IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘මහින්ද - මෝඩි සමානකම් රැසක්‘

ඉන්දියා පාර්ලිමෙන්තු මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝඩි ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සුභ පැතුම් එක් කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.

දුරකථනය ඔස්සේ මෝඩි ඇමතූ ජනපතිවරයා අවසරයක් ලද වහාම ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන්නයැයි ආරාධනයක්ද කළේය.

නරේන්ද්‍ර මෝඩි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ලද මේ ජයග්‍රහණය ශී්‍රලංකාවට සුභවාදී වනු ඇතැයි රජය අපේක්ෂාවෙන් සිටී.පෙර තිබූ කොංග්‍රස් රජය හා ශී්‍රලංකාවේ සබදතා ක්‍රමයෙන් බිද වැටෙමින් තිබූ තත්ත්වයක් පැවතුනු අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලීන් 2 කට සහය පළ කිරීමටද එවක ඉන්දියාව කටයුතු කළේය.

විදෙස් කටයුතු හා විදෙස් සබදතා පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ මෝඩි ප්‍රමුඛ ඉන්දියාවේ නව රජය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තීරණාත්මක වනු ඇති බවයි .නව රජය හා සමිීප සබදතා දැන් දැන්ම ගොඩනගා ගැනීමට ශී්‍රලංකාව කටයුතු කළ යුතුව ඇතැයි ඔහු පෙන්වා දේ.

මෝඩි හා ශ්‍රී ලංකා ජනපතිවරයාගේ දේශපාලන දැක්මේ සමානකම් රාශියක් ඇතැයි කියන ඔහු දෙදෙනාගේම දේශපාලන දැක්ම පිහිටා ඇත්තේ ජාතිකත්වය මත පදනම්ව නිසා දෙදෙනා අතර හොද අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතු මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට ඉඩ ඇති බවත් පවසයි.

මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට හොද වාතාවරණයක් පැවතියද ඇතැම් පාර්ශවයන්ගේ ක්‍රියාකාරකම් නිසා නායකයින් දෙපළ අතර විශ්වාසය පළුදු වීමේ ඉඩක්ද ඇතැයි ආචාර්ය දයාන් ජයතිලක අනතුරු අගවයි.හිටපු අගමැති මන්මෝහන් සිං ට වඩා මෝඩි ශ්‍රී ලංකාවේ හැසිරීම හා කටයුතු සම්බන්ධයෙන් වඩා විමසිලිමත්වනු ඇතැයිද ඔහු කියයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ අනාගතය යහපත් අතට හරවා ගැනීමට මෙය හොද අවස්ථාවක් බවත් කෙසේනමුත් සියල්ල තීරණය වනු ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවේ නව රජය හා ගනුදෙනු කිරීමට යන ආකාරය මත වනු ඇති බවත් ආචාර්ය දයාන් ජයතිලක පවසයි.



අදහස් (0)

‘මහින්ද - මෝඩි සමානකම් රැසක්‘

ලියනගේ Sunday, 18 May 2014 04:02 PM

ඉන්දියාවේ ජනගහණය දිහා බලන විට එහි රටේ නිෂ්පාදන ශක්තිය බලන විට, ඔවුන්ගේ දැනුම හා ශක්තිය දෙස බලන කොට අපේ රට කොහෙද කියා දැන ගන්න පුළුවන්. පසු ගිය කාලේ දැවැන්ත ලෙස ආර්ථික දියුණුවක් ලබපු රටක්. එයාලත් දේශපාලකයන්ගේ දුෂණ, කොමිස් , මැර බලය ඉතා ඉහල තත්වයක් පවතිනවා. එහි එක නායකයත් උසාවි ගියා රටේ නිතිය වෙනස් කරන්න කියල දුෂණය , කොමිස් වලට එරෙහිව ඔහු ඉල්ලා අස්වුනා දිල්ලි ප්‍රාන්තයේ මහා ඇමති ලෙස. මෙම මැතිවරණ ප්‍රතිපලය ලංකාවේ දේශපාලයකයන්ට හොඳ ආදර්ශයක්. මතක තබා ගන්න අනගාරික මහතා කිවා සේ අප හිටගන්න ඕනේ කොයි පැත්තද කියන එක. වැසිකිලි ප්‍රශ්න වැඩක් නැහැ.(නදී)

:       0       0

ලාල් ජකර්තා Sunday, 18 May 2014 04:10 PM

බණ්ඩා කියපු දේ හරි. දෙන්නව සමාන කරන්න බැහැ. (නදී)

:       0       0

බිනර කෞෂළ්‍යය Sunday, 18 May 2014 04:11 PM

මහින්ද -මෝදී විතරක් නෙවෙයි දකුණු ආසියාවේ ඉන්න ඔක්කොම නායකයන්ගේ දේශපාලන දැක්ම එක සමානයි. වෙනස් වෙන්නේ ඇදූමයි,භාෂාවයි විතරයි. (නදී)

:       0       0

ප්‍රභාෂ් Sunday, 18 May 2014 04:22 PM

බණ්ඩා හරියටම හරි. ඉන්දියාව වෙනස්. හියිද්‍රාබාඩ් ගිහින් බලන්න පුදුම හිතෙනවා. අපේ දේසපාලඥයින්ට වඩා ඉන්දියාවේ නායකයෝ රටේ අනාගතය ගැන හිතනවා. ගිහිල්ලම බැලුවා නම් තේරෙනවා.(නදී)

:       0       0

රූපසිංහ Sunday, 18 May 2014 04:42 PM

අනේ ඇත්තට බිනර කෞශල්‍යය, වැඩි දුර රට වලට යන්න ඕනෑ නැහැ. කියන්න බලන්න අපේ මහින්ද ජනාධිපතිතුමයි රනිල් මහත්තයයි අතර තියන සමානකම්. මට නම් පෙනෙන්නේ එකම එකයි, එනම් බලයේ සිටීම සහ බලය ලබා ගැනීම පමණයි. (ස)

:       0       0

සුජිත් Sunday, 18 May 2014 04:51 PM

ජාතිය වනසන කුඞු ගෙන්වන අයව ආරක්ෂා කරන,දේශපාලන නායකයෝ ඉන්දියාවේ නැහැ. (නදී)

:       0       0

ගජමන් Sunday, 18 May 2014 05:07 PM

දේශපාලකයෝ කව්රුත් එකයි. එන්නේ බයිසිකලෙන්. යන්නේ ලෝකේ තියෙන ඉහලම මිල ඇති වහනයෙන්.(නදී)

:       0       0

ප්‍රසන්ත Monday, 19 May 2014 10:09 AM

ආණ්ඩුවට කඩේ යනවා (අ)

:       0       0

ඉන්දික Monday, 19 May 2014 10:16 AM

ලියනගේ, ලංකාවේ වඩා ලොකු ප්‍රශ්නයක් තිබියදී ඒවා හොයන්නේ නැතුව ආර්ථිකය වර්ධනය කරන්න ගියොත් විපක්ෂය නිකන් ඉඳීවිද? (නි)

:       0       0

මහේෂ් Monday, 19 May 2014 11:13 AM

මෝදී කව්ද කියල ඉස්සරහට බලමු. ඉන්දියාවේ නීතිය මෝදී ට වඩා උඩින් තියෙන්නේ.(නදී)

:       0       0

ඩොක්ටර් විකී ලන්ඩන් Sunday, 18 May 2014 06:36 PM

අපේ ලංකාවේ හරි විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනතුරු මෝඩි නෙමේ මොන මලයකා එක්ක කතා කලත් රටට වැඩක් නැහැ (නදී)

:       0       0

ජයන්ත Sunday, 18 May 2014 06:44 PM

ඒවා කොහෙද අපිත් එක්ක. (ස)

:       0       0

ජගත් ලියනගේ Sunday, 18 May 2014 12:12 PM

දෙදෙනාම, අවංකම, ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට උත්සහ ගත්තොත් ආරවුලක් ඇතිවෙන එකක් නැහැ.''පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා". (නදී)

:       0       0

බණ්ඩා Sunday, 18 May 2014 12:17 PM

මෝඩි තනි මිනිහා, රකින්න පරපුරක් නෑ...ඔක්කොම කරන්නේ රට වෙනුවෙන් ,දෙපාරයි ඡන්දෙ ඉල්ලනේ (නදී)

:       0       0

අනගාරික Sunday, 18 May 2014 12:21 PM

සමානකම් කෙසේ වෙතත් උග්‍ර ජාතිවාදී, ආගම්වාදී නරේන්ද්‍ර මෝඩි චීනය සහ පකිස්ථානය එක්ක ප්‍රශ්නයක් ඇති කර ගත්ත අපි හිටගන්න වෙන්නේ කොයි පැත්තෙන්ද කියන එකයි අපිට තියෙන ප්‍රශ්ණය.(නදී)

:       0       0

චමින්ද Monday, 19 May 2014 01:02 PM

මෝඩි පවුල් ගස වර්ධනයට ජාතික ධනය නැමති පොහොර දාන්නේ නැහැ. ඔහු හෘද සාක්ෂියට විරුද්ධව ජාතික වීරයන්ව පාගා තමන්ගේ තැන රැකගන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. ඔහුට එහෙම කරන්නට ඒ රටේ නීතිය අතට ගන්නත් බැහැ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. (නි)

:       0       0

ලයනල් Monday, 19 May 2014 01:09 PM

ජයලලිතා තමයි "මෝඩී" (නදී)

:       0       0

ශාන්ත Monday, 19 May 2014 01:10 PM

මෝඩි චිනය සමග තිබෙන සම්බන්ධය නිසා අපට චිනය සමග බැදිම අඩුවේවි.(නදී)

:       0       0

කමණී Sunday, 18 May 2014 09:05 PM

ගජමන් ඔයා කියන කතාව හරි. (ස)

:       0       0

දර්ශන Sunday, 18 May 2014 01:01 PM

බණ්ඩාගේ කටේ මසුරන් දාන්න වටිනා කතාවක්. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 18 May 2014 01:03 PM

ජයලලිතගේ සහයක් නැතිවම මෝදිට රජයක් පිහිටුවන්න පුලුවන්. ඒ අනුව ඔහුට තනිවම තීරණ ගන්න පුලුවන්.(නදී)

:       0       0

වෙරංග Sunday, 18 May 2014 01:08 PM

මෝඩි ගැන අපිත් දන්නවා.(නදී)

:       0       0

විකී Monday, 19 May 2014 01:36 PM

පූර්ණ,මම කිවුවේ අපේ විදේශ සම්බන්ධතා තියෙන්නේ බොහෝවිට ඵලක් නැති රටවල් සමඟ. (නි)

:       0       0

අල්විස් Sunday, 18 May 2014 01:21 PM

ආචාර්ය දයාන් ජයතිලක කියා තිබෙන්නේ අපි කවුරුත් දන්නා දේවල්මයි. මම හිතන්නේ මේකට කොමෙන්ට් දාපු වෙරංග නැමැත්තා ආචාර්ය ජයතිලකට වඩා ගොඩාක් දේවල් දාන්නවා ඇති. (නදී)

:       0       0

මදුභාශිනි Sunday, 18 May 2014 01:23 PM

වෙරංග, . ඔයා කියන්නේ ඔයාගේ නෝනා ගැනද, නංගී ගැනද නැත්නම් මං ගැනද.? (නදී)

:       0       0

බිනර කෞෂළ්‍යය Monday, 19 May 2014 01:59 PM

රූපසිංහ, මගේ අදහස හරියට තේරුම් ගෙන නෑ කියලා මට හිතෙන්නේ ඔබ කියපු දේ තමයි මමත් අදහස් කලේ. දකුණු ආසියාතික බොහෝ නායකයන් සියලුම දෙනා කල්පනා කරන්නේ බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යන්නේ කෙසේද කියා පමණයි. ඒ වෙනුවෙන් කළහැකි ඕනෑම දෙයක් කරනවා. වංචාව,දුෂණය,මැර බලය,නීතිය බිද දැමීම,ජාති වාදය මෙකි නොකී හැමදේම. ගජමන් ගේ කථාව 200% හරි.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 19 May 2014 02:05 PM

දැනටමත් රට විනාශ වී අවසන්. හෙට අනිද්දා වනවිට යුරෝපයයි, ඇමරිකාවයි සම්බාධක පැනවුවහොත් කුමක් වේවිද? (නි)

:       0       0

ලුම්බිණි Sunday, 18 May 2014 02:07 PM

ඇපලුයි දොඩම් ගෙඩියි එක සමානයි කියන අයත් මේ ලංකාවේ ඉන්නවනේ. (ස)

:       0       0

දයාජ Sunday, 18 May 2014 02:15 PM

මුලදී ඔහු බොහෝ දේ කිරීමට උත්සාහ ගනීවි.පසුව සාමාන්‍ය තත්වයට පත්වේවි.ඒක සාමාන්‍ය ස්වාභාවයනේ.කිසිම රටක් සමග උරණ නොවී හොඳින් සිටීමට ක්‍රියා කරාවී කියලයි මට හිතෙන්නේ. එයාගේ රට ඇතුලේ විසඳ ගැනීමට ගොඩක් ප්‍රශ්න තියෙනවා. (ස)

:       0       0

සජී Sunday, 18 May 2014 02:18 PM

මෝඩි මෝඩ නොවී තේරුම් ගන්න ඕන දෙයක් තියනවා, ඒ තමා ලංකාවේ ප්‍රශ්න විසදන්න කලින් ඉන්දියාවේ ප්‍රශ්න විසදන්න ඕන කියලා, ඉන්දියාවේ සියයට හතලිස් නමයකටම වැසිකිලි නැහැ, එයාලා මලපහ කරන්නේ දුම්රිය මාර්ග දෙපස, බොහෝ පළාත්වල බෙදුම්වාදීන් හිස ඔසවලා, දුම්රියවල වහලවල් උඩ පවා මිනිස්සු නැගලා යනවා, තවම රික්ෂෝවල මගීන් ප්‍රවාහනය කරනවා. ඒ අතින් මගේ රට වාසනාවන්තයි. (ස)

:       0       0

පූර්ණ Monday, 19 May 2014 12:46 AM

ලන්ඩන්වල ඉන්න ඩොක්ටර් විකී, දැන ගන්නයි අහන්නෙ.ඔබතුමා මල යක්කු ගැන කථා කලේ මොකද​.?(ස)

:       0       0

සුරනිමල Sunday, 18 May 2014 02:33 PM

විරැකියාව දුරලීම,ආර්ථිකය දියුණු කිරීම,චීනය සහ පකිස්ථානය සමග වඩා යහපත් මිත්‍රත්වයක් ගෙනයාම,රට ඇතුලේ ගැටුම් ඇති ප්‍රදේශ වලට සාමය ගෙනදීම සහ සියයට පනස්තුනක ජනතාවක් එළිමහනේ වැසිකිලි යාම නැවත්විමත් ඉන්දියාවේ නව අගමැතිට ඇති ප්‍රදාන අභියෝග බවත් පැවසේ. (නදී)

:       0       0

ගයන් Monday, 19 May 2014 01:39 AM

භාරතීය ජනතා පක්ෂේ ආවොත් ලංකාව ඉවරයි කියලා කිවෙවෙත් දයාන් ජයතිලක මහත්යනේද (අ)?

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Sunday, 18 May 2014 03:01 PM

අන්න දයාන් මහත්තයටත් වැරදුනු තැන.මේ දෙන්නගේ සමාන කම් කියන්න කලබල වෙන එක හොඳ මදි.කන කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙනකොට කිව්වනේ මහත්තයෝ.තවම මෝඩි මහත්තය වැඩ පටන් ගත්තෙත් නැහැනේ. කොහොම වෙතත් අපේ රටට යහපතක් වන ආකාරයට ඔහුගේ අදහස් මෘදු වේවායි පතමු! (ස)

:       0       0

ටෙනිසන් Sunday, 18 May 2014 03:15 PM

ලුම්බිණි කාටද ඒ ඇනුම් පදය? නොදන්නා දේ කතා කරලා නුගත් කම ප්‍රදර්ශනය කරන්න එපා.(නදී)

:       0       0

ශාන් Sunday, 18 May 2014 03:29 PM

ලුම්බිණි" ඔයා කියපු දේ ටෙනිසන්ට තේරුනේ නැහැ. ලුම්බිණි" පුළුවන් නම් මට කියන්න කව්ද ඇපල් කව්ද දොඩම් කියල. මොකද ඒක මට තේරුනේ නැහැ. (නදී)

:       0       0

සිසිර Monday, 19 May 2014 06:55 AM

අපේ ජනපතිතුමා කවදත් තෝරාගත්තේ හරි දේ (නි)

:       0       0

ලුම්බිණි Sunday, 18 May 2014 03:52 PM

මෝඩකම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ කවුද කියල ටික කලක් ගියාම කාට කාටත් පෙනේවි. (නදී)

:       0       0

ගැමුණු Sunday, 18 May 2014 03:58 PM

බණ්ඩා, මෝඩි තනි මිනිහෙක් නොවේ. ඔහු විවාහකයෙක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2708 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1954 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2826 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2860 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 651 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1292 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36028 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site