හිටපු ජනපති මහින්ද රාඡපක්ෂ මහතා නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දේශපාලනයට ගෙන ඒමට හා එම පක්ෂයන්ම අගමැති වශයෙන් ඉදිරිපත් කිරිම සඳහා උඩුනුවර ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී සරත් පාලිත සමරවික්‍රම මහතා ගෙන ආ යෝජනාව සභාපති බන්දුල සෙනවිරත්න මහතා ඉවත දැමීය.
එම අවස්ථාවේදි යෝජනාව ගෙන ආ මන්ත්‍රීවරයා හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර විවාදාත්මක අවස්ථාවක් උදාවිය.
ඔහුගේ තවත් යෝජනාවක් වූයේ මධ්‍යම පළාත් මහ ඇමැතිට සහය පළ කරමින් ඔහු ප්‍රධාන අමාත්‍ය ධූරයේ එලෙසම තබා ගන්නා ලෙසය.
උඩුනුවර ප්‍රාදේශිය සභා සභාපති බන්දුල සෙනවිරත්න මහතා එම පළමුවැනි යෝජනාව සභාවට ඉදිරිපත් නොකරන ලෙසත් එසේ වුවහොත් උඩුනුවර ප්‍රදේශිය සභාවේ විපක්ෂයේ එය පරාජය කිරීමේ සුදානමක් පවතින බවත් වත්මන් රජයට සහාය පළකිරීමට පළාත් සභාවේ සංධානයේ සංවිධායක ඇතුළු සියලුම දෙනා සහාය දක්වන අවස්ථාවේදි මෙවන් යෝජනාවක් ගෙන ඒම මගින් ගැටළුකාරි තත්වයක් ඇතිවිය හැකි බවත් පැවසිය.
යෝජනාව ගෙන ආ සරත් පාලිත සමරවික්‍රම මහතා හිටපු ජනපති වසර 30 ක යුද්ධය නැති කළ බවත් එතුමා නැත්තම් මේ ප්‍රදේශිය සභාවත් නැති බවත් මෙම යෝජනාව සභාවට නොගන්නේනම් මා හට දින 7 ට කලින්වත් නොදැන්වුයේ මන්දැයි යනුවෙන්ද සභාපති වරයාගෙන් විමසීය. එක්සත් ඡාතික පක්ෂයේ සංඛ මන්ත්‍රිවරයා නැගිට සභාපති වරයා විසින් සභාවට නොගෙනෙන්නට ගෙන ආ යෝජනාව නොතකා මෙම මන්ත්‍රිවරයා කතා කරන්නේනම් සභාවේ ගරුත්වයක් නැති බවද ප්‍රකාශ කළේය.
තමාගේ යෝජනාව ඉවත දැමු නිසා එයට හේතුව ලිඛිතව තමාට දැනුම් දෙන ලෙස සභාපතිවරයාගෙන් එම මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හම්බ කලා ඇති නේද? පරණ කට්ටියම ගෙදර ඇරලා අලුත් ,විනය ගරුක මහත්වරු පත් කර ගනිමු.(හේ)
වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා කියන්නේ ඕකට තමයි. (නි)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ප්‍රාදේශිය සභාවලට වෙන වැඩ නැද්ද අ ගම් පළාත් වල ? (ත)
ඔන්න ඉතින් දැන් කාලෙකට පස්සේ සමහරුන්ට සතුටුවෙන්න පුළුවන් පුවතක්. යෝජනා සම්මත වුනාද නැද්ද කියලා වැඩක් නෑ. ඡන්දෙ දෙන්නේ අපිනේ. දෙන්නම්කො අවස්ථාවාදී එවුන්ට මේ පාර.බලමුකෝ මහා මැතිවරණෙ ආවම.(බ)
මහින්දව ගෙදර ඇරියේ. අප අදහන දෙවියන් විසින්. ඉතින් ඔබ දෙවියන්ටත් වැඩිය ඉහලින් කටයුතු කෙරුවොත් ඔබටත් දෙවියන්ගේ පිහිටයි (බ)
උඩුනුවර සභාපති උඩබලාගෙන කෙළගහලා වගේ. (ත)
සභාපතිතුමාගේ තීරනය නිවැරදියි.රටකාපු අය මොකටද? අායෙමත් ඉතුරු ටිකත් කන්නද? (බ)
සභාපතිතුමාගේ තීරණය නිවැරදියි. (නි)
හරියට හරි ඉන්දික. මහින්ද භීතිකාවෙන් පෙළෙන කට්ටියට මේ ආරංචිය බොහොම මිහිරි ඇති. හැබැයි රටේ වාසනාවට අවසාන තීරණය එයාලගේ නෙමෙයි. (නි)
කවුරු මොනවා කිවුවත් එතුමා දිනනවාමයි (නි)
අනේ වාසනා, ඔයා ඔය අදහන දෙවියන් කවුද? (නි)
වාසනා, මොකද මේ ඔයත් අපිව බයකරන්න හදන්නේ? රටේ ජනතාව වඩා බලවත් නිසා එයාලා වෙලාවට නියම තීන්දුව ගනීවි. කලබල නොවී ඉන්නකෝ. (නි)
අපේ රටට නැවතත් මහින්ද ඕනෑ රට රැකගන්නයි. මිනිස්සු බොරු ප්‍රචාර වලට නොරැවටී මෙවර නිවැරදි තීන්දුවක් ගන්නා බව සහතිකයි. ජයෙන් ජය වේවා වීරයාණෙනි! (නි)
මම නම් මොකුත්ම කියන්නේ නැහැ මේවට (නි)