IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මහින්ද මැදමුලනේදි පාත්ත ගීයක් ගයයි‘

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නැවත දේශපාලනයට එන්නේ පුනරුත්තාපනය නොවූ පුද්ගලයකු ලෙස බැවින් ඉදිරි මහ මැතිවරණයේ දී ඔහු පරාජය කරන්නට අවශ්‍ය සියලු දේ කරන බව ආචාර්ය දඹර අමිල හිමියෝ අද (02) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.

‘මහින්ද බලයට ආවොත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට පමණක් නොව මහින්ද පරාජය කිරීමට ඡන්දය දුන් ලක්ෂ හැට තුනටම වතුර බෝතලයේ (පිස්තෝලය) සරණයි.‘  යි ද ඒ හිමියෝ කීහ.

‘ජනවරම පාදා නොදෙනු-මහින්දට යළි ඉඩ නොදෙමු‘ මැයෙන් වෘත්තීය සමිති එකමුතුව , සිවිල් සංවිධාන එකමුතුව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ කලාකරුවන් පිරිසක් එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

ගාමිණී වියන්ගොඩ -

‘2004 සුනාමි ව්‍යසනය අවස්ථාවේ ලැබුණු ආධාර තමන්ගේ පෞද්ගලික ගිනුමකට බැර කර ගත් බවට චෝදනා ලැබ සිටි මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා ලෙස තීන්දුවක් දී, ඔහුට එරෙහිව පැමිණිලි කළ පුද්ගලයාට දඩ ගැසූ සරත් නන්ද සිල්වා ළඟ තියාගෙන හිටපු ජනපති කියනවා අපි නීතියේ අධිපත්‍ය රැක්කා කියා. ඔය සරත් නන්ද සිල්වම තමයි ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂ විරෝධී වේදිකාවට නැඟලා කිව්වේ මහින්දට අත්අඩංගුවට නොගන්නා ලෙසට එදා තමන් දුන් තීන්දුව ගැන කණගාටු වන බව හා ජාතියෙන් සමාව ගන්නා බව. මහින්ද වටා එකතු වෙලා ඉන්නේ එකම ජාතියේ පිරිසක්. මහින්දගේ මැදමුලන කතාව ඇහුවාම මට මතක් වුණේ ග්‍රීක දේව කතාවල එන හංස ගීතය.

හංසයා මැරෙන්න ලං වුණාමයි හංස ගීතය කියන්නේ. මං මේ හංස ගීතයක්ද කියා ළං වෙලා බැලුවාම හංසයෙක් නෙමේ මැදමුලනෙදි මේක කිව්වේ පාත්තයෙක්. ඒ පාත්තයා දිහා හොදට බලං ඉන්දි තේරුණේ මෙය ගීතයක් නොවෙයි, අඳෝනාවක් බව.‘

සමන් රත්නප්‍රිය, සුදර්ශන ගුණවර්ධන, සෝමරත්න දිසානායක, දඹර අමිල හිමි, සරත් විජේසූරිය, නිර්මාල් රංජිත් දේවසිරි, ජෝසප් ස්ටාලින්, ගැමුණු විජේරත්න, නීතීඥ ලාල් විජේනායක, ධර්මසිරි බණ්ඩාරනායක, චන්ද්‍රගුප්ත තේනුවර, රාජා උස්වැටකෙයියාව, ගිමිණී වියන්ගොඩ, ජයතිලක බණ්ඩාරනායක, සීතා රංජනී, දීපානි සිල්වා, සෞම්‍ය ලියනගේ, ඩබ්ලිව් ජයසිරි සහ ජයතිලක කම්මැල්ලවීර ඇතුළු පිරිසක් ඊට එක්වූහ.

RDS_4673 RDS_4706



අදහස් (0)

‘මහින්ද මැදමුලනේදි පාත්ත ගීයක් ගයයි‘

සසිත් Friday, 03 July 2015 09:04 AM

යුද්ධය කාලේ පෙනෙන්නවත් නොසිටි කාඩ් බෝඩ් වීරයෝ එළියට ඇවිල්ලා වගේ. (බ)

:       0       0

සෙලෙන්සියස් Thursday, 02 July 2015 02:42 PM

ඉමල්කා: නිකන් බොරුවට වචන දිගහරින්න එපා. ඔය කියල තියන කාරණා කීයක් ඇත්තටම අදාළ ඒවා ද කියල කල්පනා කරන්න. දඬුවම් දුන්නේ වරඳක් කළ හමුදාවේ අයෙකුට. කළ වරඳ නම් අවුරුදු 5, 13 දරුවන් ඇතුළු 8 දෙනෙක් ගේ බෙල්ල කපා මැරීම. මතක තියාගන්න ඈත ඉඳල වෙඩි තියල නෙමේ, ළඟට ගිහින් අල්ලලා බෙල්ල කපල. එ්ත් ඔබවගේ අය හඟවන්නේ මේක දිගුදුර මෙහෙයුමකදී කළ සටනකදී වුන දෙයක් වගේ. 2000 දී මේක අල්ලගත්තෙත් හමුදා පොලිසිය. නැතුව මේ රජය නොවේ. අනිත් එක සමලිංගික කතාව. මේක අදාළ වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයින්ගේ සහකරු එම සේවකයාගේ ලිංගිකත්වයේ නම් එවැනි අයට ලබාදෙන පහසුකම් ගැන. නැතුව ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කිරීමක් නොවේ. (බ)

:       0       0

සෙනරත් Thursday, 02 July 2015 02:49 PM

අරන්තලාවේ ඝාතනයට ලක් වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ටික අයිති වෙලා හිටියේ ඔබ වහන්සේගේ නිකායට නොවෙයි නිසා යුද්ධය අවසන් කළ රාජපක්ෂ ජනාධිපති තුමාගෙන් ඔබ වහන්සේට වැඩක් නෑ වගේද පෙනෙන්නේ? ඔය කරන කතාව සිවුරට අගරු කිරීමක් ලෙස තමා අපට නම් වැටහෙන්නේ. (බ)

:       0       0

බුවනෙක Friday, 03 July 2015 02:27 AM

මහින්ද මහත්තයට මෙහෙම කියන්න එපා (නි)

:       0       0

අනිල් Thursday, 02 July 2015 09:54 AM

මුළු රටම කතා කරන්නේ මහින්ද ගැන පමණි .(අ)

:       0       0

චමිල Thursday, 02 July 2015 10:00 AM

කාලය කා දමන වැඩක්.(හේ)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 02 July 2015 04:03 PM

මොකද මොකද මේ... මහින්දට මෙච්චර බයවෙලා, එහෙම නැත්නම් ජනමතයටද? (ර)

:       0       0

ඉමල්කා Thursday, 02 July 2015 10:17 AM

ඔන්න යහපාලනේ. පණ බයේ විරුද්ධ පක්ෂිකයන්ව දඩයම් කරනවා. මහා බැංකු වංචාව, විල්පත්තුවේ ඉඩම් මංකොල්ලය, හමුදා කඳවුරු ඉවත් කිරීම, සමලිංගිකත්වය නීති ගත කිරීම, රණවිරුවන්ට මරණ දඬුවම් දීම, ඒවා ඔක්කොම හොඳයි. මට දැන් නම් හිතෙනවා මහින්ද මහත්තය මේ රට බෙර ගත්තේ නැත්නම් යුද්දේ තවම තිබුනානම් කියලා. මොකද මේ ඔක්කොම ප්‍රශ්න දෙමළ ඩයස්පෝරාවෙන්, බටහිර රටාව වලින්, ඉන්දියාවෙන්, අපේම තවත් මිනිස්සු මහින්ද මහත්තයට බොරු කියා කියා චරිතේ ඝාතනය කරන්නේ යුද්දේ ඉවර කරපු නිසානේ. (බ)

:       0       0

දුමින්ද Thursday, 02 July 2015 10:42 AM

බුරන සද්දෙට කඳු පාත් නොවේ (ම)

:       0       0

නිහාල් Thursday, 02 July 2015 11:03 AM

මෙයාලා රට සේවයක් කරලා තියෙනවද? (ම)

:       0       0

මනීෂා Thursday, 02 July 2015 04:39 PM

මේ කතා විලාශයට මමත් කැමති නැහැ (නි)

:       0       0

රුපසිංහ Thursday, 02 July 2015 11:47 AM

කොටි අහිංසක මිනිස්සු මරණ කාලේ මේ ගොල්ලන් කොහෙද දන්නේ නෑ හිටියේ,,, (ම)

:       0       0

අනුශ්ක Thursday, 02 July 2015 04:52 PM

අනේ මන්දා මේ කතා? මම න්ම කිසිම දෙයක් ලියන්නේ නැහැ (නි)

:       0       0

ලෑන් Thursday, 02 July 2015 12:02 PM

වමේ ඉඳලා 2 පොර තමයි රත්නප්‍රිය එයා තමයි හෙදියන්ගේ ලොක්කා. එයා කියනකොට හෙදියෝ වර්ජනය කරනවා. ඒවගේම එයා කියන්නේ දොස්තර හා හෙදියන්ගේ අධ්‍යාපනයේ වෙනසක් නැති හින්ඳා දෙගොල්ලටම එකම පඩියක් දිය යුතුයි කියල. එ්කනම් සහතික ඇත්ත! ඔබ වහන්සේලාට රට බාරයි!! ඔබ වහන්සේලා අපව කොටියා ගෙන් මුදාගත් සේක ! (බ)

:       0       0

දිනේෂා Thursday, 02 July 2015 12:04 PM

මෙගොලෝ නොකිය කියන්නේ රටට මෙලෝ වැඩක් නොකරපු රනිල් අගමැති කරන්න කියල දබර අමිලත් පහුගිය දවස්වල කිවේ හසලක ගාමිණී ස්මාරකයත් අහක් කරන ඕනේ කියල, (බ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 02 July 2015 05:10 PM

හාමුදුරුවනේ,මෛත්‍රී කරන්න. කිසිවෙකුට වෛර නොකරන්න (නි)

:       0       0

සෙලිනා Thursday, 02 July 2015 12:11 PM

පාත්තය නොහිටින්න අද ඔය හාමුදුරුවන්ට කතා කරන්න රටක් නැහැ හාමුදුරුවනේ..(බ)

:       0       0

අනිල් Thursday, 02 July 2015 12:17 PM

ආයේ මහින්ද මහත්තයාට ඉඩක් නෑ.(හේ)

:       0       0

ලක්මාල් Thursday, 02 July 2015 12:18 PM

එ් කියන්නේ මෙයාලත් මැදමුලනේ කතාවට අහුන්කන් දිලා තියෙනවා, (හේ)

:       0       0

ලංකා Thursday, 02 July 2015 12:20 PM

හැම කෙනෙකුගේම කතා කාලය කා දමන කතා පමණි ,රටේ සටන් පාට කියපු ඒවා පමණි නේද ? රටට ජාතියට සේවයක් කළ, කොටි බිය නැති කළ සෑමදෙනා සමඟ එක්වී ජයගෙන ඉදිරියට යමු .රට අඝාදයට ඇද නොදමනු ! එකමුතුවී ශ්‍රී ලංකාව රැකගන්න .(හේ)

:       0       0

ශාන්ත Thursday, 02 July 2015 12:31 PM

මහින්දව එදා බලයට පත්කළේ කුමන බලවේගද කියලා අපිට නම් හොඳට මතකයි (නි)

:       0       0

ජයන්ත Thursday, 02 July 2015 12:40 PM

යුද්ධය කාලේ පෙනෙන්නවත් නොසිටි වීරයෝ එළියට ඇවිල්ලා වගේ (නි)

:       0       0

චමත් Thursday, 02 July 2015 12:52 PM

මේ හාමුදුරුවෝ රටට ලොකු සේවයක් කළා කියලා අපි දන්නවා (නි)

:       0       0

ටෙරාන් Thursday, 02 July 2015 12:52 PM

මගේ නම් හිතටත් මොකක්ද වුණා මේ කතාව අහලා (නි)

:       0       0

විජේතුංග Thursday, 02 July 2015 12:56 PM

එතුමා අපිට නම් රජ හංසයෙක්! (නි)

:       0       0

බණ්ඩාර Thursday, 02 July 2015 07:06 PM

මට කියන්න කිසිම දෙයක් නැහැ. (නි)

:       0       0

ඉසුරු Thursday, 02 July 2015 01:26 PM

අනේ හාමුදුරුවනේ,ඇයි මෙහෙම කතා කරන්නේ? මට නම් හරිම දුකයි (නි)

:       0       0

දිනේෂ් Thursday, 02 July 2015 01:46 PM

අනේ මෙහෙමත් මිනිසුන්! දෙවියනේ! (නි)

:       0       0

ලලිත් Friday, 03 July 2015 01:57 PM

ජනවාරි 8 වෙනිදා මහින්ද පැරදුනෙත් ජනතාවගෙන් ඒ වගේම ඔහු නැවත එන්නෙත් ජනවරමින් නම්. මේ අයට මොකක්ද? (ර)

:       0       0

අමන්දා Thursday, 02 July 2015 01:50 PM

හාමුදුරුවනේ, ඕකට කියන්නේ 'මැදමුලන හොර හඬ '. තමාගේ පවුල සහ හොරු රැළ රැකගැනීමේ කෙඳිරිල්ල... (නි)

:       0       0

රොහාන් Thursday, 02 July 2015 01:54 PM

නැවත රටේ ප්‍රශ්න නම් ඇතිකරන්න එපා (නි)

:       0       0

හේමන්ත Thursday, 02 July 2015 01:58 PM

සමහරුන්ට දැන් තමන් කොහෙද හිටියේ, කොහොමද හිටියේ, දැන් කොහෙද ඉන්නේ කියා මතක නැහැ (නි)

:       0       0

ලල්සන් Friday, 03 July 2015 03:33 PM

අනුන්ගේ වැරදි පෙන්නන්ඩ තමන් නිවැරදි වෙන්ඩ ඕන. (ර)

:       0       0

සත්‍යයා Friday, 03 July 2015 12:43 AM

සමහරු පුන පුනා අහනවා "මහින්දට මේතරම් බය මොකද" කියලා. ඒකත් ඉතින් අහන්න දෙයක්ද? (නි)

:       0       0

රාජපක්ෂ Thursday, 02 July 2015 02:34 PM

හාමුදුරු කෙනෙක් මෙහෙම කතාකරනවට මම නම් පුද්ගලිකව කැමති නැහැ (නි)

:       0       0

සත්‍යයා Friday, 03 July 2015 01:44 AM

පසුගිය කාලය ගැන හිතනකොටත් අපිට බය හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 248 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2317 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 290 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 3025 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1861 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 756 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33576 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23926 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site