(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන සැප්තැම්බර් මස 04 වැනිද දක්වා තවදුරටත් දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දැනුම් දුන්නේය.
හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත නොවන බවට අධිකරනයට ලබා දී ඇති පොරොන්දුව එදින දක්වා බලපැවැත්වෙන බව ද අධිකරණය ප්‍රකාශ කළේය.
අක්රමිකවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා වාණිජ මණ්ඩලය හිටපු සභාපතිවරයකු සහ මහජන ක්‍රියාකාරි චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සැලකිල්ලට ගත් ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරයේ, එල්. ටී. බී දෙහිදෙණිය, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත්තේ නීතිපති, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් යන මහත්වරු ඇතුළු 39 දෙනෙකි.
වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වගකිවයුත්තන් මෙන්ම ඒ සම්බන්ධයෙන් මූලික වූ කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසට ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න මහතා සහ ප්‍රකට පිහිනුම් ශූරයකු වූ ජුලියන් බෝලින් මහතා ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල පැමිණිලිකරුවෝ වෙති.
මෙම පෙත්සමෙන් නම් කර ඇති වගඋත්තරකරුවන්ගේ අයහපත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වී ඇතැයි පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් සඳහන් කර ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහින්ද-බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කරයි
--ගුග්ලි-- Wednesday, 10 August 2022 03:14 PM
"වට්ස්-ඇප්" එකෙන් විදෙස් හමුවීම් තහනම් කරලා නැහැ නේද? ඉතින් ප්‍රශ්නයක් නැහැනේ..!
ganegoda Wednesday, 10 August 2022 03:17 PM
මාටියා ගහපු ධනස්කන්ධය ආපහු දීලා ජනතාවගෙන් සමාව ගන්නකන් නිවාස අඩස්සියේ සිටිය යුතුයි...!
fairoos Wednesday, 10 August 2022 04:00 PM
වත්මන් ආර්ථික අර්බුදයේ මහමොළකරු හිටපු ජනාධිපතිත් අත්අඩංගුවට ගන්න.
SUNIL MILANO Wednesday, 10 August 2022 05:57 PM
කොටි පරාජය කරපු එකේ විපාක. හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා පිටින් යවා ගරහන්න තරම් කුහක ජාතියක් සිටින රටක් තමයි ශ්‍රී ලංකාව (සියලුම ශ්‍රී ලංකාවාසීන් නොවේ.. සමහර පිරිසක්) හරිම කනගාටුයි මේ කරන පාදනම් විරහිත අපහාසවලට
ganegodaWednesday, 10 August 2022 07:08 PM
කොටින්ව එලවලා රාජපක්ෂලානේ අපිට කොටිපාට් දැම්මේ.. අන්න එතනම තමයි එයාලාට වරදගත්ත තැන
BamunuarachchiThursday, 11 August 2022 04:27 PM
කරුණාකරලා කියන්න මොනවද දාපු කොටිපාට් කියලා.
Kumara Wednesday, 10 August 2022 07:27 PM
මොන ශාපයක්ද රාජපක්ෂලට යන තුතුකුඩියකට යන්න දීපල්ලා
podi mole Wednesday, 10 August 2022 09:00 PM
අපේ අයියලා කළොත් කරන්නේ ඔයවගේ මැටිමෝල් වැඩම තමයි... පස්සට පයින් ගහලා ආපහු නොඑන්නම රටෙන්ම එළවන්න ඕනෑ අය බලෙන් තියා ඉන්නවා.
reks Wednesday, 10 August 2022 09:26 PM
පිටවීම නෙමෙයි, රටට ඇතුළු වීමයි තහනම් කරන්න ඕන.
Bamunuarachchi Thursday, 11 August 2022 04:28 PM
දැන් අපිට හිතෙනවා මොකටද කොටි එලෙව්වේ. යුද්දය වවාගෙන කන්න තිබුණනා නේද කියලා.
Bamunuarachchi Thursday, 11 August 2022 04:32 PM
මේ රටින් යන්න එපා වැඩිකල් නොගොස් ඔබලාව මෙරටට ඕනේ වෙනවා. 1952 ඩඩ්ලි සේනානායක මහත්ත්තයත් ඔය විදිහටම දාලා ගියා පස්සේ නැවත අගමැති වුණා. අපි ජෙප්පන් දියකර හැරීමේ ව්‍යාපාරය පටන් ගත්තා. අරගලය උන් ලවාම දියකර හැරියා. නැවත අනත්රයේ පිරිස් උද්ඝෝෂණවලට පාරට බහින්නේ නැහැ.