ. මේ දවස්වල පන්සල් ගානේ යනවා වැඩිද මන්දා...?

:       3       6

විජිත් Saturday, 30 September 2023 04:57 AM

"උපන්දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ " කියලා කියනවානේ. පව් කරලා ,කරලා ...අන්තිමට කැලණියට ඇවිත් " පින් " රිචාර්ජ් කරන්න හදනවා වගෙයි ...හැබැයි.., කරපු පව්වල හැටියට වරක් නොවෙයි මිලියන වාරයක් වැන්දත් ඒ පව් අහෝසි වෙන්නේ නැහැ. දැන් ඉතින්. කුම්බලා මාළු කෑවා නම් - විඳවපන් බළලෝ (මයිනෝ) කියලා කියමු.

:       1       19

Ranjan Saturday, 30 September 2023 05:00 AM

මේවගේ ගෝලයෙක් අල්ලාගෙන ඇවිදින මළමිනී තව කීයක් දියවන්නාවේ මහළු මඩමේ තියෙනවාද?

:       0       10

sunil Saturday, 30 September 2023 05:04 AM

වීසා ඇවීල්ලාලු, නමුත් යන්න අදිමදි කරනවලු. එහෙම කියලා කොහොමද? අපායේ ලෝදිය හැලිය රෙඩිලු...

:       0       9

sudharshana rathnayaka Saturday, 30 September 2023 06:02 AM

යන්න කිට්ටුවෙලා නාගයා ළඟට ඇවිත් යන්න ඇවිල්ලා. පාස්කුවේ ප්‍රතිඵල භුක්ති විඳින්නත් ඉන්න පාටක් නැහැ වගේ...

:       1       9

Sharm Saturday, 30 September 2023 07:51 AM

ඉහත රූපයෙන් පෙනී යන්නේ... වැන්දා කෙසේ වෙතත් වැන්දෙව්ව හැටි තමයි.. කියලා හිතුනේ මට විතරද? රටටම කෙප්ප ඇදබාලා ඇදබාලා දැන් සත්‍යයට ඔරොත්තු දෙන්නේ නැතිවෙලා.. වයස්ගත වීම, රෝගීවීම කාටත් පොදු ධර්මතාවයන්... බල තණ්හාව සහ කළකම් ඵල දෙනවාට තියන බයට ලෝකෙට පරකාසේ වෙනකොට තමන් විහිලුවට ලක්වෙනවා කියලා තේරුම් කරලා දෙන්න ඔතන උකුණු ඔලුවක් තරමේ මොලයකුත් ඇති එකෙක් වත් නැද්ද? ගෞරවය කියන්නේ තමන් උපයාගෙන තමන්ම පවත්වා ගත යුතු දෙයක්, අනුන් ලවා බලෙන් පවත්වාගෙන ලොකුකම් පාන්න ගියාම අර ගෞරවයට වෙච්චි දෙයක් නැති වෙනවා.. හාමුදුරුවනේ මෙයාට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?

:       1       9

මැක්ස් Saturday, 30 September 2023 08:01 AM

කුහක හදවත් තුළ කෙසේවෙතත් කළගුණ දත් හදවත්වල සදානුස්මරණීය ලෙස ජීවත් වන නායකයාණෙනි, ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා..!

:       21       10

Malika Saturday, 30 September 2023 08:35 AM

හොඳයි හොඳයි. තව නයෙක් ළඟකඳීම මතුවෙයි වගේ. මේ නායක හාමුදුරුවෝ නයි සෙල්ලම් දාන්න ප්‍රකට බව තව ස්වාමීන් වහන්සේ නමක් ප්‍රසිද්ධියේ වරක් කීවා...!

:       1       12

සල්ලි Saturday, 30 September 2023 09:20 AM

මම තාම ප්ලාස්ටික් බෝතලේ..., මාවත් බලන්න එන්න..., මීට සද්දයක් දාගෙන ගඟෙන් මතු ඌ නයි පැටියා...

:       0       9

Kumara Saturday, 30 September 2023 09:48 AM

වරක් නෙවෙයි දහස් වරක් කැළණිය වැන්දත් රට කාබාසිනියා කළ පව නම් ගෙවා ඉවර කරන්න බැරිවෙයි...

:       0       13

ලුම්බිණි Saturday, 30 September 2023 11:06 AM

කවදත් ගියේ හැමතැන මල් පුදමින් වැඳගත් ගමන්.. උන්නයි සැප විඳිමින්නේ... අරගලයටත් බැරි වුනාදෝ එළවන්න... හැමදාමත් හැකිද අල්ලාගෙන ඉන්න?

:       1       6

සිල්වා Saturday, 30 September 2023 11:16 AM

ආයෙත් නයා සතුවෙයිද?

:       1       8

Siri Saturday, 30 September 2023 05:22 PM

විශාල සද්දයක් ඇහුණා. හොඳ වෙලාවට ආරක්ෂකයා පිට කොන්දෙන් අල්ලාගෙන හිටියේ. නැත්තන් මූණ මල්වට්ටියේ තමයි ඉතින්...

:       0       6

chandima Sunday, 01 October 2023 04:59 AM

චක්ගුඩු පාරක් දාන්න වගේ යන්නේ මීළඟ ඡන්දෙදී... උඩ බලන් උන්නොත් පුත් කුමාරයාට උරුමෙ නැතිව යනවනේ..? බයවෙන්න දෙයක් නැහැ. ඔටුන්න ගන්න දඟලන කිසිකෙනෙකුට ඒක ගත්තත් දීලා යන්න කෙනෙක් නැහැ.

:       0       1

Kazi Shajahan Sunday, 01 October 2023 09:03 AM

එදා කරපු දේවල් වලට අපේ නායක හාමුදුරුවන්ට නිවනක් නැහැ කවදාවත්...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1716 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1041 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 320 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 435 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 194 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 135 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40008 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25948 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 231 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 404 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1305 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site