IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහින්ද ගේන්න නිවසටම පෙළපාළියක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි ඉල්ලමින් සන්ධාන නායකයන් පිරිසක් බදාදා (1) තංගල්ල කාල්ටන් නිවසට රථ පෙළපාළියකින් යාමට නියමිත බව සන්ධාන පක්ෂ නායක කමිටුව කියයි.

වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ ඇතුළු 15 දෙනකුගෙන් යුත් කමිටුවක් එකතුවී මෙම තීරණය ගෙන ඇතැයිද කියති.

 



අදහස් (0)

මහින්ද ගේන්න නිවසටම පෙළපාළියක්

රෝහණ Monday, 29 June 2015 06:59 AM

අනේ දෙවියනේ මේ මිනිසුන්ට මොලයක් දෙන්න (නදී)

:       0       0

මහේෂ් Monday, 29 June 2015 07:02 AM

මහින්ද නැතුව රට පෙරට ගනු බැහැ. (අ)

:       0       0

Perera Monday, 29 June 2015 07:02 AM

තව පාරක් මුරුංග අත්තේ තියල වට්ටවන්නද කොහෙද හදන්නේ. (අ)

:       0       0

රජීව Monday, 29 June 2015 07:04 AM

මේ පෙරහරේ යන්න හදන කසකාරයෝ ටිකට මහින්ද නැත්නම් කුජීත වෙනවා ආයේ හොරාකන්න ලැබෙන්නේ නෑ ජීවිතේට ඒකයි මේ සත්ව කරුණාව ආයෙත් ඇවිත් තව කන්න (බ)

:       0       0

අරුණ Monday, 29 June 2015 07:05 AM

මොලේ තියන සඳුන්ලා සමීරලා ඉන්න මේ රට නුදුරු අනාගතේ දී උතුරු ලංකාව දකුණු ලංකාව කියල කොටස් දෙකකට බෙදෙන දිනය වැඩි අෑතක නැහැ සිංහලයෝ සිංහලයටම වෛර කර කර ඉන්න අතරේ උතුරු නැගෙනහිර අය එකමුතු කමෙන් ඔව්න්ගේ ඉලක්කය කරා ඔව්න් යනවා (බ)

:       0       0

සත්‍යජිත් Tuesday, 30 June 2015 05:20 AM

මහින්ද වෙනම ඉල්ලන එක හොදයි අඩුගානෙ රටට විපක්ෂයක්වත් ඕනනෙ. එජාපය ඊලඟ සැරේ ආණ්ඩුවක් පිහිටුවනවා. හැබැයි දුර්වල ආණ්ඩුවක්.එජාපයට සම්පූර්න බලය දෙන එක භයානකයි. මොකද එජාපයෙ ඉන්න බහුතරයක් ලේ කොළ පාට අය. ඒ අන්ධ භක්තිකයො පක්ෂය කරන ඕන දෙයක් අනුමත කරනව. 88/89 ටයර් යුගයක් ඇතිවුනෙත් ඒකයි (බ)

:       0       0

රවි Monday, 29 June 2015 07:22 AM

ගෙදර ගිය නායකයෙකු නිසා මේ රට මෙතරම් විහිළුවක් බවට කවදාවත් පත් වෙලා නැහැ. (ම)

:       0       0

කුමාර් Monday, 29 June 2015 07:45 AM

ඔය යන්නේ හොර පොදියම එකට. (අ)

:       0       0

යුරේන් Monday, 29 June 2015 07:55 AM

ශ්‍රීලනිපය මිනිසුන්ට එපා කළේ මහින්ද සහ නඩයයි. (බ)

:       0       0

ජයන්ත Monday, 29 June 2015 08:01 AM

රටට නැතිවම බැරි නායකයෙක්. කොහොම හරි මෙතුමා ගෙන්න. (හේ)

:       0       0

සුමුදු Monday, 29 June 2015 08:06 AM

බොරු වැඩක්.(හේ)

:       0       0

දීන් Monday, 29 June 2015 08:08 AM

හිටපු ජනාධිපති තුමනි, දේශපාලන අනාථයන් රකින්න එපා. ඔබ තුමත් අනාථ වෙයි. (ම)

:       0       0

අනුර Monday, 29 June 2015 08:17 AM

මොනවද මේ බොරු වැඩ. කයිවාරු ගහන්නේ නැතුව ඉල්ලන පක්ෂය මහජනතාවට කියා තමාගේ ජයග්‍රහණයට කටයුතු කරගන්න. නිකම් තෙපර බබා ඉන්නේ නැතුව. (බ)

:       0       0

විජයබාහු Monday, 29 June 2015 08:20 AM

ඇයි මෙච්චර බයවෙලා (බ)

:       0       0

ශාන් සෞදි Monday, 29 June 2015 08:25 AM

මහින්ද නැතුව පෙරට ගනු බැහැ මහේෂ් නෝනද කීවේ (බ)

:       0       0

බණ්ඩා Monday, 29 June 2015 08:38 AM

පෙළපාලියේ ඉස්සරහින් මොන බෙරේද ගහන්නේ ? (නදී)

:       0       0

ද සිල්වා Monday, 29 June 2015 08:41 AM

මහින්ද මහතාට කරන්න තිබුනේ මෙම හොර නඩය සමග එකතු නොවී, පන්සල් වලට ගොස් පක්ෂ නායකත්වය විවේචනය නොකර, අගමැති අපේක්ෂක කම ඉල්ලනේ නැතුව පක්ෂයට ආධාර කරමින් අවංකවම පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම. එතකොට නිකම්ම ඡන්දෙට ඉල්ලන්න නාම යෝජනා ලැබේවි. ඊට පස්සේ පාර්ලිමේන්තුවට අාවට පස්සේ අගමැතිකම ගන්න එක සුලුදෙයක්. දැන් වෙලා තිබෙන්නේ මේ හොරුටික නිසා ඔක්කොම අවුල්වෙලා පක්සේත් දෙකඩ වීමයි. එහෙම උනොත් එ.ජ. පෙ දිනාවි. එ.ජා.පෙට දිනන්න බැරි උනොත් ශ්‍රී ල නි පෙ මෛත්‍රී කණ්ඩායම සමග එකතුවී ආණ්ඩුවක් පිහිටුවාවි. එතකොට ජ.වී. පෙ හරි දෙමල පක්ෂ වලට හරි විපක්ෂනායක කම යාවි. මහින්ද මහතාට ඉන්න වෙන්නේ නිකම්ම නිකම් විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වගේ පාර්ලිමේන්තුවේ. හොරු ටිකත් මෙදා පාරත් මහින්ද මහතාගේ කරපිටින් පාර්ලිමේන්තු යාවි (නදී)

:       0       0

බණ්ඩා Monday, 29 June 2015 08:42 AM

සුදු වෑන් පෙළපාලියක්ද එන්නේ ? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 29 June 2015 08:50 AM

මහින්ද ඡන්ද සටනට ඇවිත් එයාට හිමි තැන මොකක්ද කියලා දැන ගන්න අයිතියක් තියෙනවා වගේම අපිටත් රටම දැනුවත් කරලා මහින්දට හිමි තැන ලබා දෙන්න අයිතියක් තිබෙනවා.(ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 29 June 2015 08:51 AM

බණ්ඩා.එහෙම කියන්න එපා. අපේ රට නිදහස් කර දුන්නු එතුමාට එහෙම කියන එක හරිද? (ම)

:       0       0

මොහමඩ් රිස්වාන් Monday, 29 June 2015 08:53 AM

ඒ කියන්නනේ මහින්ද ඉල්ලුවේ නැත්නම් මේ අය අතරමග තමයි.(ම)

:       0       0

ප්‍රදීප් Monday, 29 June 2015 09:00 AM

යුද්ධය ඉවරකරලා රට බේරපු එකට මිනිස්සු 2010 කළගුණ සැලකුවා. දිනපු යුද්දේ විකුණලා වැරදි කරලත් මිනිස්සු 2015 සැලකුවා. ආයෙත් මොනවටද සලකන්න කියන්නේ ? (බ)

:       0       0

ප්‍රියන්ත ගුණසිරි Monday, 29 June 2015 08:59 AM

ජනාධිපති කාලේ වැරදි වැඩ කරන්න එපා කියලා පෙරහැර ගියානම් දැන් යන්න වෙන්නේ නෑනේ (ම)

:       0       0

අර්ජුන රණවන Monday, 29 June 2015 09:01 AM

මහින්ද සමග ඉන්න සියලුම දෙනාම දේශපාලන අනාතයෝ. ඔවුන් මහින්දගේ ප්‍රවේනි දාසයෝ වෙලා.නැවත රට චීනන්ට උකස්තියල මතලට ණය අරන් අන්නගතයේ උපදින දරුවනට ණය ගෙවන්න කරන විගඩමක්. මේ මෝඩ රලලාට වහල් සේවයට යන්නම ඕන .මහින්දට රජ වගේ ඉන්න ඕන.නැති වූ වරදාන ගන්න . පුදුම හරක් රැලක් (අ)

:       0       0

අර්ජුන රණවන Monday, 29 June 2015 09:05 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවත චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට (අ)

:       0       0

අර්ජුන රණවන Monday, 29 June 2015 09:08 AM

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අර්බුදයක හිඳිමින් ඒ සැම අමතක කරදමා නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමේ සංගීතයට තම ගායන හැකියාව මුසුකර අමන දේශපාලනඥයන්ගෙන් ගහන වූ දේශපාලන ලෝකයේ 'පෙදෙහි රසහව් විදුන' මෙවන් නායකයන් ලෝකයටම ආශිර්වාදයකි.(ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 29 June 2015 09:13 AM

අර්ජුන රණවන- "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවත චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට" .නැවත බණඩාරනායකල අතට යනවා කියල අහන්නත් සතුටුයි. (බ)

:       0       0

බන්දුල Monday, 29 June 2015 09:20 AM

මහින්ද මහත්තය ගේන්න ඕන නැහැ. ජනතාව සුදුසු පියවර ගනීවි. ඔය කට්ට්ය ගියොත් ලැබෙන ඡන්ද ටිකත් නැතිවෙයි (නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 29 June 2015 10:01 AM

මහින්ද මහත්තය ඔය පක්ෂ සලකුණු මත යැපුණු කෙනෙක් නෙමෙයි. එතුමා ජිවත් වුනේ ජනතාවගේ හදවත් තුල යැපුණේ ජනතාවගේ අදහස් තුල. පරාද වුනු එතුමාගේ නමට බයයි කට්ටියට අදටත්. (ර)

:       0       0

බටන්ගල Monday, 29 June 2015 10:22 AM

ඔය පෝලිමේ යන්න බලාගෙන ඉන්න පලා බබාලා සහ අනිත් ප්‍රා බබාලා නිසා තමයි තව කාලයක් ඉන්න තිබුන නායකත්වය රටට නැතිවුනේ. මේක හිටපු ජනාධිපති තුමා අවබෝධ කරගන්න ඕනි. නැත්නම් වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්න.(හේ)

:       0       0

චමිපික Monday, 29 June 2015 04:48 AM

මහින්ද මහත්තය ඉන්නේ කොලඹනේ තංගල්ලේ ගියාට වැඩක් නැහැනේ (නදී)

:       0       0

හමීඩ් - රියාද් Monday, 29 June 2015 04:49 AM

තන්හාව නිසා ලංකාවට වෙච්ච දෙයක් (නදී)

:       0       0

රුචිර Monday, 29 June 2015 04:58 AM

තණ්හාව නැති ඔයගොල්ලෝ තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නකෝ එහෙනම්.(ම)

:       0       0

වෙල්ගම Monday, 29 June 2015 04:59 AM

මේවා නම් බොරු වැඩ. පනින රිලවට ඉනිමන් බඳින්න ඕන නෑ. නාම යෝජනා ලබා දෙන්නේ නැත්නම් කෙලින්ම වෙන පක්ෂයකින් හෝ ඉදිරිපත් වී දිනුම හෝ පැරදුම බාර ගන්න. (නදී)

:       0       0

ප්‍රකාශ් Monday, 29 June 2015 11:17 AM

මිනිසුනේ තමන්ගේ තිබෙන වෛරය සහ නිවට ද්‍රෝහී බව පෙන්වීම සුදුසු නැත.ඔබලා කුමන නම්වලින් ප්‍රතිචාර දැම්මත් මෙරට කුරිරු කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගත් යුග පුරුෂයාට අපහාස කිරීම සුදුසු නැත.එතුමා ඉවත් කළේ දේශීය සහ විදේශීය කුමන්ත්‍රණවල ප්‍රතිපලය.එනිසා එතුමාගේ ප්‍රති රුපය විනාශ කරන්න වැඩ කටයුතු නොකරන්න.එය රටට කරන ලොකුම විනාශයකි.දනා මේ තියෙන අභියෝග ජයගන්න මහින්ද මහත්මා මිස සුදුසු අන් කවරෙක්ද? (බ)

:       0       0

දහම් Monday, 29 June 2015 11:43 AM

යූ එන් පී සහ මෛත්‍රී ගැත්තෝ හිත සතුටු කර ගන්න මෙතන බයිලා ගහනවා. ,ලබන 18 වැනිදා උදේ වෙනකොට බලාගන්න ජනතාව දීල තියෙන්නේ මොන තීන්දුවද කියල. (බ)

:       0       0

සඳුන් Monday, 29 June 2015 05:30 AM

අපේ බුද්ධිමතුන් දැනගත යුතුයි මේ විසි කරන්නේ අපෙන්ම උපයාගත් මුදල් බව. මේ කරන්නේ ආයෝජනයක්. "මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවෙයි" කියලා කියනවනේ.(නදී)

:       0       0

සමන් Monday, 29 June 2015 05:47 AM

ලංකාවේ මෝඩ මිනිසුනේ දැන්වත් ඇස අරපල්ලා දේශපාලනය කියන්නේ හොදින් අත මිට උපයා ගැනීමක්, අපේ වටින ඡන්දය දීලා මෙයාලාට උපයගන්න තවත් උදව් කරනවද ???? (ම)

:       0       0

ජුලංපිති Monday, 29 June 2015 05:54 AM

මේ හැම දෙනාටම ඡන්දෙ නොදිය යුතුයි. මේ අය තමා මහින්ද මහතයාව විකුණලා රට කෑවේ, (අ)

:       0       0

මාලි Monday, 29 June 2015 12:11 PM

ප්‍රකාශ් ඔබ නිවැරදියි ජාතියක් ජම්මයක් නැති එවුන් කොහොම කතා කළත් ඒ දුෂ්ටකම තමයි ප්‍රදර්ශනය වෙන්නෙ (බ)

:       0       0

නුවන Monday, 29 June 2015 05:57 AM

මෙහෙමත් රටක්! (අ)

:       0       0

ලක්සිරි Monday, 29 June 2015 12:15 PM

ප්‍රකාශ් නිකම් බණ කියන්නේ නැතිව ඉන්නවාද ? යුග පුරුෂයෙකු නම් ඒ විදියට ඉන්න ඕන. රටට වැඩක් නැති සහචරයන් ටිකක් වටේට තියාගෙන තමන්ගේ තත්වේ නැති කරගත්තා . දැන් මෙතන ලියන මිනිස්සුන්ට බැනලා මේ නරි නාටක වහ ගන්න පුලුවන්ද ? (බ)

:       0       0

ගාමිණි Monday, 29 June 2015 05:58 AM

තමන්ගේ ගෙදරටම කුලී ගත්තේ ජනතා සේවයට ඇති කැමැත්ත අනුව?

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 29 June 2015 05:57 AM

මහින්ද රාජපක්ෂ නම් ආපහු මේ රටේ අගමැති වීම බොරුවක් , එසේ වන්නට කොහෙත්ම ඉඩක් නැත , මේ නිසා පහසුවෙන් එජාපය ජය ලබනවා සිකුරුය (අ)

:       0       0

අමිත් Monday, 29 June 2015 05:59 AM

හිටපු ජනපති මහින්ද නැත්නම් මෙයාලට යන එන මගක් නැති බවයි පෙනෙන්න තියෙන්නේ (අ)

:       0       0

විරාජ් Monday, 29 June 2015 06:14 AM

අනේ් මොකද කොහොම ගියත් අපිට (ම)

:       0       0

රජින්ද Monday, 29 June 2015 06:24 AM

හානිය අවම විකල්පය තෝරා ගැනීම හැර අවදානම් සහගත වත්මන් පාලනය තුළින් අනාගතයේ සිදු වන්නට නියමිත මහා විනාශය වැළක්විය නොහැක.(ම)

:       0       0

සමීර Monday, 29 June 2015 06:25 AM

මහින්ද කියනවා "අපේ හාමුදුරුවනේ ඉස්සරනම් නඩු අහල වැරදිකාරයො වුණාම හිරේ දානවා , දැන්නම් ඉස්සරවෙලාම හිරේ දානවා පස්සේ තමයි නඩු දාන්නේ . මේක යහපාලනය නෙමෙයි යමපලනය" මොලේ අබ ඇටයක් තරම් තියන කෙනෙකුට මහින්දගේ මේ කතාව ඇති මහින්ද කව්ද කියල හිතාගන්න. (ම)

:       0       0

කුමාර Monday, 29 June 2015 12:36 PM

සිංහලයට සතියක් ගෙවෙනකොට සියල්ල අමතක වෙනවා මේ මිනිස්සු මැරිලා ඉපදුනාද දන්නෑ අද බිය සැක නැතිව නිදහසේ ඉන්නේ කාට පින් සිද්ද වෙන්නද කියල අමතකද (බ)

:       0       0

රනුක Monday, 29 June 2015 06:56 AM

මෙතන ඉන්න අය තණ්හාව නැති 'රහත්' වෙච්ච අයවගේනේ කතා කරන්නේ. මම නම් මගේ රටට පණට වඩා ආදරෙයි. මෙතන ඉන්න, 'රහත්' වෙච්ච අය මේ පාර ඡන්දෙ දාන්න එපා. 'චන්ද රාගය' මතුවෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1465 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1945 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 466 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3071 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2487 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1815 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34719 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site