බ්‍රහස්පතින්දා මැදියම් රැය දක්වා නොයෙකුත් නූල් සූත්තර යොදමින් බලයේ සිටීමට කැස කැවූ මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් පිටව ගියේ බැරිම තැන යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා කියයි.
ඔහු නික්ම නොගියේ නම් මුළු රටම අරාජික වී ලේ විලක් වනු ඇතැයි ද, ඔහුගේ හිත වෙනස්වීම රට ව්‍යසයනයකින් බේරා ගැනීමට ලැබුණු වාසනාවක් බව ද අයිවන් මහතා පවසයි.
ජනපතිට හා ඔහුගේ පවුලේ සාමාජිකයනට එරෙහිව ඔවුන්ගේ දේශපාලන අකටයුතුකම් හෙළි කරමින් මාස කිහිපයක සිට ඔහු ජනපතිට එරෙහිව ජනමතයක් ඇති කළේය.
බොහෝ දෙනා බලගතු රාජපක්ෂ රජයට එරෙහිව වචනයක්වත් නොලියද්දී මුල්ම වෙඩි මුරය තැබූ මාධ්‍ය වේදියා ලෙස වික්ටර් අයිවන් මහතා ඉතිහාසයට එක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් අපේ ජනපති මහින්ද රාජපක්ෂ.(දිල්)
කෙසේ වෙතත් වෛරී දේශපාලනය පිටු දැක යහපාලනය ස්ථාපිත කල යුතුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කුමන වැරදි තිබුනත් යුද්ධය නිම කල රටට යහපතක් කල ජාතික වීරයෙක්. (ර)
අතහැරීම අගය කළ යුතු දෙයක්, (හේ)
කට පරිස්සම් කර ගන්න. පිස්සෙක් වගේ කථා කරන්න එපා. (ස)
රට බේරාගත් නායකයා නිසා අප ඔහු ආරක්ෂා කල යුතුයි. (ර)
ජය පරාජය දෙකම දරාගන්න පුළුවන් ශක්තිමත් නායකයෙක් මහින්ද රාජපක්ෂ මහතා. කවදාවත් ජනතාවගේ එතුමාගේයි තියන බැදීම කඩන්න බෑ. (ර)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණයට ගරු කරනවා... (නි)
මොනවා කිවුවත් තවටික දවසක් යද්දී හැමෝටම තේරෙයි ඇත්ත (නි)
අනේ අපි නොදන්නවායැ? (නි)
අපිට පුලුවන් රජය හදන්නත්, පෙරලීමටත් . එම නිසා අලුත් ජනදිපති තුමනි රටට හොඳින් සේවය කරන්න. වියදම් අඩු කරන්න. දුප්පත් මිනිසුන්ව ගිලෙන්නට නොදි හොඳින් බලන්න. (නදී)
වික්ටර් අයිවන්. මම ඔබට අභියෝග කරනවා ! අනිකුත් මාධ්‍යවේදීන් අභිබවා යාමට ඔබ උත්සහ කළත් ඔබ අභිබවා ඇත්තේ මෛත්‍රිපාලට කඩේ යන මාධ්‍යවේදීන් බව ඔබට නොවැටහේද ? (බ)
ලේ විලක් වෙලා තිබුණ රටට සාමය ගෙනාවේ මහින්ද රාජපක්ෂ වීරයා බව අපිට අමතක නැහැ. පර ගැතී ජරා මිනිසුන්ගේ කටවල් වලට එතුමාගේ ගුණ සමුදාය වෙනස් කරන්න බැහැ. කොටි මායිම් ගම්මාන වලට පහර දෙනකොට වික්ටර් අයිවන් මහත්තයා කොහෙද හිටියේ? (අ)
මොනවා කළත් අපේ රාජපක්ෂ මැතිතුමාට අපි කවදත් ගරු කරනවා (නි)
හිටපු ජනාධිපතිතුමාට අපි ගරු කරන්න ඕනෑ. මොනවා කළත් එතුමා තමයි රටේ යුද්ධය අවසන් කළේ. අපි මෛත්‍රීට ඡන්දය දුන්නේ හිටපු ජනාධිපතිතුමාගෙන් පළිගන්න නෙමෙයි (නි)
කවුරු මොනවා කිවුවත් එතුමාගේ නිහතමානීකම ලොවටම හෙළිවුණා (නි)
ගරු කටයුතු ඉවත්වීමක දේශපාලන භාව්තාවක් සහ එයට ලැබියයුතු වූ නිසි පිළිගැනීමට එරෙහි මතයක් ගොඩනැගීමට (කරුණු ගෙනහැර පාන්නේ නැතුව) ඉදිරිපත් වීම මෛත්‍රීයද එසේත් නැත්නම් කුහක කමද කියා තේරුම් ගැනීමට නොහැකිය (අ)
අනේ මේ අයිවන් මොකද ? බලමු දැන් ලේ ගලන්නේ නැද්ද කියලා. (නදී)
එතුමා නිසයි අපි අද නිදහසේ හුස්ම ටිකක් ගන්නේ (නදී)
සමහරු කරන්නේ බලගතු චරිත වලට මඩගහන එකමයි (නි)
මිනිස්සු පරාජය කලේ මහින්ද මැති තුමා නෙවෙයි. වටේ හිටපු අලුගුත්තෙරුවෝ ටිකයි. මිනිස්සුන්ට ඕනි උනේ ආණ්ඩුව වෙනස් කරන්න මිසක් මහින්දව පරාජය කරන්න නෙවෙයි. එතුමා වගේ නායකයෙක් තවත් කාලයක් යන තුරු මේ රටේ ඉපදෙන්නේ නැති වෙයි. කොන්ද පන තියෙන ඒ වගේ නායකයෙක් අපේ හදවත් තුල හැමදාම ජීවත් වෙනවා. (නදී)
අපි වික්ටර් අයිවන් කියන දේ පිළිගන්නේ කොහොමද? චන්ද්‍රිකා කුමාරතුංගට විරුධව චෞර රැජින කියල පොතකුත් ගැහුවේ ඔහුනේ? (නදී)
මට පෙනෙන්නේ සමහර කට්ටියට නම් මොළයක් නැතුවාම වගෙයි (නි)
මට මතක් වෙන්නේ සෙල්ලම් පිස්තෝල මල්ලිලා (නදී)
සල්ලි වලට රට උනත් පාවල දෙයි. තව මාස 6ක් ඉදියි. සද්දයක් නැතුව ඊට පස්සේ අායෙත් පටන්ගනියි. (නදී)
දැන් හිතන්න වෙයි (නදි)
මහින්ද රාජපක්ෂ මේ රටට වැදගත් කෙනෙක්.(හේ)
දැන් කවුරුවත් පුද්ගලික එදිරිවාදිකම් අවුස්සගන්න එපා. වැරදි කරුවන්ට නීතියෙන් මිසක් පලි ගැනීමෙන් උත්තර දෙන්න යන එක ඉතා අනුචිතයි. අපි අපේ රට වෙනුවෙන් ඉදිරියට යමු. (නදී)
වික්ටර් කවදත් එහෙමයි (නදී)
චන්ද්‍රිකා රජ කරන්නත් වෙඩි මුර තිබ්බෙ මෙයා තමා, අන්තිමට කාල බෝම්බයක් උනා. (නදී)
වැරදි කරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුය. මැර දේශපාලනය අවසන් කල යුතුය. (ර)
හැම ඡන්දයක් කිට්ටුවම පවතින රජයට විරුද්ධව කඩේ යනවා. ඊට පස්සේ අලුත් රජය පත් උනාම ඒක විවේචනය කරන්න ගන්නව. හැමදාම මෙසේ හිඟන්නාගේ තුවාලය සේ ප්‍රශ්න පාරමින් සිටියා මිසක් මොවුන් අපට දුන් විසඳුමක් නම් නැත. (ර)
පලි ගැනීම අමතක කර කරුණාවෙන් මෛත්‍රීයෙන් වැඩ කරමු. (නදී)
වික්ටර් අයිවන්යනු කවරෙක්දැයි සැවොම දන්නවා. එතුමාට අපහාස නොකර ඉන්න මොකද එතුමා ඔබට වඩා හොදින් ඒ ගැන දැන ක්‍රියාකරලා තියෙනවා. (නදි)
සැම දෙනාටම කරුණාව මෛත්‍රිය දැක්වීම මේ වෙලාවේ කළයුතු දෙයකි (නි)
වික්ටර් අයිවන් - ඔබ කැබිනෙට් එකේ සිටිය යුතු මහත්මයෙක් (නදී)
එහෙම වෙන්න බෑ.(හේ)
අපි රජ ලේ ඇති එවුන් මැරුණත් රට වෙනුවෙන්. (ර)
මොනවා වුනත් රට බේරා දුන්නා එකට අපි ගරු කරන්න ඕනි. (ර)
ලේ විලක්ව තිබු රට ඉන් මුදාගත්තේද ඔහු විසින්මයි. චිරං ජයතු..! (ර)
ලේ විලක්ව තිබු රට ඉන් මුදා ගත්තේද ඔහු විසින්මයි.(හේ)
ලේ විලක්ව තිබු රට ඉන් මුදාගත්තේද ඔහු විසින්මයි. චිරන් ජයතු.(හේ)
ඉවසමු.(හේ)
උපාලි මම ඔබත් සමඟ එකඟ වෙනවා.(හේ)
බංකොලොත් දේශ පාලනයක යෙදෙන ඔබට පුළුවන් එකම දෙය පැරදුන නායකයනට නින්දා කිරීම පමණයි නේද? (අ)