ආචාර්ය රාජා ධර්මපාල විසින් රචිත ‘මහා වීර වංශය‘ කෘතිය එළි දැක්වීම අද(31) නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද, පුරාවිද්‍ය චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද, කඹුරුගමුවේ වජිර යන හිමිවරුද පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිළ ඇතුළු පිරිසක්ද එක්වූහ.
එහිදී මාධ්‍යවේදියකු හිටපු ජනපතිට එරෙහිව අද දිනයේ අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් සම්බන්ධයෙන් විමසූවිට අධිකරණයේ එක්තරා දුරකට ස්වාධීනත්වයක් ඇති බවත් ව්‍යවස්ථාවේ විධායක ජනපතිවරයකු කරනදේ වලංගු නෑ යනුවෙන්ද මහින්ද රාජපක්ෂ පැවසීය.
ප්‍රශ්නය - බැසිල් රාජපක්ෂ ලංකාවට එනවා කියලා තියෙනවා. ඒගැන මොකද කියන්නේ?
මහින්ද - ප්‍රශ්නයක් නෑ එනවා කියලා තියෙනවානම් ඒවි.
ප්‍රශ්නය - විමල් වීරවංශ කියලා තියෙනවා බැසිල් තමයි ඔබතුමාගේ පරාජයට හේතුව කියලා?
මහින්ද - සාමාන්‍යයෙන් මත තියෙනවා. මතවලට අපි ගරු කරනවා. අපේ වැරදි අපි හදාගන්නවා.
ප්‍රශ්නය - තවම දේශපාලනයට පැමිණීමට තීරණයක් නැද්ද?
මහින්ද - තවම මම විවේක ගන්නවා.
ඡායරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා වීරවංශ ඇවිත් හිටියේ නැද්ද? (ත)
අභයාරාමය කියන්නේ පන්සලක්ද ? හෝටලයක්ද? (බ)
කවුරු මොනවා කිවත් රටට ආදෙරේ කරන දේශප්‍රේමී මහජනයා ඔබත් සමග අදටත් ඉන්නවා (ත)
මහින්ද ප්‍රශ්නවලින් පැන යන කෙනෙකු නොවේ. (ත)
මහින්ද කවදත් කළේ ප්‍රශ්න මග ඇරපු එකමයි. (ත)
මහින්ද ප්‍රශ්නවලින් ලිස්සා ගියා නම් ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර. (ත)
ඔහු හැමදාම කළේ, තමන්ගේ පැවැත්මට අවශ්‍ය ප්‍රශ්න හදල හිටපු එක තමා. (බ)
මෙතුමා උත්තර දෙන්න ඕනෑ ප්‍රශ්න වලට ඕනෑ වෙලාවට නිවැරදිම උත්තර දීල තියෙනවා. නිවිය යුතු ගිනි නිවලා තියෙනවා. ඒ නිසා එතුමා අපේ රටට සම්පතක්. තවමත් එතුමා වටේ ජනතාව රොද බඳින්නේ එ්කයි. හැබැයි තුට්ටු දෙකේ කට්ටියගේ තුට්ටු දෙකේ ප්‍රශ්න වලට උත්තර දෙන්න එතුමා කාලය නාස්ති කළ යුතු යයි ජනතාව සිතන්නේ නෑ. ඔබට ජයෙන් ජය වේවා වීරයානෙණි! (බ)
ජනරල් සරත් ෆොන්සේකා වගේ වීරයෙක් හිටපු නිසා ප්‍රභාකරන්ට එලොව යන්න වුණා. (ත)
ව්‍යවස්ථාවේ තිබෙන බලතල හින්දද මේ තරම් ජනතාව මුදල් මංකොල්ල කෑවේ ව්‍යවස්ථාව ඉදිරියේදී වෙනස් උනාම ඔබතුමාට නිතිය ඉදිරියට එන්න වෙනවා කරපු දූෂණ වංචා වලට පවුල් පිටින් හැම දෙයක්ම කියන්න වෙනවා.(බ)
මොනවා කළත් කිව්වත් ලෝක ස්වභාවයට හිස නමන්න වෙනවා ආයුබෝවන් එහෙම නොවුණොත් බුදුදහම බොරු!(බ)
අනේ, අපි නොදන්නවායැ? ඇත්තටම එතුමා ප්‍රශ්න වලින් පැනලා නම් යන්නේ නැහැ තමයි. නිකන් අහක තිබෙන ප්‍රශ්න ඇඟේ දමාගන්නවා මිසක්. (නි)
එකුමා කරන්නේ එතුමාට ගැළපෙන හොඳයි කියලා හිතෙන දේ. මොකක්ද ඒකේ ඇති වැරැද්ද? (නි)
සෑම්, යන්නේ කොහෙද මල්ලේ පොල් වගෙයිනේ! (නි)
රටේ අසරණ මිනිසුන් කන පාන් ගෙඩියට,පරිප්පු ටිකට,හාල් ටිකට බදු පිට බදු ගහලා මිනිස්සු නන්නත්තාර කරද්දී එම බදුගැහිලි සාධාරනය කළ අයත් හිටියා.රජ කාලේදී පවා බදු වර්ග 10 ක් ක්‍රියාත්මක වුණා.රටක රජයක් පවත්වාගෙන යන්න රටේ ජනතාවට දඬුවම් දෙන්න ඕනෑ කියලා කියපු අයත් හිටියා. (නි)
දැන් හැමෝටම මුල අමතකයි (නි)
කවුරු මොනවා කිවුවත් වැඩක් නැහැ. එතුමා පැමිණෙන බව ස්ථිරයි (නි)
ඔබතුමා නැවත පැමිණ අපිව බේරාගන්න (නි)
හොඳයි හොඳයි අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
එතුමා ප්‍රශ්න වලට කවදත් අභීතව මුහුණදුන්නා (නි)
රටේ සිද්ධවුණ මෙගා දුෂණ හොයන්න සරත් ෆොන්සේකා මහතාට බාරදෙන්න කියලා තමයි මම නම් කියන්නේ (නි)
ඇයි මිනිසුන් තවමත් ඇත්ත තේරුම් නොගන්නේ? (නි)
අනේ මන්දා මහත්තයෝ මේවා! (නි)
මොනම හේතුවක් නිසාවත් රටේ පුන්නකු මිලට නම් අත තියන්න එපා. (නි)
අවුරුදු 8ක් ගහපු ගැහිලි මතක්වෙනකොට මට නම් නම කියද්දීත් ඇඟේ මවිල් කෙළින් වෙනවා. (නි).
අපි අපි ඕනෑ දෙයක්. යුරෝපයට, ඉන්දියාවට,ඇමරිකාවට නැවෙන එකට තමයි අපි කැමති නැත්තේ. (නි)
ලිස්සන එකත් හැමදාටම කරන්න බැහැනේ! (නි)
ජෙනරාල් ෆොන්සේකාව ගෙනාවේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව අමතක කරන්න එපා! (නි)
සමහරු කවදද ඇත්තක් කිව්වේ, අපේ අය රැවටුනාට? (නි)
අනේ ඔබතුමා දිගටම විවේක ගන්න (නි)
ඔබයි සැමදා අපේ ළුිරයා. ඔහොම යමු! (නි)
එතුමා පන්සල් ගියක් දැන් අපේ මිනිසුන්ට වැරදියි? (නි)
ඔබයි අපේ ශක්තිය සැමදා! (නි)
එතුමා කවදාවත් ප්‍රශ්න වලින් පැනලා ගියේ නැහැ (නි)
අපේ රටේ පණනල ඔබයි. හැකි ඉක්මනින් නැවත දේශපාලනයට එන්න. අපි සැමදා ඔබ සමඟයි. (නි)
මහින්ද නියම වෙලාවට උත්තර සපයයි (නි)
අපි අඬා වැටෙන්න ඕනෑ ජාතියක් කියලා හිතෙනවා මෙව දැක්කහම... (නි)
ඔබතුමා දැකීමත් වාසනාවක් (නි)
බලමුකෝ කවදා වෙනතුරු ලිස්සලා යයිද කියලා (නි)
ප්‍රශ්න වලින් හැමදාම නම් ලිස්සන්න ලැබෙන එකක් නැහැ (නි)
දැන් මෙතුමා ගෙදර ඇත්තෙම නැහැ වගෙයිනේ (නි)
අධිකරණය තරමක් ස්වාධීනයි කියලා කිව්වේ? මට නොතේරෙන හින්දා අහන්නේ. මහත්තයෝ, ඔය පසුගිය අවුරුදු 10 දී අධිකරණය ගොඩක්ම ස්වාධීනවෙලා තිබුනද? (නි)
අනේ ජගත්, කවුරුවත් තනිවම යුද්ධ කළේ නැහැ. ත්‍රිවිධ හමුදාවේම නායකයෝ, හිටපු ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වය යටතේ එවක ආරක්ෂක ලේකම්තුමාගේත් දායකත්වයෙන් රණවිරුවන්ගේ කැපවීම ඇතුව යුද්ධ කරලා තමයි කොටි පැරැද්දුවේ. (නි)
අනේ තිලක්, එතුමා ප්‍රශ්න හැදුවේ නැහැ. තිබුණු දැවෙන ප්‍රශ්නයක් විසඳලා අවසන්කළා මිසක්. ඔයාලා සමහරවිට නොදන්නවා ඇති. 80 ගණන්වල භීෂණ කාලෙදිත් එතුමා තමන්ගේ දිවි පරදුවට තියලා අතුරුදන්වුණ දරුවන්ගේ දෙමාපියන්ට උදව් කළා. කැබිතිගොල්ලෑවේ බෝම්බෙ පිපුරුනාමත් අවදානමක් රැගෙන එතනට ගියේ දුක හඳුනන හින්දයි. (නි)
දැන් ඉතින් ඔබ රටේ ප්‍රශ්න ඇති නොකළ යුතුයි. (නි)
ජගත්, ෆොන්සේකා මහත්තයා හමුදාව මෙහෙයවු එක ඇත්ත. ඒකේ ලකුණු ෆොන්සේකා මහත්තයාටත් දෙන්න ඕනෑ. ඒකත් ඇත්ත. හැබැයි අමතක කරන්න එපා, වෙනත් ජනාධිපතිවරු යටතේත් ෆොන්සේකා මහත්තයා හිටියා, යුද්ධය අවසන් කරන්න ලැබුනේ නැහැ නේද? (නි)
සරත් ෆොන්සේකා මහතා අවුරුදු කීයක් හමුදාවේ සිටියද? ඇයි එහෙනම් ඔහුට බැරිවුණේ? කවුද එතුමාට තැනක් දුන්නේ? ඔහුට මඟ පෙන්නුවේ කවුද? (නි)
ජගත්, එයා විතරද එල්ටීටී යුද්ධය සහ ප්‍රභාකරන් ත්‍රස්තවාදියා මෙලොවින් තුරන් කරන්න කටයුතුකළේ? (නි)
කොහොමත් ගොඩක් දෙනා කරන්නේ ප්‍රශ්න වලින් ලිස්සලා යන එකනේ! (නි)
සමහරු මඩගහන්න හදනවා රට බේරාගත් නායකයාට. අපි යු.එන්.පී.කාරයෝ වෙලා හිටියා. ඒත් දැන් ඒවා ඉවරයි. මහින්දව කෑවේ දැන් පක්ෂ මාරුකර සිටින දේශපාලකයෝ. ඒ නිසා මහින්ද මොකෙන් ආවත් දිනනවා (නි)
මේ රටෙහි දැවෙන ප්‍රශ්නය වූ යුද්ධය නිමාකර රට 21 වන සියවසේ ලොව බලවතුන් හා එක්ව සංවර්ධනයට කිරීමට අතදුන් එකම ජාතික නායකයා නැවත විධායක අගමැතිධුරයට ගෙන එමු (නි)
විවේක ගන්නවා කිවුවට අපිට නම් එහෙම පෙනෙන්නේ නැහැ (නි)
සමහරු බලයට හරිම කෑදරයි (නි)
විජිත්, ඔබේ ප්‍රකාශය ඇත්තයි. ඒක අදාළ වෙන්නේ අපේ පික් පොකට් අගමැතිතුමා සහ ආප්ප නායකයාණෝ වගේ අය විතරක් නොවෙයි බලය සහ බලය පමණක් පතන ඇමති හක්ගෙඩියොත් රතු කමිස කුමාරයෝත් වැනි බලයට කෑදර උදවියටයි. (ස)
ඔන්න ඔන්න ඩුබායි තිලක් පරල වෙලා. බයවෙන්න එපා තිලක් පුන්නක්කු ඔයාලට ඕනේ නිසා, ලාබෙට දෙයි. සැහෙන්න මහන්සි උනානේ ඔයා යහපාලන ආණ්ඩුව පත් කරන්න. (ස)
ඇයි සමන්ති ඔයාට පෙනේනේ එතුමා විවේක නොගෙන තාමත් රට කරනවා කියලද? එතුමාට විවේක ගන්න නොදී යන යන තැන වටේට රොද බඳින කට්ටිය කරන දේටත් ඔයා එතුමාට දොස් කියනවා නේද? (ස)
ඒක තමයි සෝමේ. යුද්ධය ජය ගැනීමේ තීරණාත්මක සාධකය වුණේ හිටපු ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වයයි කියලා මමත් ලිව්වා. ඔයත් ලියපු ඒක හොඳයි. (ස)
මේ ඉන්නේ අපේ කාලයේ විතරක් නොවෙයි හැමදාටම ඉතිහාසයේ රන් අකුරින් නම ලියවෙන වීරයෙක්. ඉරිසියා නොකර සතුටු සිතින් දැක බලාගන්න. (ස)
ඉතින් මොකක්ද ලිස්සල ගියා කියන්නේ? හරි උත්තරේ දීල තියෙන්නේ! ඔයිට වඩා තව මොනවද ? (ස)
මෙතුමා අසමසම නායකයෙක් .අපේ මිනිස්සු හොරුන්ට මනාප දිදී පාර්ලිමේන්තු යවල මෙතුමාට විතරක් දොස් කියනවා . (ස)
ඩුබායි තිලක් ,ඔයා ඔය කාන්තාරේ ඉඳන් දුක් ගැනවිලි කියවන්නේ නැතුව ලංකාවට ඇවිල්ල ක්‍රියාකාරී දේශපාලනය කරන්නකෝ ඩියර්......(ස)
ඉටු කොට කළයුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් වූ ඔබතුමා එස් මහින්ද හිමි කියා ඇති පරිදිම උතුම් ලංකා පුත්‍රයෙකි.ඔබ තුමාට ජය වේවා! (ස)
තවමත් බලයට කෑදරයි වගේ. ජගත් මහත්තයෝ කවුරුවත් තනියම යුද්ධ කරලා දිනුවේ නෑ. සියලු දෙනාම එකතු වෙලා ජයගත්තේ. හරියට මහින්ද තනියෙන් යුද්දේ දිනුව වගේ කතා කරන්නේෙ. (ස)
පුරාවිද්‍ය චක්‍රවර්තී එල්ලාවල මේධානන්දල වගේ අය ඉන්නකම් රටවල් හදන්න බැහැ. (ස)
කණගාටු වෙන්න එපා හිටපු ජනපතිතුමනි, ඔබතුමාට දිගටම විවේකයෙන් ඉන්න පුළුවන් පරිසරය වීරවංස මහත්තය අපුරුවට සකස් කරනවා. (ස)
එතුමා කරන්නේ තැනට සුදුසු දේ! (නි)
මට මතක්වෙන්නේ සරත් ෆොන්සේකා මහතාගේ එදා ඒ කළ උදාන වාක්‍යය. "මම මේ යුද්ධය වෙනත් හමුදාපතිවරයෙකුට බාරනොදෙමි." මහින්ද මහත්තයා ඉතා පරිණත බුද්ධිමත් දේශපාලකයෙක්. (නි)
මොන බොරුව වුණත් 100 පාරක් කියනකොට ඇත්ත කියලා හිතෙනවලු. (නි)
සුමුදු ,ඔය ළමයා ඉතා හොදින් භාෂාව හසුරුවනවා .සරු අදහස් තියෙනවා . (ස)
අජිත් කරුණාරත්න මහත්තය හිටපු ජනපති තුමාට ගොඩක් ආදරෙයි වගේ..අනේ හොදයි,,යහපාලනයේ ගොඩක් අය එතුමාට විවේකය දෙන්න දඟලනවා..එතුමා විවේක ගන්න හැටි හීනෙන් දකිනවා..කෝ එත් එතුමා මේවා අහන්නේ ම නැහැනේ..ගනන් ගන්න එපා මහත්තයෝ..පැරදිලා ගෙදර ගිය මනුස්සය ,මිනිස්සු ප්‍රතිෂේප කල මනුස්සය ,උදේ ඉදල හවස් වෙනකම් හොරා කියල හංවඩු ගහන මනුස්සය ආයේ බලයට එන්නේ විදියක් නැහැනේ කොහොමටවත්..ඔබ තුමා ඔය බියකරු සිහින ගැන නොසිතා යහපාලානේ මතක් කරගෙන බුදිය ගන්න හිතේ නිදහසින්. (ස)
මොලය සහ බලය එක විට පිහිටන අවස්ථා විරලයි ....(ම)
ප්‍රියංග ,එතකොට රනිල් 29 පාරක් පැරදිලත් ගෙදර ගියෙනත්තේ බලයට කෑදර හින්දා නෙවේද? කොටින්ම යූ එන් පී අයම කිව්වා යන්න කියල. එ්ත් ගියද? (ස)
ප්‍රශාන් යුරෝපයට නැවෙන එක හොද වෙලා චීනෙට නැවෙන එක ශෝක්ද? (ම)
අජිත්ට ජෙනරාල් ෆොන්සේකා උන හැදිලා....නොදන්නා ඒවාට ගිහිල්ල වලිගෙ නහ ගන්න එපා...(ස)
තිලක් ඩුබායි පුන්නක්කු බීලා ඉන්නේ කියලා තේරෙනවා. (ස)
ගරු මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමනි, මම ඔබට අසීමිත ලෙසට ගෞරව කරමි, ඒ කිසිවක් නිසා නොව, මටද මගේ දරුවන්ටද මේ රටේ නිදහසේ ජීවත් වීමට අවස්ථාව උදාකළ බැවිනි. (ස)
මහින්ද කලේ නැති ප්‍රශ්න ඇති කරලා ටිකක් කල් බලාගෙන ඉඳල ප්‍රශ්නේ විසඳන එක.මිනිස්සුන්ට මතක නෑ ප්‍රශ්නේ කොහෙන්ද ආවේ කියල ! (ස)
මේ අදහස් දමල තියන අය මුහුණට මුහුණ සංවාදයකට ආවොත් මොනවා වෙයිද? අපේ මිනිසුන්ට හරිම ඉක්මනට අතීතය අමතක වෙනවා සුමුදු. බඩ ගැන මිසක් රට ගැන හිතන්න නැහැ. වෙලාව පැමිණෙන තුරු එතුමා ඉන්නවා වගේ අපිත් ඉවසමු. (ස)
තිලක් ඩුබායි ට උත්සන්නව ඇති ලෙඩේ නම මහින්ද භීතිකාව. (ස)
යුධ ජයග්‍රහණයේ ගෞරවය තනි පුද්ගලයකුට බැර කිරීම රණ විරුවන්ට කරන අපහාසයකි. යුද්ධය ජය ගත්තේ සාමුහික ප්‍රයත්නක් මගිනි. පසුව, ජරාජීර්ණ දේශපාලනය නිසා එක්ව සටන් කල අය එම ජයග්‍රහණය බෙදා ගැනීමට උත්සුක වූහ. (ස)
සුජීවා , මමත් හැම මොහොතකම කියන්නේ ගරු මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමනි, මම ඔබට අසීමිත ලෙසට ගෞරව කරමි, ඒ කිසිවක් නිසා නොව, මටද මගේ දරුවන්ටද මේ රටේ නිදහසේ ජීවත් වීමට අවස්ථාව උදාකළ බැවිනි. ඒ පිනෙන් ඔබතුමාට ආවඩා ආයුබෝවේවා. (ස)
තිලක් ඩුබායි කියන හාදය ඇදෙන් බිමට වැටිලා දකින හීන වලින් ඇහැරෙන දවස වැඩි ඇතක නැහැ..ඔච්චර කියන විශ්ව කර්ම ෆොන්සේකාට මොකද මහත්තයෝ මේ යහපාලනයේ වගකිව යුතු තනතුරක් නොදෙන්නේ..ඉල්ලන්නේ නැද්ද..නැත්නම් ඉල්ලුවට දෙන්නේ නැද්ද? මහින්ද මහත්තය ගැන එතුමාට ඡන්දෙ දීපු ලක්ෂ 58 බල ගනීවි. ඔයා යහපාලානේ ගැන බලාගන්න...පැරදිච්ච එතුමාට ආයේ එන්න බැහැ කියන එතුමාට මොකද ඩුබායි තිලක් මහත්තයෝ ඔච්චර බය. (ස)
පිවිතුරු යහපාල 2015-04-01 02:41:10 අදහස මගේ නෙමෙයි.යම් අයෙක්ගේ මතයක් ඉවසන්න බැරිකොට ඔහුට ඩුප්ලිකේට් ගැහීම අරුමයක් නෙමෙයි. (ස)
මහා දූෂණ වංශය එළි දකින්නෙ කවදාද ? (බ)
පරාජයට හේතුව විමල්ටත් කලින් ජනතාව තේරුම් ගත්ත. නමුත් මේ සියල්ලටම මුල බැසිල් වාගේම තමන් ප්‍රමුඛ රජය මගින් ගත් තීරණ සහ ජනතාවට අවශ්‍ය කාලයේදී ජනතා විරෝධයට ඇහුන්කම් නොදීම බව ඔබට නොතේරුණත් ජනතාව දනී. (බ)
දිගටම විවේක ගන්න, කිසි ප්‍රශ්නයක් නෑ. (ස)
දෙවැනි ධුර කාලයේදී බලය යොදවා ජිවිතාන්තයට ඉන්න විදියට ව්‍යවස්ථා වෙනස් කර ගත් නිසාද එතුමා නියම වෙලාවට සුදුසු තීරණ ගත්ත කියන්නේ? සුමුදු හේවා? (බ)
යුද ජයග්‍රහණයෙන් කොටසක් මෙතුමාටත් හිමිවිය යුතුයි!ජයග්‍රහණය සාමූහික ප්‍රයත්නයක්,එක්තරා මහාචාර්ය වරියක් හොඳකතාවක් කිව්වා මෑතකදී,ඒක මේ සංවාදයට ගැලපෙනවා කියලා මට හිතෙනවා,කිමිඳුම්කාරය වතුරෙ ගහගෙන යන ගෑනි ගොඩගත්තා කියලා ,ඒ ගෑනිව දුෂණය කරන්න දෙන්න බෑ! (බ)
පරම්පරා 3ක අනාගත පරපුර පවා ණය බරෙන් විනාශ කර ජනතා මුදලෙන් පවුලේ අයට සුරසැප දුන් ඔබ වැන්නෙකු නැවත බලයට ඒම නිවට ක්‍රියාවක් ලෙස දකිමු...(ම)
දේශප්‍රිය, කෝ ඉතින් ඔය කියපු එකක්වත් ඇල්ලුවේ නැහැනේ. අපිටත් ඕනෙතරම් කියන්න පුළුවන්. එත් ඒවා ඇත්ත වෙන්න ඕනේ.? (ර)
විවේක ගන්නවා කිව්වට හැමදාම රැස්වීම් වල. (ර)
වැඩකට නැති දෙවල්වලට උත්තර දිමෙන් පලක් නැති බව එතුමා දන්නවා අවශ්‍ය තැනේදි අවශ්‍ය දෙට නිවැරදි පිලිතුරැ දිලා තියෙනවනේ ඒක තමයි නියම ඒඩ්තර නායකයෙකුගේ ලක්ෂන හැම වෙලාවෙම ඔන දේටයි එපාදෙටයි දෙකටම කියවන්නේ නැහැ. (ර)
කවුරු කෙසේ කීවත් මහින්ද දැන් කුනු කූඩෙට වැටිලා ඉවරයි. වැරදි හදාගත්තොත් ලබන ආත්මෙදි පොඩි චාන්ස් එකක් තියේවි! (බ)
සුවඳරත්න, ඔබගේ ප්‍රකාශය මම අනුමත කරනවා! (බ)
රකිත්, රණවිරුවෝ පසුගිය අවරුදු 30 තිස්සේත් හිටියනේ....නේද?(බ)
මහින්ද හොඳට කරගෙන යන්න පුළුවන් නායකයෙක්. වටකරගත් පිරිස නිසා අද මෙහෙම වුනේ. හැමෝම පුළුපුළුවන් විදියට හොරකම් කළා. සියලු සැප ගත්තා. වරදක් නෑ ජනතා තීන්දුව (බ)
ඔහු සැබෑ නායකයෙක්, ලිස්සලා යන කෙනෙක් නොව. එතුමාට අපේ ආශිර්වාදය. (ර)
පද්මිනිට නොතේරුණාට එතුමාගේ තෙවැනි ධුර කාලයක් කියන්නෙත් රටේ ජාතික අවශ්‍යතාවයක්. ත්‍රස්තවාදය අවසන් කළත් විදේශීය බලවේග විසින් පෝෂණය කෙරෙන බෙදුම්වාදය තවමත් ඉවර නැහැ. එය රටට අවදානමක් නිසා ඉන් රට මුදාගන්න අපිට තවදුරටත් එතුමා ඕනෑ. නිදහසෙන් පස්සේ අපිට ලැබුණු එවැනි නායකයන්ගෙන් එතුමා එක්කෙනෙක් බවත් අමතක නොකළ යුතුයි. (නි)
කැලිෆෝර්නියා මහින්ද අපේ මහින්ද මහත්තයා ගැන අලුත් සොයාගැනීමක් කරලා වගෙයි! (නි)
සුවඳරත්න, හිටපු ජනපතිතුමා පැරදුණු පසුවත් එතුමා වටේ රොදබඳින පොදු ජනතාව මේ කතා වලට හොඳ පිළිතුරක් දෙනවා. (නි)
අනේ අනේ දේශප්‍රිය, ඔයා හොඳ සිහියෙන්ද කතා කරන්නේ? එතුමාගේ කාලේදී වර්ෂ ගණනාවක් පුරා ආර්ථික වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ආවේ හොරාකාපු හින්දද? ආර්ථිකය වර්ධනය වෙනකොට අනාගත පරපුරට සෙතක් වෙන්නේ නැද්ද? ණය බර අඩු වෙන්නේ නැද්ද? යහපාලනය ඇවිල්ලා තවම දින සීයක් නැහැ. එහෙත් දැනටමත් ආර්ථිකය කඩාගෙන වැටෙන්න අරගෙන. (නි)
ජනතා තීන්දුව වැරදි බව එයාලටම ඉක්මනින්ම තේරුණු නිසා තමයි එතුමා යන යන තැන පිරිවරාගන්නේ. මේක දකින සමහරුන්ගේ මහින්ද භීතිකාව නම් උග්‍රවෙනවා. (නි)
චන්ද්‍ර, කලබල නැතුව ටිකක් ඉවසලා ඉන්නකෝ. තවම පටන්ගත්තා විතරයිනේ. (නි)
ප්‍රේම්, එතුමා කුණු කූඩයට වැටිලානම් මෙච්චර උග්‍ර මහින්ද භීතිකාවක් මොකද? ඇත්ත කතාව නම් එතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙද්දී එතුමාට ගරහන අය ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන බවයි. (නි)
රකිත්, යුද්ධය ඇතුළු අපි ලබාගන්නා බොහෝ දේ සාමුහික ප්‍රයත්න වල ප්‍රතිඵල වුණත් යුද ජයග්‍රහණයේදී තීරණාත්මක සාධකය වුණේ හිටපු ජනපතිතුමාගේ දේශපාලන නායකත්වයයි. විදේශීය බලවේග හමුවේ දෙකට තුනට නැවෙන සේනාධිනායකයෙක් යටතේ මොන හමුදාවකටවත් යුද ජයග්‍රහණ බැරි නිසා තමයි කොබ්බෑකඩුව වගේ රණවිරුවන්ටත් කොටි නසන්න බැරිවුණේ. කවුරු අකාමකා දාන්න හැදුවත් ජනතාව ඇත්ත තේරුම් අරගෙන ඉන්නේ. (නි)
පිවිතුරු යහපාලගේ නමින් වෙන කෙනෙක් අදහස් දැම්මලු නේද? අනුන්ගේ පින්තූර විකෘති කරලා දේශපාලන වාසිගන්න අයත් ඉන්න එකේ ඕකත් මහා දෙයක්ද? (නි)
හරි හරි ඉතින් කෙටි උත්තරයක් හරි දුන්නනේ.. නැතුව ඉතින් ඔතන වැඩිවෙලා ඉන්නද කියන්නේ. (ස)
මෙයාල ඕව අහන්නෙ මෙතුමට තවත් මඩ ගහන්නනෙ. මෙතුම ඕවට උහොමවත් උත්තර නොදෙනවනම් තමයි හොඳ. (ස)
එතුමා හොඳ නායකයෙක්. එච්චරයි මම නම් දන්නේ (නි)
සුවඳරත්නට මම කිව්වේ ඔවැනි කතා මෙවැනි වැදගත් සභාවකට නොගැළපෙන බවයි (නි)
දිරිගැන්නුවාට ස්තුතියි සොපී. රට වෙනුවෙන් වෙලාවේ හැටියට පුළුවන් දෙයක් කරමු. (නි)