ඉන්දියා පාර්ලිමෙන්තු මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝඩි ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සුභ පැතුම් එක් කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.
දුරකථනය ඔස්සේ මෝඩි ඇමතූ ජනපතිවරයා අවසරයක් ලද වහාම ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන්නයැයි ආරාධනයක්ද කළේය.
නරේන්ද්‍ර මෝඩි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ලද මේ ජයග්‍රහණය ශී්‍රලංකාවට සුභවාදී වනු ඇතැයි රජය අපේක්ෂාවෙන් සිටී.පෙර තිබූ කොංග්‍රස් රජය හා ශී්‍රලංකාවේ සබදතා ක්‍රමයෙන් බිද වැටෙමින් තිබූ තත්ත්වයක් පැවතුනු අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලීන් 2 කට සහය පළ කිරීමටද එවක ඉන්දියාව කටයුතු කළේය.
විදෙස් කටයුතු හා විදෙස් සබදතා පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ මෝඩි ප්‍රමුඛ ඉන්දියාවේ නව රජය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තීරණාත්මක වනු ඇති බවයි .නව රජය හා සමිීප සබදතා දැන් දැන්ම ගොඩනගා ගැනීමට ශී්‍රලංකාව කටයුතු කළ යුතුව ඇතැයි ඔහු පෙන්වා දේ.
මෝඩි හා ශ්‍රී ලංකා ජනපතිවරයාගේ දේශපාලන දැක්මේ සමානකම් රාශියක් ඇතැයි කියන ඔහු දෙදෙනාගේම දේශපාලන දැක්ම පිහිටා ඇත්තේ ජාතිකත්වය මත පදනම්ව නිසා දෙදෙනා අතර හොද අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතු මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට ඉඩ ඇති බවත් පවසයි.
මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට හොද වාතාවරණයක් පැවතියද ඇතැම් පාර්ශවයන්ගේ ක්‍රියාකාරකම් නිසා නායකයින් දෙපළ අතර විශ්වාසය පළුදු වීමේ ඉඩක්ද ඇතැයි ආචාර්ය දයාන් ජයතිලක අනතුරු අගවයි.හිටපු අගමැති මන්මෝහන් සිං ට වඩා මෝඩි ශ්‍රී ලංකාවේ හැසිරීම හා කටයුතු සම්බන්ධයෙන් වඩා විමසිලිමත්වනු ඇතැයිද ඔහු කියයි.
ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ අනාගතය යහපත් අතට හරවා ගැනීමට මෙය හොද අවස්ථාවක් බවත් කෙසේනමුත් සියල්ල තීරණය වනු ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවේ නව රජය හා ගනුදෙනු කිරීමට යන ආකාරය මත වනු ඇති බවත් ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනපතිතුමා කවදත් තෝරාගත්තේ හරි දේ (නි)
බණ්ඩා හරියටම හරි. ඉන්දියාව වෙනස්. හියිද්‍රාබාඩ් ගිහින් බලන්න පුදුම හිතෙනවා. අපේ දේසපාලඥයින්ට වඩා ඉන්දියාවේ නායකයෝ රටේ අනාගතය ගැන හිතනවා. ගිහිල්ලම බැලුවා නම් තේරෙනවා.(නදී)
අනේ ඇත්තට බිනර කෞශල්‍යය, වැඩි දුර රට වලට යන්න ඕනෑ නැහැ. කියන්න බලන්න අපේ මහින්ද ජනාධිපතිතුමයි රනිල් මහත්තයයි අතර තියන සමානකම්. මට නම් පෙනෙන්නේ එකම එකයි, එනම් බලයේ සිටීම සහ බලය ලබා ගැනීම පමණයි. (ස)
ජාතිය වනසන කුඞු ගෙන්වන අයව ආරක්ෂා කරන,දේශපාලන නායකයෝ ඉන්දියාවේ නැහැ. (නදී)
දේශපාලකයෝ කව්රුත් එකයි. එන්නේ බයිසිකලෙන්. යන්නේ ලෝකේ තියෙන ඉහලම මිල ඇති වහනයෙන්.(නදී)
අපේ ලංකාවේ හරි විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනතුරු මෝඩි නෙමේ මොන මලයකා එක්ක කතා කලත් රටට වැඩක් නැහැ (නදී)
ඒවා කොහෙද අපිත් එක්ක. (ස)
ගජමන් ඔයා කියන කතාව හරි. (ස)
ලන්ඩන්වල ඉන්න ඩොක්ටර් විකී, දැන ගන්නයි අහන්නෙ.ඔබතුමා මල යක්කු ගැන කථා කලේ මොකද.?(ස)
භාරතීය ජනතා පක්ෂේ ආවොත් ලංකාව ඉවරයි කියලා කිවෙවෙත් දයාන් ජයතිලක මහත්යනේද (අ)?
මහින්ද -මෝදී විතරක් නෙවෙයි දකුණු ආසියාවේ ඉන්න ඔක්කොම නායකයන්ගේ දේශපාලන දැක්ම එක සමානයි. වෙනස් වෙන්නේ ඇදූමයි,භාෂාවයි විතරයි. (නදී)
ආණ්ඩුවට කඩේ යනවා (අ)
ලියනගේ, ලංකාවේ වඩා ලොකු ප්‍රශ්නයක් තිබියදී ඒවා හොයන්නේ නැතුව ආර්ථිකය වර්ධනය කරන්න ගියොත් විපක්ෂය නිකන් ඉඳීවිද? (නි)
මෝදී කව්ද කියල ඉස්සරහට බලමු. ඉන්දියාවේ නීතිය මෝදී ට වඩා උඩින් තියෙන්නේ.(නදී)
මෝඩි පවුල් ගස වර්ධනයට ජාතික ධනය නැමති පොහොර දාන්නේ නැහැ. ඔහු හෘද සාක්ෂියට විරුද්ධව ජාතික වීරයන්ව පාගා තමන්ගේ තැන රැකගන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. ඔහුට එහෙම කරන්නට ඒ රටේ නීතිය අතට ගන්නත් බැහැ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. (නි)
ජයලලිතා තමයි "මෝඩී" (නදී)
මෝඩි චිනය සමග තිබෙන සම්බන්ධය නිසා අපට චිනය සමග බැදිම අඩුවේවි.(නදී)
පූර්ණ,මම කිවුවේ අපේ විදේශ සම්බන්ධතා තියෙන්නේ බොහෝවිට ඵලක් නැති රටවල් සමඟ. (නි)
රූපසිංහ, මගේ අදහස හරියට තේරුම් ගෙන නෑ කියලා මට හිතෙන්නේ ඔබ කියපු දේ තමයි මමත් අදහස් කලේ. දකුණු ආසියාතික බොහෝ නායකයන් සියලුම දෙනා කල්පනා කරන්නේ බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යන්නේ කෙසේද කියා පමණයි. ඒ වෙනුවෙන් කළහැකි ඕනෑම දෙයක් කරනවා. වංචාව,දුෂණය,මැර බලය,නීතිය බිද දැමීම,ජාති වාදය මෙකි නොකී හැමදේම. ගජමන් ගේ කථාව 200% හරි.(නදී)
දැනටමත් රට විනාශ වී අවසන්. හෙට අනිද්දා වනවිට යුරෝපයයි, ඇමරිකාවයි සම්බාධක පැනවුවහොත් කුමක් වේවිද? (නි)
මෝඩි මෝඩ නොවී තේරුම් ගන්න ඕන දෙයක් තියනවා, ඒ තමා ලංකාවේ ප්‍රශ්න විසදන්න කලින් ඉන්දියාවේ ප්‍රශ්න විසදන්න ඕන කියලා, ඉන්දියාවේ සියයට හතලිස් නමයකටම වැසිකිලි නැහැ, එයාලා මලපහ කරන්නේ දුම්රිය මාර්ග දෙපස, බොහෝ පළාත්වල බෙදුම්වාදීන් හිස ඔසවලා, දුම්රියවල වහලවල් උඩ පවා මිනිස්සු නැගලා යනවා, තවම රික්ෂෝවල මගීන් ප්‍රවාහනය කරනවා. ඒ අතින් මගේ රට වාසනාවන්තයි. (ස)
මෝඩි තනි මිනිහා, රකින්න පරපුරක් නෑ...ඔක්කොම කරන්නේ රට වෙනුවෙන් ,දෙපාරයි ඡන්දෙ ඉල්ලනේ (නදී)
සමානකම් කෙසේ වෙතත් උග්‍ර ජාතිවාදී, ආගම්වාදී නරේන්ද්‍ර මෝඩි චීනය සහ පකිස්ථානය එක්ක ප්‍රශ්නයක් ඇති කර ගත්ත අපි හිටගන්න වෙන්නේ කොයි පැත්තෙන්ද කියන එකයි අපිට තියෙන ප්‍රශ්ණය.(නදී)
බණ්ඩාගේ කටේ මසුරන් දාන්න වටිනා කතාවක්. (නදී)
ජයලලිතගේ සහයක් නැතිවම මෝදිට රජයක් පිහිටුවන්න පුලුවන්. ඒ අනුව ඔහුට තනිවම තීරණ ගන්න පුලුවන්.(නදී)
මෝඩි ගැන අපිත් දන්නවා.(නදී)
ආචාර්ය දයාන් ජයතිලක කියා තිබෙන්නේ අපි කවුරුත් දන්නා දේවල්මයි. මම හිතන්නේ මේකට කොමෙන්ට් දාපු වෙරංග නැමැත්තා ආචාර්ය ජයතිලකට වඩා ගොඩාක් දේවල් දාන්නවා ඇති. (නදී)
වෙරංග, . ඔයා කියන්නේ ඔයාගේ නෝනා ගැනද, නංගී ගැනද නැත්නම් මං ගැනද.? (නදී)
ඇපලුයි දොඩම් ගෙඩියි එක සමානයි කියන අයත් මේ ලංකාවේ ඉන්නවනේ. (ස)
මුලදී ඔහු බොහෝ දේ කිරීමට උත්සාහ ගනීවි.පසුව සාමාන්‍ය තත්වයට පත්වේවි.ඒක සාමාන්‍ය ස්වාභාවයනේ.කිසිම රටක් සමග උරණ නොවී හොඳින් සිටීමට ක්‍රියා කරාවී කියලයි මට හිතෙන්නේ. එයාගේ රට ඇතුලේ විසඳ ගැනීමට ගොඩක් ප්‍රශ්න තියෙනවා. (ස)
දෙදෙනාම, අවංකම, ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට උත්සහ ගත්තොත් ආරවුලක් ඇතිවෙන එකක් නැහැ.''පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා". (නදී)
විරැකියාව දුරලීම,ආර්ථිකය දියුණු කිරීම,චීනය සහ පකිස්ථානය සමග වඩා යහපත් මිත්‍රත්වයක් ගෙනයාම,රට ඇතුලේ ගැටුම් ඇති ප්‍රදේශ වලට සාමය ගෙනදීම සහ සියයට පනස්තුනක ජනතාවක් එළිමහනේ වැසිකිලි යාම නැවත්විමත් ඉන්දියාවේ නව අගමැතිට ඇති ප්‍රදාන අභියෝග බවත් පැවසේ. (නදී)
අන්න දයාන් මහත්තයටත් වැරදුනු තැන.මේ දෙන්නගේ සමාන කම් කියන්න කලබල වෙන එක හොඳ මදි.කන කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනකොට කිව්වනේ මහත්තයෝ.තවම මෝඩි මහත්තය වැඩ පටන් ගත්තෙත් නැහැනේ. කොහොම වෙතත් අපේ රටට යහපතක් වන ආකාරයට ඔහුගේ අදහස් මෘදු වේවායි පතමු! (ස)
ලුම්බිණි කාටද ඒ ඇනුම් පදය? නොදන්නා දේ කතා කරලා නුගත් කම ප්‍රදර්ශනය කරන්න එපා.(නදී)
ලුම්බිණි" ඔයා කියපු දේ ටෙනිසන්ට තේරුනේ නැහැ. ලුම්බිණි" පුළුවන් නම් මට කියන්න කව්ද ඇපල් කව්ද දොඩම් කියල. මොකද ඒක මට තේරුනේ නැහැ. (නදී)
මෝඩකම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ කවුද කියල ටික කලක් ගියාම කාට කාටත් පෙනේවි. (නදී)
බණ්ඩා, මෝඩි තනි මිනිහෙක් නොවේ. ඔහු විවාහකයෙක්. (නදී)
ඉන්දියාවේ ජනගහණය දිහා බලන විට එහි රටේ නිෂ්පාදන ශක්තිය බලන විට, ඔවුන්ගේ දැනුම හා ශක්තිය දෙස බලන කොට අපේ රට කොහෙද කියා දැන ගන්න පුළුවන්. පසු ගිය කාලේ දැවැන්ත ලෙස ආර්ථික දියුණුවක් ලබපු රටක්. එයාලත් දේශපාලකයන්ගේ දුෂණ, කොමිස් , මැර බලය ඉතා ඉහල තත්වයක් පවතිනවා. එහි එක නායකයත් උසාවි ගියා රටේ නිතිය වෙනස් කරන්න කියල දුෂණය , කොමිස් වලට එරෙහිව ඔහු ඉල්ලා අස්වුනා දිල්ලි ප්‍රාන්තයේ මහා ඇමති ලෙස. මෙම මැතිවරණ ප්‍රතිපලය ලංකාවේ දේශපාලයකයන්ට හොඳ ආදර්ශයක්. මතක තබා ගන්න අනගාරික මහතා කිවා සේ අප හිටගන්න ඕනේ කොයි පැත්තද කියන එක. වැසිකිලි ප්‍රශ්න වැඩක් නැහැ.(නදී)
බණ්ඩා කියපු දේ හරි. දෙන්නව සමාන කරන්න බැහැ. (නදී)